අරාබිකරයේ සුප්‍රසිද්ධ කෑම වර්ග ටිකක් හදාගමුද?

අරාබිය එහෙමත් නැතිනම් මැදපෙරදිග වෙසෙන අරාබි ජාතිකයන් අතර ජනප්‍රිය කෑම වර්ග ටිකක් අපේ රටට ගැලපෙන විදියට ගේන්න අපි හිතුවා. අපි ශ්‍රී ලාංකිකයි උනත් මේවා කන්න බැරි නෑනේ. කැමති කෙනෙක්ට ට්‍රයි කරලා වෙනස් රසක් බුක්ති විදින්න පුළුවන්.

 

1. කොෆ්ටා කෙබාබ් (Kofta Kebab)

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අඹරන ලද එළුමස් ග්‍රෑම් 500
  2. චොප්කරගත් සුදුළූණු බික් 12-14
  3. චොප්කරගත් පාස්ලි ටිකක්
  4. චොප්කරගත් තක්කාලි ගෙඩි 4
  5. සුදු ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  6. ලුණු
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  8. කෙබාබ් ස්ටික්ස්

 

  • ඇඹරූ මස් වලට චොප්කරගත් සුදුළූණු, තක්කාලි, ලුණු, සුදු ගම්මිරිස්කුඩු, බේකින් පව්ඩර් දලා පැයක් මැරිනේට් කරගන්න. 
  • දැන් කෙබාබ් ස්ටික්ස් අරගෙන අඹරාගත් මිශ්‍රණය ඒවා​යේ අඟලක විතර ඝනකමකට දවටගන්න.
  •  බාබකිව් විදියට හෝ අවන් එකේ 200°C ක උෂ්​ණත්වයට විනාඩි 20ක් බේක් කරගන්න.

 

2. තබුලී (Tabbouleh)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාස්ලි ග්‍රෑම් 100
  2. බල්ගර් ග්‍රෑම් 25 (සුපිරි වෙ​ළඳසැල් වල ඇත)
  3. පොතු හැරගත් තක්කාලි ගෙඩි 2
  4. චොප්කරගත් ළූණු ගෙඩි 2
  5. ඔලිව්තෙල් තේ හැඳි 1
  6. දෙහි ගෙඩියක යුෂ
  7. රස අනුව ලුණු

 

  • මුලින්ම පාස්ලි ටික චොප්කරගන්න.
  • බල්ගර් ටික පැයක් වගේ පෙඟෙන්න දාගන්න.
  • තක්කාලි ගෙඩි ටික කුඩාවට කපාගන්න.
  • දැන් මේ සියල්ලම භාජනයකට දාලා දෙහි හා ලුණු දාලා කලවම් කරගන්න. පිළිගන්වන්න කලින් ඔලිව්තෙල් ටික දාලා කලවම් කරගන්න.

 

3. චිකන් මජ්බූස් (Chicken Majboos)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් ග්‍රෑම් 500
  2. කපාගත් තක්කාලි ගෙඩි 3
  3. චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ස්වල්පයක්
  4. පෙති කපාගත් ළූණු ගෙඩි 3
  5. ලුණු
  6. එළවළු තෙල් මේස හැඳි 2
  7. එනසාල් ඇට 3-4
  8. ගම්මිරිස්කුඩු
  9. කහකුඩු තේ හැඳි 1/2
  10. රවුමට කපාගත් මාළු මිරිස් කරල් 4
  11. බාස්මතී හාල් කිලෝ 1
  12. මාගරින් මේස හැඳි 2
  13. කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

  • හාල් සෝදා විනාඩි 30ක් පෙඟෙන්න තියන්න. 
  • භාජනයක් ලිපේ තියලා එළවළු තෙල් ටික දමා රත්වෙනකොට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න.
  • චිකන් ටික පොඩි කෑලි කපලා මේකට එකතු කරගන්න.
  • දැන් මේකට කහකුඩු ,තක්කාලි, ගම්මිරිස්කුඩු, ලුණු දාලා චිකන් ටික තැම්බෙන්න ඇති තරම් වතුර දාගන්න. මස් ටික බාගෙට තැම්බෙනකොට හාල් ටික එකතු කරන්න.
  • දැන් මාගරින්, කපාගත් ළූණු හා මාළු මිරිස් එකතු කරලා බත් එක පිසගන්න. උඩින් කොත්තමල්ලි කොළ චොප්කර ඉසගන්න.

 

4. ඌසි රයිස් (Ouzi Rice)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බාස්මතී හාල් ග්‍රෑම් 500
  2. අඹරාගත් චිකන් ග්‍රෑම් 100
  3. පොඩියට කපාගත් එළුමස් ග්‍රෑම් 100
  4. චොප්කරගත් සුදුළූණු බික් 3
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1
  6. කුරුඳුපොතු කෑල්ලක්
  7. එනසාල් ඇට 3
  8. බැදගත් කජු ස්වල්පයක්
  9. කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  10. තම්බාගත් බිත්තර 2
  11. එළඟිතෙල් කෝප්ප කාලක්
  12. තෙල්
  13. චිකන් ස්ටොක් කෝප්ප 1

 

  • හාල් ටික සෝදා විනාඩි 30ක් වගේ පෙඟෙන්න තියන්න. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු ,සුදුළූණු, කුරුඳුපොතු, එනසාල් ඇට දාලා තෙම්පරාදු කරන්න.
  • ටිකකින් අඹරාගත් මස් හා පොඩියට කපාගත් මස් ටික එකතු කරන්න. මස් තැම්බීමට චිකන් ස්ටොක් එක දාලා හාල් ටිකත් එකතු කරලා වතුර ඇති පදම දාලා වහලා තියන්න.
  • බත ඉදුනට පස්සෙ උඩින් එලඟි තෙල් ඉසගන්න. පිළිගන්වන්න කලින් බැදගත් කජු ස​හ කොත්තමල්ලි කො​ළ උඩින් දාලා බිත්තර පෙති කපා සරසගන්න.

 

5. මහලබියා පුඩින් (Mahalabia Pudding)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි මිලිලීටර් 500
  2. කෝන්ෆ්ලා ග්‍රෑම් 100
  3. කජු ග්‍රෑම් 50
  4. මුද්දරස්පලම් ග්‍රෑම් 50
  5. රෝස් එසන්ස් තේ හැඳි 1/2
  6. සීනි මේස හැඳි 4

 

  • කිරි ටික භාජනයකට දාලා රත්කරගන්න. රත්වූ කිරි වලින් කෝප්ප 1/2 ක් අරගෙන කෝන්ෆ්ලා ටික දියකරගන්න.
  • අනික් කිරි ටික දිගටම රත්කරගෙන එයට සීනි, රෝස් එසන්ස්, කජු හා මුද්දරස්පලම් දාලා කලවම් කරගන්න.
  • දැන් කෝන්ෆ්ලා දියකරගත් කිරි ටික මේ කිරි මිශ්‍රණයට දාලා උකු වෙනකල් හැඳිගාන්න. හො​ඳට උකු උනාට පස්සෙ බටර් ගාගත් බෝල් එකකට දාලා උඩින් කජු හා මුද්දරස්පලම් ටිකක් ඉසගන්න.
  • කැමතිනම් චොප්කරගත් රට ඉඳි ටිකක් එකතු කරගන්න. 
  • ශීතකරණයේ පැය 3ක් පමණ තබා පිළිගන්වන්න​.

 

6. අරාබි සැලඩ් (Arab Salad)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිපිඤ්ඤා ගෙඩි 2
  2.  චොප්කරගත්  ළූණුකොළ ග්‍රෑම් 100
  3. තක්කාලි  ගෙඩි 2
  4. ඔලිව්තෙල් මේස හැඳි 2
  5. දෙහි යුෂ ස්වල්පයක්
  6. ලුණු
  7. චොප්කරගත් මින්චි කොළ
  8. සලාද කොළ ග්‍රෑම් 100

 

  • පිපිඤ්ඤා ටික ඇට ඇරලා පොඩි කොටු කපාගන්න.
  • තක්කාලි කොටුවට කපා එකතු කරගන්න. 
  • ඒවගේම ළූණුකොළ ටිකත් එකතු කරලා චොප්කරගත් මින්චි කොළ, සලාද කොළ, දෙහි යුෂ හා රස අනුව ලුණු එකතු කර ඔලිව්තෙල් මිශ්‍ර කර කලවම් කරගන්න.

 

7. බබා ගනූෂ් (Baba Ganoush)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වම්බටු කරල් 6
  2. චොප්කරගත් තක්කාලි ගෙඩි 2
  3. ග්‍රීන් බෙල්පෙපර් ගෙඩි 1 /2
  4. පිපිඤ්ඤා ගෙඩි 1/2
  5. චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
  6. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
  7. රස අනුව ලුණු
  8. ඔලිව්තෙල් මේස හැඳි 2
  9. දෙහි යුෂ මේස හැඳි 2
  10. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
  11. තයිනා සෝස් මේස හැඳි 2 (සුපිරි වෙ​ළඳසැල් වල ඇත)

 

  • වම්බටු හොඳින් සෝදා තෙත අයින් කර 180°Cට විනාඩි 10ක් පමණ බේක් කර නිවෙන්න හැර පොත්ත ගලවාගන්න.
  • වම්බටු ටික කෑලි කපා තක්කාලි, පිපිඤ්ඤා, බෙල්පෙපර්, මින්චි කො​ළ එක්ක බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක භාජනයකට දාලා ලුණු, චොප්කරගත් පාස්ලි, දෙහි, තයිනා සෝස් හා චොප්කරගත් සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. දැන් මේක දීසියකට දමා මැද උස් ලෙසත් වටේ කාණුව වගේ පෙනෙන ලෙසත් හදාගෙන කාණුව වගේ කොටසට ඔලිව්තෙල් දමාගන්න. චොප්කරගත් පාස්ලි ටිකක් උඩින් ඉසගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *