ප්‍රාණය නිරුද්ධ වූ සිරුරක් යනු තවදුරටත් එය සමග ගනුදෙනු කිරීමට මිනිසුන් බියවන දෙයකි. මළමිනිය යනු බොහෝ සංස්කෘතීන් වල යම්කිසි ගුප්ත බියජනක අත්දැකීමක් ගෙන දෙන දෙයකි. එහෙත් ඉන්දුනීසියාවේ සුලවැසි වල ජනතාව මළමිනී සමග වාසය කිරීම සංස්කෘතික වටිනාකමක් ලෙස දකිති. එහිදී පෝසතුන් මළමිනී අවුරුදු ගණනක් තබාගන්නා අතර දුප්පත් ජනතාව තමුන්ට හැකි පමණ සති කිහිපයක් හෝ මළමිනිය නිවසේ හෝ වෙනයම් තැනක ගබඩා කරගෙන, එය දැකබලාගෙන මළමිනියට ගරු සත්කාර කරමින් කල් ගතකරති. මළමිනී සමග ලිංගික කාර්යයේ යෙදෙන ජුගුප්සාජනක සිදුවීම්ද ඉතා කලාතුරකින් වාර්තා වේ. ලංකාවේද තැනින් තැන කලාතුරකින් හමු වෙන එවැනි මළමිනී සමග ලිංගිකව හැසිරීම ගැන විවිධ ආකාරයේ තොරතුරු ගොනු කිහිපයක් අපි බලමු.
1. දියුණු රටවලත් තියෙන අමුතු පුරුද්ද
මේ මළමිනී සමග ලිංගිකව හැසිරීමට ඇති ආශාව එංගලන්තයේ සහ ඇමරිකාවේ පවා වාර්තා වෙලා තියෙනවා. මිය ගිය සොල්දාදුවන් සමග ලිංගිකව හැසිරුණු නිළධාරීන්, මළ මිනී සියයකට වඩා ලිංගික කාර්යයට යොදාගත් බවට වාර්තා වෙන මල් ශාලා සේවකයින් වගේම ඒ ක්‍රියාවට යොමුවුණ දොස්තරවරුන්, රෝහල් කාර්යයමණ්ඩල ආදී අයද ඒ රටවලදි වාර්තා වෙලා තියෙනවා. ලිංගික අතින් බොහෝ විෂමාචාර අදහස් වලට ඉඩ තියෙන ඒ රටවලදි මේ මළමිනී සමග සෙක්ස් කිරීම තවත් එක ලිංගික ආශාවක් විදිහට වර්ග කරලා තියෙනවා. එහෙම පුරුද්දක් තියෙන උදවිය සාමාන්‍ය ලිංගික කාර්යයේදීත් සිය සහකරු සහකාරියට මළමිනියක් ලෙස හැසිරෙන්නටැයි බලකරන බවද වාර්තා වෙනවා.
2. කලාවට ආ නරක පුරුද්ද
මෑත කාලයේ කලා නිර්මාණ තුළද මේ මළමිනී සමග රමණය කරළියට ආවේය. “කලම්බෝ කලම්බෝ” නම් වේදිකා නාටකය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ විසින් රචිත කදිම කෙටිනාටක පෙළක් විය. දැන් සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ලෙස කටයුතු කරන සෞම්‍ය ලියනගේද මුල් කාලයේ කලම්බෝ කලම්බෝ හි රංගනයෙන් දායක විය. එම නාටකයේ එක් ජවනිකාවක් මිනියක් සමග ලිංගිකව හැසිරෙන්නට බලා සිටින පුද්ගලයින් දෙදෙනකු වටා දිවේ. 28 චිත්‍රපටය 2017 වර්ෂයේදී තිරගත වූ මළමිනියක් හා සහසම්බන්ධ කතාන්දරයකි. එහිදී ගමින් නගරයට ගිය යුවතිය අවසානයේ නවතින්නේ ගණිකාවක් බවට පත් වීමෙනි. ඇගේ මිනිය ගමට ගෙනයෑමේ අනුවේදනීය සිද්ධිය පාදක වූ මේ කතාව තුළද යම් ආකාරයක මළමිනියක ඇති ලිංගික ආකර්ෂණය ගැන ඉඟි ලබා දේ. ඉතාම මෑතකදී තිරගත වූ හුස්ම සිනමා පටයේද නිළියකගේ මළමිනිය හා ලිංගික කාර්යයේ යෙදෙන සිදුවීම් ඇතුළත් වේ. විවිධ පැතිකඩ ඔස්සේ කලාවට යොදාගත් මේ නරක පුරුද්ද ඇතැම් ඉරිදා පුවත්පත් වලින්ද අද ඊයේ සොයාගත්තාක් වැනිව විටින් විට උඩදමනු ලබයි.
3. මල්ශාලාකරුවන්ට නුපුරුදු ඒක
ලංකාවේ මල්ශාලා ලෙස පොදුවේ මිනීපෙට්ටි සාප්පු හඳුන්වනු ලැබේ. මිනිය ආ පසු එය ප්‍රදර්ශනයට සකසා කල්තබාගැනීමේ ෆෝමලින් ආදී දියර ඉස මිනිය සැරසීම මල් ශාලාවේදි සිදු වේ. යොවුන් සහ තරුණ කාන්තාවන් ගේ මළමිනී පැමිණි විට ඒ එනතෙක් බලාගෙන සිටින පිරිසක් සිටින බවත්, ඔවුන් මල්ශාලා හිමියන් සහ එම්බාම්කරුවන් මාර්ගයෙන් ලිංගික කාර්යයන් සඳහා මිනී ලබාගන්නා බවත් ප්‍රසිද්ධ රහසකි. බොහෝවිට මැදිවිය ඉක්මවමින් යන අංකල් මාදිලියේ පිරිමින් මේ කාර්යයට වඩාත් ලැදි බව පුවත්පත් වාර්තා වලට අනුව අපිට පෙනේ.
4. කාම සිනමාපට අතර
ලංකාව අන්තර්ජාලයෙන් සෙක්ස් සොයා ජනප්‍රිය වූ රටකි. මෙය එක්තරා ආකාරයක ලිංගිකත්වය පිළිබඳ කාරණයකටත් වඩා භාෂාමය ගැටළුවකි. ඉංගිරිසි බස හොඳින්ම දන්නා උදවිය තමුන් කැමති ලිංගික විනෝද ආකාරය (සෙක්ෂුවල් ෆැන්ටසිය) කෙලින්ම අසැබි අඩවි ඔස්සේ සොයා යති. එහිදී ජනප්‍රිය කාමුක සිනමාපට අඩවි තුළ විවිධ ආකාරයෙන් කාමුක පට වර්ග කර තිබේ. ඒ වර්ග අතර සුළු ප්‍රමාණයෙන් වුවද Necrophilia කාණ්ඩයද ඇතුළත් වේ. ඒවායේදී කෙලින්ම මළමිනී යොදාගත්තේ නැතත් මියගියාක් වැනිව සිටින නිරූපික නිරූපිකාවන් සමග රමණය උත්කර්ෂවත් ලෙස ඉදිරිපත් කරයි. මේ අනුව මේ කාණ්ඩය නැරඹීමටද ලොව පුරා පිරිසක් සිටින බවට අදහසක් ගත හැකිය.
5. මානසික රෝගයක්ද?
මළමිනී රමණය බොහෝ සමාජ වලදී වාර්තා වුවත් එය සුලභ තත්ත්වයක් නොවේ. එම නිසාම එය මානසික රෝගී තත්ත්වයක්ද සමාජමය දුබලතාවයක්ද යන්න පිළිබඳව දත්ත ලෝක මට්ටමින් ඇත්තේද අඩුවෙනි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සහ චර්යාමය දුබලතාවයන් පිළිබඳ වාර්තාවන්වලට මේ තත්ත්වයද ඇතුළත් කර තිබේ. මේ සඳහා වැඩිපුරම පිරිමි පාර්ශවය නැඹුරු වන බවත් ඇතැම් අය දැඩි ලෙස ඇල්කොහොල් ආදියෙන් මත්වී මේ සිද්ධියේ යෙදෙන බවත් වාර්තා වල සඳහන් වේ. කෙසේ වෙතත් ලංකාවේද ඇතැම් තැන්වල අන්ත දුප්පත් මට්ටමේ සිටින යම් පීඩිත කොටසක් පමණක් ලිංගික සතුට ලාබයට ලබාගන්නට මේ කටයුත්තේ යෙදෙන බව මල්ශාලා කරුවන්ගේ ප්‍රකාශ වලින් පෙනේ.
6. බුදුන් දවස
බුදුන් වහන්සේ පිළිකුල් භාවනාව ද ජීවිතය අනිත්‍ය බව අවබෝධ කරගන්නට භාවනා ආකාරයක් ලෙස භාවිතා කර තිබේ. එහෙත් බුදුන් වහන්සේ මියගිය ස්ත්‍රියක භික්ෂූන්ටත් මියගිය පුරුෂයින් කාන්තාවන්ටත් පිළිකුල් භාවනාවට නිමිත්ත ලෙස ගැනීමට විනය නීති වලින් තහනම් කර තිබේ. වරක් ගණිකාවකට ලොබ බැඳි භික්ෂුවක් ඇය ගැනම සිතමින් තැවෙමින් සිටියදී ගණිකාව මිය ගියාය. එතැනදී මිය ගිය තැනැත්තියගේ මිනිය දකින්නට භික්ෂු සංඝයාට ඇරයුම් කළ බුදුන් වහන්සේ එය කහවනු දහසකට මිලට ගන්නට කෙනෙක් දැන් සිටීද යැයි භික්ෂූන්ගෙන් ඇසුවේය. එහෙත් කහවනු දහස නොව එමෙන් කිහිප ගුණයටත් මිල වූ ගණිකාවගේ මියගිය සිරුරට කහවනු සියයක් වත් ගෙවන්නට කෙනෙක් ඉදිරිපත් නොවූ බවත් එයින්ම ගණිකාවට ලොබ බැඳ සැටි භික්ෂුවගේ සිතද පහන් වූ බවත් බණ පොත් වල සඳහන් වේ. එකල මළමිනී අමු සොහොනට ගෙනගොස් දමන සිරිතක් වූ බැවින් ඇතැම්විට භික්ෂූන්ට විවිධ දෝෂ දර්ශන ඇතිවිය හැකි බැවින් බුදුන් වහන්සේ විරුද්ධ ලිංගික මළමිනී භාවනාවට ගැනීමට තහනම් කළා විය හැකිය.
7. ඉතිහාස සාධක
මෙම තත්ත්වය ඉංග්‍රීසියෙන් හඳුන්වන Necrophilia යන වදන පුරාණ ග්‍රීක වදනකි. ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් දක්වන පරිදි ඊජිප්තුවේ රූබර ළලනාවන් මියැදුන කළ ඔවුන් දින කිහිපයක් තිස්සේ ලිංගික කාර්යයට යොදාගෙන තිබේ. අටවෙනි ශතවර්ෂයේදී පේරු දේශයේදීත් චීනයේදීත් මේ ආකාරයේ මළමිනී සමග ලිංගික කාර්යයේ යෙදෙන සාධක තැනින් තැන හමු වී තිබේ. ලංකාවේද සන්නියකුම සම්බන්ධ පුරාණ ජනප්‍රවාද වල මළමිනී සමග ලිංගික කාර්යයේ නිරත වු බවට දැක්වෙන කොටස් ඇතුළත් වී තිබේ. ඉතිහාසය තුළද මෙය තැනින් තැන වාර්තා වූ නමුත් ප්‍රධාන දහරාවේ පුරුද්දක් ලෙස ව්‍යාප්ත වී තිබුණ බවක් නොපෙනේ.
මරණය යනු බොහෝ ආගම් වලට මහත් ගැටළුවක් වූ සංසිද්ධියකි. මරණයට ලක් වූ සිරුරක් සමග ලිංගිකව හැසිරීම බොහෝ දියුණු සමාජවල පිළිකුලට ලක් වු කරුණකි. එහෙත් සුනාමි අවස්ථාවේ මියගොස් පිම්බුන සුවිසාල කාන්තා සිරුරු සමග ද සිලි සිලි මලු යොදා ලිංගිකව හැසිරුණු සිද්ධි ඇති බැව් සුනාමි කාලයේ තැනින් තැන කටකතා පැතිරී ගියේය. මානසික රෝගයක්ද එසේත් නැතිනම් ආවේගයක් මත සිදුවන දෙයක්ද යන්න පැහැදිලි නැති මේ කාරණය සමාජයේ සුළුතර පිරිසකගේ ලිංගික පීඩනය පෙන්නුම් කරන එක්තරා සාධකයක්ද විය හැකිය. කෙසේ වෙතත් ජීවත් වෙද්දී යම්යම් දුබලකම් තිබුණත් මියගිය පසු මිනියට අගෞරව වන්නට ඉඩහැරීම අපේ සංස්කෘතික හර පද්ධතීන් අනුව අමු ම අමු නොහොබිනා වැඩකි.
Leave a Reply