කෙසෙල් වලින් තවත් රස කෑම හදමුද?

කෙසෙල් කියන්නෙ ඉතින් ඕනම වෙලා​වකට ගැලපෙන නිකන්ම කන රසවත් පළතුරක්නේ. මේ කෙසෙල් වලින් හදාගන්න පුළුවන් ඩෙසර්ට්, ස්නැක්ස් ටිකක් අපි කලින් ආර්ටිකල් එකකින් ගෙනාවා. මේ ඒ වගේම වෙනස් රසයට කෙසෙල් වලින් හදාගන්න තියන තවත් රෙසිපි ටිකක් තමයි අද අපි ගෙනාවේ.

 

කෙසෙල් වලින් කෑම රෙසිපි 1 කොටස මෙතනින් කියවන්​න

 

 

1. බනානා අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 5
  2. කිරි මේස හැඳි 2

 

  • කෙසෙල් ටික පොතු ඇරලා පැය 2ක් ෆ්‍රීසර් එකේ තියන්න. 
  • දැන් මේ ටික එළියට අරගෙන පොඩි කෑලි කපාගන්න.
  • මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. කිරි ටිකත් දාලා ක්‍රීම් වෙන්න බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේක පැය 2ක් ෆ්‍රීස් කරලා කෑමට ගන්න.

 

2. බනානා බන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු කෙසෙල් ගෙඩි 2
  2. සීනි මේස හැඳි 2
  3. යෝගට් කෝප්ප 1/4
  4. බේකින් සෝඩා පින්ච් එකක්
  5. ලුණු රස අනුව
  6. පාන්පිටි කෝප්ප 2
  7. තෙල්

 

  • කෙසෙල් හා සීනි එක්කර පොඩි කරගන්න. දැන් මේකට යෝගට් ටික එකතු කරන්න.
  • බේකින් සෝඩා, ලුණු ටික දාගන්න. දැන් මේ ටික කලවම් කරලා පාන්පිටි එකතු කරගන්න. 
  • හොඳට අනාගෙ​න සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. ඩෝ එක වටේට තෙල් ටිකක් ග්‍රීස් කරගන්න. 
  • දැන් මේ ඩෝ එක ලන්ච් ශීට් එකකින් වහලා පැය 6ක් තියන්න.
  • පැය 6කින් ඩෝ එක පිපිලා තියනවා පෙනෙයි. ආයෙම ටිකක් අනාගෙ​න පොඩි පොඩි බෝල හදාගන්න. 
  • පාන්පිටි ඉසගත් ලෑල්ලක මේ පොඩි බෝල තුනී කරගන්න. 
  • දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න. රන්වන් පාටට ආවම ලිපෙන් බාගන්න.

 

 

3. බනානා ස්නැක්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෙති කපාගත් බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩි 3
  2. හාල්පිටි කෝප්ප 1
  3. රුලං කෝප්ප 1/4
  4. සීනි තේ හැඳි 2
  5. ලුණු රස අනුව
  6. කහ පින්ච් එකක්
  7. බැදීමට තෙල්

 

  • හාල්පිටි, රුලං, සීනි, ලුණු හා කහකුඩු කලවම් කර කෙසෙල් ටික එකතු කරන්න.
  • හැන්දකින් කෙසෙල් ටික පරිස්සමට කලවම් කරගන්න. 
  • දැන් මේ ටික එකට ඇලෙන්නෙ නැතිවෙන්න එකින් එක ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.

 

 

4. බ්‍රෙඩ් බනානා රෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පෙති කපාගත් ඉදුණු කෙසෙල් ගෙඩි 3
  2. ගී ඔයිල් මේස හැඳි 1
  3. සීනි මේස හැඳි 2
  4. පෙති පාන් 4-5
  5. බිත්තර 1
  6. කිරි මේස හැඳි 1
  7. කුරුඳු කුඩු ස්වල්පයක්
  8. සීනි තේ හැඳි 2

 

  • ගී රත්වෙන්න තබා කෙසෙල් ටික ෆ්‍රයි කරන ගමන් සීනි මේස හැඳි 1ක් දාගෙන හොඳට කලවම් කරගන්න.
  • පාන් වල වාටි කපා රෝලින් පින් එකකින් තුනී කරගන්න.
  • බිත්තර කඩලා ඒකට ඉතිරි සීනි හා කිරි ටික දාලා විස්ක් කරගන්න.
  • පාන් පෙති මැදට කෙසෙල් මිශ්‍රණය දාලා වටේ දෙපැත්ත බිත්තර මිශ්‍රණය ගාගන්න. 
  • දෙපැත්තෙන් ඇතුලට පාන් පෙත්ත වහගෙන තද කරගන්න. ගැලවෙයි වගේ නම් ටූත්පික් එකක් ගහගන්න.
  • දැන් මේ විදියට හදාගත් බ්‍රෙඩ් රෝල්ස් ටික බිත්තර මිශ්‍රණයේ යන්තම් පොඟවලා ගී ඔයිල් වලින් පෑන් ෆ්‍රයි කරගන්න.
  • නිවෙන්න තියලා කුරුඳු කුඩු හා සීනි කලවම් කරලා මේ රෝල්ස් උඩින් ඉසගන්න හෝ තවරගන්න.

 

5. බනානා කර්ඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉදුණු කෙසෙල් ගෙඩි 2
  2. බටර් ග්‍රෑම් 100
  3. සීනි ග්‍රෑම් 100
  4. ලෙමන් යුෂ මේස හැඳි 2
  5. බිත්තර කහමද 2

 

  • කෙසෙල් ටික පොඩි කරගන්න. 
  • භාජනයක් ලිපේ තියලා බටර්, සීනි හා ලෙමන් යුෂ ටික දාගන්න.
  • බටර් දියවෙනකල් කලවම් කරගන්න. මේකට පොඩි කරගත් කෙසෙල් ටික එකතු කරගන්න.
  • හොඳට කලවම් කරලා ලිප නිවාගන්න. ටිකක් නිවෙන්න ඇරල මේ මික්ස් එක බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් බෝල් එකකට දාලා ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් තියලා කෑමට ගන්න.

 

6. බනානා ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉදුණු කෙසෙල් ගෙඩි 2
  2. විනාකිරි තේ හැඳි1
  3. සීනි කෝප්ප 1/2
  4. පැණි කෝප්ප 1/4

 

  • කෙසෙල් ටික පොඩි කරගන්න. 
  • භාජනයකට වතුර කෝප්ප 1/2ක් දාලා සීනි ටික දාලා ලිපේ තියන්න.
  • සීනි ටික දියවෙලා නටනකොට පොඩි කරගත් කෙසෙල් ටික දාගන්න.
  • විනාඩි 2ක් වගේ අඩිය අල්ලන්න නොදී කලවම් කරන්න.
  • ඊලඟට පැණි ටික එකතු කරගන්න. හොඳට කලවම් කරලා විනාකිරි ටික දාලා කලවම් කරලා, තව විනාඩියක් වගේ තියන්න උකු වෙනකල්.
  • ඉන්පසු ලිපෙන් බාලා බෝතල් කරගන්න.

 

7. බනානා හල්වා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු කෙසෙල් ගෙඩි 4ක්
  2. හකුරු ග්‍රෑම්250
  3. බටර් මේස හැඳි 1
  4. කජු ග්‍රෑම් 50
  5. ගී ඔයිල් මේස හැඳි 2
  6. චොප්කරගත් කරදමුංගු ඇට 3

 

  • කෙසෙල් ටික පොඩි  කරගන්න. 
  • හකුරු වලට වතුර මිලිලීටර් 100ක් දාලා රත් කරගන්න.
  • හකුරු ටික දියවෙලා උතුරනකොට ලිපෙන් බාගන්න. වෙනම පෑන් එකකට බටර් ටික දාලා රත්වෙන්න තියල බටර් දියවෙනකොට කපාගත් කජු ටික එකතු කරගන්න.
  • කජු ටික ලාවට ෆ්‍රයි උනාම අයින් කරගෙන ඒ පෑන් එකටම පොඩි කරගත් කෙසෙල් ටික එකතු කරගන්න.
  • මද ගින්නෙ විනාඩියක් විතර හැඳි ගාන්න. ටිකකින් දියකරගත් හකුරු ටික එකතු කරගන්න.
  • හොඳට කලවම් කරමින් හැඳි ගාන්න.
  • මිශ්‍රණය උකු වේගෙන එනකොට ගී ඔයිල් ටික ටික එකතු කරන්න.
  • කලවම් කරන ගමන් කරදමුංගු ටික එකතු කරන්න. 
  • මිශ්‍රණය උකු වේගෙන එනවා පෙනෙයි. දිගටම හැඳිගාන්න. කජු ටිකත් එකතු කරගන්න.
  • මිශ්‍රණය භාජනයේ නොඇලී කැටි ගැසෙන පදම එනකොට බටර් ගාගත් ට්‍රේ එක්ක ලෑස්ති කරගෙන ලිප ඕෆ් කරගන්න.
  • මේ මිශ්‍රණය ට්‍රේ එකට දාලා තුනී කරගන්න.
  • කැමති හැඩයකින් කෑලි කපාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *