වයිෆ් කෙනෙක් සිටීමේ වාසි 7ක්

වයිෆ් ගැන මොකද හිතෙන්නෙ කියල විවාහක පිරිමින් බොහෝමයකගෙන් ඇහු​වොත් අහන්න ලැබෙන පොදු උත්තර බොහෝමයක් තියෙනවා. කට නැත්තං ෂෝක්කරපු ලොකුම ගොංකම මතක් කරන්නෙපාකතා කරන්නවත් කැමති නෑවගේ උත්තර තියෙනව. මේවා දකින කසාද නොබැඳපු අයත් හිතන්නෙ බිරින්දෑවො කියන්නෙ අමුතුම සත්තු ජාතියක් කියල. කොටිම්ම කට්ටිය මේ නිසා කසාදයක් බඳින්නත් බයයි. අන්න නිසාමයි අපි මේ සටහන ලියන්නෙ. බිරින්දෑවක් ඉන්න එක කොච්චර ෂෝක්ද? බිරින්දෑවක් ඉන්න එකෙන් තියෙන වාසි මොනවද? වාසි එක්ක බලද්දි බිරින්දෑවරු කියන්නෙ අපි බැන්නට කොච්චර හොඳ ප්රාණියොද කියලයි මේ කියන්නෙ.

 

1. නොහිතන පැත්ත

කතාව මෙච්චරයි. පිරිමි හිතන විදියක් තියෙනවනෙ. ඔවු පිරිමි හිතන්නෙ පිරිමින්ටම අනන් විදියකට. දැන් එහෙම හිතන එක ෂෝක්ද? නෑ එහෙම හිතන එක ෂෝක් නෑ. හැම පැත්තකින්ම හිතන්න ඕන. ලෝක පාලන කාන්තාවොන්ගෙ පැතිකඩින් නොහිතුවොත් වැඩ වරදිනව පුතෝ. අම්මත් එක්ක ගෑනුන්ගෙ ඔපීනියන් අහ අහ ඉන්නත් බැහැනෙ. ගර්ල්ෆ්රෙන්ඩ් වුනත් හැම තිස්සෙම ලඟ නැහැනෙ. ඉතිං වයිෆ් කෙනෙක් තරං ඕනම දේකට ඔපීනියන් එකක් ගන්න හොඳ කෙනෙක් තව කවුද ඉන්නෙ? එහෙම වෙලාවක වැඩ වරද්දගන්නැතුව කරන්න ඇය හොඳ සහයක්.

 

2. වෙනස් රසක්

ජීවිතේ වැඩි අවුරුදු ගාක් අම්මගෙ කෑම කන අපි එක පාරටම කඩ කෑමට හුරු වෙනවා. ඔන්න ඔය අතරට අම්මගෙ කෑම නොවෙන ඒත් වෙනස් රසක් සහ ආදරයක් පිරි කෑම පිඟානක් ලැබෙන්නෙ වයිෆ්ගෙන් තමයි. ගර්ල්ෆ්රෙන්ඩ් වුනත් හැමදාම හැම කෑමම හදයි කියල හිතන්න බැහැනෙ. අනික ඊට වඩා වැරදි වැරදි හරි වයිෆ් කෙනෙක් උයන කෑම අතිශය රසවත්. වෙනස් රස සමහරවිට දැනෙන්නෙ හබියලත් උයන්න උදවු කරන නිසා වෙන්න පුළුවන්. අනික අම්මගෙන් කනවට වඩා කුස්සියෙ ඉවිල්ලට වැඩි දායකත්වයක් දෙන්න වයිෆ්ගෙන් ඉඩ සහ අවස්ථාව ලැබෙන නිසා කට්ටියට වයිෆ්ගෙ කෑම එකේ පොඩි අභිමානයකුත් තියෙනවා.

 

3. යොවුන් සිතුවිලි

අපි මෙහෙම හිතමු. සහෝදරියක් පෙම්වතියක් හෝ බිරින්දෑවක් ඇරෙන්න අපිට කිට්ටුවෙන්ම හිටපු ගැහැණි කවුද? අම්මනෙ. සහෝදරියකට හැමදාම අපේ ලඟ ඉන්න බෑනෙ. අපි මේ කියපු කට්ටියගෙන් අපි ලඟ වැඩිම කල් ඉන්න පුළුවන් වෙන්නෙ අම්මට සහ බිරින්දෑටනෙ. ඔතනින් අම්ම කොච්චර අපි ගැන හිතුවත් අම්මා අපි ගැන හිතන්නෙ පුතා ගැන හිතන විදියටනෙ. වුනත් සමවයස් යෞවන චින්තනයකින් හිතන්න බිරින්දෑට පුළුවන්. ඉතිං නිසා තෑග්ගක් තෝරද්දි වගේම, ඩ්රින්ක් එකක් දාද්දි බයිට් එකක හදලා දෙන තැන සිට බොහෝ දේ හිත කැමති විදියට කරන්න බිරින්දෑ පෙළඹෙන විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

 

4. අබෝරිං

අපි කියපු අබෝරිං කියල වචනයක් නෑ තමයි. හැබැයි ඇත්තටම බිරින්දෑවක් ඉන්නව කියන්නෙ ජීවිතේ බෝරිං නෑ. එයාට නිතරම කියවන්න ඕන. ඒක අපිට වදයක් තමයි හැබැයි එහෙමයි කියල එයා කියවන එක නවත්තන්නෙ නැහැ. අනික එයා නිතරම වගේ රණ්ඩුත් වෙනවනෙ. රණ්ඩු වෙනව කියන්නෙ තරහ වෙනවනෙ. තරහ වෙනව කියන්නෙ යාලුත් වෙනවා. නිසා හැම තිස්සෙම ජීවිතේ හැපනිං ගතියක් වයිෆ් කෙනෙක් ඉද්දි තියෙනවා. හැපනිං කියල කිවුවම හොඳ විතරක්ම හිතාගෙන ඉන්නෙපා ඕං!

 

5. නෑදෑ සැළකිලි

සාමාන්යයෙන් අපි නෑදෑ ගෙවල්වලට ගිහින් මහ සැළකිල්ලක් ලාපොරොත්තු වෙන්න බැහැනෙ. බොන්න ටිකක් දෙයි. කන්න ටිකක් දෙයි. ඊටපස්සෙ එන්න තියෙන්නෙ. හැබැයි අපි වයිෆ්ගෙ නෑදෑ ගෙවල්වලට ගියාම කවදත් කොහොමත් හෙණ සැළකිලි. ආයෙ ඉතිං දවස් තුන හතරක් ඉඳල මිසක් එන්න නොහිතෙන සැළකිලි තමයි එහෙ තියෙන්නෙ. කවුද හිතන්නෙ නෑදෑ ගෙදරකින් මෙහෙම සැළකිලි ලැබෙයි කියල. අතට පයට ඉල්ලන ඉල්ලන දේ. ඕනනං නින්දක් ගහන්න හිතූ සැනින් ඇඳක්. ඇහැරෙද්දි තේ. ටිකකින් හපන්න දෙයක්. ඈනුමක් අරිද්දිම අතට බෙදල බත් එකක් වගේ සැප නෑදෑ ගෙදරකින් විඳින්න ලැබෙන්නෙ වයිෆ්ගෙ පාර්ශවෙන්ම විතරයි. කොටිම්ම වයිෆ්ගෙ අම්ම තාත්තත් එහෙමනෙ. නං ඉතිං මේ බර කරත්තෙට කර ගහපු දුකට.

 

6. නිතර මතක්

සාමාන්යයෙන් කාලයක් තිස්සෙ අම්ම කෙනෙක් කරපු දේ වයිෆ් කෙනෙක් භාරගන්නවනං අතරින් මුලින්ම සඳහන් කළ යුතු දේ තමයි නිරන්තරයෙන් දේවල් මතක් කරන එක. හස්බන්ඩ්ලා වෙන අපිත් අම්මට පුතා විදියට ඉඳලා වයිෆ්ට හස්බන්ඩ් වදියට වෙනකං ගෙන දෙයක් තියෙනවනං අමතක කරන ලෙඩේනෙ. ඉතිං ගෙදර ටැප් එකක් කැඩුනොත් දවසට දෙපාර ගාණෙ මාස තුනක්වත් ඕක කියන්න වෙනව. ෂූ රැක් එකක් ගෙනත් දෙන්න කියල සතියට දෙපාර ගාණෙ අවුරුදු දෙකක් විතර කියන්න වෙනවා. කොටිම්ම ඉතුරු සල්ලි දීලා වෙඩින් ඇල්බම් එක හදාගනිද්දිමලොකු දරුවව ඉස්කෝලෙට දාන්න ඉන්ටවිවු ගෙනියන්නත් වෙනවා. අන්න විදියට එයාලා නිතරම කියෝල අපිව වගකීම් සහගත මිනිසුන් බවට පත් කරනවා.

 

7. ජාමෙ බේරගන්න

වයිෆ් කෙනෙක් කියන්නෙ ජාමෙ බේරගන්න මගක්. දැන් ඔය අපිට මගහරින්න බැරි අවස්ථා එනවනෙ. අන්න වගේ අවස්ථා වලදි වයිෆ්ගෙන් තමයි අහන්න ඕන, වයිෆ් කැමති නෑ කිවුව, වයිෆ් වෙනිං කෙනෙකුට පොරොන්දු වෙලා, එදාට වයිෆ්ගෙ වැඩක් තියෙනවා, වයිෆ් තැනට කැමති නෑ, වයිෆ් එක්ක කතා කරලම කියන්නං වගේ ටෝක්ස් දාලා බේරෙන්න පුළුවන්කම තියෙනවා. අනේ ඉතිං තරං සැපතක් කොයින්ද?

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *