එයාට සෙක්ස් කරන්න ඕන, ඒත් මට සෙක්ස් කරන්න බෑ වගේ… එහෙම වෙලාවකට මොකද කරන්නේ?

මතකද යාලු වුණු මුල් කාලේ? එතකොට කසාද බැඳපු මුල් කාලේ? ඒ කාලේදී අපි පිස්සුවෙන් වගේ සෙක්ස් කරන්නේ. හා නැද්ද? හැබැයි කසාද බැඳලා ටික කාලයක් යනකොට, ඕක ටිකක් පුරුද්දට යනවා. එතකොට සාමාන්‍යයෙන් සෙක්ස් ලයිෆ් එක හොඳට තිබුණත්, සමහර වෙලාවල් තියෙනවා බැහැයි කියලා හිතෙන. සමහර අවස්ථාවන් තියෙනවා කරන්න අමාරු වෙන. හැබැයි පාර්ට්නර්ට ඒ වෙලාවට වුනත් සෙක්ස් ඕන වෙලා තියෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ඔලුව කැක්කුමයි කියලා ෂේප් එකේ නිදාගන්නවද? එහෙම නැතිනම් මේක දෙන්නගෙන් එක්කෙනෙක්ගේ වත් හිත් රිද්දගන්නේ නැතුව විසඳගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. සන්නිවේදනේ වැදගත්

සන්නිවේදනේ කියන්නේ කොහොමත් ආදරේකට, විවාහයකට වැදගත්ම දෙයක්නේ. අන්න ඒ නිසා මේ වගේ අවස්ථාවකදීත් අපි සන්නිවේදනය හරියට කරන්න ඕන. ඇයි ඇත්තටම අපිට සෙක්ස් කරන්න මේ වෙලාවේ අමාරු කියන එක අපි ආදරෙන් එයාට කියන්න ඕන. මේ වෙලාවේ අපි කොයි තරම් නුරුස්නා මූඩ් එකක හිටියත්, මේ කාරණාව කියන්නේ ආදරෙන් කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. මොකද, ඒක කියන විදිය අනුව එයාගේ හිත රිදෙන්නත් පුළුවන් නිසා.

 

2. ඇයි ඇත්තටම සෙක්ස් එපා?

මේක තමන් කල්පනා කරලා බලන්න ඕන දෙයක්. විශේෂයෙන්ම මේක නිතර දෙවේලේ සිද්ධ වෙන දෙයක් නම්, තමන්ම කල්පනා කරලා බලන්න ඕන ඇයි සෙක්ස් කරන්න බෑ කියලා හිතෙන්නේ කියලා. ඒක සමහර වෙලාවට තමන්ට දැනෙන අප්සට් එකක් වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට ශාරීරික හේතුවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයත් එක්ක තියෙන අප්සට් එකක් නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මූඩ් එකක් නැතිකම වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හේතුවක් හිතාගන්නම බැරි වෙන්න පුළුවන්.

 

3. එයාට බොරු කියන්න එපා

මෙන්න මේක ඉතාම වැදගත්. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ වෙලාවට තමන්ව වින්දිතයා වගේ පේන්න බොරුවක් කියන එක. හොඳම උදාහරණය තමයි “අද මගේ ඔලුව රිදෙනවා” කියන එක. එහෙම කියනකොට අනික් කෙනාටත් අප්සට්. හැබැයි බොරුවට ඔය වගේ දෙයක් නිතර කියනකොට වෙන්නේ තමන් ගැන අනික් කෙනාට තියෙන හොඳ හැඟීම පළුදු වෙන එක. අන්න ඒ නිසා තමන්ට තියෙන ප්‍රශ්නය ගැන බොරු නොකියන එක වැදගත්.

 

සමහර වෙලාවට අපි කියමු සෙක්ස් කරන්න බෑ කියලා හිතෙන්නේ එයාගේ ප්‍රශ්නයක් නිසා කියලා. සමහර වෙලාවට එයා ඒ තරම් පිරිසිදු නැතුව ඉන්න නිසා අපිට බෑ කියලා හිතෙන්න පුළුවන්. අන්න එතකොට වුනත් ඒක බොරුවක් කියලා වහන්න එපා. ඒකෙන් ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. හොඳම දේ තමයි අපි මුලින්ම කියපු විදියට ආදරෙන් ඒක කියලා, ඒ ගැටළුව විසඳාගන්න උත්සාහ කරන එක.

 

4. සෙක්ස් එපා වුනත් ආදරේ නොදී ඉන්න එපා

මෙන්න මේකත් ඉතාම වැදගත්. සෙක්ස් කියන්නේ එකට ගෙවන ජීවිතේට අතිශයින්ම වැදගත් දෙයක් තමයි. හැබැයි ඊට වඩා වැදගත් ආදරේ. අන්න ඒක කොයි මොහොතක වුනත් නොදී ඉන්න එපා. උදාහරණයක් ගමු. අද ඇත්තටම අපේ ඔලුව රිදෙනවා. ඒ නිසා සෙක්ස් කරන්න හිතක් නෑ. ඒත් එයාට සෙක්ස් ඕන. එතකොට අපි එයාට ආදරෙන් කියනවා අද ඔලුව රිදෙන නිසා සෙක්ස් නොකර ඉමු කියලා. හැබැයි අපි අනික් පැත්ත හැරිලා නිදාගන්නෙ නෑ. අපි එයාට ආදරෙන් කිස් එකක් දෙනවා, ආදරෙන් තුරුළු කරගෙන ඉන්නවා. ආන්න එතකොට එයාට තේරෙනවා අද දවසේ සෙක්ස් කරන්න බැරි වුනත් ආදරේ මදි නොකියන්න තියෙනවා කියලා. ඒකෙන්ම ප්‍රශ්නය විසඳෙන්න පුළුවන්.

 

5. එයාව සතුටු කරන්න බැරිද?

මෙන්න මේකත් සමහර වෙලාවකදී පාවිච්චි කරන්න පුළුවන් විකල්පයක්. දැන් අපි හිතමු අපිට මේ වෙලාවේ සෙක්ස් කරන්න බෑ. ඒකට හේතුව එයාගේ පැත්තේ අවුලක්වත්, මූඩ් එකක් නැති කමක් වත් නෙවෙයි කියමු. එක්කෝ අපිට මහන්සි නිසා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ආර්ථවය නිසා වෙන්න පුළුවන්. එහෙම වෙලාවක, කෙලින්ම සෙක්ස් නොකළත්, අපිට එයා සතුටු වෙන දෙයක් කරන්න බැරිද? සමහර වෙලාවට එයාට ස්වයං වින්දනය කරන්න උදවු කරන්න බැරි කමක් නැහැනේ. ඒ වගේ දේකින් ඇත්තටම ප්‍රශ්නය විසඳෙනවා වගේම, අපි එයා ගැන හිතනවා කියන එකත් සන්නිවේදනය වෙනවා.

 

6. වෙන ප්‍රශ්නයක් නම් කතා කරමුද?

මේක ඇත්තටම දිගින් දිගටම මේ තත්ත්වය තියෙනවා නම් හිතන්න ඕන කාරණයක්. සමහර වෙලාවට මේකට හේතුව බැඳලා කාලයක් ගිහිල්ලා නිසා, සෙක්ස් ලයිෆ් එකේ උණුසුම ගිහින් තිබීම වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේකට හේතුව දෙන්නම ජීවිතේ කාර්ය බහුල වීම වෙන්න පුළුවන්. ඒ මොකක් වුනත්, මේක කතාබහ කරලා විසඳගන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම බැඳලා කාලයක් ගිහිල්ලා නිසා, සෙක්ස් ලයිෆ් එක තවදුරටත් සුපර් හොට් නැතිනම්, ඒක ආයෙමත් හනිමූන් එකේ වගේ තත්වයකට ගේන්න අපිට ක්‍රම සහ විධි හොයාගන්න පුළුවන්. වැදගත් වෙන්නේ, දෙන්නා ඒ ගැන අවංක වීම, සන්නිවේදනය කිරීම සහ ආයෙමත් ලයිෆ් එක හොට් කරගන්න එකට වැඩ කිරීම තමයි. 

 

7. දිගටම මෙහෙම වෙන එක ප්‍රශ්නයක්

අපි කලිනුත් කිව්වනේ දිගින් දිගටම සෙක්ස් එපා කියලා දැනෙනවා නම් ඒක ප්‍රශ්නයක් කියලා. ආන්න එහෙම අවස්ථාවකදී අපිටත් හිතාගන්න බැරි නම් හරියටම හේතුව මොකද්ද කියලා, ඒක පාට්නර් එක්ක කතාකරලාත් විසඳාගන්න අමාරු ප්‍රශ්නයක් නම්, ඊලඟට කරන්න තියෙන්නේ වෛද්‍ය සහාය හෝ උපදේශන සහාය පතන එක. විශේෂයෙන්ම ශාරීරික ප්‍රශ්නයක් නිසා සෙක්ස් එපා කියලා දැනෙනවා නම් වෛද්‍ය සහාය ලබාගැනීමෙන් විතරයි ඒක විසඳගන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට එතකොට වෛද්‍ය උපදෙස් මත තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න සිද්ධ වෙන්න පුළුවන්. මානසික ගැටළුවක් එක්ක සෙක්ස් කරන්න නිතර බෑ කියලා දැනෙනවා නම් ඒත් ඒකම තමයි සිද්ධ වෙන්න ඕන. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *