බුකිය ලංකාවේ රජ වෙන්න කලින් මෙහේ කොල්ලන්ට කෙල්ලන්ට සෙට් වෙලා ෆන් ගන්න වගේම දැනුම බෙදාගන්න තිබ්බ ප්‍රධාන වේදිකාවක් තමයි වෙබ් සයිට් ෆෝරම්ස්. ඒ කාලෙ අනන්මනන්, එළකිරි වගේ සුපිරි වෙබ්සයිට් වල ඇක්ටිව් ෆෝරම්සුත් නැගලා ගියානෙ. තැන් ඉන්න සමහර කොල්ලො කෙල්ලොනම් මේ ආතල් එක අරන්වත් නැතිව ඇති. හැබැයි මේ ආතල් එක මතක අයගේ මතකය මේ ආටිකල් එක විසින් අලුත් කරාවි.
1. ඇඩ්මින් අයියා
දැන් කාලෙ නම් ඉතින් ෆේස්බුක් ජේජ් එකක හරි ගෘප් එකක හරි ඇඩ්මින්කමක් නැති පොරක් හෝ පොරවරියක්ව හොයාගන්නත් අමාරුයි. හැබැයි ෆෝරම් කාලෙ ඇඩ්මින් පට්ටම කියන්නෙ පට්ටම තානාන්තරයක්. ඇඩ්මින් අයියා කියන්නේ බොහෝ ඇසූ පිරී තැන් තියන බොහොම ගරු ගාම්භීර, අවශ්‍ය වෙලාවෙදි තද තීරණ ගන්න පොරක්. කුමාර ධර්මසේන වගේ තමයි පොරගෙ තීරණේ තමයි අවසන් තීරණේ. ඇඩ්මින් අයියා කොයි වෙලෙත් කමෙන්ට් රිප්ලයි දදා හෑල්ලු වෙන්නෙත් නෑ. පොර වැදගත් පෝස්ට් එකක හෝ අවශ්‍යම අවස්ථාවක විතරයි පෙනී හිටින්නෙ.
2. බෑන් කිරිල්ල
ෆෝරම්වලත් ඉන්නවනෙ ඉතින් එක එක ජාතියෙ චරිත. සමහරු කුණුහරුප කියනවා, තවත් අය නෝටි පින්තූර දානවා, ෆේක් වලින් ඇවිත් අපහාස කරන පොරවලුත් ඉන්නවා. ඉතින් ඔය වගේ වැරදිවලට පොරවල් බෑන් වෙනවා. ඇඩ්මින් අයියා තමයි හුඟක් වෙලාවට පොල්ගෙඩි අකුරින් අවවාදයක් කරල වැරදිකාරයව බෑන් කරන්නේ. ඊට පස්සෙ ඉතින් එක ගිනි විජ්ජුම්බරයයි. බෑන් කරපු බුවාට යාලුවො සෙට් එකක් ඉන්නවනම් උන් උපරිම උත්සාහෙ දානවා යාලුවව බේරගන්න. එදාට ඉතින් බෑන් කරන්න දාපු ත්‍රෙඩ් එක උපරිමේට නැගල යනවා. වලි සහ ආතල් කෝටියයි.
3. ඇවටාර් එක
ෆෝරම් වල ඉතින් සැබෑ මූණ පෙන්නන්න කියලා දෙයක් නෑ. සියේට අනූ නමයක්ම දාන් හිටියේ වෙන වෙන මූණු සහ පින්තූර. කෙල්ලො අතර ෆේමස්ම පින්තූරෙ තමයි අයිෂ්වර්යා රායිගෙ මූණ. කොල්ලොත් ඉතින් ෂාරුක්, ජෝන් සීනා, ජෝන් ඒබරං වගේ අයියලගෙ පින්තූර වැඩිපුර පාවිච්චි කළා. සැබෑ මූණු එළියට එන්නේ ගොඩක් දුරට මොකක් හරි වලියකදි තමයි. එතකොට මොකෙක් හරි එකෙක් කොහෙන් හරි හොයාගෙන දානවා ප්‍රතිවාදී පොර චූටි කාලෙ සරුංගල් අරින පින්තූරයක්, බීලා සරමත් උඩ දාගෙන නිදාගෙන ඉන්න පින්තූරයක් වගේ එකක්.
4. ඇයි සිග්නේචර් එක?
මේ කියන්නෙ දන්න බාසාවෙන් කියනවනම් සිගිය ගැන. මේක ඇවිල්ලා ඊමේල් සිග්නේචර් එක වගේම එකක්. හැබැයි ඒකට සැර කැටයම් පාරක් එක්කයි එන්නේ. පොරත්වය මතුවෙන මොකක් හරි ආප්තෝපදේශයක් එක්ක එන ලස්සන ග්‍රැෆික් එකක් තමයි බොහෝ වෙලාවට. සමහර කෙල්ලෝ නම් සින්ඩරෙල්ලා, ස්නෝ වයිට් වගේ තීම්ස් එක්ක සෝස පාට නිල් පාට මල් ලෝකයක් කරගෙන තිබ්බා මේක. පස්සෙ කාලෙක මේවගෙ බර වැඩිවෙලා සයිට් ස්ලෝ වෙලා සිග්නේචර්වලට නීති රීති පනවන්න සිද්ද වෙච්ච අවස්ථාත් තියනවා.
5. ටොප් පෝස්ටර්
මේ තමයි අදාළ ෆෝරම් එකේ වැඩිම කමෙන්ට්ස් පෝස්ට්ස් දාපු බුවා. බුවාගේ එකම පරමාර්ථය තමයි පුළුවන් තරම් තමන්ගේ පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න එක. ඉතින් පොර අදාළ දේවල් වලටයි අදාළ නැති දේවල් වලටයි හැම එකටම කමෙන්ට් කරන් යනවා. ‘මට දුකයි යාලුවනේ මට මැරෙන්න හිතෙනවා’ කියල දාන පෝස්ට් වලටත් ‘මැක්සා’ කියල රිප්ලයි කොටන් යනවා. ටොප් පෝස්ට් බුවා වෙන්න දතකන පොරවල් කරන්නේ වෙනම චැට් ත්‍රෙඩ් ඕපන් කරන එක. ඒවායේ එක එක බයිලා කතා කර කර තමන්ගේ පෝස්ට් ගණන නග්ග ගන්නවා.
6. මොඩරේටර්
මේ තමයි ඇඩ්ඩිං අයියගෙ සහායට ඩැනී. සමහර වෙලාවට ඇඩ්ඩිං අයියට වඩා මෙයාගෙ රැස් වැඩියි. මෙයාගෙන් වෙන මහා ලොකු සේවයක් තිබ්බයි කියලා කියන්නත් බැහැ නෑ කියන්නත් බෑ. කොහොම නමුත් මොඩරේටර් පට්ටමක් ලැබෙනවා කියන්නෙත් ඉතින් ඒ කාලෙ හැටියට අගමැතිකමක් ලැබුණා වගේ තමයි. ෆෝරම් එකේ සැලකිය යුතු ඉහළ තානාන්තරයක තමන් ඉන්නවා කියන අදහසින් හිස උදුම්මවාගන්න හොඳම අවස්ථාවක් මේ මොඩා පට්ටම. හැබැයි මොඩරේටර් වැඩේ බොහොම පිළිවෙලට සාධාරණය කරගෙන ගිය මොඩරේටර්වරුන්/වරියනුත් ඕනෑ තරම් හිටි බවත් අපි මතක් කරන්න ඕනෙ.
7. මං යනවා යාලුවනේ…
ඔන්න මේ තවත් ආතල් එකක්. සමහර ඇටෙන්ෂන් සීකින් බුවාලට ඕනෙ වෙනවා තමන්ට මේ ෆෝරම් එකේ තියන තත්ත්වෙ මොකක්ද කියල බලාගන්න. ඉතින් ඒ අය ඕපන් කරනවා ත්‍රෙඩ් එකක් ‘ගුඩ් බායි ෆ්රෙන්ස්’ කියලා. ඊට පස්සෙ ඒකෙ ගහනවා දුක් ගැනවිල්ලක්. මට හරි ප්රශ්නය, ජීවිතේ දුකය, ෆෝරම් එකේ මතකය සුන්දරය, ඒත් අදින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි’ කියලා. ඉතින් අනිත් අනුත් පැනගෙන ඇවිත් යන්න එපා ඉන්න මලේ/නගේ කියලා කමෙන්ට් කොටනවා. තව සමහර උන් නම් ඇවිත් ‘ඕකේ බායි’ කියලා යනවා. කොච්චර එපා කිවුවත් ගුඩ් බායි කියන පොරගේ හිත වෙනස් කරන්න අමාරුයි. හැබැයි යනවා කියලා දවස් දෙක තුනක් ගිය තැනදි මෙන්න බොලේ පොර ආයෙ ඉන්නවා!
8. කොලිටි පොර
මේ ඇවිල්ලා ෆෝරම් එකේ ඉන්න මහත්මයා/මහත්මිය ටයිප් ඩයල්ස්. මේ අය ෆෝරම් නීති අකුරටම පිළිපදිනවා. තැන තැන අනවශ්‍ය චැට් දාන්න යන්නේ නැහැ. අදාළ හෙඩිං එකට අනුකූල කමෙන්ට් විතරයි දාන්නෙ. වැරැද්දක් දැක්කොත් රිපෝට් කරනවා. ෆෝරම් එකේ දියුණුවට වෙනුවෙන් කරන්න පුළුවන් වෙනස්කම් ගැන සාකච්ඡා කරනවා. මේ විදිහෙ සමහර පොරවල්ගෙ ඇවටාර් එකෙන් සිග්නේචර් එකෙන් පවා වැදගත්කම බේරෙනව.
ක්‍රම ක්‍රමයෙන් ෆේස්බුක් ජනප්‍රයි වීමත් එක්ක මේ ඔන්ලයින් ෆෝරම්ස් ටිකෙන් ටික ජනප්‍රියත්වයෙන් හීන වෙලා ගියා. තවමත් මේ සමහර ෆෝරම් කලින් තරම් සාරෙට නැති වුණත් යම් පමණකට සක්‍රීයව තියෙනවා. ඒ කාලෙ ෆෝරම් වල පිස්සු කෙළපු බුවාලා මේ වෙද්දි මැදිවයසෙ ජීවිතේ ගෙවන අය…
Leave a Reply