ගෙදර ඉඳන් කරන ව්‍යායාමවලට පස්සේ කන්න බොන්න හොඳ මොනවද කියලා හිතුවද?

ඔයාලා ගෙදර ඉඳන් මේ දවස්වල මොකක් හරි වර්ක්අවුට් එකක් කරනවා නම් මේ ලිපිය ඔයාට. ව්‍යායාම කරලා ඉවර වුණාට ඇඟ ඇතුළේ මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය හරියට ම ඇති වෙන්නේ ව්‍යායාමේ ඉවර වුණා ම. හරියට අඟුරු කෝච්චියක් දුවන්න අඟුරු ඕනි වෙනවා වගේ ඒ වැඩේට නියම පෝෂ්‍යදායී ආහාරයක් ගන්න ඕනි.  නැත්තන් අර කළ වැඩෙන් වැඩක් නෑ. ඉතින් එහෙම කන්න බොන්න පුළුවන් දේවල් 7ක් තමයි මේ. 

 


1. රතු බත්, චිකන් සහ හාෆ් බොයිල් එළවළු


සිරුරට අවශ්‍ය කරන ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් පමණක් නෙවෙයි විටමින් B-6 පවා ලබා දෙන්න චිකන් පෙත්තකට පුළුවනි. මේකට වඩාත් සුදුසු චිකන් බ්‍රෙස්ට් එකකින් පෙත්තක් තමයි. ඒත් එක්ක ම රතු බත් සහ හාෆ් බොයිල් කරපු එළවළු කීපයක් එකතු වුණා ම පෝෂ්‍ය පදාර්ථ හරි ම විදියට එකතු වෙනවා. ස්නායු පද්ධතියටත් හොඳයි.



2. මල්ටිග්‍රේන් පාන් සහ ස්ක්‍රැම්බ්ල්ඩ් බිත්තර


මල්ටිග්‍රේන් පාන් පෙති දෙකකින් වැයවුණු කාබ් ටික ලැබෙනවා. හැබැයි නිකන් ම පිටිගුලියක් කනවා වගේ නෙවෙයි. මේවයේ තියන කෙඳි ගතිය නිසා, ඒ කිව්වේ පිෂ්ටයට වඩා… අන්න ඒ නිසා සිරුරේ තියන සීනි මට්ටමට අවුලක් වෙන්නේ නෑ. ඒවා එක්ක කන්න සම්පූර්ණයෙන් ම ප්‍රෝටීනවලින් අනූන බිත්තර ටිකක් ස්ක්‍රැම්බල් කරගන්න. 



3. සැමන් මාළු සහ බතල


සැමන් කිව්වම අපට මතක් වෙන්නේ ටින් මාළු. නෑ නෑ ටින් නොකරපු සැමන් මාළුත් ඉන්නවනේ. අන්න එයාලා තමයි මේ වැඩේට හරියන්නේ. සැමන් පෙති දෙකකින් ලැබෙන ඔමෙගා 3 සහ අත්‍යවශ්‍ය ප්‍රෝටීනවලින් ව්‍යායාමවලින් පස්සේ එන මාංශපේෂි රිදුමට ප්‍රතිකාරයකුත් වෙනවා. ඒත් එක්ක ම බතලත් සෙට් වුණා ම අවශ්‍ය කරන විටමින් ද ලැබෙනවා.

 


4. චොකලට් කිරි


චොකලට් කිරිවලට හැකියාවක් තියෙනවා ශක්තිමත් මාංශපේෂි වර්ධනයට. ව්‍යායාම කරායින් පස්සේ ශීත කළ කිරි තමයි බොන්නේ. අනෙක මාංශපේෂි වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට්වලට අමතරව චොකලට් කිරිවල 90%ක් විතර තියෙන්නේ ජලය. එතකොට ව්‍යායාම කරද්දි ශරීරයෙන් ඉවතට ගිය ජල අවශ්‍යතාව ලැබෙනවා.



5. කඩල


කඩල ප්‍රෝටීනවලින් ඉහළ ම ආහාරයක්. කඩල කනකොට හොඳට හපලා හිමීට කන්න ඕනි. සෑම කඩල ග්‍රෑම් 20කට ම ප්‍රෝටීන ග්‍රෑම් 6ක් තියෙනවා. ඇත්තම කිව්වොත් කඩල දවසේ ඕනෑම වෙලාවකට හොඳ ආහාරයක්. ව්‍යායාමවලින් පස්සේ කන්න විශේෂයක් එක් කරලා තියෙන්නේ මේ ප්‍රෝටීන සංයුතිය නිසා. 



6. ඕට්ස්


ඕට්ස් ඕනෑම සුපිරි වෙළඳසැලකින් ගන්න පුළුවන්. අතිසුපිරි වෙන්න ඕනිත් නෑ ඇත්තෙන් ම ඕට්ස් දැන් ඒ තරම් අපේ රටේ සුලබ දෙයක්. ඕට්ස්වලින් විවිධාකාරයේ රසවත් පෝෂ්‍යදායී කෑම හදාගන්නත් පුළුවන්. ව්‍යායාමවලින් පස්සේ ඕට්ස් වැදගත් වෙන්නේ එහි තියන තන්තුමය ස්වාභාවයෙන්. ඇඟේ මහත ඉන් අඩු වෙනවා. ඒ වගේ ම කොලෙස්ටරෝල්වලටත් හොඳයි.

 

7. ජලය


ව්‍යායාමය අතරතුර දහදිය මගින් සෑහෙන වතුර ප්‍රමාණයක් සිරුරෙන් බැහැර වෙනවා. පැයක පමණ එක දිගට ව්‍යායාමයේ යෙදුණම විජලන තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ව්‍යායාමවලින් පස්සේ වුණ බර අඩු වීමට සාපේක්ෂව වතුර වීදුරු 3ක් පමණ බොන්න (බර ඉතින් පෙර පසු මනින්න පුළුවන් නේ) ශීත කළ වතුර බොන්න එපා. ඒක උණුසුම් වෙලා තියන ශරීරයට එක පාර දරාගන්න අමාරුයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *