විද්‍යාවේ දියුණුව නිසා විනාශකාරී යුධ අවි ඇති වී එමගින් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මිය පරලොව ගියහ. එහෙත් ඉතිහාසය දෙස බලන විට කළු සංහාරය, 1918 ස්පාඤ්ඤ උණ, මහාමාරිය, වසූරිය ආදී ලෙඩවලින් මිනිසුන්ගේ අවි වලින් මිය ගියාට වැඩි පිරිසක් ලෝකෙන් තුරන් වුන බව සොයාගන්නට හැකිය. ඒ පැරණි වසංගත තත්ත්ව බොහොමයකට අප නූතන මිනිසා විද්‍යාව ඇසුරින් ප්‍රතිකර්ම ඉදිරිපත් කරන ලදී. ලොව පුරා විවිධ ඇදහිලිවන්තයෝ මිලියන ගණනින් සිටිති. දැනට කොරෝනා ආරම්භ වී මාස 6කට වැඩි මුත් තවමත් ඒ ඇදහිලිවන්තයින් කිසිවෙකුට ඉන්ද්‍රජාලික බලයකින් හෝ කොරෝනා සඳහා ඔසුවක්, එන්නතක් සොයාගන්නට නොහැකි වී ඇත. ඒ අනුව මතුයම් දිනක කොරෝනා පාලනයට ද උපකාරී වන්නේ විද්‍යාවේ සොයාගැනීමක් වීමේ ඉඩකඩ බොහෝ වැඩිය. 1900 සියවස තුළ පමණක් මිලියන 300කට වඩා මියගිය වසූරිය ලොවෙන් ඉවත් කරන්නට මිනිසා සමත් විය. අපි ඒ ගැන තොරතුරු ටිකක් බලමු.
1. වසූරිය ඉතිහාසය
පුරාණ ඊජිප්තුවේ පාරාවෝ රජ සමයටත් එහා කාලයක් යනතෙක් වසූරිය වෛරස බලපෑම තිබූ බවට කලකට පෙර විශ්වාස කරනු ලැබීය. මන්ද පෞරාණික මිසරයේ ඇතැම් මමි වලද වසූරිය රෝග ලක්ෂණ දක්නට තිබුණි. එහෙත් පසුකලෙක වසූරිය වෛරසයේ ගෙනෝමය සහ ජීව විද්‍යාත්මක ඉතිහාසය අධ්‍යනය කළ විද්‍යාඥයින් පිරිසක් එම වෛරසය ක්‍රි.ව 1580 කාලයේ ඇතිවී පැතිරුණ වෛරසයක් විය හැකි බවට මතයක් ප්‍රකාශයට පත් කළහ. ඒ පර්යේෂණය සඳහා ඔවුන් පුරාණ මමි මෙන්ම 1600-1940-1970 කාලවල වසූරිය වැළඳී මියගිය රෝගීන්ගේ ලක්ෂණ සහ වසූරිය සාම්පල අධ්‍යනයට යොදාගත්හ. ඒ අනුව මමි සහ ලේඛනගත සාධක අනුව වෛද්‍ය විද්‍යාව මෙතරම් නොදියුණු එකල වසූරිය වැනි ඇඟ පුරා අවලක්ෂණ බිබිලි ඇතිවන ලෙඩරෝග ගණනාවක් තිබුණ බවත්, ඒ ලෙඩවල් වසූරිය ලෙස ඉතිහාසඥයින් වටහාගන්නට ඇති බවත් ඔවුන් කියා තිබුණි.
2. පටන් ගත්තේ කෙහෙන්ද?
චීනයේ හුබෙයි පළාතෙන් වවුලන් සහ කබල්ලෑවන් ඇසුරෙන් නව කොරෝනා ඇතිවුණි යැයි ප්‍රබල මතයක් තිබේ. එහෙත් වසූරිය සම්බන්ධයෙන් එය කෙසේ ලෝකයට මතු වී දැයි යන්න ගැන නිසි අදහසක් විද්‍යාඥයින්ට අදද නැත. වසූරිය කාණ්ඩයේ වෛරසයක් ඔටුවන්ට සහ සහ කුඩා ක්ෂීරපායීන්ට වැළඳුනද ඒ රෝග මිනිසුන්ට වැළඳෙන වසූරියෙන් බොහෝ දුරස්ථ බව විද්‍යාඥයින් සොයාගෙන තිබුණි. ස්පාඤ්ඤ ජාතිකයින් ඇමරිකාව සොයාගත් පසු ඇමරිකානු ස්වදේශිකයින් බුරුතු පිටින් වසූරිය නිසා මිය ගිය බවට ඉතිහාසයේ සඳහන් වී ඇත. එහිදීද නියත වශයෙන් මියගියේ වසූරිය නිසාද නැතිනම් එතෙක් ඇමරිකානු ස්වදේශිකයින්ට ආගන්තුක, යුරෝපීයයන් සතුව තිබූ වෙනත් රෝගාබාධ නිසාද යන කාරණය සම්බන්ධයෙන්ද විවිධ මත තිබේ. කෙසේ වෙතත් යුරෝපීය නාවුක ගමන් දියුණු වීමෙන් ලෝකයම අධිරාජ්‍යකරණය වීම බෝවන ලෙඩරෝග ලොව වටා පැතිරීමට මනා රුකුලක් විය.
3. වසූරිය යනු
වසූරිය වෛරසය වැරියෝලා නමින් හඳුන්වන අතර එය ඕතොපොක්ස් වෛරස කාණ්ඩයට අයත් වේ. වසූරිය හරහා 20 වන සියවසේ පමණක් ලෝකයේ මිලියන 300කට වැඩි ජනගහණයක් මිය පරලොව ගිය බව සඳහන් වේ. නව කොරෝනා නොහොත් කොවිඩ්-19 මෙන්ම වසූරියද ශ්‍රාව බිඳිති මගින් පැතිරේ. එහෙත් නව කොරෝනා වලට සාපේක්ෂව වසූරිය සමාජය තුළ පැතිරීමේ හැකියාව සහ පැතිරෙන වේගය අඩුය. එහෙත් නව කොරෝනා මෙන් නොව වසූරිය හි මරණ ප්‍රතිශතය 30%ක් තරම් වැඩි අගයක් ගනී. වසූරිය පැතිරීම පාලනය කිරීමට එඩ්වඩ් ජෙනර් විසින් ගවයින්ගේ වසූරිය ප්‍රතිශක්තිය ඇසුරින් ඔසුවක් 1796 වසරේදී නිපදවූවත් ඉන් පසුවත් වසූරිය ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරා මිහිමත පැතිරී ගියේය.
4. වසූරිය එන්නත්කරණය
1960-70 කාලයේ ලොව පුරා වසූරිය සඳහා එන්නත් ලබාදීම ප්‍රචලිත විය. වෛරස විද්‍යාවේ සඳහන් ව ඇති පරිදි වෛරසයක් පැතිරෙන විට ඒ සඳහා සමාජයේ 80%ක් ප්‍රතිශක්තිය තිබෙන මට්ටමට ආ පසු වෛරසය පැතිරීම සැලකිය යුතු තරමට අඩු වේ. 1960 කාලයේ ලෝක ජනගහණය අද සිටින තරමින් බාගයකි. එහෙත් දැනටත් වඩා දුප්පත් ඉන්දියාව, අප්‍රිකානු රටවල් ආදී තැන්වල දුප්පත් පැල්පත් සොයාගොස් වසූරිය එන්නත් ලබාදීම සැබෑ අභියෝගයක් විය. එවක ලෝකය පුරා වෛද්‍ය කාර්යමණ්ඩල දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළ අතර 1977 දී සෝමාලියාවෙන් ස්වභාවිකව වසූරිය වැළඳුණු රෝගියෙකු වාර්තා වුණු පසු වෙනත් වසූරිය රෝගීන් නැවත සොයාගන්නට නොහැකි විය. 1980 මැයි මස දී මිහිමතින් සදහටම වසූරිය ඉවත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඒ අනුව දැන් වසූරිය සමාජයේ මිනිසුන් අතර නොමැති අතර ඇමරිකානු සහ රුසියානු විද්‍යාගාර වල ඉතා ආරක්ෂිත තත්ත්වයන් යටතේ ඇති බවට විශ්වාස කෙරේ.
5. එඩ්වඩ් ජෙනර්ගේ සොයාගැනීම
වසූරියට ප්‍රතිශක්තිකරණය ගැන විවිධ මතවාද තිබුණත් සාරා නැමැති එඩ්වඩ් ජෙනර්ගේ ගොවිපලේ කිරි දොවන්නිය ගේ මැදිහත් වීමෙන් සොයාගත් වසූරිය එන්නත වඩාත් ප්‍රතිඵලදායක විය. 1790 ගණන් වලදී වෛද්‍ය විද්‍යාව ගැන මෙතරම් තදබල නීති රිති නොතිබුණි. එම නිසා ජෙනර් කෙලින්ම ගව වසූරිය ප්‍රතිදේහ මිනිස් සිරුරට ඇතුළත් කළේය. පර්යේෂණ මගින් සනාථ වුවද මෙය සිදුවන්නේ කෙලෙසද යන්න වෛද්‍ය විද්‍යාත්මකව හරිහැටි අනාවරණය නොවීය. එම නිසා ඇතැම් රටවල වෛද්‍ය සංගම් වෙතින් මේ වසූරිය එන්නතට විරෝධතා එල්ල විය. එහෙත් ස්ථිර වශයෙන්ම එන්නත ලබාගත් අයට වසූරිය අවදානම අඩු බවට සොයාගත් නිසා එය ලොව පුරා ප්‍රචලිත විය. මෙම එන්නතෙන් පසුව වසූරිය ප්‍රභේද කිහිපයක් ඇති වුවද පසුකාලීන විද්‍යාඥයින් ඒවාද මර්දනයට හැකි වන පරිදි සාර්ථක වසූරිය එන්නත් නිපදවාගන්නා ලදී.
6. වෛරසය තවමත් විද්‍යාගාර වල ඇත්තේ ඇයි?
ඇමරිකානු සහ රුසියානු විද්‍යාගාර වල ඇති වසූරිය සාම්පල විනාශ කළ යුතු බවට ලෝක මට්ටමින්ම සෞඛ්‍ය අංශ බලපෑම් කර තිබේ. ඔවුන් කියන්නේ දැනට ලෝකයේ වසූරිය නොමැති නිසා වෛරස සාම්පල තිබීම අනතුරුදායක විය හැකි බවය. දැනට සිටින පරම්පරාවල අය වසූරිය එන්නත් ලබාගෙන නැත. එබැවින් වසූරිය නැවත ඇති වුවහොත් එය මර්දනය කිරීමට සෑහෙන කාලයක් ගත විය හැකිය. එහෙත් රුසියානු සහ අමරිකානු අංශ වෙතින් මේ වෛරස සාම්පල විනාශ කිරීම ගැන සෘජු පිළිතුරක් ලබා දී නැත. අනෙක් අතින් සතුන් මගින් හෝ කිසියම් දුර්ලභ ක්‍රමයකින් නැවත වසූරිය පැතිරුණහොත් එහිදී පර්යේෂණ කටයුතු වලට මෙම පර්යේෂණාගාර වසූරිය සාම්පල වැදගත් බව කියැවේ. කිනම් හෝ පිරිසක් ජීව අවියක් ලෙසට වසූරිය පාවිච්චි කළොත් ඉතුරු පිරිසට ගැලවීමක් සොයන්නට මේ සාම්පල වැදගත් වන බව ඒ සාම්පල තබාගැනීමට පක්ෂ අය ප්‍රකාශ කර තිබේ.
7. වසූරිය සහ කොරෝනා
වසූරිය වැළඳී දින දෙක තුනක් තුළ ඉන්ද්‍රිය අකර්මණ්‍ය කිරීමට සමත්ය. ඉන් පසු සිරුරේම තුවාල ඇති වීම නිසා වසූරියෙන් ගැලවුනද, සිරුරේ අප්‍රසන්න ස්වභාවය දිගටම ලොවට පෙනෙන්නට ඉතුරු වේ. නව කොරෝනා වලට වඩා එන්නත්වලින් මර්දනය කළ හැකි ස්වභාවයක් වසූරිය වෛරසයට තිබුණි. නව කොරෝනා වලට එසේ එන්නතක් සාර්ථක කරගත හැකිද යන්න තවමත් ප්‍රශ්නයකි. වසූරිය මර්දනයට එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රබල මැදිහත්වීම ඉතා වැදගත් විය. ඒ නිසා මීට වසර 40කට පෙර ලෝකෙන්ම වසූරිය සදහටම ඉවත් කෙරුණි. අද කොරෝනා තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකාව අතරද දේශපාලන මතවාද ඇතිවුණි. එහෙත් මතු යම් දිනක ලොවෙන් වසූරිය ඉවත් කළා සේ කොරෝනාද තුරන් කළ හැකි මට්ටමට පත් වේවා යැයි අපි පතමු.
හේතුවක් සොයාගන්නට අසමත් වූ එකල වසූරිය නැති කරන්නට ගම් බිම් පිටින් ගිනිතැබීම් ලංකාවේද තැන තැන සිදුවුණි. ඊට අමතරව එංගලන්තය වැනි රටවල බල්ලන් පූසන් ආදී සතුන් මරා දැමීමද සිදුවුණි. වැළඳෙන පුද්ගලයින් සාහසික ලෙස මරාදැමුණු සිද්ධීන් ද එකල තැනින් තැන වාර්තා වී තිබුණි. අද අපි මුහුණදෙන කොවිඩ්-19 වලට ස්ථිර විසඳුමක් තවමත් නැතත්, එය පැතිරෙන ආකාරය, එයින් වැළකෙන්නට ඇති මග ගැන පැහැදිලි ක්‍රමවේද අද වෛද්‍ය විශේෂඥයින් විසින් ලබා දී තිබේ. ඒ වෛරස මර්දන පිළිවෙත් අනුව දැඩිව ක්‍රියාකළ දකුණු කොරියාව, ජර්මනිය වැනි රටවලට කොරෝනා ව්‍යාසනයෙන් යම් සහනයක් ද සැලසී තිබේ. ඒ අනුව බෙහෙතක්, එන්නතක් එනතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුවත් කිරීම් අනුව නව සමාජ ජීවිතයකට හුරු වීම අපි කාටත් කොරෝනා වලින් වැළකීමට හොඳ මගකි. වසූරිය වර්ධනය වූයේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. එහෙත් මිනිස් කාර්යමණ්ඩලවලටම එය සම්පූර්ණයෙන් මැඩපවත්වන්නට හැකි විය. එබැවින් අපිද නියම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් වේ.
Leave a Reply