ඉංග්‍රීසි ගී අනුකරණය කරමින් හැදුණු සිංහල ගී

අපේ රටේ ගීත අහන රසිකයෝ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අපේ ගීත බොහොමයක් හින්දි ගීතවල අනුකරණ විදිහට බිහිවෙලා කියලා. හැබැයි මේ කථාව එතරම් දුරට සත්‍ය නැහැ. ලංකාවේ ඇතැම් ජනප්‍රිය ගීත සඳහා ඉංග්‍රීසි ගී වල මුල් තනුව වගේම අදහස් ලබාගෙන  තියෙන අවස්ථා ඕන තරම් අපිට මුණ ගැහෙනවා. Lifie අද මේ සටහන ඒ පිළිබඳවයි.

 

1. මල් රේණු නටලා 

 

සුසිල් ප්‍රේමරත්න කියන්නේ අපේ රටේ හිටපු විශිෂ්ටම ගණයේ ගායකයෙක්. ඔහුගේ ඇතැම් ගීත අදටත් ජනප්‍රියයි. මේ ඔහු ගායනා කරපු අතිශය ජනාදරයට පත් වෙච්ච ගීතයක්. මේ ගීතය දැන් අහල බලමු.

 

නමුත් මේ මිහිරි ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ ලෝකය පුරා අතිශයින් ජනාදරයට පත් වෙච්ච ඉංග්‍රීසි චිත්‍රපටයක් වන The Sounds of Music චිත්‍රපටයේ එන ගීතයක් ඇසුරින්. අපි දැන් ඒ ගීතයත් අහලා බලමු.

 

 

 

2. හිරු සඳු මැකිලා 

ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ සිනමා සංගීතය පෙරළිකාර ලෙස වෙනස් කරන්න සමත් වෙච්ච පුද්ගලයෙක්. ඔහුගේ සෑම ගී නිර්මාණයක් ම පාහේ ජනප්‍රිය වුණා වගේම පරම්පරා ගණනක් ඒ කියන්නේ අද දක්වාම එක ලෙසම ජනප්‍රියත්වයේ පවතිනවා. අපි දැන් ඔහුගේ තවත් එක් ජනප්‍රිය ගීතයකට අහුම්කන් දෙමු.

 

 

ක්ලැරන්ස්ගේ මිහිරි ගායනය රස විඳපු ඔබට දැන් පුළුවන් මේ ගීතයේ  මුල් ගායනය රස විඳින්න.

 

 

3. සුදු පාට මීදුම් ගලාලා 

ඇන්ජලින් සෙනවිරත්න සහ එච්.ආර් ජෝතිපාල විසින් ගායනා කරනු ලබන මේ ගීතය අද දක්වා ම අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ සිත් වසඟ කරන්න සමත් වෙච්ච ගීතයක්. නමුත් මේ ගීතයෙත් මුල් අයිතිකාරයා විදේශිකයෙක්. හැබැයි ඔහු අද දක්වාම තමන්ගේ මරණයෙන් පසුවත් ජනප්‍රියත්වය රඳවා ගන්න සමත් වෙච්ච විශිෂ්ට ගණයේ ගායන ශිල්පියෙකුටත් වඩා පුරාවෘත්තයක් කියලා හැඳින්වූවාට වරදක් නැහැ. ඔහු තමයි එල්විස් ප්‍රෙස්ලි.

අපි දැන් මේ ගීත දෙකම පිළිවෙළින් අහලා බලමු.

 

 

 

 

4. දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ 

නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන ජනප්‍රිය ගීත අතර අතිශයින්ම ජනප්‍රිය ගීතයක් වන “දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ” ගීතයේ මුල් අයිතිකාරයෝ ඉන්නේ බීච් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මොකද මේ ගීතයේ මුල් හිමිකාරීත්වය ලැබෙන්නේ The Beach Boys සංගීත කණ්ඩායමටයි.අපේ එහෙනම් දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ අහල ඊට පස්සේ මුල් ගීතයත්  අහලා බලමු.

 

 

 

 

5. රන්ජන් ඩිංගක් අහගන්න

 ඉංග්‍රීසි ගීත අහන්න ප්‍රිය කරන ගොඩක් දෙනෙක් Don’t Cry Joni කියන ගීතය අහල වගේම විවිධ අවස්ථාවලදී කියලා හෝ අවම වශයෙන් අත්වැල් අල්ලලාවත් ඇති.ඒ නිසා අපි මුලින්ම ඒ ගීතය අහල ඉමු.

 

හැබැයි මේ ගීතය සිංහලට එද්දි පොඩි වෙනස් කම් කිහිපයකට භාජනය වුණා. මේ නිසාම මරියසෙල් ගුණතිලක ගායනා කරපු මේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ අපි ඒ ගීතයට දැන් සවන් දෙමු.

 

 

6. පාළු රැයකදී 

විජය කුමාරතුංග විසින් ගායනා කරනු ලබන ගීත අතරින් අද වෙන කොට අපිට ඇහෙන්නේ ඉතාමත් ස්වල්පයක් විතරයි. මේ අපිට වැඩිපුර ඇහෙන්නේ නැති එක ගීතයක්.

 

මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ හැරී බෙලාෆොන්ටේ නම් ගායකයාගේ ජැමෙයිකා ෆෙයාර්වෙල් නම් වූ ගීතය ඇසුරෙන්. අපි දැන් ඒ ගීතයත් රස විඳිමු.

 

 

7. කවුද බොලේ ඇලිස් 

 

මේ ගීතය ගැන ආයි අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව අපි මේ ගීතයට සවන් දෙමු.

 

දැන් එහෙනම් අපි ඇත්ත ඇලිස් ඉන්න සින්දුවත් අහලා බලමු.

 

 

මේ වගේ ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවන් ගණනාවකින් ආභාෂය ලබමින් නිර්මාණය වූ ගීත ගණනාවක් අපේ ගීත සාහිත්‍යයේ තියෙනවා. ඒ ගීත ගැනත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.හැබැයි ඒ දේ සිද්ධ වෙන්නේ මේ ආටිකල් එකට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ. ඒ නිසා මේ ගීත ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ශෙයා කරන්න ඔබ අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *