අපි අද ඉඳන් අලුත් ආටිකල් සීරීස් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා.
හැබැයි මේ සීරීස් එක ඉදිරියට පවත්වාගෙන යනවාද කියන එක තීරණය වෙන්නේ ඔබෙන් මේ ආටිකල් එක සඳහා ලැබෙන ප්‍රතිචාර උඩ. බ්‍රිතාන්‍ය රජ පවුල ලෝකයේ ජනප්‍රියම රජ පවුල වගේම ලොව ධනවත්ම පවුලක් වෙනවා. මේ නිසාම ඔවුන් සතුව සුවිශාල ආභරණ එකතුවක් පවතිනවා. මේ ආභරණ වල ප්‍රමාණය කොතෙක් ද කියන එක ගැන කිසිම අදහසක් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් පිට කිසිම කෙනෙක්ට නැහැ. බ්‍රිතාන්‍ය රජ පවුල සතුව මේ මේ ආභරණ පවතිනවා කියලා දැනගන්න ලැබෙන්නේත් ඔවුන් ඒ ආභරණ පළඳින්න ගනිද්දි විතරයි. මේ සටහන බ්‍රිතාන්‍ය රජ පවුල සතුව පවතින සුවිශේෂී ආභරණ කීපයක් පිළිබඳව.
1. කාටියර් හාලෝ ස්ක්‍රොල් ටියාරාව (The Cartier Halo Scroll Tiara)
කේට් කුමරිය විසින් විලියම් කුමරුව විවාහ කර ගැනීමේදී ඇගේ හිස සරසන ලද්දේ මේ මේ කුඩා කිරුළයි. මේ කුඩා කිරුළ සඳහා විවිධ ප්‍රමාණයේ දියමන්ති ගල් දාහක් පමණ භාවිතා කර තිබෙනවා. හයවැනි ජෝර්ජ් රජු විසින් තම බිරිඳ වන එළිසබෙත් බිසවට විවාහ සංවත්සර අවස්ථාවකදී මේ කිරුළ ත්‍යාගයක් ලෙස ලබා දී තිබෙනවා. එළිසබෙත් බිසව මෙය තම දියණිය වන වර්තමාන දෙවැනි එළිසබත් රැජනගේ 18 වැනි උපන් දිනය දා ත්‍යාගයක් ලෙස කිරුළ ලබා දී තිබෙනවා. ඇතැම් අවස්ථාවල දෙවැනි එළිසබත් රැජනගේ සහෝදරිය වූ මාග්‍රට් කුමරියත් මේ කිරුළ පැළඳි බවට පුවත්පවල ඡායාරූපවලින් හෙළි වෙනවා.
2. මේරි රැජිනගේ දියමන්ති බැන්ඩු ටියාරාව (The Queen Mary Diamond Bandeau Tiara)
මේ කිරුළ 1925 දී එවකට බ්‍රිතාන්‍යයේ රජ කළ පස්වැනි ජෝර්ජ් රජුගේ බිසව වූ මේරි රැජන වෙනුවෙන් සුප්‍රකට ආභරණ නිෂ්පාදකයකු වන ගැරඩ් සමාගම නිපදවා තිබෙනවා. ආරම්භයේදී නිල් මැණිකක් මෙහි ප්‍රධාන මැණික ලෙස ඇතුළත් වුණත් පසුව ඒ වෙනුවට දියමන්තියක් ආදේශ කෙරුණා. පසුව මේ කිරුළද මාග්‍රට් කුමරිය විසින් භාවිතා කර තිබුණා. මේ කිරුළ පිළිබඳව නැවතත් කතාබහක් පැමිණියේ මේගන් මාකල් කුමරිය සහ හැරී කුමරු විවාහ වන අවස්ථාවේදී මේගන් විසින් මෙම කිරුළ පැළඳ සිටීම නිසා.
3. දිල්ලි දර්බර් ටියාරාව (The Delhi Durbar Tiara)
මේ කිරුළද මේරි රැජින වෙනුවෙන් ගැරඩ් සමාගම විසින් නිෂ්පාදනය කර ඇත. 1911 වර්ෂයේ ඉන්දියාවේදී පස්වැනි ජෝර්ජ් රජු සහ මේරි රැජන ඉන්දියාවේ අධිරාජයා සහ අධිරාජයා ලෙස අභිෂේක ගැන්වීමේ උත්සවය සඳහා මේරි රැජන මේ කිරුළ භාවිතා කොට තිබෙනවා. වර්තමානයේ දී දෙවැනි එළිසබත් රැජින විසින් මෙම කිරුළ නිල අවස්ථා වෙනුවෙන් භාවිතා කිරීම සඳහා චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝනල් හී ආදිපාදවරිය වන කැමිලා කුමරිය වෙත ලබා දී තිබෙනවා.
4. ග්‍රෙවිල් ටියාරාව (The Greville Tiara)
වර්තමානයේ කැමිලා කුමරිය විසින් භාවිතා කරන ලබන මෙම කුඩා කිරුළ ආරම්භයේ දී බ්‍රිතාන්‍ය රජ පවුලට අයත්ව තිබී නැහැ. බ්‍රිතාන්‍යයේ ඉතා සුප්‍රකට සමාජ සේවිකාවක සහ වංශවත් පවුලකට අයත් තැනැත්තියක් වන මාග්‍රට් හෙලන් ග්‍රෙවිල් හට අයත්ව තිබූ කුඩා කිරුළ සහ ඇගේ සම්පූර්ණ ආභරණ එකතුව සිය අන්තිම කැමැත්ත මගින් දෙවන එළිසබත් රැජනගේ මවට පරිත්‍යාග කර තිබුණා. එලෙසයි මෙම කිරුළ බ්‍රිතාන්‍ය රජ පවුල සතු වන්නේ.
5. ක්‍රෙම්බ්‍රිජ් ලවර්ස් නොට් ටියාරාව (Cambridge Lover’s Knot Tiara)
පස්වැනි ජෝර්ජ් රජුගේ බිරිඳ වුණු මේරි බිසව සැලකෙන්නේ විවිධාකාර ආභරණවලට අතිශයින් ප්‍රිය කළ තැනැත්තියක් විදිහට. ඇය තමන්ගේ ඥාතිවරියක වන ජර්මානු රජ කුමරියක් වන හෙසේ කාසල්හී ඕගස්ටා කුමරිය සතුව තිබූ කුඩා කිරුළක් දැක ඒ ආකාරයටම කිරුළක් තමන්ට සකස් කර දෙන ලෙස ගැරට් සමාගම වෙත දැනුම් දෙනු ලැබුවා. දෙවන එළිසබත් රැජින විසින් මෙම කිරුළ තම ලේලිය වන ඩයනා කුමරියට ලබා දුන් අතර වර්තමානයේ දී මෙය කේට් කුමරිය රාජ්‍ය උත්සව සඳහා භාවිතා කරනු ලබනවා.
6. යෝක් ටියාරාව (The York Tiara)
1986 දී සිදු වූ යෝර්ක් හී ආදිපාදවරයා ඇන්ඩෘ කුමරුගේ සහ සාරා පර්ගියුසන් ආර්යාවගේ විවාහය සඳහා දෙවැනි එළිසබත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයාගෙන් ත්‍යාගයක් ලෙස මේ කිරුළ ලබාදී තිබෙනවා. මෙම කිරුළද නිපදවා ඇත්තේ ගැරඩ් සමාගම විසින්. ඇන්ඩෘ කුමරු සමග දික්කසාදයෙන් පසුව මේ කිරුළේ අයිතිය සාරා පර්ගියුසන් ආර්යාව වෙත පැවරුණු අතර ඇය විසින් එම කිරුළ ඇගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකුට ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
7. ප්‍රින්සස් ඇන්ඩෘස් මියැන්ඩර් ටියාරාව (Princess Andrew’s Meander Tiara)
මෙම කිරුළ දෙවැනි එළිසබත් රැජින විවාහ වන අවස්ථාවේ දී පිලිප් කුමරුගේ මව වන ඇලිස් කුමරිය විසින් ත්‍යාගයක් ලෙස ලබා දෙන ලද්දක්. එළිසබෙත් රැජන විසින් මෙම කිරුළ තම එකම දියණිය වන ඈන් කුමරිය විවාහ වන අවස්ථාවේදී ඇයට ලබාදුන් අතර පසුව ඈන් කුමරියගේ දියණිය වන සාරා විසින්ද තම විවාහ උත්සව අවස්ථාවේදී පළඳිනු ලැබුවා.
එහෙමනම් අපි ආරම්භයේ දී කිව්වා වගේම ඔබේ ප්‍රතිචාර මත මේ ආටිකල් සීරිස් එකේ ඊළඟ කොටස ලියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply