CV එකක් එහෙමත් නැත්තම් Curriculum Vitae එකක් කියල කියන්නෙ අපි සිංහලෙන් ජීව දත්ත අයදුම්පත කියල හඳුන්වන ලියවිල්ලට. හැබැයි ඔය CV කියන නමට හරිම සිංහල තේරුමක් නම් නැහැ. Curriculum Vitae කියන්නෙ ලතින් වචනයක්. ඉංග්‍රීසි තේරුම වෙන්නෙ “Course of Life” කියන එක. හැබැයි අපි හැමෝම රැකියාවකට අයදුම් කරන්න පාවිච්චි කරන්නෙ මේ CV එකක් කියල කිව්වට ඒක එහෙමම නැහැ. CV කියල කියන්නෙ තමන්ගෙ ජිවිතේ සිදුවුණ අධ්‍යාපන, වෘත්තීය සිදුවීම් වලට අදාළ සියලුම දේවල් අඩංගුවෙන දිග ලියවිල්ලක්. ඒ කිව්වේ CV එකක තමන්ගෙ පාසලේ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා විස්තර, ඒවගේ කරපු නිබන්ධන විස්තර, රැකියාවේ ලබපු විශේෂ ජයග්‍රහණ, ලියපු පත්තර ලිපි, පොත්පත් වගේ හුඟක් කරුණු ඇතුළත් වෙනවා. අපි පුරුද්දට CV කියල කිව්වට අද කාලෙ රැකියාවලට අයදුම් කරන්න ඉදිරිපත් කරන්න ඕන ලියවිල්ලට කියන නම තමයි Resume කියන්නෙ. මේ නමත් හුඟක් දෙනෙක් අහල ඇති. මේක ප්‍රංශ වචනයක්. තේරුම තමයි summary ඒ කියන්නෙ සාරාංශය කියන එක.
කොහොමහරි මේ කියන්න යන්නෙ අපි රැකියාවකට අයදුම් කරනකොට ඉදිරිපත් කරන CV එක හෝ Resume එක කියන මේ ලියවිල්ලෙ ඇතුළත් වෙන්න ඕන අනිවාර්‍ය ලක්ෂණ ගැනයි. මේ ලක්ෂණ වලට අනුව හැදුනු CV එකක්නම් තමයි ඒ රැකියා ප්‍රධානීන් අදාළ අයදුම් කරපු රැකියාවට ඔබව සලකා බලන්න වැඩි ඉඩකඩක් තියෙන්නෙ.
1. Template එක
කෙනෙක් දැක්ක ගමන් ඇහැ යන්නෙ CV Template එකට. ඉස්සර ඔහේ කොළයක විස්තර ටික ටයිප් කරල උඩින් Curriculam Vitae කියල ගහල දුන්නට දැන්නම් එහෙම බැහැ. හුඟක් අය දැකලත් ඇති අයදුම්කරුගේ පින්තූරෙකුත් එක්ක පෙනුමට තියෙන ලස්සන CV. ඒවට තමයි කියන්නෙ modern CV templates කියල. රැකියා වෙළඳපොලේ තියෙන තරඟයත් එක්ක නිකන්ම කොළයක ටයිප් කරපු අයදුම්පතකට වඩා මේවගේ ලස්සන template එකකට හදපු CV එකකට ලැබෙන අවස්ථා වැඩියි.
ඒ වගේම තමා ඒ CV template එකේම කොටසක් වන අකුරු, ඒ කිව්වෙ font එක. පැහැදිළි, professional font එකකින් ටයිප් කරලා, අත්‍යාවශ්‍ය කරුණු වැඩිපුර පේන විදිහට ටිකක් ලොකුවට දාල ලියනව වගේම CV එක පුරාවටම එකම font එක, ටයිප් කරන ඒවගෙ පෙළගැන්වුම ඒ කිව්වේ alignment එහෙමත් හරියට තියෙනවද කියල බලන්න ඕන.
2. නිවැරදි Grammar
මේක හුඟක්ම වැදගත් කාරණාවක්. CV එකක් හදල ඉවර වුණහම ඒකෙ ලියල තියෙන දේවල් වල ව්‍යාකරණ කොයිතරම් දුරට නිවැරදිද කියන එක දෙතුන් පාරක් හරි කියවල තහවුරු කරගන්න ඕන. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙකුට පෙන්නල හරි කමක් නැහැ. මොකද වැරදි grammar තියෙන CV එකක අයිතිකාරයෙක්ට තමන්ගෙ ආයතනයේ රැකියාවක් දෙන එක ගැන ඕනම ආයතන ප්‍රධානියෙක් පසුබට වෙනව කියන එක කියන්න ඕන නැහැනෙ. CV එකක් කියන්නෙ අයදුම් කරන ආයතනයට ඔබ ගැන ලබාදෙන first impression එක. ඒ කිව්වේ පළමු හැඟීම. ඒක හොඳ වෙන්නනම් ඉතින් වැරදි නැතිවෙන්නම ඕන.
3. Contact Details
CV එකක තමන්ගෙ contact details ඒ කිව්වෙ ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක වගේ තොරතුරු ඇතුළත් කරන්න ඕන කියන එක ඉතින් අලුතෙන් කියන්න දෙයක් නැහැනෙ. හැබැයි එහෙම අවශ්‍ය තොරතුරු නැතිකම නිසාම සම්බන්ධ කරගන්න විදිහක් නැතුව ප්‍රතික්ෂේප වෙන අයදුම්පත් ඕනතරම් තියෙනව. ඒ නිසා CV එක යවන්න කලින් හොඳට බලන්න දාල තියෙන ෆෝන් නම්බර්ස්, ඊ මේල් ඇඩ්රස් එහෙම හරියටම හරි නේද කියල.
ඒ වගේම තමයි ඔයාගෙ LinkedIn ගිණුමක්, වෙබ් ලිපිනයක් එහෙම තියෙනවනම් ඒවත් මේ Contact Details කියන කොටස යටතේ ඇතුළත් කරන්න. ඒව ලකුණු වැඩිවෙන්න හේතු වෙන්න පුළුවන්.
4. අදාළ සේවා අත්දැකීම්
සේවා අත්දැකීම් ඒ කිව්වෙ Work Experience ඇතුළත් කරනකොට පුළුවන් තරම් අයදුම් කරන රැකියාවට අදාළව ඔයාට තියෙන අත්දැකීම් එකතු කරන එක වැදගත්. ඒ වගේම තමයි ඒවා එකතු කරන අනුපිළිවෙළ. අත්දැකීම් ඇතුළත් කරන්න ඕන අන්තිම රැකියා ස්ථානයේ ඉඳල මුල්ම රැකියා ස්ථානයට වෙනකං අනුපිළිවෙළටයි. මොකද අවසාන experience එක තමයි අලුත් තනතුරට සලකා බලන්න වැඩියම වැදගත් වෙන්නෙ.
ඒ තනතුරට අදාළව තියෙන experience ලියනව වගේම තමයි ඒව සවිස්තරව ලියන එකත් හුඟක් වැදගත්. මේ වැඩේ හුඟක්ම ලේසියි රැකියා ඇබෑර්තුව තියෙන දැන්වීමෙ ඒ කිව්වෙ Vacancy Advertisement එකේ අලුතෙන් බඳවාගන්න තනතුරේ Job Description – JD එකත් දාලම තියෙනවනම්. එකට අනුව ඔයාට තියෙන සුදුසුකම් ගලපලම ලියන්න පුළුවන්.
5. වෘත්තීය සහ අධ්‍යාපන සුදුසුකම්
කලින් කියපු කාරණාව තරමටම වැදගත් අධ්‍යාපන සුදුසුකම් කියන එකත්. මේකත් work experience වගේම අග ඉඳන් මුල කියන පිළිවෙලට තමා ඇතුළත් කරන්න ඕන. වෘත්තීය සුදුසුකම් වෙනමත් අධ්‍යාපන සුදුසුකම් වෙනමත් ඇතුළත් කරන්නත් පුළුවන්. නැත්තම් දෙකම එකටම ලියන්නත් පුළුවන්. හැබැයි හැම වෙලාවෙම ඒ අයදුම් කරන රැකියාවට තමන්ට තියෙන ඉහළම සුදුසුකම ඉස්මතු වෙන විදිහට ලියන්න උත්සහ කරන්න.
6. ATS අනුකූල බව
ATS කියන්නෙ Application Tracking System කියන එක. මේක ලංකාවේ තාමත් එච්චරම ප්‍රසිද්ධ නොවුනට දියුණු රටවලනම් රැකියා අයදුම්පත් තෝරාගැනීම කරන්න ලොකුවටම පාවිච්චි කරන ක්‍රමයක්. ලංකාවෙත් දැන් මහා පරිමාණයේ ආයතන වල මේ ක්‍රමය පාවිච්චි කෙරෙනව. මේකෙදි වෙන්නෙ පරිගණකගත මෘදුකාංගයක් මඟින් ලැබෙන ඔක්කොම CV ස්කෑන් කරලා ආයතනයේ අවශ්‍යතාවයට ගැලපෙන සුදුසුකම් තියෙන CV ටිකක් තෝරගන්නව. මේක මිනිස් ඇහැකින් දැකල වෙන දෙයක් නෙමෙයි නිසා මේකෙන් පාස් වෙන්නනම් ඔයාගෙ CV එක ATS සිස්ටම් එකකට ගැලපෙන්න හදපු smart CV එකක් වෙන්න ඕන.
මේක පැහැදිළි කරන්න ගියොත්නම් ටිකක් ලොකූ මාතෘකාවක්. හැබැයි සරලව කිව්වොත් අලුත් නමුත් සරල template එකක්, අවශ්‍ය විස්තර හරියටම, සිස්ටම් එකට අහුවෙන key words වගේ දේවල් වලින් පුළුවන් මේ ATS එකෙන් CV එක පාස් කරන්න. CV හදලා දෙන ආයතන වලින් දෙන හුඟක් CV මේ ATS වලට අනුකූලයි.
7. File Format එක
ඔක්කොමත් කරලා CV එක යවනකොට මොන විදිහේ file එකක් විදිහටද යවන්නෙ කියන එකත් වැදගත්. CV එක හදපු විදිහටම word file එකක් විදිහට යවන්නත් පුළුවන්. ඒත් පාවිච්චි කරන word version එක, ඔයා යවන modern template එකේ තියෙන එක එක graphics, text box එක්ක යවන CV එක එහෙට යනකොට තනිකරම අවුල් ජාලයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳම විදිහ තමයි PDF ලියවිල්ලක් විදිහට CV එක යවන එක.
Leave a Reply