රූපවාහිනී තිරය ළඟම ඉඳන් රූපවාහිනී බලනකොට දෙමාපියන් ළමයින්ට “ඔය ටීවී එකෙන් ටිකක් ඈතට යන්න ළමයෝ නැත්තං ඇස් කණ වෙයි” කියලා බෙරිහන් දෙනවා. ඉස්සර කාලේ තිබුණ ටීවී වගේම දැන් තියෙන ලොකු ෆ්ලැට් ටීවී වුනත් ඇත්වෙලා බලන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. විශේෂයෙන් දරුවන්ට රූපවාහිනී බලන කාලය අඩු කිරීම වගේම රූපවාහිනිය නරඹන දුර මීටර පහ හයක්වත් ඈතින් තබාගන්නට ඕනි. මොකද දරුවන්ගේ වැඩෙමින් පවතින සංවේදී ඇස් මේ ඩිජිටල් තිර වලින් ඇතිවෙන බලපෑමට ඉක්මනින්ම ලක්වෙන්නට පුළුවන්. රූපවාහිනී විතරක් නෙමෙයි, ආලෝකය පතුරුවා අපිට රූප පෙන්වන ලැප්ටොප්, මොනිටර්, ෆෝන්, ටැබ්ලට් රීඩර් ආදී ගොඩක් ඩිජිටල් තිර දරුවන් වැඩිවෙලා පාවිච්චි කිරීම ඔවුන්ගේ ඇස්වලට නරකට බලපාන්න ඉඩ තියෙනවා.
1. ඉතින් මොකද වෙන්නේ ?
කෙලින්ම ඇස් වලට මේ ඩිජිටල් තිර වලින් එන අහිතකර ආලෝකය බලපාන්න පුළුවන්. අනෙක් අතින් මේ ඩිජිටල් තිර කියන්නේ දිවා ආලෝකය කියලා අපේ මනස වරදවා වටහා ගන්නවා. ඒ නිසා රාත්‍රී කාලේ වැඩිපුර ඩිජිටල් තිර භාවිතය ස්ලීප් සයිකල් එක හෙවත් අපි නිදාගන්න චක්‍රය අවුල් කරන්න හේතු වෙනවා. ඒ වගේම ඇස් කියන්නේ හිසේ අනෙක් පද්ධති වලටත් කෙලින්ම බලපාන දෙයක්. ඒ නිසා ඇස්වල අවුල් හිසේ කැක්කුම සහ වෙනත් දුබලතා ඇතිවෙන්නත් හේතු වෙනවා. මේ ඩිජිටල් ස්ක්‍රීන් සමග වැඩිවෙලාවක් ඉන්න එක කෙලින්ම ඇස් වලට වගේම අපේ මානසික සෞඛ්‍යයටත් අහිතකර විදිහට බලපානවා.
2. 20-20-20
ඩිජිටල් තිර පාවිච්චි කරන අය විනාඩි විස්සකට වතාවක් මීටර 20ක් ඈතින් තියෙන දෙයක් දිහා තත්පර විස්සක් බලා ඉන්නට ඕනි. මේක කාර්යාලයකදි ටිකක් අමාරු වැඩක්. ඒත් ගෙදරදි පරිගණකයක ෆෝන් එක්ක ඉන්නවා නම් ටිකක් එළිමහනට බැහැලා දවාලේ එළියේ වැඩ කරන්න පුරුදු වෙන්න ඕනි. ඉන් පස්සේ විනාඩි විස්සකට වතාවක් මේ ආකාරේ ඇස් වලට විවේකයක් ලබා දීම ප්‍රායෝගිකව කරන්නට පුළුවන්. ඒ වගේම හැකිතාක් රාත්‍රී කාලයේ දි ඩිජිටල් ස්ක්‍රීන් පාවිච්චිය අඩු කරන එක යෝග්‍යයි. පාවිච්චි කරන්නටම උවමනා නම් නිවසේ සාමාන්‍ය ලයිට් එළිය යටතේ පාවිච්චි කරන එක තමයි සුදුසු වෙන්නේ.
3. වැඩ කරන ඉරියව්ව
ලැප්ටොප් එකක් වුනත් මීටරයක් දෙකක් ඈතින් තියාගෙන වැඩ කරන්න පුළුවන් අපිට අමතර කී බෝඩ් එකක් පාවිච්චි කළොත්. දුර වැඩි වෙනවාත් එක්ක ඇස් වලට වෙන හානිය ටිකක් අඩු වෙනවා. වාඩි වෙද්දි ඇස් උඩ සීමාව පරිගණක තිරයේ ඉහළ සීමාව වන පරිදි තියාගන්නට ඕනි. චිත්‍රපට නැරඹීම වැනි දෙයක් ෆෝන් එකකින් හෝ ලැප්ටොප් එකෙන් කරනවා නම් එතැනදී වඩාත් දුරස්ව ඒවා නැරඹීම යෝග්‍ය වෙනවා. ටීවී එක එල් ඊ ඩී වුනත් ටීවී එකෙන් ඈත් වෙලා ටීවී බැලීමට හුරු වීම ඇස් වලට හොඳයි. ඩිජිටල් තිර පාවිච්චියේදී අපි ඩිජිටල් තිරය අපේ ඇස්වලට ඉහළින් තබාගත්තොත් ඇස් ඇරෙන ප්‍රමාණය වැඩියි. ඒ තුළින් ඇසට ආලෝකය වැඩිපුර එනවා. එය ඇසේ සෞඛ්‍යයට හිතකර නැහැ.
4. ඇස් පරීක්ෂා කරගැනීම සහ කණ්ණාඩි
ඩිජිටල් තිර වලින් නිකුත් වන නිල්පැහැති ආලෝකයේ කොටසක් ඇස් වලට බොහොම නරක විදිහට බලපානවා. මේ නිල්පාට ආලෝකය ෆිල්ටර් කරන්න ස්ක්‍රීන් එකට උඩින් පාවිච්චි කරන වීදුරු සහ ආස්තර තියෙනවා. ඒ වගේම මූලික වශයෙන් මේ නිල් පැහැති ආලෝකය ඇසට ඇතුළුවීම වළක්වන්න ඩිජිටල් තිර නැරඹීමට පරිගණක පාවිච්චිය වෙනුවෙන්ම තැනූ විශේෂ ඇස් කණ්ණාඩි තිබෙනවා. දිනකට පැය කිහිපයක් ඩිජිටල් තිර එක්ක ඔට්ටු වෙනවා නම් වසරකට වතාවක් හොඳ දෘෂ්ඨි පරීක්ෂාවක් කරගන්නට ඕනි. ඒ වගේම ඇස්වලට යම් වේදනාවක් සහ ඇස්වල යම් අවුලක් තියෙනවා නම් වෛද්‍ය නිර්දේශ ඇතිව ඩිජිටල් ස්ක්‍රීන් සඳහා පාවිච්චියට සැකසූ ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්නට ඔයාලට පුළුවන්.
5. ඇස් වල සෞඛ්‍යය වෙනුවෙන් නවීන තාක්ෂණය
ඇස් වලට ඩිජිටල් ස්ක්‍රීන් ආකාර කිහිපයකින්ම බලපානවා. නිල් පාට ආලෝකයේ අහිතකර කොටස් පෙරාහරින ස්ක්‍රීන් වර්ග දැන් මොනිටර් වලට එනවා. ඒසුස්, විව්සොනික්, එච් පී ආදි මොනිටර් නිෂ්පාදකයින් ගණනාවක් ඇස් වලට වඩාත් සුදුසු මොනිටර නිපදවලා තියෙනවා. ඒ වගේම ලැප්ටොප් සහ ෆෝන් ආදිය මිලදී ගනිද්දි ඇස් වල සෞඛ්‍යය ගැන විශේෂයෙන් සලකා බලලා තියෙනවාද කියලා සොයා බලන්නත් පුළුවන්. වන් ප්ලස් ෆෝන් එකේ නවීන මාදිලිවල ඇස් ගැන විශේෂයෙන් හිතලා ෆෝන් එකෙන් කරන කියවීම් කටයුතු වලට පහසු විදිහට සෙටින්ස් හදලා තියෙනවා. සාමාන්‍ය ආලෝකයේදී ඩිජිටල් තිර පාවිච්චි කරද්දි අපි පාවිච්චි කරන බැක්ග්‍රවුන්ඩ් එකට හරියන්න බ්‍රයිට්නස් අඩුකරගන්න එක හොඳයි. ඒ වගේම ටෙක්ස්ට් වැඩිපුර කියවනවා නම් ඇසට පේන විදිහට ඇවැසි පමණට ඒ අකුරු ලොකු කරගන්න එකත් හොඳ පුරුද්දක්.
6. තිර භාවිතා කරන පැය ගණන අඩු කිරීම
රාජකාරිමය වශයෙන් යමෙක් ග්‍රැෆික් ඩිසයින්, ටයිප් සෙටින්ස් වගේ දෙයක් කරනවා නම් ඩිජිටල් තිරය ඉදිරිපිට ඉන්න කාලය අඩුකරගන්න එක රාජකාරියෙදි කරන්න අමාරුයි. ඒත් ඔෆිස් එකේ ස්ක්‍රීන් එකේ ඔලුව ඔබාගෙන ඉඳලා මගදිත් ෆෝන් එක පාවිච්චි කරලා ගෙදර ඇවිල්ලත් ටීවී එක බලනවා නම් ඒවායෙදි අපි ඩිජිටල් ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්න කාලය අපිටම අඩු කරගන්න පුළුවන්. ෆෝන් පාවිච්චිය අඩු කිරීම, රූපවාහිනී නැරඹීම, ලැප්ටොප් හරහා චිත්‍රපටි, ටෙලි සීරීස් නැරඹීම අඩු කිරීම අපිට කරන්න පුළුවන් දේවල්. එන්ටර්ටේන්මන්ට් කියන දේ අපිට ඩිජිටල් ස්ක්‍රීන් වලින් වගේම පැරණි ක්‍රම වලටත් ලබාගන්නට පුළුවන්. ගෙදර අය සමග විනෝද ක්‍රීඩා කිරීම, පොත් පත් කියවීම, ගෙදර දොරේ වත්තේ පිටියේ වැඩක් කිරීම වැනි දේට වෙනදාට වඩා වැඩි කාලයක් දුන්නොත් අපිට ඒ තුළින් ස්ක්‍රීන් තුළ ඇස් තියෙන වෙලාව අඩු කරගන්නට පුළුවන්.
7. ඇස්වලට හොඳ තවත් පුරුදු
ඩිජිටල් ස්ක්‍රීන් පාවිච්චියේදී අවට වෙනත් ආලෝකයක් තිබීම අත්‍යාවශ්‍ය කරුණක්. අපි හෝල් එකකදි ෆිල්ම් බලන්නේ බොහෝවිට කළුවරේ. ඒත් ගෙදර ටීවී එකෙන් හෝ ලැප්ටොප් එකෙන් ෆිල්ම් බලනවිට යම් ආලෝකයක් යටතේ ෆිල්ම් බලන්නට ඕනි. ඇස් වියළි වීම නිසා ඇස් වේදනාව ඇති වෙනවා නම් ඒ ඇස් වලට පාවිච්චි කරන්නට කෘත්‍රිම කඳුළු තියෙනවා. ඒ මගින් ඇස් වියළි වීම වළකා ඉක්මනින්ම තෙත් කරනවා. ඇස් ස්ක්‍රීන් වල තියෙද්දි සාමාන්‍යයෙන් ඇහිපිය ගැහෙනවා අඩුයි. ඒ නිසා ස්ක්‍රීන් වල ඉන්න වෙලාවට හිතලා හෝ ඇසිපිය ගහන්න හුරුවෙන්නට ඕනි. අපි ඉන්න කාමරේ වාතය අවුල් නම්, දූවිලි සහිත නම් ඒකත් අපේ ඇස්වලට නරකට බලපානවා. ඔයා සාමාන්‍යයෙන් ඩස්ටි විදිහෙ කාමරේක ඉන්න හුරු වුණු කෙනෙක් වුනත් ඇස් ගැන හිතලා හරි ටිකක් දූවිල්ල අඩුවෙන් කාමරේ තියාගන්න එක වටිනවා.
ඇස් වල වටිනාකම ආයේ අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඇස් වලට ස්ක්‍රීන් නිසා සිදුවන ඇතැම් හානි වලින් ඇස් වල සදාකාලික දුබලතා එහෙමත් ඇතිවෙන්නට ඉඩක් තියෙනවා. ඒ වගේම ඇස් වලට යම් හානි සිදුවුනාට පස්සේ කෙතරම් අත්‍යාවශ්‍ය වුනත් අපිට ඇස් ස්ක්‍රීන් වලින් ඈත් කරගන්නත් සිද්ද වෙනවා. ඒ නිසා අපිට ටිකක් අමාරු වුණත් ඇස් ගැන හිතලා අමාරුවෙන් හරි අපේ නරක පුරුදු වෙනස් කරගන්න ඕනි. එතකොට අපේ ඇස් වල සෞඛ්‍ය දිගු කාලයක් ආරක්ෂා කරගන්නට හැකි වේවි.
Leave a Reply