ආන්දෝලනාත්මක ලිංගික ජවනිකා රඟපෑ ලාංකික නිළියෝ – 2 කොටස

මීට මාස කීපයකට කලින් මේ මාතෘකාව යටතේ පළවෙනි ආටිකල් එක අපි ඔබ වෙතට ගෙනාවා. අපි අද ඔබත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආටිකල් එකේම දෙවැනි කොටස.

​ආන්දෝලනාත්මක ලිංගික ජවනිකා රඟ පෑ ලාංකික නිළියෝ – 1 කොටස මෙතනින් කියවන්න!

 

1. පියුමි සමරවීර

අවාසනාවකට වගේ පියුමි සමරවීරට රඟපාන්න ලැබුණේ එකම එක චිත්‍රපටයකට විතරයි. නමුත් ඒ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම උසාවි නියෝගයක් මගින් තහනමට ලක් වුණා. මේ චිත්‍රපටිය තමයි අශෝක හඳගම නිර්මාණය කරපු “අක්ෂරය” චිත්‍රපටය. මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන දැඩි ලෙස ආන්දෝලනයට ලක්වුණා. උදාහරණයක් විදිහට පියුමි සමරවීර තමන්ගේ පුතා විදිහට රඟපාන  ළමා නළුවත් එක්ක නිරුවතින් බාත් ටබ් එකක් තුළ සිදු කළ රඟපෑම. මේ දර්ශනය ළමා අපචාරයක් විදිහට ඇතැම් අය හඳුන්වන්න කටයුතු කළා.

 

2. චමත්කා ලක්මිණි 

“හුස්ම” චිත්‍රපටය ගැන කියද්දී ඒ චිත්‍රපටය නොබලපු අයට වුණත් එක්තරා දර්ශනයක් ඔලුවේ මැවෙන්න පටන් ගන්නවා. චමත්කා ලක්මිණි නිර්භීතව රංගනයෙන් දායකත්වය ලබා දුන් එම කුඩා කොටස  අන්තර්ජාලයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. ඒ දර්ශනයට අමතරව දර්ශන වාර කීපයකදීම ඇය තිරය ඉදිරියේ නිරුවත් වෙනවා. මීට පෙර ඇය විසින් “සරුංගල්” නම් චිත්‍රපටයක් සඳහා රංගන දායකත්වය ලබා දීලා තිබ්බා. කෙසේ වෙතත් නවක ශිල්පිනියක් විදිහට ඇය බාර ගත් අභියෝගය සහ එම චරිතය වෙනුවෙන් සිදුකරන ලද කැපවීම ප්‍රේක්ෂකයන් විදියට අපි අගය කළ යුතුයි.

 

3. ක්‍රිස්ටිනා බ්‍රිටෝ

සයිමන් නවගත්තේගම මහත්මයාගේ නිර්මාණයක් ඇසුරින් ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ “සංසාරයේ දඩයක්කාරයා” චිත්‍රපටය තුළ ගෝමරීගේ චරිතය නිරූපණය කළේ ක්‍රිස්ටිනා බ්‍රිටෝ විසින්. ඇය ඒ චිත්‍රපටය තුළ කිසිදු තැතිගැන්මකින් තොරව තමන්ගේ සිරුර ප්‍රේක්ෂකයා ඉදිරියේ නිරාවරණය කරනවා. මේ චරිතයේ තිබුණු ආන්දෝලනාත්මක ස්වභාවය නිසාම ප්‍රසන්න ජයකොඩිට තමන් බලාපොරොත්තු වෙන ගෝමරී හොයාගන්න සුවිශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. නමුත් ක්‍රිස්ටිනා ඔහුට වගේම ලංකාවේ සමස්ථ ප්‍රේක්ෂකයන්ටත් සාධාරණයක් ඉෂ්ට කරනවා.

 

4. රිතිකා කොඩිතුවක්කු

අශෝක හඳගමගේ තවත් නිර්මාණයක් වුණු “ඇගේ ඇස අග” චිත්‍රපටයේ රිතිකා කොඩිතුවක්කු ආන්දෝලනාත්මක දර්ශන කීපයකටම තමන්ගේ දායකත්වය ලබා දුන්නා. නමුත් ඇය පසුව ප්‍රකාශ කළේ ඒ  රිතිකා කොඩිතුවක්කු නොව චිත්‍රපටයේ චරිතය පමණක් බවයි. කෙසේ වෙතත් ඇය පෙනී සිටියේ සම්මුඛ සාකච්ඡාවලින් පැහැදිළි වෙන දේ තමයි ඇය රංගන ජීවිතය පිළිබඳව ඉතා ස්වාධීන ආකාරයෙන් සිතන නිර්භීත තැනැත්තියක් බව. මේ නිසාම හැඟී යන ආකාරයට ඇය පෙනී සිටි දර්ශන ඇයට කිසිසේත්ම අභියෝගයක් බවට පත් වී නැහැ

 

5. අනූෂා සොනාලි 

අනුෂා සොනාලිව අපිට මුලින්ම මුණගැහෙන්නේ “ගැහැනු ළමයි” ටෙලි නාට්‍යයේ. ඉතා සුන්දර තරුණියක් වුණු ඇය ඉන් පසුව ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑමෙන් දායක වෙනවා. ඒ අතර “විසිදැල” චිත්‍රපටය සඳහා දායක වීම ඇගේ රංගන ජීවිතයේ එක සන්ධිස්ථානයක්. එච්. ඩී. ප්‍රේමරත්න විසින් නිර්මාණය කරපු චිත්‍රපටයක් වුණ මේ චිත්‍රපටයේ එකම එක අඩ නිරුවත් දර්ශනයක් ඇතුළත් වෙනවා. ඒ තප්පර ගණනාවකට අනූෂා සොනාලිගේ නිරුවත් උඩු කය ප්‍රේක්ෂකයාට දර්ශනය වීම. කෙසේ වෙතත් පසු කලෙක ඇය මේ නිර්මාණය ගැන එතරම් සුබවාදීව කතා කරන්නේ නැහැ.

 

6. සුලෝචනා වීරසිංහ 

සුලෝචනා මේ දවස්වල “තණමල්විල කොල්ලෙක්” නිසා වගේම මීට වසරකට පමණ වගේ ඉහතදී ප්‍රදර්ශනය වුණ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය සිදුකරපු විශිෂ්ට රඟපෑම නිසා ප්‍රේක්ෂකයන්ගේ වගේම විචාරකයන්ගේ කතාබහට ලක් වුණා. නමුත් මීට වසර දෙකකට පමණ පෙර විකාශනය වුණ “නිකිනි වැස්ස” චිත්‍රපටයේ සහ “සුළඟ ගිනි අරන්” චිත්‍රපටියේ ඇය ආන්දෝලනාත්මක දර්ශන කීපයකටම නොබියව තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තිබුණා. නමුත් එම චිත්‍රපටිවල ඇගේ රඟපෑම් වගේම එම ආන්දෝලනාත්මක දර්ශන පිළිබඳව ප්‍රේක්ෂකයන් තුළ විශාල කතාබහක් ඇති නොවෙන්න එක හේතුවක් වුණේ ඒ චිත්‍රපටිවල අතුරු චරිතවලට ඇය පෙනී සිටීමයි.

 

7. සුරංගා රණවක 

සුරංගා රණවක ගැන අපේ රටේ ප්‍රේක්ෂකයො කතා කරන්න පටන් ගත්තේ ප්‍රධාන වශයෙන් චිත්‍රපටි තුනක් නිසා. පළවෙනි චිත්‍රපටය තමයි “ප්‍රේමය නම්.” නමුත් ප්‍රේමය නම් වලට පස්සේ විකාශය වුණු “සුළඟ ගිනි අරන්” චිත්‍රපටයට ඇය රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙන්නේ ප්‍රේමය නම් චිත්‍රපටයටත් කලින්. මේ චිත්‍රපටියේ ආන්දෝලනාත්මක දර්ශනය කිහිපයක් ඇතුළත් වුණා. එම චිත්‍රපටය තිරගත වන අවස්ථාවේදී ඇය හා විවාහ වී දරුවන් ලැබ සිටි නිසා විමුක්ති ජයසුන්දර එම දර්ශන ඉවත් කිරීමට පවා සුරංගා ගෙන් විමසා සිටියා. නමුත් සුරංගා එය කිසිසේත්ම අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම සුරංගා “අලිමංකඩ” චිත්‍රපටයේත් කෙටි අඩ නිරුවත් දර්ශනයකට පෙනී සිටියා.

 

එහෙමනම් ඉතිං  වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *