ඩෙසර්ට් එකට කේක් හදමුද? රසම රස ඩෙසර්ට් කේක් රෙසිපි 7ක් මෙන්න

තේ වෙලාවට ස්වීට් ස්නැක් එකක් විදියට කන කේක් එක ඩෙසර්ට් එහෙකටත් අපිට පිළිගන්වන්න පුළුවන්. කේක් ලෝකයේ ගැටෝ, චීස් කේක් වගේ කේක් වර්ගත් එන්නෙ ඩෙසර්ට් කේක් ගණයට. මේ අරන් ආවෙ වෙනස්ම කේක් රෙසිපි හතක්. හදලම බලන්නකො රස. 

 

1. ඩැල්ගෝනා කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ක්ෂණික කෝපි තේ හැඳි 1
  2. වතුර තේ හැඳි
  3. සීනි තේ හැඳි 1
  4. උණු කිරි කෝප්ප  1/4
  5. බිත්තර කහමද 2
  6. බිත්තර සුදුමද 2
  7. වැනිලා තේ හැඳි 1/2
  8. පාන්පිටි කෝප්ප 1/2
  9. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  10. බේකින් සෝඩා තේ හැඳි 1/4
  11. චොක්ලට් පව්ඩර් තේ හැඳි 1
  12. ලුණු පින්ච් එකක්
  13. ග්‍රයින්ඩ් කරගත් සීනි කෝප්ප 1/2

 

කොෆී ක්‍රීම් එක සඳහා

 

  1. ක්ෂණික කෝපි මේස හැඳි 1
  2. සීනි මේස හැඳි 2
  3. උණු වතුර මේස හැඳි 2
  4. කිරි කෝප්ප 1/2
  5. සීනි තේ හැඳි 2
  6. විපින් ක්‍රීම් මේස හැඳි 6
  7. කුඩු කරගත් සීනි මේස හැඳි 3
  8. වැනිලා තේ හැඳි 1/2

 

  • මුලින් කේක් එක හදමු… බෝල් එකක් අරගෙන ඒකට කෝපි, වතුර, සීනි දමා හොඳින් කලවම් කරගෙන ක්‍රීම් වෙනකල් බීට් කරන්න. ඉන්පසු කිරි ටික, බිත්තර කහමද ටික දාගන්න. වැනිලා එකතු කරගන්න. හොඳට විස්ක් කරගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර්, බේකින් සෝඩා, චොක්ලට් පව්ඩර් එකතු කරලා තුන් පාරක් හලාගන්න. මේක බීට් කරපු බැටර් එකට එකතු කරලා විස්ක් කරගන්න.
  • බිත්තර සුදුමද වලට ලුණු පින්ච් එකක් දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. මේකට කුඩු කරගත් සීනි ටික ටික ඇඩ් කරලා බීට් කරගන්න.
  • කේක් බැටර් එකට බීට් කරගත් බිත්තර සුදු ම​ද ටික ටික එකතු කරල පත්තකින් පෙරලගන්න.
  • ඔයිල් පේපර්ස් දාපු ට්‍රේ එකකට බැටර් එක දාලා 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.
  • කොෆි ක්‍රීම් එක හදන්න ක්ෂණික කෝපි වලට සීනී තේ හැඳි 2, වතුර එකතු කරලා හයි ස්පීඩ් බීට් කරන්න. ස්ටිෆ් වෙනකල් බීට් කරන්න. 
  • දැන් මේ කොෆී ක්‍රීම් එකෙන් මේස හැඳි 2ක් විතරක් වෙනම කිරි කෝප්ප 1/2කට දාලා සීනි මේස හැඳි 2 දාලා දිය කරලා කොෆි මිල්ක් එක හදාගෙ​න වෙනම තියාගන්න.
  • විපින් ක්‍රීම් වලට කුඩු කරගත් සීනි ටික එකතු කරලා බීට් කරන්න. ටිකකින් වැනිලා දාගන්න. ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. දැන් මේකට මුලින් හදපු කොෆී ක්‍රීම් මේස හැඳි 2ක් දාගන්න. පත්තකින් හොඳට කලවම් කරගන්න.
  • බේක් කරගත් කේක් එක හොඳින් නිවුනම හදාගත් කොෆි මිල්ක් එකෙන් කේක් එක පොඟවගන්න. දැන් හදාගත් විප් ක්‍රීම් එක උඩින් ලේයර් කරගන්න.

 

 

2. ජැපනීස් කොට්න් ස්පොන්ජ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. එළවළු තෙල් 50ml
  2. කිරි 80ml
  3. බිත්තර කහමද 5
  4. බිත්තර සුදුමද 5
  5. පාන්පිටි ග්‍රැම් 80 
  6. සීනි ග්‍රෑම් 80
  7. ලුණු පින්ච් එකක්

 

  • මුලින්ම තෙල් ටික පොඩ්ඩක් රත් කරගෙන බෝල් එකකට දාගන්න. පාන්පිටි ටික හලලා මේකට එකතු කරන්න. පත්තකින් හොඳට කලවම් කරගන්න. දැන් මේකට කිරි ටික එකතු කරලා කලවම් කරගන්න. 
  • බිත්තර කහමද එකින් එක එකතු කරමින් කලවම් කරන්න.
  • බිත්තර සුදුමද ටික වෙ​නම බෝල් එහෙක බීට් කරගන්න. මේකට ලුණු හා සීනි ටික ටික එකතු කරමින් හිම වගේ වෙනකල් බීට් කරගන්න. බීට් කරගත් සුදුමද කේක් මිශ්‍රණයට එකතු කරලා පත්තකින් කලවම් කරන්න.
  • දැන් ටිකක් උස කේක් ට්‍රේ අරගෙන ඒකට ඔයිල් පේපර්ස් දාලා බටර් ටිකකුත් ගාලා කේක් බැටර් එක දාගන්න.
  • ඒ ට්‍රේ එකට වඩා ලොකු කේක් ට්‍රේ එකකට වතුර පුරවලා කේක් මිශ්‍රණ​ය දාගත්ත ට්‍රේ එක ඒක ඇතුලෙන් තියලා ප්‍රී හීට් කරපු අවන් එකට දාගන්න. සෙල්සියස් 180°ට විනාඩි 50ක් වගේ බේක් කරගන්න

 

3. Tres leches cake

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර කහමද 5
  2. බිත්තර සුදුමද 5
  3. සීනි ග්‍රෑම් 150
  4. කිරි 75ml
  5. වැනිලා තේ හැඳි 1
  6. පාන්පිටි ග්‍රෑම් 180
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
  8. ලුණු පින්ච් එකක්
  9. සීනි ග්‍රෑම් 50

 

ෆ්‍රෝස්ටින් එකට

 

  1. කිරි කෝප්ප 1/2
  2. හෙවික්‍රීම් 200g
  3. මිල්ක්මේඩ් 390ml පොඩි ටින් එකෙන් 1/2
  4. ඩබල් ක්‍රීම් 250ml
  5. වැනිලා තේ හැඳි 1
  6. අයිසින් ෂුගර් මේස හැඳි 3

 

  • බිත්තර කහමද වලට සීනි වලින් බාගයක් එකතු කරලා විනාඩි 7ක් විතර හොඳට බීට් කරගන්න. ඊලඟට කිරි එකතු කරගන්න. වැනිලා දාලා විස්ක් කරගන්න.
  • බෝල් එකකට පාන්පිටි, බේකින් පව්ඩර්, ලුණු එකතු කරගන්න. මේ ටික හලාගෙන කේක් මිශ්‍රණයට දාල හොඳට කලවම් කරගන්න.
  • බිත්තර සුදුමද ටික ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. මේකට ඉතුරු සීනි ටික ටික එකතු කරන ගමන් බීට් කරගන්න.
  • ස්ටිෆ් උනාම මේක කේක් මිශ්‍රණයට එකතු කරන්න. පත්තකින් කලවම් කරගන්න.
  • දැන් මේ කේක් මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාලා විනාඩි 30ක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.

 

ෆ්‍රෝස්ටින් එක සාදාගැනීම

 

  • බෝල් එකකට කිරි ටික දාලා ඒකට හෙවි ක්‍රීම්, මිල්ක්මේඩ් එකත් දාගන්න. හොඳට කලවම් කරලා බේක් කරගත් කේක් එක උඩට හැන්දකින් මේ ලික්විඩ් එක කේක් එක වැහෙන ප්‍රමාණට වක්කරගන්න.
  • දැන් මේක රැයක් ෆ්‍රිජ් එකේ දාගන්න. ඩබල් ක්‍රීම් වලට වැනිලා හා අයිසින් ෂුගර් එකතු කරලා හොඳට විස්ක් කරගන්න. මේ ෆ්‍රෝස්ටින් එක කේක් එකේ ගාලා කැමති විදියට සරසගන්න.

 

4. Taiwanese Castella Cake

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පිටි ග්‍රෑම් 100
  2. සීනි ග්‍රෑම් 100
  3. බිත්තර සුදුමද 6
  4. බිත්තර කහමද 6
  5. බටර් ග්‍රෑම් 100
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1
  7. වැනිලා තේ හැඳි 1
  8. කිරි 100ml

 

  • බිත්තර සුදුමද වලට සීනි ටික ටික එකතු කරමින් ස්ටිෆ් වෙනකල් බීට් කරන්න.
  • පිටි වලට බේකින් පව්ඩර් එකතු කරලා හලාගන්න.
  • කිරි වලට බටර් ටික දාලා රත් කරගන්න. බටර් දියවුනාම ලිප ඕෆ් කරගන්න.
  • පාන්පිටි වලට බටර් දාපු කිරි ටික එකතු කරලා විස්ක් කරගන්න. ඒකට බිත්තර කහමද එකින් එක එකතුකරලා කලවම් කරලා වැනිලා දාගන්න. 
  • දැන් මේකට බීට් කරපු බිත්තර සුදුමද ටික කලවම් කරගන්න. 
  • බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර්ස් දාලා බැටර් එක දාලා, වතුර දාපු ට්‍රේ එකක තියලා විනාඩි 40-50 ක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.

 

5. Banana cake

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි ග්‍රෑම් 200
  2. පොඩි කරගත් කෙසෙල් පල්ප් ග්‍රෑම් 250
  3. සීනි ග්‍රෑම් 150
  4. ලුණු පින්ච් එකක්
  5. බේකින් සෝඩා තේ හැඳි 1/2
  6. බිත්තර 3
  7. බටර් ග්‍රෑම් 70
  8. කිරි කෝප්ප 1/4

 

  • පාන්පිටි වලට බේකින් සෝඩා, ලුණු දාලා හලාගන්න. 
  • කෙසෙල් පල්ප් එකට බිත්තර හා සීනි එකතු කරලා බීට් කරගන්න. මේකට බටර් ටික දියකරලා දාගන්න. වැනිලා ටික දාගන්න.
  • කලවම් කරන ගමන් පිටි ටික එකතු කරන්න. හොඳට කලවම් කරලා බටර් ගාගත් උස තැටියකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30- 40ක් බේක් කරගන්න.

 

6. Milkmaid cake

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. මිල්ක්මේඩ් 390 ml ටින් 1
  3. බටර් මේස හැඳි 4
  4. බිත්තර 2
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  6. කිරි කෝප්ප 1/4
  7. වැනිලා තේ හැඳි 1

 

  • බටර්, මිල්ක්මේඩ් හා බිත්තර එකතු කරලා බීට් කරගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් එකතු කරලා හලාගෙන මේකට එකතු කරගන්න. හොඳට කලවම් කරලා කිරි ටිකත් දාලා බීට් කරන්න.
  • අන්තිමට වැනිලා එකතු කරගන්න.
  • බටර් ගාපු ට්‍රේ එකකට බැටර් එක දාලා සෙල්සියස් 180°ට විනාඩි 30-35ක් බේක් කරගන්න.

 

 

7. Eggless Rava cake

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං කෝප්ප  1
  2. සීනි කෝප්ප 1/2
  3. බේකින් සෝඩා තේ හැඳි 1/2
  4. බේකින් පව්ඩර් තේ හැඳි 1
  5. ලුණු පින්ච් එකක්
  6. එළවළු තෙල් මේස හැඳි 5
  7. කිරි කෝප්ප 1/2
  8. වැනිලා තේ හැඳි 1
  9. මීකිරි කෝප්ප 1/2

 

  • රුලං හා සීනි මිශ්‍ර කරගන්න. මේකට බේකින් සෝඩා, බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරගන්න.
  • ඊලඟට තෙල් ටික දාගන්න. කිරි සහ වැනිලා දාගන්න. කලවම් කරලා විනාඩි 30ක් වහලා තියන්න.
  • දැන් මීකිරි ටික එකතු කරගෙන කලවම් කරලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 200°ට විනාඩි 30ක් බේක් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *