මහත වුනත් ස්මාට් ලුක් එකට ඉන්න ආස කොල්ලෙක්ට ගැලපෙන ස්ටයිල් ටිප්ස් කීපයක්!

මිනිස්සු ගත්තහම එක එක විදියේ, එක එක සයිස් එකෙන් ඉන්නවනෙ බ්‍රෝ. හැබැයි ඒ මොන සයිස් වුනත් කවුරුත් කැමතියි ලස්සනට ඇඳලා, පැළඳලා, ස්මාට් ලුක් එකට ඉන්න. හැබැයි ඉතින් පොඩ්ඩක් ඔය ප්ලස් සයිස් එකෙන් එහා පැත්තට ගිය බ්‍රෝ ලට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි, හරියටම හරියන විදියට මොනවද කරන්න පුළුවන් ෆැෂන් කියන එක. ඒ වගේම තමයි, පොඩ්ඩක් සයිස් එකෙන් වැඩි කොල්ලන්ට ඇඳුම් ගන්න කඩ හොයන එකත් එක විදියක ගේමක්. අනික මොකක් හරි කඩේක ප්ලස් සයිස් එකට ඇඳුම් තිබ්බත්, එහෙම ලොකු ෆැෂන් හොයන්න නෑ. ඒකට ඉතින් ඔය ඩබල් එක්ස් එල් වගේ ප්ලස් ඩයල් වලටම විතරක් ඇඳුම් විකුණන තැනකට යන්න ඕන. හරි, යන්න ඕන තැනුත් පැත්තකින් තියමුකෝ. ගොඩක් ප්ලස් සයිස් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ස්මාට් ලුක් එකක් එන විදියට ෆැෂන් කරන්නේ කොහොමද කියන එක. ආන්න ඒ නිසා ලොකු සයිස් වුනත්, ලස්සනට ස්මාට් ලුක් එකක් එන විදියට අඳින්න පළඳින්න ෆැෂන් ටිප්ස් ටිකක් දෙන්න තමයි අපේ සූදානම.

 

1. ටේලර් මේඩ්

අපි හැමෝටම ජීවිතේ එකම දවසක හරි ටේලර් කෙනෙක්ගෙන් මහගත්තු ඇඳුම් අඳින්න වෙනවා. හැබැයි මහත දෙහත මනුස්සයෙක් තමන්ගේ ටේලර්ව තෝරගන්නකොට පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද, මහත මනුස්සයෙක්ගේ මහත නොපෙනෙන විදියට ඇඳුමක් මහන්න ආධුනික ටේලර්වරයෙක්ට බැහැ. ආන්න ඒ වෙලාවට ෂුවර්, එක්ස්පීරියන්ස් තියෙන ටේලර් කෙනෙක් ගාවට යන්න වෙනවා.

 

2. කොට කරන්න පුතා

සාමාන්‍යයෙන් මහත දෙහෙත මනුස්සයෙක් ඒ මහතටම හරියන දැවැන්ත උසකුත් නැතිනම්, කඩෙන් කලිසමක් ගත්තහම මුහුණ දෙන ගැටළුවක් තියෙනවා. ඒ තමයි කලිසම පමණට වඩා දිග වීම. හරි ඉතින්, කලිසම් කොම්පැණියෙන් කලිසම් මහන්නේ කොට මහත එවුන්ට නෙවෙයි. මහතේ හැටියට උසත් තියෙන එවුන්ට. දැන් ඔය කලිසම ගත්තු ගොඩක් මහත අයියලා කරන්නේ කලිසම් කකුල් නවලා අඳින එක. ඒකද ෆැෂන් එක? නෑ. ඒක වස කැතයි. ඩෙනිමක් එහෙම ඒ විදියට නැව්වහම ඩබල් කැතයි. අන්න ඒ නිසා යන්න හොඳ ටේලර් කෙනෙක් ගාවට, කලිසමේ කකුල් තමන්ගේ උසේ ප්‍රමාණයට කොට කරන්න. ඊට පස්සේ අඳින්න.

 

අනික් කාරණේ, කලිසම් කකුල් ලොකුවට තියෙන ඒවා මහත දෙහත අයට සෙට් වෙන්නෙ නෑ. පුළුවන් තරම් කලිසම් කකුල් සපත්තුවට ෆිට් වෙන තරමේ ඒවා ගන්න. 

 

3. අනාගතේට ඇඳුම් ගන්න එපා

ගොඩක් මහත ඩයල්ස් හිතාගෙන ඉන්නවා තමන් ලඟ අනාගතේදී කෙට්ටු වෙනවයි කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම ගෝල් එකක් තියෙනවා නම් හොඳයි. හැබැයි එහෙම කට්ටිය ඇඳුම් ගන්න ගිහිල්ලා ගන්නේ තමන්ගේ ශරීරයට වඩා කුඩා ඇඳුම්, ඉක්මනට කෙට්ටු වුනහම අඳින්න කියලා. හරි, හෙට ඉඳලා ඩයට් කරන්නයි ජිම් යන්නයි පටන් ගත්තා කියමුකෝ. හැබැයි ඉතින් එහෙම ඇඳුම් වෙනස් කරන්න තරම් කෙට්ටු වෙන්න මාස කීපයක්වත් යනවා. ඒ අතරේ අර ඇඟට ප්‍රමාණවත් නොවෙන විදියේ ඇඳුම් හිරට හිරේ ඇඳගෙන යනකොට වස කැතයි. අන්න ඒ නිසා අනාගතේට ඇඳුම් ගන්න එපා.

 

4. බෙල්ට් දාලා යට කළහම කලිසම බඩෙන් පහළ

සාමාන්‍යයෙන් මහත දෙහත මනුස්සයෙක් ෂර්ට්‍ එක උඩින් දාලා තමයි අඳින්නේ. මොකද, ෂර්ට් එක යට කරලා බෙල්ට් එක දැම්මට පස්සේ ටික වෙලාවකින් කලිසම නතර වෙන්නේ බඩෙන් පහළ. අමුතුවෙන් බැගී දාන්නත් ඕන නෑ, කෙලින්ම්ම බඩෙන් බැගී වැටෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ වෙඩිමක් එහෙම සෙට් වුනහම. ඇයි ඉතින් කෝට් දාලා යන්න වුනොත් කොහොමත් ෂර්ට් එක යට කරලා බෙල්ට් දාන්න වෙනවනේ. ආන්න ඒකට කරන්න පුළුවන් දේ තමයි සස්පෙන්ඩර් එකක් අඳින එක. සස්පෙන්ඩර් කියන්නේ අර පප්පා ටයිප් එකේ කර උඩින් ගිහින් කලිසමට හයි වෙන ඉලාස්ටික් පටි දෙක. හොඳ ඔයින් සෙට් එකක් ගත්තට පස්සේ අන්න කලිසම ගාණට තියෙන්න ඕන තැන තියෙයි.

 

5. රැවුල කපලා, ට්‍රිම් කරලා

දැන් තියෙන ෆැෂන් එකක්නේ රැවුල වවන එක. ඔය නංගිලත් පෝස්ට් දානවා “රැවුල වවපු අයියෙක් නං හා අම්මේ” කියලා. ඒක අහගෙන හැමෝම රැවුළ වවනවා. හැබැයි ඉතින් ඇඟපත මහත දෙහෙත මනුස්සයෙක්ට ඔය මූණ පුරා වැවුණු රැවුල ලස්සනකට වඩා කැතක් තමයි ගේන්නේ. එතකොට රැවුල කපනවද? මෙහෙමයි, රැවුල ට්‍රිම් කරන්නයි ඕන. විශේෂයෙන්ම කම්මුල් දෙපැත්තේ පිම්බිලා තියෙන රැවුලෙන් මූණ පමණට වඩා මහතට පේනවා. ඒ නිසා කම්මුල් දෙපැත්තේ රැවුල අඩු කරලා, ගාණට ට්‍රිම් කරලා, ගෘම් කරලා තියාගන්න ඕන.

 

6. හැට් එකත් මරු

සාමාන්‍යයෙන් හැට් එක තමන්ගේ ඇඳුමට ගොඩක් දෙනෙක් එකතු කරගන්නේ නෑ. කොල්ලෝ නං දාන්නෙම කැප්නේ. හැබැයි මහත දෙහෙත ඇඟක් තියෙන මනුස්සයෙක්ගේ ඇඳුමට ඇත්තටම හැට් එකක් ගැලපෙනවා. අපි හිතමු කෝට් කිට් එක කියලා. ඒකට කිට් එකේ පාටට මැච් වෙන හැට් එකක් දැම්මා නං අර මහත ගතියට අමුතු ලස්සනක් එකතු වෙනවා. ඒ වගේම තමයි ඔය කැෂුවල් ඇඳුමකට වුනත් හැට් එකක් දාන්න පුළුවන්. එකම දේ තමයි හැට් එකක් ගැලපෙන ඇඳුම් මොනවද කියලා තේරුම් ගන්න එක.

 

7. එල්ලෙන, මැදලා නැති ඇඳුම් එපා

මේක ඇත්තටම මහත කෙනෙක්ට විතරක් නෙවෙයි, කෙට්ටු කෙනෙක්ට වුනත් අදාළ කාරණාවක්. ඒ තමයි, ඇඟ වටේ එල්ලෙන තරම් ලොකු ඇඳුම්, ඇඟට ගාණට ෆිට් වෙන්නේ නැති ඇඳුම් අඳින එක. ඒ වගේම පොඩි වෙලා තියෙන ඇඳුම් අඳින එකත් මේ කාණ්ඩෙටම අයිතියි. මේ විදියට ඇන්දහම කෙට්ටු කෙනෙක්ට වඩා මහත කෙනෙක්ට කැතට පේනවා. අනෙක් අතට, මහත කෙනෙක්ට නීට් එකට, හොඳට මැදලා කරලා තියෙන, ඇඟට ගාණට ෆිට් වෙන ඇඳුමක් ඇන්දහම හරි ලස්සනයි. මහත අදාළම නෑ එතකොට!

 

මීට අමතරව ඉතින් හැමෝම දන්න ටිප්ස් තියෙනවා මහත අයට අඳින්න පුළුවන් ඇඳුම් ගැන. ඒ කියන්නේ හරස් ඉරි තියෙන ඒවා ගන්න එපා. ඕනෑවට වඩා දරුණු විදියට ඩිසයින් තියෙන ඒවා ගන්න එපා. හීනි ඉරි තියෙන, පොඩි කොටු තියෙන වගේ සරල රටා එක්ක එන ෂර්ට් ගන්න. ඔන්න ඔය වගේ ඒවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *