දැන් සැලුන් එහෙමත් වහලා නේ. ඉතින් මේ දවස්වල කරන රූපලාවණ්‍ය කටයුත්තක් ගෙදර ඉඳන් තමයි. එතකොට ඒකට ඒ විෂය සම්බන්ධයෙන් ලොකු දැනුමක් ඕනේ කරනවද? අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නත් ආයෙ අමුතුවෙන් කඩයකට යන්න වේවි ද? ඇත්තටම ගොඩක් සත්කාර අපට නිවසේ ඉඳන් ම කරන්න පුළුවන්. නිය පෙළ ලස්සනට තියාගන්න එකත් එහෙම ගෙදර ඉඳන් කරන්න පුළුවන් සත්කාරයක්. ගෙදර ඉන්න එකේ මේ දේවල් කරලා බලන්න.
1. සුදුළූණු
නියපොතුවල ඇතිවන දිලීර තත්ත්වයන්ට සුදුළූණු නියම බෙහෙත. ඒකට හේතුව ඒවයේ තියෙන දිලීරවලට එරෙහිව සටන් කරන සංඝටක. හොඳින් ගාගත් සුදුළූණු පේස්ට් එකක් තියාගෙන හැම නියපොත්තකම හොඳින් ආලේප කරගන්න.
2. පොල්තෙල්
පොල්තෙල්වලින් මොන තරම් නම් රූපලාවණ්‍ය කටයුතු සඳහා උදව්වක් වෙනව ද? ගොඩක් වෙලාවට පෝෂණයත් එක්ක බැඳෙන ඒ උදව්ව තමයි මෙතනටත් අදාළ වෙන්නේ. නියමහ, නියපොත්ත සහ ඒ අවට ප්‍රදේශය පොල්තෙල් නිසා ශක්තිමත් වෙනවා, පෝෂ්‍යදායී ප්‍රතිඵලයන් ලබාගන්නවා, ඒ වගේ ම මොයිස්චරයිසරයක් විදියට වැඩ කරනවා. පොල්තෙල් බිඳු කීපයකින් හොඳින් සම්බාහනය කරලා ඒවා හොඳට අවශෝෂණය කරගන්නකම් ඉන්න.
3. ලෙමන් සහ බේකින් පවුඩර්
නියපොතු අවපැහැ ගැන්වීමට ලෙමන් කෑල්ලක් අරගෙන නියපොතුවල ගාලා විනාඩි 10ක් පමණ තියන්න පුළුවන්. වඩාත් හොඳ ප්‍රතිඵලවලට ලෙමන් බිකකට බේකින් පවුඩර් මේස හැන්දක් දාලා හදාගන්න පේස්ට් එකක්. අන්න ඒ පේස්ට් එක දත්බුරුසුවක් මාර්ගයෙන් නියපොතුවල ගල්වලා මද වෙලාවක් ඉඳලා සෝදා හරින්න.
4. වික්ස් බාම්
ඒ කාලෙ ඉඳලම ගෙවල්වල තිබුණ වික්ස් බාම් එක ඔළුව රිදෙනකොට එහෙම තමයි අපි පාවිච්චි කරේ. ඇත්තටම ඒක ඒ රිදිල්ලට නවතන්නේ නැතුව නියපොතු කැඩීමෙන් ඇතිවන වේදනාවටත් දිලීරවලට එරෙහිවත් භාවිත කරන්න පුළුවන්.
5. පිපිඤ්ඤා
විටමින් වර්ග පමණක් නෙවේ පිපිඤ්ඤාවල යකඩ සහ කැල්සියම් ගුණයත් තියෙනවා. ඉතින් එතකොට පළුදු වුණ නියපොතු සඳහා ඒ දේවල් වැදගත් වෙනවා. පිපිඤ්ඤා සාරය බ්ලෙන්ඩ් කරලා ලබාගන්න. විනාඩි 5ක් පමණ ඒ සාරය තුළ ඇඟිලි ගිල්වා තබන්න.
6. වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල්
වැස්ලින් එකේ තියන පෙට්‍රෝලියම් ජෙල් එක ලේසියෙන් ඕනි ම කඩේකින් ගන්න පුළුවන්. මේක ඉතා ම පොඩි ඩප්පියක්. මිල අතිනුත් මහා ගොඩක් වෙන්නේ නැහැ. ඉතින් ශක්තිමත් මනා දීප්තියකින් යුත් නිය සඳහා පෙට්‍රෝලියම් ජෙල් තලියක් අරගෙන හොඳින් නියවල සම්බාහනය කරන්න ඕනි. විනාඩි 5ක් පමණ ඉඳලා සෝදා හරින්න. ප්‍රතිඵල එවෙලෙම බලාගන්න පුළුවන්.
7. දොඩම් යුෂ
බොන්න නම් නෙවෙයි. ජලය එකතු කරපු නැති දොඩම් යුෂ ටිකක් අරගෙන විනාඩි 5ක් පමණ ඇඟිලි ඒ තුළ ගිල්වන්න. ඊට පස්සේ හොඳින් හෝදන්න ඕනි මොකද දොඩම්වල තියන සිට්‍රික් ගතිය යවන්න. ඊට පස්සේ ඔලිව් ඔයිල් වගේ එකකින් සම්බාහනයක් දෙන්න ඕනි මොයිස්චරයිසරයක් විදියට ක්‍රියා කරන්න. මේකෙන් නියපොතු ශක්තිමත් වෙනවා.
Leave a Reply