හිතෙන පරක්කුවට දේවල් තියෙනවානං ෂෝක් තමයි. සල්ලි වගේම හිතට ගතට සැපතක් වෙන ඕනම දෙයක් හිතන පරක්කුවට තියෙන එක ෂෝක්. හැබැයි හිතන පරක්කුවට ලැබෙන දේවල් මොන දේ වුනත් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. මේ කතාව වෙන කිසිත් ගැන නෙමෙයි, මේ කියන්න යන්නෙ සෙක්ස් ගැන. ආසා හිතුනා කියලා වගේම සහකරුවා කැමති වුනා කියලා ආරක්ෂාවක් නොයොදා සෙක්ස් කරන එක දෙන්නෙක් අතරේ කොච්චර විශ්වාසයක් තිබුනත් ප්රශ්නකාරී වෙන්න පුළුවන් වැඩක්. ඒ ඇයි කියලා සහ ඒ ඇසුරෙන් ඔයාලා දැනගන්න ඕන මොනවද කියලයි මේ කියන්නෙ.
හමට හම ගෑවෙන සිලිලාරට කොන්ඩම් වලින් බාධා පැමිණෙන්න පුළුවන් තමයි. හැබැයි ඒ මොහොතෙ දැනෙන සනීපෙ මැකිලා යන අසනීපයක් පස්සෙ කාලෙක එනවට වඩා ඒක හොඳයි.
1. ලෙඩද?
ඔන්න පුතෝ බය වෙන්නම ඕන කාරණේ. දැන් කවුද දන්නෙ අපි එක්ක සෙක්ස් කරන්න ඉන්න මනුස්සයට ලෙඩ තියෙනවද? නැද්ද? කියල. මොකෝ අපිට ජංගම ලේ පරීක්ෂා කරන මැෂින් නැහැනෙ. හරි අපිට විශ්වාස පුද්ගලයෙක් එක්ක තමයි අපේ ආලිංගන කාර්යය සිද්ධ වෙන්නෙ කියල කියමු. ඒකත් අපිට සියයට සියයක් විශ්වාස කරන්න අමාරුයිනෙ. එන්නත් කටුවලින්, බ්ලේඩ්වලින්, වගේම හමට හම ගෑවීමෙනුත් ලිංගාශ්‍රිත රෝග ඇතිවෙන්නට හොඳින්ම ඉඩකඩ තියෙනවා. ඊටත් වඩා පොදු වැසිකිලි පාවිච්චි කිරීමෙනුත් ඇතැම් ලිංගාශ්‍රිත රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ කොහොමද කියල ඉස්සරහදි කියන්නම්. සතියෙන් සතිය බ්ලඩ් චෙක් කර කර හිත සනසාගන්න එක මේකට විසඳුමක් වෙන්නෙ නෑ. විසඳුම තමයි පරිස්සම. දැනටම බයවෙන්න එපා. ඉස්සරහදි තව බය වෙන්න දේවල් තියෙනවා. සරළව මෙච්චරයි. ඔයාට ලෙඩක් ඇති කියල ෂුවර් කෙනෙක් එක්ක අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කළානං දැන්ම ගිහින් චෙක් කරගන්න. ඔයා අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කරපු කෙනාට ලෙඩක් නෑ කියල ෂුවර්ම නැත්තං ඔයාට වද වෙන්න හේතුවක් තියෙන්න පුළුවන් නිසා චෙක් කරන්න. ඔයා අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කරන කෙනාට අවුලක් නැත්තං බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ.
2. බබ්බු?
මුලින්ම බය වෙන්න ඕන දරුවෙක් ගැන. දෙන්නා දෙමහල්ලො කසාද බැඳලා නැත්තං, බැඳලා වුනත් දරුවෙක් හදන්න ප්ලෑන් කරල නැත්තං, අනියං සම්බන්ධයක්නං දරුවෙක් ජීවිතේට එන එකට බය වෙන්න ඕන. කොන්ඩම් නොදා සෙක්ස් කළේ ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී ලැබෙයි කියල හිතලද? ඒ නිසා ඒ ගැන මුලින්ම බය වෙන්න. ගෑණු ළමයගෙ මාසික ඔසප් චක්‍රය නැවතුනොත්, ටෙස්ට් කරන්න. කොඳු අමාරු, කෑම අප්පිරියාවල් එනවනං ටෙස්ට් කරන්න. අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කිරිල්ලෙන් පස්සෙ පළමු පැය කිහිපය තුළ බොන්න තියෙන ආෆ්ටර් පිල්ස් බොන්න. බය වෙන්න. හොඳටම බයවෙන්න. නැන්දම්මලා මාමණ්ඩිලා පිහි අරගෙන දොරට තඩි බාන හීන දකින්න. කතාව තවත් භයංකාර කරනවානං අතට කැප්සියුල් දාපු ඈයොත් ගැබ් අරගෙන තියෙන නිසා බය වෙන්න. හිතේ බය අඩු කරගන්න පුළුවන් හොඳම දේ තමයි කොන්ඩම්. ඒකෙදිත් අතරමගදි ගැලවෙන ඒවා, ඉරෙන ඒවාට කොන්ඩම් කොම්පැනියෙන් ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න බැරි බව හිතාගන්න.
3. මුත්‍රා ආසාදන පවා…
මුත්‍රා ආසාදන කියන එක ඕනම විදියකින් ඇතිවෙන්න පුළුවන්. වතුර බීම අඩුවෙලා, විෂබීජ ගිහින් වගේම ඇතැම්විට ඇඟේ රසායනිකයන් වෙනස් කරන ඕනම දේකින් මුත්‍රා ආසාදන ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ විදියට ඇතිවෙන මුත්‍රා ආසාදන නිසා ලිංගිකව එක් වෙන මනුස්සයාට අමාරුකං එන්න ඉඩ තියෙනවා. මේකට කරන්න තියෙන්නෙත් පුංචි එක්සසයිස් එකක්. ඒ තමයි සෙක්ස් කරන්න කලින් මුත්‍රා කරන එකත් කරාට පස්සෙ මුත්‍රා කරන එකත්. ඇතැම් කාන්තාවන්ට නම් සෙක්ස් කරාට පස්සෙ මුත්‍රා කිරීමේ අපහසුතා ඇතිවෙන බව කිවුවත්, ඒ ලිංගිකව එක්වීම වෙනුවෙන් සූදානං වෙච්චි මාංශපේෂීන් මුත්‍රා පිට කිරීමට අවශ්‍ය තරමට රිලැක්ස් නොවීමේ ඇබැද්දියයි. මසල්ස් රිලැක්ස් නෑ කියන්නෙනං ඉතිං බොහෝවිට නිසි සේ සුරතාන්තයට පත් නොවුනා කියන එක වෙන්නත් පුළුවන්.
4. ප්‍රී-කම්
ලංකාවෙ ලිංගික අධ්‍යාපනය අඩු නිසා ප්‍රී කම් ගැන නොදන්න පිරිමිත් ඉන්න පුළුවන්. කොටිම්ම සරළ තේරෙන බසින් මේ කියන්නෙ ශුක්‍රාණු පිටවෙන්නට පෙරාතුව බොහෝවිට ආලිංගන කාර්යයේ පූර්ව අවධියේ නොහොත් ෆෝප්ලේ සීන් එකේ ඉන්නකොටම ලිංගේන්ද්‍රයෙන් පිටවෙන්න පුළුවන් ස්රාවය ගැන. දැන් ඉතිං මචං, වැඩේ කොරන්න කලින් කොන්ඩම් එක දාද්දිම කොන්ඩම් එකේ ප්‍රී කම් ගෑවුනානෙ. අවුලක් යයිද? කියල අහපු යාලුවට මේ ආටිකල් එක ටැග් කරන්නෙපා. මෙවුව හැමෝටම පේන්න ෂෙයා කරන එක වෙනම දෙයක්. මේ ප්‍රශ්නෙ හැමෝටම තියෙන එකක්. ශුක්‍රාණු කියල සළකන්නෙ අන්තිමට පිටවෙන ඒවා විතරයි නේද? ෆෝප්ලේවලදිත් කොන්ඩම් දාගෙන ඉන්න ඕන නෑ නේද? මහ වැඩේදි විතරක් ඇති නේද?
ඇඟේ උණුසුම ඉහළ ගිහින් රාගාධික වේගෙන එනකොට පුරුෂ ලිංගේන්ද්‍රය අගින් නිකුත් කරන ලුබ්රිකන්ට් එක තමයි ප්‍රී-කම්. දැන් තමයි අපේ උත්තරේ දෙන්නෙ. එච්අයිවී සිට ගොනෝරියා වෙනකංම බොහෝමයක් ලිංගාශ්‍රිත රෝග නිධාන ප්රීකම් ඇතුළෙන් එන්න පුළුවන්. තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් පරිස්සම් වෙයවු!
ඊළඟ දැවෙන ප්‍රශ්නෙ තමයි ප්‍රී-කම්වලින් ගැබ් ගන්න පුළුවන්ද? කියන එක. බොහෝවිට ප්‍රී-කම් විදියට නිකුත් වෙන තරලයේ ශුක්‍රාණු තිබුනත් ඒවා අජීවී එවුවා කියලයි හොයාගෙන තියෙන්නෙ. හැබැයි අලුත්ම පරීක්ෂණවලින් කියනව ඒ අතර සජීවී එවුව තියෙන්නත් පුළුවන් කියලා. හැබැයි ඉතිං සජීවී එවුවත් ගොඩකින් තමයි වැඩේ පත්තුවෙන්නෙ කියල දන්න නිසා බොහෝමයක් දෙනාට ප්‍රී-කම් ගැන බයක් නෑ.
5. මොනවා ගැනද බය වෙන්න ඕන?
මේ දේවල් ගැනත් බය වෙන්න.
ඒඩ්ස් හැදෙන්න මූලික එච්අයිවී ආසාදනය සිද්ධ වෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනව. ශුක්‍රාණු, යෝනියේ ශ්‍රාව, පෙර විසර්ජිත ශුක්‍රාණු නොහොත් දන්න භාෂාවෙන් කිවුවොත් ප්‍රී කම්, ලේ, තන කිරි, ගුදයෙන් ගලන ඕජස් තමයි ඒ.
ගොනෝරියාව හැදෙන්න පුළුවන් ශුක්‍රාණු, යෝනියේ ශ්‍රාව සහ ප්‍රී කම් වලින් විතරයි.
මේ තුනම මූලික වෙන අනිත් ලෙඩේ තමයි ක්ලැමීඩියා නමින් පරසිද්ධ ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම එන, අම්මගෙන් දරුවටත් බෝවෙන, හැදිලා හොඳ වුණු අයටත් හැදෙන, සෙක්ස් කරද්දි රිදෙන, චූ දාද්දි රිදෙන, ගැහැණුන්ට නම් එතරම් හොඳ සුවඳක් නැති ඕජසක් නිකුත් වෙන, පිරිමින්ට නම් අණ්ඩය එහෙමත් නැත්තං ටෙස්ටිකල්ස් නොහොත් ඇටවල රිදුමක් දැනෙන ලෙඩේ.
ඊළඟට තියෙනව හමට හම ගෑවුනත් බෝවිය හැකි හර්පීස් සහ පිළිකාවක් දක්වා වුවත් වර්ධනය විය හැකි HPV.
තුවාලවලින් නොදැනුවත්වම බෝවෙන, ශුක්‍රාණු සහ යෝනි ශ්රාවවල ලොකු බලපෑමක් තියෙන, හැදුණු එකා හැදුනද කියා නොදන්න, අම්මගෙන් දරුවාටත් බෝවෙන, සමහරවිට දිගින් දිගටම ඉම්බමත් බෝවෙන සිෆිලිස් තමයි ඊළඟ ලෙඩේ.
අන්තිම කාරණේ වුණු හෙපටයිටීස් සී සහ බී නම් සෙක්ස් නොකළත් බෝවෙන්න පුළුවන්. ශුක්‍රාණු, යෝනියේ ශ්‍රාව සහ ලේ වලින් සී හැදෙන්න පුළුවන්. ඒ ලැයිස්තුවටම ප්‍රී කම් දැම්මම බී හැදෙන්නත් පුළුවන්.
බය වෙන්න දේවල් නං ගොඩක් තියෙනව නේද?
මෙහෙවු ලෙඩක් තියෙන පෙම්වතාගෙ ශුක්‍රාණු ඔබේ පියයුරු මත පතිත වුනාද? බයවෙන්නෙපා. ලෙඩ වෙන්නෙ නෑ. ඇඟිල්ලෙ තුවාලයක් තියෙද්දිත් ඔබේ මෙහෙවු ලෙඩක් තියෙන පෙම්වතියව සනහන්න ඇයගේ යෝනිය තුළට ඇඟිල්ල ඇතුළු කළාද? බය වෙන්නෙපා. එහෙම ලෙඩ වෙන්නෙත් නෑ. ඊට වඩා බය හිතෙන දේවල් ඉස්සරහට තියෙනවා.
6. මුඛ සංසර්ගය ෂේප්ද?
මගේ එක්කෙනාටත් ලෙඩ තියෙනව අනේ. ඒත් එයා මගේ එක්කෙනානෙ. පවුනෙ. කියල හිතලා ආරක්ෂාවකින් තොරව මුඛ සංසර්ගයේ යෙදුනොත්, එහෙමත් නැත්තං කොන්ඩම් එකක් හොයාගන්න නැති නිසා තාවකාලික සතුටකට මුඛ සංසර්ගයේ යෙදුනොත් ලෙඩක් හැදෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් කට්ටියට තියෙනව. මොකෝ ඉතිං චොකලට්, ස්ට්‍රෝබෙරි, බනානා රසින් සුවඳින් කොන්ඩම් ගැහුවත් මිනිසා කියන සත්වයාට උපතින් හුරු විදිය රබර් නැතුවනෙ. ඔවු හැදෙන්න පුළුවන්. ලෙඩ හැදෙන්න පුළුවන්. ගොනෝරියාව, එච්එයිවී ඇතුළු කටේ උගුරේ පවා තුවාල හටගන්න හර්පීස් තත්ත්ව උනත් ඇතිවෙන්න පුළුවන්. දැනටත් කරානං දැනුත් බයවෙන්න. නොදැනම ලෙඩෙක් වෙන්න පුළුවන් ඔයත්. සමහරවිට කෙළවල තියෙන එන්සයිම විසින් එච්අයිවී මරා දමන්නත් ඉඩ තියෙනවා. ආහ්… බොහෝදෙනෙකුට මුඛ සංසර්ගය කිවුවම මතක් වෙන්නෙ පුරුෂ ලිංග විතරනෙ. ස්ත්‍රී යෝනි තොල් ගැනත් සිහි තබාගන්න. ඒ කතාවෙදිත් මේ සෙතේම තමයි. මුඛ සංසර්ගයේ රිස්ක් අඩුයි තමයි. හැබැයි ඒ නොසලකා හැරිය හැකි රිස්ක් එකක් නෙමෙයි.
7. එද්දි… ගන්න…
බෝහෝමයක් වීරයො කරන වැඩක්නෙ මේ. මොන කොන්ඩම්ද අනේ මට? මෙවුව නටන්නෙ මට ඕන පදේට තමයි. ගාණට යන්න එද්දි මං ගඤ්ඤං එළියට කියලයි කට්ටිය වැඩේට බහින්නෙ. හැබැයි ශුක්‍රාණු පිටවෙන්න කලින් පිටට ගන්න එක සෙක්ස්වල උපරිම ඵලය වුණු සුරතාන්තය විඳින්න බාධාවක්. ඔය අවුඅස්සෙ පිට වුනොත් ඊට හපං බාධාවක්. ඒ නිසා ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරන එක තමයි හොඳම. මොකද ඇඟට ඕනම දේ ඇඟට ඕනම මොහොතෙ ඇඟට සනීපම තැනදි පිට කරන්න නොදී ආතල් කුඩු කරගෙන එළියට අරගෙන හත් පොලේ ගාගෙන නටනවට වඩා ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරන එක තමයි හොඳම.
Leave a Reply