විවිධ රසවලින් සොෆ්ට් පෑන් කේක් වර්ග 7ක් හදාගනිමු!

ගෙදරට වෙලා ඉද්දි එක එක දේවල් කන්න හිතෙනවත් වැඩීනේ නේද… හදන්න වැඩි වෙලාවක් ගත නොවෙන කෑ​ම ගැන මේ ටිකේ හිත හිත ඉන්න එකේ අපි ගෙනාවා පෑන් කේක් වර්ග ටිකක්. හැමදාම කන්නෙ එකම රස පෑන් කේක් එක නම් මේ විධි වලට හදලා බලන්න. රස වෙනස්, පෙනුම වෙනස්… පොඩි අයත් ආසවෙයි ගොඩක්

 

1. Fluffy Pancake

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි කෝප්ප 4
  2. බේකින් පව්ඩර් මේස හැඳි 4
  3. කිරි කෝප්ප  4
  4. බිත්තර කහමද 3
  5. මෙල්ටඩ් බටර් කෝප්ප 3/4
  6. බිත්තර සුදුමද 4

 

  • පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගන්න.
  • කිරි වලට බිත්තර කහමද, බටර් එකතු කර විස්ක් කරගන්න. බිත්තර සුදුමද ටික වෙනම බීට් කරගන්න හිම වගේ මිදෙනකල්.
  • දැන් පාන්පිටි එකට බිත්තර කහමද මිශ්‍රණ​ය දාලා කලවම් කරගන්න.
  • අන්තිමට බීට්කරගත් සුදුමද ටික දාලා පත්තෙන් පෙරලමින් කලවම් කරගන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් ගාලා රත්වෙනකොට බැටර් එකෙන් ටිකක් දාගන්න. ගින්දර අඩුම කරලා එක පැත්තක් විතරක් පුළුස්සගන්න. ටූත් පීක් එකක් ගහල මැද තැම්බිලාද බලන්න. මේ පෑන් කේක් එක දෙපැත්තම පිච්චෙන්න දාන්නෙ නෑ. 

 

2. බනානා පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 4
  2. සීනි මේස හැඳි 4
  3. වැනිලා ස්වල්පයක්
  4. කිරි කෝප්ප කාලක්

 

  • මේ ඔක්කොම බ්ලෙන්ඩ් කරලා, පෑන් එකට බටර් ටිකක් දාලා මේකෙන් ටිකක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න.

 

3. චොක්ලට් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර කහමද 3
  2. බිත්තර සුදුමද 3
  3. සීනි මේස හැඳි 3
  4. කිරි කෝප්ප 1/2
  5. වැනිලා ටිකක්
  6. මෙල්ටඩ් බටර් මේස හැඳි 4
  7. පාන් පිටි කෝප්ප 1 1/2
  8. චොක්ලට් පව්ඩර් ග්‍රෑම් 30
  9. බේකින් පව්ඩර් පින්ච් එකක්
  10. ග්‍රේට් කරගත් චොක්ලට් ග්‍රෑම් 100
  11. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
  12. ඩාක් චොක්ලට් ග්‍රෑම් 150

 

  • බිත්තර කහමද වලට සීනි දාලා හොඳට විස්ක් කරගන්න. ඊලඟට කිරි හා වැනිලා ටික එකතු කරලා කලවම් කරගන්න.
  • බිත්තර සුදුමද ටික හිම වෙනකල් බීට් කරලා එයට එකතු කරගන්න. මේකටම මෙල්ට් කරගත් බටර් ටික දාගන්න.
  • වෙනම බෝල් එකකට චොක්ලට් පව්ඩර්, බේකින් පව්ඩර් හා පිටි දාල එකට කලවම් කරගන්න.
  • මේ පිටි එකට බිත්තර මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
  • ග්‍රේට් කරගත් චොක්ලට් ටිකත් එකතු කරගන්න.
  • ෆ්‍රෙශ් ක්‍රීම් ටික ටිකක් රත් කරලා ඒකට  ඩාක් චොක්ලට් ටික දාලා දියකරගෙන වෙනම තියාගන්න.
  • නන්ස්ටික් පෑන් එක ලිපේ තියලා බටර් ටිකක් ගාලා බැටර් එකෙන් ටිකක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න.
  • මේකට උඩින් හදාගත්තු චොක්ලට් සෝස් එක වක්කරගෙන පිළිගන්වන්න. 

 

4. චොක්ලට් ලාවා පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හෙවි ක්‍රීම් කෝප්ප 1
  2. ඩාක් චොක්ලට් චිප්ස් කෝප්ප 1
  3. බිත්තර කහමද 2
  4. බිත්තර සුදුමද 4
  5. සීනි මේස හැඳි 2
  6. මෙල්ටඩ් බටර් මේස හැඳි 3
  7. කිරි කෝප්ප 1 1/2
  8. පාන්පිටි කෝප්ප 2
  9. බේකින් පව්ඩර් තේ හැඳි 2
  10. ලුණු පින්ච් එකක්

 

  • හෙවි ක්‍රීම් වලට චොක්ලට් ඩබල් බොයිල් කරලා දාගෙන කලවම් කරගන්න.
  • ගලවගන්න පහසු මෝල්ඩ් එකකට චොක්ලට් ටික දාලා ෆ්‍රීස් කරගන්න.
  • බිත්තර කහමද හා සීනි විස්ක් කරගන්න. මේකට මෙල්ටඩ් බටර් සහ කිරි දාලා හොඳට කලවම් කරගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරලා බිත්තර මිශ්‍රණයට දාගන්න. බිත්තර සුදුමද ටික වෙනම බඳුනක හිම වෙනකල් බීට් කරලා මේකට එකතු කරගන්න.
  • නන්ස්ටික් පෑන් එකට බටර් ටිකක් දාලා, බැටර් එකෙන් ටිකක් දාලා, ෆ්‍රීස් කරගත් චොක්ලට් කෑල්ලක් මැද්දට තියල උඩින් තව බැටර් ටිකක් දාලා චොක්ලට් කෑල්ල වසාගන්න. දෙපැත්තම ෆ්‍රයි කරගන්න.

 

5. ඕට්ස් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු කෙසෙල් ගෙඩි 3
  2. ඕට්ස් කෝප්ප 1/2
  3. බිත්තර 1
  4. කිරි කෝප්ප 1/2
  5. වැනිලා ටිකක්

 

  • කෙසෙල් ටික ටිකක් චොප් කරලා බ්ලෙන්ඩර් එකට දාගන්න. මේකට අනික් සියල්ලම එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරලා පෑන් එකට දාලා ෆ්‍රයි කරගන්න.

 

6. පොටෑටෝ පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් අලගෙඩි 2
  2. ග්‍රේට් කරගත් කැරට් අල 1
  3. ලුණු
  4. ගම්මිරිස්කුඩු
  5. චොප්කරගත් ලීක්ස් ටිකක්
  6. බිත්තර 2

 

  • අල ටික අයිස් වතුර එකක දාලා ටිකක් වෙලා තියලා වතුර මිරිකලා අරගන්න. ඒකට ලුණු, ගම්මිරිස්කුඩු, කැරට්, ලීක්ස් හා බිත්තර දෙක දාලා හොඳට කලවම් කරගන්න.
  • දැන් පෑන් එකට බටර් ටිකක් දාලා මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරලා අඩු ගින්දරේ දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

 

7. ජැපනීස් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප  1
  2. බිත්තර 3
  3. සීනි මේස හැඳි 5
  4. වැනිලා
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  6. මී පැණි මේස හැඳි 1
  7. ජෑම් හෝ නියුටෙලා හෝ වෙන ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් දෙයක්

 

  • භාජනයකට බිත්තර කඩලා විස්ක් කරගන්න. ටිකකින් සීනි හා පැණි එකතු කරගන්න.
  • පාන්පිටි හා බේකින් පව්ඩර් එකට මිශ්‍ර කරල දෙපාරක් හලාගන්න. 
  • මේක බිත්තර වලට දාලා කලවම් කරගන්න. වැනිලා ටිකත් දාගන්න.
  • බැටර් එක විනාඩි 20ක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න.
  • නන්ස්ටික් පෑන් එකට බැටර් එකෙන් ටිකක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා අරන් නිවුනම ජෑම් හෝ වෙන කැමති දෙයක් ගාලා කෑමට ගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *