කොරෝනා එක්ක නැති වුණ රැකියා අපේක්ෂා ආයෙත් ඇති කරගන්න

කොරෝනා සිද්ධියත් එක්ක මුළු ලෝකෙම ආර්ථික ගිනිවිජ්ජුම්බරයක පැටළුණා. ආයතන වැහිලා ගියා. ඉතින් වියදම් පියවගන්න ඉන්න සේවකයන්ගේ පවා පඩි කපන්න සිද්ධ වුණා. අලුතින් සේවක බඳවා ගැනීම් ගැන හිතන්නවත් බැරි මට්ටමකට පත් වුණා. ඉතින් රැකියා ලෝකයට එකතු වෙන්න හිටපු ඔයාගේ බලාපොරොත්තු බිඳ වැටිලා ද? එහෙනම් මේ ලිපිය වැදගත් වේවි. මේ කාරණා හිතට ගන්න. මීට අමතරව ඔබට ම අනන්‍ය විධි තියනවා නම් ඉලක්කයට යන්න ඒවා භාවිත කරන්න හිත හිතා ඉන්න එපා.

 


1. ගවේෂණය කරන්න


මේ වගේ කාලයක් ආයෙත් එන්නේ නැහැනේ. ඉතින් මේ ටිකේ ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ අනාගත වෘත්තිය ගැන ගවේෂණයක් සිදු කරන එක. එතන දී ආයතන, ආයතන ප්‍රධානීන් සහ රැකියා අවස්ථා කියන තුන ගැන හිතන්න වෙනවා. තමන් ආසා කරන ආයතන ලැයිස්තුගත කරලා ඒවයේ HR එක නැත්නම් CEO, Chairman සම්බන්ධ කරගන්න පුළුවන් ඊමේල් ලිපිනවල දත්ත ගබඩාවක් ඇති කරගන්න. මේකට ආයතනවල වෙබ් අඩවි, සමාජ මාධ්‍ය සහ විශේෂයෙන් ම LinkedIn භාවිත කරන්න.



2. ගවේෂණයෙන් වැඩේට බහින්න


දැන් අර කියපු දත්ත ඒකරාශී කරගත්තේ ලස්සනට ලියලා තියාගන්න නම් නෙවේ. දැන් ඔබේ අපේක්ෂාව ලියලා CV එකත් එක්ක ම යවන්න තමයි තියෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ කිසිම විදියකින්වත් ඒ යවන විස්තරේට ඉන්ටර්නෙට් එකෙන් උස්සගත්තු Cover Letter Samples යවන්න එපා. මේක ජෙනුයින් වැඩක් වෙන්න ඕනි. මේ වගේ අවස්ථාවක කොහොම හරි අපිට කැපිලා පේන්නයි අවශ්‍ය. ඉතින් අර ප්‍රොෆෙෂනල් මට්ටමත් එක්ක ම පොඩි ජෙනුයින් ටච් එකත් ඕනි වෙනවා වැඩේට. 



3. LinkedIn අකවුන්ට් එකක් හදාගන්න


මේක මුල් පියවරේ ම වෙන්න ඕනි වැඩක්. නමුත් රැකියා අපේක්ෂාවෙන් ඉන්න අද කාලේ ඕන ම තරුණ ළමයෙක් ගාව LinkedIn එකක් තියනවා. ඔයා එහෙම එකක් නැති කෙනෙක් නම් මේ දැන්ම හදාගන්න. ඒක රැකියා ක්ෂේත්‍රයේ දැවැන්තයන් හඳුනාගෙන ඒ සම්බන්ධතා පවත්වාගන්න තියන හොඳම විදිය. ඔයා CV එකක් දැම්මාම ඉස්සෙල්ලම LinkedIn එක චෙක් කරන්න වුණත් ඉඩ තියෙනවා. ‍රැකියා ලෝකයේ දී තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්නත් හොඳ කරුණු බලාගන්න පුළුවන්.



4. සුදුසුකම් සාදාගන්න


සාමාන්‍යයෙන් ජොබක් කරන්න ඉංග්‍රීසි තියෙන්න ම ඕනි. අයන්නෙම ඉඳන් නැතත් කතා කරන්න හරි ඉංග්‍රීසි සංවාද ඉගෙනගන්න, අලුත් වචන, ව්‍යාකරණ විධි, ලැජ්ජාව සහ බය නැති කරගන්න. ඊට අමතරව Coursera වගේ අධ්‍යාපනික වැදගත්කමක් ඇති සයිට් එකකින් හොඳ පාඨමාලාවක් කරන්න. සුදුසුකම් තව තව හදාගන්න.



5. ඔන්ලයින් වැඩකුත් කරන්න


මේ අතරතුර කාල සීමාවේ අතට මුදලක් හදලක් ඕනි. ඉතින් ඔය සෝෂල් මීඩියාවල වාත වෙන වෙලාවේ වැඩක් පලක් කරා නම් මොකෝ අතටත් කීයක් හරි ලැබෙන්න. Freelancer, UpWork, Fiverr වගේ ප්‍රකට ෆ්‍රීලාන්සින් සයිටක නැත්නම් ඩ්‍රොප්ෂිපින් වගෙ වැඩක් කරන්න පුළුවන්. 



6. විවේකයක් ගන්න


මේ වගේ කාලපරාසයක් හිතට මහ වදයක්. රැකියාවක් ලැබේදෝ නොලැබේදෝ කියන මානසික පීඩනය හොඳට ම වදිනවා ඉතින්. ඒ වෙලාවට අර පර්යේෂණ වැඩවලින් පොඩ්ඩක් අයින් වෙන්න. සින්දුවක් අහන්න. වෙනදා වගේ ම පොඩි නින්දක් දාන්න. හැබැයි මතක් කරලා ආයෙත් වැඩ පටන් ගන්න.



7. විධිමත් සමාජ ජාලා මාධ්‍ය භාවිතය


මේක හැම කාලෙටම අදාළයි. ඔයා මොන වගේ කෙනෙක් ද? හැදියාවෙන් යුතු ද? ඔයාගෙ චරිතය ඒ ආයතනයට හානිදායක ද? මේ කියන ප්‍රශ්නවලට සේරොම උත්තර හොයාගන්න හරි ම ලේසියි. ව්‍යසනයක් තියන මේ කාලේ විශේෂයෙන් ම ඒ භාවිතය පොඩ්ඩක් වැදගත් වෙන්න ඕනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *