එකම මොහොතක් දෙතුන් වතාවක් විඳින්න අපි ෆොටෝ ගන්නවා. ඒක අපි කරන්නේ අපේ අතේ තියන ෆෝන් කබලෙන්. ඕක අපි කරන්නේ ජනප්‍රිය වෙන්න හිතාන නෙවේ. එතකොට හොම්බ දිග ෆොටෝ තියන උදවිය වෘත්තිය වශයෙන් ෆොටෝස් ගන්නවා. ඔය වගේ එක එක අරමුණු ඇතිව ෆොටෝ ගැනෙනවා. ඉතින් එහෙම ගත්තු සමහර ෆොටෝ නිසා සමහරු ලෝකයේ නොහිතපු ජනප්‍රියතාවක් ප්‍රසිද්ධියක් ලැබුවා. මේ එයාලා ගැනයි.
1. අර්ශඩ් ඛාන්
අර්ශඩ් ඛාන් කියන්නේ පකිස්ථානයේ වීදියක තේ හදමින් හිටපු කොල්ලෙක්. ඒ භාෂාවෙන් කීවොත් චායි වාලා කෙනෙක්. තේ හැදිල්ලට අමතරව අර්ශඩ්ට හරිම ලස්සන ඇස් දෙකක් තිබුණා. ඒ විතරක් නෙවේ ඇස් දෙකට ම හරියන වාත්තු කරපු මූණක් තිබුණා. කඩවසම් බව මුළු ඇඟ පුරා ම. ඒ හැමදේම ඒ වීදියට ම විතරක් උරුම වෙන්න තිබුණා. හැබැයි ජවේරියා අලි කියන ශිල්පියා ඔහුගේ හොඳ ඡායාරූපයක් ගත්තා. හාදයා හිටියේ තේ හදන ගමන්මයි. ඒක අන්තර්ජාලය ම කළඹපු ඡායාරුවක් වුණා. අද අර්ශඩ් මොඩෙල් කෙනෙක්.
2. ජෙරමි මීක්ස්
ජෙරමි අපරාධකාරයෙක්. අපි ඔය චිත්‍රපටවල හෙම දැකලා තියනවනේ අපරාධකාරයෝ පොලිසියෙන් ඇල්ලුවම ගහන පොටෝ එක. ඒකට කියන්නේ මග්ෂොට් එක. ජෙරමිගේ මග්ෂොට් එක ගත්තට පස්සේ ඒක ඒ පොලිසියේ උදවිය විසින් බුකියට දාලා තියෙනවා. ඉතින් මේ නිකන් ම නිකන් අපරාධකාරයෙක් නෙවෙයි. හරිම සරාගී පෙනුමක් තියන හැඩිදැඩි පුද්ගලයෙක්. ඉතින් මොහු කොච්චර ජනප්‍රිය වුණා ද කියනවා නම් නීතියෙන් නිදහස් වුණු වහාම මොඩෙල් කෙනෙක් විදියට ජීවිතය ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා.
3. ෂර්බට් ගුලා
දැන් ගුලා නෝනා ලොකු නෝනා කෙනෙක්. එයා ප්‍රසිද්ධියට පත් වුණේ අවුරුදු 30කට විතර කලින් පොඩි දැරිවියක් වෙලා ඉද්දි. ඇෆ්ගන් සරණාගතයෙකු වෙලා ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්න කාලේ ගුලාව ස්ටීව් මැක්කරි කියන ඡායාරූප ශිල්පියා විසින් ඡායාවට නගනවා. ඒ ඇස්වල බය වගේ ම අමුතු කොළ පාටක ලස්සනක් තිබ්බා. National Geographic සඟරාවේ මුල් කවරෙට ඒ පොටෝව යොදා ගත් නිසයි ඈ ජනප්‍රිය වුණා. දැන් ඈ රජයෙන් දුන් විශාල නිවසක වාසය කරනවා. ඒ හැමදේම අර පොටෝව නිසයි.
4. සැමී ග්රිනර්
සැමීව සැමීගේ නමින් නොදන්නවා වුණාට Success Kid කිව්වොත් නම් ගොඩක් අය දන්නවා. ඒ ගොඩක් අය අතරිනුත් මුල් කාලේ ඉඳන් ම මීම් කල්චර් එකට සෙට් වුණ අය තමයි අල ගිය මුල ගිය තැන් දන්නේ. බිළිඳු වියේ දී ගත් මේ ඡායාරූපය සැමීගේ තාත්තගේ ජීවිතය බේරනවා. ඒ වකුගඩු සැත්කමක් කිරීමට වන මුදල් ප්‍රශ්නෙක දී. දැන් සැමීට වයස 13ක් වෙනවා. තාමත් මීම් ප්ලේට් එක පාවිච්චි වෙනවා.
5. රීටා ගැබියෝලා
ජීවිතේ හරි ම පුදුමයි. බඩේ බත් නැතුව එදා පාරේ හිටපු රීටා අද ලෝක ප්‍රසිද්ධ මොඩෙල් කෙනෙක්. ටෝෆර් කින්ටෝ විසින් පිලිපීනයේ වීදියක දී ඇගේ රුව ඡායාරූපයකට නගනවා. ඉස්සෙල්ලම කතාබහ ඇති වන්නේ ඇගේ මුහුණේ තියන අතිශය තියුණු රූපලක්ෂණ ගැන. ඒ එක්කම ඉගෙනගන්න ශිෂ්‍යත්වයක් ලබනවා. දැන් සැපවත් ජීවිතයක් ගත කරනවා.
6. සයිමා හුසේන්
ෂාරුක් ඛාන් ඉන්න පොටෝ එකක ෂාරුක් දිහා බලන්නැතුව මොන කෙන්ගෙඩියක් දිහා බලන්න ද? ඒත් ෂාරුක් ගහපු එක සෙල්ෆියක් තිබ්බා ඒකේ ඉන්න වෙන ගෑල්ලමයෙක් නිසා ජනප්‍රිය වුණ. Raees චිත්‍රපටයේ ප්‍රොමෝෂන් පාරට සෙට් වෙන්න තැන් තැන්වල යන ගමනේ ෂාරුක් පොටෝවක් ගන්නවා. ඒකේ ඉස්සරහම පේළියේ ඉන්න ගෑල්ලමය හරිම ලස්සනයි. ඕක බුකිගත කරා විතරයි සයිමාට නොසෑහෙන්න ප්‍රතිචාර ආවා. ඒවා මංගල යෝජනා වෙනකන් ම දුර ගියා. නිළියක වෙන්න ආරාධනා ආවා. නමුත් සයිමාට ඒ ජනප්‍රියත්වය අවශ්‍ය වුණේ නැහැ.
7. ස්පෙන්සර් එල්ඩන්
නිර්වාන කියන ලෝ ප්‍රකට සංගීත කණ්ඩායමේ Nevermind ඇල්බම් කවරයේ ඉන්න වතුරේ ඉන්න පොඩි බබෙක්. ඇඟේ නූල් පොටක් නැතුවයි ඉන්නේ. ඒ මදිවට ඩොලර් නෝට්ටුවක් පස්සේ පන්නනවා. මේ ඡායාරූපයට ඉන්නේ බිළිඳු ස්පෙන්සර්. ස්පෙන්සර්ට දැන් අවුරුදු 30ටත් ළඟ ඇති. මේ ඇල්බම් එක කොපි බුරුතු පිටින් අලෙවි වුණේ විශාල ලාභයක් හිමි කරලා. මූල්‍යමය වශයෙන් ස්පෙන්සර්ගේ පවුලට කොටසක් ලැබුණත් ඒ පොටෝව සම්බන්ධයෙන් ස්පෙන්සර්ගේ තියෙන්නේ නොකැමැත්තක් වගේ එකක්.
Leave a Reply