ගෙදර ඇතිකරන බලු සුරතලාට වෙනස් රසෙන් කෑම හදමුද??

අපි කාගෙත් ගෙවල් වල කතා නායකයා බලු හාමිගෙ කෑම එක රසට ලස්සනට නැත්තන් එයා කන්න අදිමදි කරන එක අපි හැමෝටම තියන ප්‍රශ්නයක්නේ. සමහර වෙලාවට ළමයින්ට කෑම දෙනවට වඩා අමාරුයි කෑම තෝරන බලුස්ලට උයන එක. අද ඉතින් අපි ඩෝග් ෆුඩ්ස් රෙසිපි ටිකක් ශෙයා කරගන්න හිතුවෙ ඒකයි. අපි කන දේවල්ම සමහර වෙලාවට කන්න දුන්නට එයාලට ඒව එච්චර ගුණදායක නෑ. එයාලගෙ ආහාර දිරවීමේ පද්ධතිය අපිට වඩා වෙනස් සහ සියුම්. බලු සුරතලාගෙ සෞඛ්‍යට වගේම බඩට ගැලපෙන කෑම ටිකක් තමා මේ. 

 

1. Homemade Dog Food

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වතුර කෝප්ප 6
  2. චිකන් ග්‍රෑම් 300
  3. හාල් කෝප්ප  2
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. ලුණු
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. වට්ටක්කා කප් 1/2
  8. චොප්කරගත් කැරට් කෝප්ප 1/2
  9. තරමක කෑලි කැඩූ කෝලිෆ්ලවර් කෝප්ප 1

 

  • භාජනයක් ලිපේ තියලා වතුර ටික දාගන්න. චිකන් ටික දාලා තැම්බෙන්න තියන්න.
  • ටිකකින් හාල් ටිකත් දාගන්න. දැන් මේකට ලුණු, මිරිස්කුඩු, කහකුඩු දාගන්න. ලුණු වැඩි කරගන්න එපා. වැඩිය ලුණු අපිට වගේම බව්වොන්ටත් ගුණ නෑ. 
  • පැය කාලක් වගේ හොඳට තැම්බෙන්න තියලා කපාගත් එළවළු ටික දාගන්න.
  • වහලා තව විනාඩි 10ක් වගේ තියලා බත් එක හොඳට තැම්බුනාම බාගන්න.

 

2. එළවළු සහ බිත්තර රයිස් (Veggie and Egg Rice)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. කැරට් කප් එකක්
  3. තම්බාගත් චිකන් ග්‍රෑම් 200
  4. ඔලිව් ඔයිල් මේස හැඳි 2
  5. බත් කප් 2

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා ගෑරප්පුවකින් ගසාගත් බිත්තර 2 කඩලා දාගන්න. 
  • මීඩියම් හීට් එකේ බිත්තර බැදෙන්න අරින්න. 
  • ඊලඟට කෑලි කඩාගත් චිකන් ටික එකතු කරන්න.
  • ඊලඟට කැරට් ටික දාගන්න. දැන් හොඳට ෆ්‍රයි වෙන්න විනාඩි 2ක් වගේ තියන්න. අන්තිමට බත් එකතු කරලා කලවම් කරන්න.

 

3. මීට් ලෝෆ් (Meat loaf)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අඹරාගත් බීෆ් හෝ චිකන් ග්‍රෑම් 300
  2. බිත්තර 4
  3. කිඩ්නි බීන්ස් ටින් 1
  4. කුරුඳු කුඩු තේ හැඳි 1/4
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කරපිංචා කොළ කිහිපයක්
  7. අල ගෙඩි 1
  8. කැරට් අල දෙකක්

 

  • ග්‍රයින්ඩර් එකට බිත්තර හා කිඩ්නි බීන්ස් දාගන්න. කිඩ්නි බීන්ස් වලින් පොටෑසියම්, මැග්නීසියම් වගේ පෝෂක ලැබෙනවා. කුරුඳු කුඩු ටිකක් දාගන්න. මේ ඔක්කොම ග්‍රයින්ඩ් කරගෙන බීෆ් වලට දාගන්න.
  • අල හා කැරට් ග්‍රේට් කරගෙන මේකට එකතු කරගන්න. හොඳට කලවම් කරලා පොඩි කොටස් අරගෙන මෆින් ට්‍රේ එකකට දාගන්න.
  • දමේක 180°Cට විනාඩි 50ක් වගේ බේක් කරගන්න. දැන් මේ පෝශන්ස් අරගෙන අතින් පොඩි කරල කන්න දෙන්න.

 

4. ස්වීට් ඩෝග් ට්‍රීට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉදුණු කෙසෙල් ගෙඩි 2
  2. පීනට් බටර් මේස හැඳි 2
  3. යෝගට් 1

 

  • මේ සියල්ලම පොඩි කරල කලවම් කරලා අයිස් කියුබ් ට්‍රේ එකක හෝ වෙන මෝල්ඩ් එකකට දාලා ෆ්‍රීස් කරලා එකින් එක කන්න දෙන්න.

 

5. Homemade Crockpot Recipe

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල් කෝප්ප  2
  2. අඹරාගත් චිකන් ග්‍රෑම් 200
  3. කිඩ්නි බීන් ටින් 1
  4. ග්‍රීන්පීස් කෝප්ප 1
  5. කපාගත් කැරට් අල 3
  6. කපාගත් අර්තාපල් අල 2
  7. බෝංචි කරල් කිහිපයක්
  8. කපාගත් වට්ටක්කා කෝප්ප 1

 

  • උඩින් කිව්ව ඔක්කොම භාජනයකට දාලා වතුර කෝප්ප 4ක් දාගන්න. භාජනය වහලා විනාඩි 25ක් වගේ කුක් කරගන්න.
  • බත් ඉදිලා චිකන් ටික තැම්බුනාම ලිප ඕෆ් කරගන්න. ටිකක් බෙරි ගතියට තිබ්බම සුරතලාට ඉක්මණට දිරවන්න පහසුයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *