අද ලංකාවේ නිතර අපිට භික්ෂූන්වහන්සේලා සිවුරු හැර යෑම ගැන අහන්න දකින්න ලැබෙනවා. නමුත් ගිහි ජීවිතය තුළ ඉඳන් මේ සියළු දේ අත් හැරලා දාලා පැවිදි ජීවිතයට එළඹෙන උතුම් මිනිසුන් ගැන අපි එතරම් කතාබහ කරන්නේ නැහැ. මේ නිසා lifie අපි හිතුවා පැවිදි ජීවිතයට එළඹුන ලංකාවේ සුප්‍රකට චරිත කීපයක් ගැන සටහනක් ඔබ වෙතට ගෙන එන්න.
1. සෝමසිරි අලකොලාංග
සෝමසිරි අලකොලංග අපිට වැඩිපුර මුණගැහුනෙ තාත්තාගේ චරිතයෙන්. විශේෂයෙන් “ජීවිතය ලස්සනයි” ටෙලි නාට්‍යයේ තාත්තාගේ චරිතය රඟපාමින් ඔහු ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තවත් සමීප වුණා. “සිකුරු හතේ”, “සමනල තටු”, “ගිනි අවි සහ ගිනි කෙලි” කියන්නෙ ඔහු රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ කීපයක්. සිය දියණියන් දෙදෙනා වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කරලා තමන්ගේ බිරිඳගේ මරණයෙන් පස්සේ ඔහු තමන්ගේ ආධ්‍යාත්මික චාරිකාව ආරම්භ කළා. ඒ හාරිස්පත්තුවේ සෝමානන්ද යන නාමයෙන් පැවිදි ජීවිතයට එළඹීමෙන්.
2. සරත් මුණසිංහ
ලංකාවේ ගොඩක් ප්‍රසංග වේදිකා වල නිහාල් නෙල්සන් විසින් ගායනා කරන වෙනස්ම ආකාරයේ ගීතයක් තියෙනවා. ඉතාමත් වේග රිද්මයෙන් ගායනා කරන මේ ගීතය තුළින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගවමස් කෑමෙන් වළකින්න කියලා. “එපා එපා මස් කන්නට කිරි අම්මාගේ” කියන මේ ගීතය නිසා ඇතැම් අය ගව මස් කෑම අත්හැරියා කියලත් අහන්න ලැබෙනවා. මේ ගීතය රචනා කරල තියෙන්නෙ සරත් මුණසිංහ කියන ගී පද රචකයා. ඒ වගේම ඔහු විසින් “ලස්සනට පිපුණු වන මල් ගල්” වැනි ජනප්‍රිය ගීතත් රචනා කරලා තියෙනවා. මේ වෙද්දි සරත් මුණසිංහ අපිට මුණ ගැහෙන්නේ වෙනම නමකින්, ඒ මීගහවෙල සුමනශාන්ත හාමුදුරුවෝ කියන නමින්.
3. මහාචාර්ය ජෝතිය ධීරසේකර
මහාචාර්ය ජෝතිය ධීරසේකර කියන නම මහගම සේකර කවියාගේ ජීවිතය සහ නිර්මාණය ගැන හොඳ හැදෑරීමක් තියන රසිකයන්ට නම් නුහුරු නුපුරුදු නමක් නෙමෙයි. පාලි භාෂාව සහ බෞද්ධ දර්ශනය පිළිබඳව පැතිර ගිය දැනුමක් සහිත ධීරසේකර මහත්මයාගේ ආශ්‍රය මහගමසේකර දැඩිව ප්‍රිය කරවා. සේකරගේ පවුලේ සමීපතමයන් කියන විදිහට අවසාන කාලයේදී මේ ආශ්‍රයට සේකර දැඩිව ඇලුම් කරන්නේ ඒ හරහා තමන්ට ලැබෙන සැනසිල්ල සහ දැනුම නිසා. මේ නිසාම මහගම සේකරගේ විශිෂ්ඨම නිර්මාණය වන ප්‍රබුද්ධ සඳහා පෙරවදන ලියන්න අවස්ථාව ලැබෙන්නේ ධීරසේකරයන්ට. එතුමා පස්සේ කාලෙකදී ධම්මවිහාරී නමින් ලංකාවේ සුප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වෙනවා. ධර්ම දේශනා හරහා වගේම පොත පත ලිවීම මගින් ධර්මය ප්‍රචාරය කිරීමට උන්වහන්සේ කටයුතු කරනවා.
4. ආනන්ද වීරසේකර
එක්දහස් නමසිය අසූ ගණන්වල ඇති වුණු ජේ.වී.පී කැරැල්ල සමයේදී කැරැල්ලට යොමුවුණු තරුණයන් පුනුරුත්ථාපනය කිරීමේ ප්‍රධානත්වය දැරුවේ ආනන්ද වීරසේකර. සමහර අය ආනන්ද වීරසේකරව ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග වර්ණනාවට ලක් කරද්දී තවත් සමහරු ඔහුට විවිධ චෝදනා එල්ල කරනවා. යුද්ධය පවතින සමයේදී සිවිල් ආරක්ෂක බළකායේ ප්‍රධානියා සහ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුණු සරත් වීරසේකර එතුමාගේ බාල සහෝදරයා. පස්සේ කාලෙකදී එතුමා සිය බිරිඳගේ මරණයෙන් පස්සේ දරුවන්ටත් සියලු යුතුකම් ඉටු කරලා තාඹුගල ආනන්ද නමින් මහණ වෙනවා. මේ වෙනකොට නැගෙනහිර පළාතේ දුෂ්කර ආරණ්‍ය සේනාසනයක උන්වහන්සේ වැඩ වාසය කරනවා.
5. සමුද්‍ර ගුණසේකර
මේ නම එතරම් ඔබට හුරු පුරුදු නැතුව ඇති. හැබැයි මේ ආටිකල් එක කියවන හැම දෙනාම වගේ “පිළිම වහන්සේ” කියන පොහෝ දා ඒකාංගික නාට්‍ය බලලා ඇති කියලා අපි හිතනවා. ඒ ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවෝ විදිහට ජේ. එච් ජයවර්ධන මහත්තයා ප්‍රධාන චරිතය රඟපාද්දි පොඩි හාමුදුරුවන්ගේ චරිතය රඟපෑවේ සමුද්‍ර ගුණසේකර. මේ වෙද්දි එදා ඒ පුංචි හාමුදුරුවන්ගේ චරිතය රඟපාපු සමුද්‍ර ගුණසේකර මහණ වෙලා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ වෙන කොට උන්වහන්සේ ආරණ්‍යගත වෙලා බවුන් වඩනවා.
6. අනගාරික ධර්මසේකර තුමා
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වෙලා ඉඳලා රෝහණ විජේවීර සමග මතවාදී ගැටුමක් මත ඉන් ඉවත් වෙලා තමන්ගෙම සංවිධානයක් හදාගෙන රට වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට ජී.අයි.ඩී ධර්මසේකර තමන්ගේ මුළු තරුණ කාලය වගේ කැප කළා. පස්සේ අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය ලංකාවට ගැලපෙනම මාර්ගය කියලා පසක් කරගත්ත එතුමා අනගාරික ධර්මසේකර නමින් අනගාරික දිවියට එළඹුනා. ඉන් පසුවත් දේශීය ගොවිතැන සහ සමාජ ප්‍රතිසංස්කරණය ගැන එතුමා දේශන පැවැත්වීම සිදු කළා. වසර කිහිපයකට කලින් උන්වහන්සේ මාලේවන ධර්මවිජය නමින් පැවිදි දිවියට එළඹුණා.
7. අනගාරික ධර්මපාල තුමා
දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා මුලින්ම පරගැති නම් අතහැරලා ධර්මපාල බවට පත්වෙනවා. පස්සේ තමන්ගේ මුළු ජීවිතයම බුද්ධ ශාසනය හා රටට පූජාකරලා අනගාරික ධර්මපාල බවට පත්වෙනවා. සෑම බුදුවරයෙක්ම බුදු වුණු අපරාජිත භූමිය – බුද්ධගයාව නැවතත් මුළු මහත් බෞද්ධ ලෝකයටම දිනලා දෙන්නේ උන්වහන්සේ විසින්. නමුත් උන්වහන්සේට දැඩිව ලංකාව ඇතුලෙන් පහර පිට පහර එල්ල වෙනවා. අවසානයේදී උන්වහන්සේ ඉන්දියාවේ පදිංචියට යනවා. තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේ දී උන්වහන්සේ සිරි දේවමිත්ත නමින් පැවිදි දිවියට පත්වෙනවා. ඊට ටික කාලයකට පස්සේ උන්වහන්සේ අපවත්වී වදාරනවා.
එහෙම නම් ඉතිං මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් උත්තමයන් වහන්සේලා ඉන්නවා නම් උන්වහන්සේලා ගැන කමෙන්ට් එකකින් අපිට දැනුම් දෙන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply