මේක අපි කලිනුත් කතා කරලා තියෙන දෙයක්. දැන් සෙක්ස් කරනවා කිව්වහම ඇත්තටම ඒක කොයි වගේද කියන එක ගැන සෙක්ස් කරල තියෙන අයට සහ සෙක්ස් කරලා නැති අයට අදහස වෙනස්. සෙක්ස් කරලා නැති අය හිතාගෙන ඉන්නවා ඔය බ්ලූ පිචර් වල තියෙනවා වගේ හැමදේම ගාණට ඇදක් පලුද්දක් නැතිව සිද්ධ වෙනවා කියලා. හැබැයි ඇත්තටම සෙක්ස් කරලා තියෙන, සෙක්ස් කරන අය දන්නවා, ඕකත් හෙනම කචල් එක්ක කරන්න ඕන දෙයක් කියලා. ඒ කියන්නේ නොහිතන ප්‍රශ්න වෙන්න පුළුවන්, දත් වදින්න පුළුවන්, ඔලු හැප්පෙන්න පුළුවන්. හැබැයි එකක්. ඔය ඔලු හැප්පෙනවා, දත් වදිනවා, සෙන්ටර් කරලා බැට් කරන්න බැරි වෙනවා වගේ ප්‍රශ්න ප්‍රැක්ටිස් එකත් එක්ක විසඳගන්න පුළුවන්. එතකොට ඔය නොහිතන ප්‍රශ්න ගැනත් කලින්ම හිත යොමු කළොත්, එව්වත් විසඳගන්න පුළුවන්. ආන්න එහෙම විසඳගන්න පුළුවන් වෙන්න, ඔය සෙක්ස් කරනකොට වෙන්න පුළුවන් බාහිර ප්‍රශ්න කීපයක් ගැන තමයි අපි අද කියන්න යන්නේ.
සෙක්ස් කරනකොට සිද්ධ වෙන්න පුළුවන්, දෙන්නගේ ආතල් කුඩු කරන අප්සට් දේවල් – 1 කොටස
1. අයියගෙන් කෝල් එකක්!
මේ වගේ අත්දැකීම් සාමාන්‍යයෙන් සෙක්ස් කරපු ඕනම කෙනෙක්ට තියෙනවා. හදිසියට ෆෝන් එක සයිලන්ට් දාන්න මතක් වෙන්නෙ නෑ. ඉතින් දෙන්නත් එක්ක ක්‍රමයෙන් ක්‍රමයෙන් මූඩ් එකට එන්ටර් වෙලා, අන්තිමට සෙක්ස් කරන්න පටන් අරගෙන බාගයක් දුර යනකොට ඔන්න ෆෝන් එක රින්ග් වෙනවා. “රුචිරාණනී අහන්න, එකපාර මා මරන්න” කියලා කාමරේ දෙදරන්න රින්ග් ටෝන් එක. දැන් සයිලන්ට් කරන්න හරි ෆෝන් එක අතට ගන්න ඕනනේ. අරගෙන බලනකොට ලොකු අයියා! හුටා!! සාමාන්‍යයෙන් ලොකු අයියා ලේසියෙන් කෝල් කරන්නෙත් නෑ, කෝල් කළොත් ආන්සර් කරන්නෙ නැතුව ඉන්නත් බෑ. කෙල්ලත් ඇඳේ හිටපු පොසිෂන් එකේම ඉන්න ගමන් නෝක්කඩු බැල්මෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ආන්සර් කරනවා. ලොකු අයියා විනාඩි හතලිස් පහක් කතා කරනවා, අවවාද උපදේශනා දෙනවා. අපි ඉතින් කෝල් එක ඉවර කරලා බලනකොට කෙල්ල ඇඳුම් ඇඳගන්නවා ගෙදර යන්න!
ආන්න ඒ නිසා සෙක්ස් කරනකොට අනිවාර්යයෙන්ම ෆෝන් එක සයිලන්ට් කරලා තියන්න.
2. හුටා, කොන්ඩම් නෑ!
මේක ඇත්තටම වෙන්නේ “අපි පොඩ්ඩක් කතා කර කර ඉන්න කොහාට හරි යමුද” කියලා බබා පාට් එකෙන් සෙක්ස් කරන්න එන්ටර් වෙන අයට නැතිනම් දැක්ක ගමන් ඉන්න බැරුව වැඩේට සෙට් වෙන අයට. වැඩේ පටන් අරගෙන මගක් දුර ගිහිල්ලා සංසර්ගයට සෙට් වෙන්න යනකොට තමයි මතක් වෙන්නේ උපත් පාලනයට මොකද කරන්නෙ කියලා. හැබැයි ඉතින් නිතර සෙක්ස් කරන, ඒ නිසාම උපත් පාලන පෙති දෛනිකව ගන්න හෝ වෙනත් දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන අයට මේක අවුලක් නෑ. එතකොට ඔය උපත් පාලන ගැන මෙලෝ හසරක් නොදන්න අයට සහ යන්න කලින් ගන්න එක එකම දන්න උපත් පාලනේ වෙච්ච අයටත් මේක අවුලක් වෙන්නෙ නෑ. හැබැයි සෙක්ස් කරා කියලා අනවශ්‍ය අවදානමක් ගන්න හොඳ නෑ කියන එක දන්න අයට මේක ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ එතනින් එහාට යන්න විදියක් නෑනේ. ඒකම ඇති සෙක්ස් මූඩ් එක ඉවර කරන්න.
ආන්න ඒ නිසා වැඩේ පටන් ගන්න කලින් උපත් පාලන ක්‍රම, ආරක්ෂිත ක්‍රම ගැන හිතන්න.
3. අම්මලා ආවා!
මතකද ඇමරිකන් පයි ෆිල්ම් එක? කොල්ලයි කෙල්ලයි යන්තම් අම්මලා තාත්තලා ගමනක් යනකල් ඉඳලා සෙට් වෙනවා. ඔන්න වැඩෙත් නැගලා යනවා. හැබැයි කෙල්ල හයියෙන් කෙඳිරි ගාන ලෙවල් එකෙන් වැඩේ යනකොට ඔන්න කාමරේ දොර ඇරගෙන තාත්තා එනවා “පුතා” කියාගෙන. ඒ පස්සෙන් අම්මත් එනවා. ඒ පස්සෙන් නැන්දත් එනවා, අල්ලපු ගෙදර අක්කත් එනවා. පල්ලියේ ෆාදරුත් එනවා. අන්තිමට මොන සෙක්ස්ද! ඇමරිකන් පයි එකේ වගේ නම් අවුලක් නෑ. අපේ ගෙවල් වල එහෙම ඔහොම එකක් වුනොත් ගෙදර වසලත් හමාරයි!!
ආන්න ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න, ෂුවර් එකටම අවුලක් වෙන්නෙ නැහැයි කියලා ෂුවර් වෙන තරමට ප්ලෑන් කරලා මිසක් ගෙදර සෙක්ස් නොකරන්න. සෙක්ස් කළත්, ඇඳට ගොඩවෙන්න කලින් දොර ජනෙල් අගුලු දාලා වහලා එන්න!
4. හම්බේ ගිරීස්මේ!
මේක ඇත්තටම මේ දවස් වල එහෙම පොදුවේ සමහරුන්ට සිද්ධ වෙන දෙයක්. දැන් ඔය අපි එක එක්කෙනාගේ ශරීරය එක එක වගේනේ. සමහරුන්ට රස්නේ වැඩිවෙනකොට පට්ටෙට දාඩිය දානවා. සමහරු රතු වෙනවා. කොහොම වුනත් පොදුවේ ගොඩක් අයට රස්නේ දරන්න අමාරුයි. ආන්න එතකොට දාඩිය ගලනකොට, රස්නේ කරදරයක් වෙනකොට සෙක්ස් කරන මූඩ් එක ගිලිහෙනවා. මොකද, සෙක්ස් කරනකොට ශරීර දෙකක් නිරන්තරයෙන්ම එකට ස්පර්ෂ වෙන එකනේ වෙන්නේ. එතකොට දාඩිය දාගෙන, රස්නේ විඳගෙන ඉන්නකොට තව කෙනෙක්ගේ දාඩිය දාපු, රස්නේ ශරීරයක් ඇඟේ ස්පර්ෂ වෙන එක සමහරුන්ට දරාගන්නත් අමාරුයි.
ඕකට ඉතින් කරන්නෙ මොනවද? ඉර ඕෆ් කරන්නයැ? හොඳම දේ තමයි ඒසී රූම් එකක සෙක්ස් කරන එක. සෙක්ස් කරන්න කලින් අනිවාර්යයෙන්ම දෙන්නම හොඳ බොඩි වොෂ් එකක් ගන්න එක. වෙන විකල්ප නෑ.
5. බල්ලා!
ගොඩක් දෙනෙක්ට සුරතල්ලු ඉන්නවනේ. අර අපේ යාලුවෙක් ඉන්නවා බල්ලොම හතක් අටක් ගෙදර ඉන්නවා. ඉතින් ඔන්න හිතන්න දෙයියනේ කියලා රොමෑන්ටික් මියුසික් එකක් එහෙම දාගෙන දෙන්නා සෙක්ස් කරන මූඩ් එකට එන්ටර් වෙනවා. ටිකෙන් ටික, ටිකෙන් ටික වැඩේ අරගෙන ගිහිල්ලා ඔන්න උද්වේගයෙන් සෙක්ස් කරන අවස්ථාවට එනකොට ඔන්න බල්ලො රංචුව කාමරේට රිංගනවා. සමහර වෙලාවට හුරතලේට ඇතිකරන බල්ලා දුවගෙන ඇවිල්ලා ඇඳට පනිනවා. සමහර වෙලාවට මේ වෙන අලකලංචිය මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව ඌ කලබල වෙලා අපිව ඇඳෙන් බිමට අදිනවා. අඩු තරමින් කාමරේ දොර වහලා තිබ්බත්, සමහර වෙලාවට හුරතල් බල්ලා ඇවිත් දොර ගාව බුරනවා!!
ආන්න ඒ නිසා දවල් වරුවක සෙක්ස් කරන්න කලින්, ඔබේ බලු සුරතලාව කූඩුවට දාලා, කෑම බීමත් දීලා තියලා එන්න. රෑට නම් අවුලක් නෑ, බල්ලත් නිදිනේ!
6. ඔයාගේ බූබ්ස් චූටීනෙ අනේ!
මෙන්න මේක සෙක්ස් මූඩ් එක කුඩු කරන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. පොදුවේ කිසිසේත්ම නොකළ යුතු දෙයක්. අපි දන්නවනේ ශිෂ්ට සම්පන්න මිනිස්සු කවදාවත් තවත් මනුස්සයෙක්ගේ ශරීරය ගැන, ශරීර අවයව ගැන නරකට දේවල් කියන්නේ, විවේචනය කරන්නේ, උපහාසයට ලක් කරන්නෙ නැහැයි කියලා. හැබැයි හිතන්න සෙක්ස් කරන්න ගිහිල්ලා ඇඳුම් ගලවනකොට කොල්ලා කිවුවොත් “ආනේ ඔයාගෙ බූබ්ස් චූටියිනේ” කියලා? එහෙම නැතිනම් කෙල්ල කිවුවොත් “ඔයාගෙ ඩික් එක තව ලොකු වුනා නම් ෂෝක්” කියලා? සෙක්ස් මූඩ් එක එතනින්ම කුඩු. සමහර වෙලාවට සම්බන්ධෙත් එතනින්ම කුඩු වෙන්න පුළුවන්.
7. බිව්වා!
දැන් ඔන්න දෙන්නත් එක්ක සෙක්ස් කරන්න කලින් පොඩි ෂොට් එකක් දැම්මා කියලා හිතන්නකෝ. ඒක අනන්තවත් වෙනවනේ. විශේෂයෙන්ම ඔය කොහේ හරි ට්‍රිප් එකක් එහෙම දෙන්නත් එක්ක ගිහිල්ලා, එන්ජෝයි කරලා, අන්තිමට සෙක්ස් කරන්න සෙට් වෙනකොට. දෙන්නත් එක්ක එහෙම ෂොට් එකක් දාන එකේ පොඩි ආතල් එකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඇඳට නගිනවා. ටිකක් කිස් කරගෙන කිස් කරගෙන යනකොට මෙන්න එක්කෝ කෙල්ලට නින්ද ගිහින් ගොරවනවා. එහෙම නැතිනම් කොල්ලා බීලා වැඩිවෙලා කබරයා දාන්න දුවනවා. සෙක්ස් මූඩ් අවුරුද්දකට කුඩු!
ආන්න ඒ නිසා දෙන්නත් එක්ක ෂොට් එක දාන්න කලින් හිතලා බලන්න කොහොමද ෂොට් එකේ බලපෑම කියලා. ඒ කියන්නේ උදාහරණයකට සමහර වෙලාවට කවදාවත් බීලා නැති නම්, පොඩි ෂොට් එකත් නාගසලං වෙන්න වදින්න පුළුවන්. අනික ෂොට් කීපයක් නවලා සෙක්ස් කරන්න හිතන්න එපා. වෙරි වුනොත් සෙක්ස් මූඩ් එන්නෙ නෑ!
Leave a Reply