අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගත හැකි රස කෑම වර්ග 7ක්

මේ දවස්වල රටේ තියන තත්ත්වෙත් එක්ක වෙනදට වගේ ගෙදර තියෙන ඔක්කොම ජාතිදාල කෑම හදන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒත් පවුලෙ හැමෝමත් ගෙදර ඉන්න එකේ හවසට කන්න, බබාලගෙ පොඩි බඩගින්නට කන්න කෑම මොනාහරි හදලා දෙන්න අම්මලා පසුබට වෙන්නෙ නෑනේ. බඩු ගන්නත් අමාරු මේ කාලේ අමුද්‍රව්‍ය අඩුවෙන් දාලා රසම රස කෑම ටිකක් හදාගන්න හැටි අද අපි කියලා දෙනවා. හැමදාම කන කෑම පොඩි දරුවොන්ට එපා වෙලා ඉන්න නිසා මේ වගේ වෙනස් රසට ලේසියෙන් හදාගන්න කෑම ටිකක් හදල දෙන්න. මේවා කාලා පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න කියලයි අපේ ඉල්ලීම. 

 

1. ටෙරියාකි චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කටු ඉවත් කළ චිකන් තයිස් ග්‍රෑම් 500
  2. සෝයා සෝස් කෝප්ප 1
  3. වතුර කප් 1/2
  4. රතු සීනි කෝප්ප 1/2

 

  • පෑන් එකට තෙල් පොඩ්ඩක් තවරගෙන චිකන් ටික ලාවට ෆ්‍රයි කරගන්න.
  • මේකට වතුර, සෝයාසෝස් සහ රතු සීනි එකට කලවම් කරන් දාගන්න.
  • හොඳට කලවම් කරලා වහලා අඩු ගින්දරේ පිසගන්න. විටින් විට කලවම් කරගන්න. 
  • සෝයාසෝස් සහ සීනි හොඳට උකුවෙලා චිකන් වල තැවරිලා තියෙන ගාණට හිඳුනම චිකන් තැම්බිලාද කියල බලල ලිපෙන් ඉවත් කරගන්න.

 

2. චොක්ලට් බ්‍රවුනීස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඩබල් බොයිල් කරගත් චොක්ලට් කෝප්ප් 1
  2. බිත්තර 2
  3. පාන්පිටි කෝප්ප 1

 

  • මේ ඔක්කොම හොඳට කලවම් කරලා ට්‍රේ එකකට දාලා 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.

 

3. නෝ ෆ්ලා ඊසි චොක්ලට් කේක් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොක්ලට් චිප්ස් කෝප්ප 1
  2. බිත්තර 3

 

  • චොක්ලට් චිප්ස් ටික ඩබල් බොයිල් කරගන්න.
  • බිත්තර සුදුමද හා කහමද වෙන් කරගන්න.
  • සුදුමද ටික හිමවෙනකල් බීට් කරගන්න.
  • දැන් ඩබල් බොයිල් කරගත් චොක්ලට් වලට පොඩ්ඩක් ගසාගත් බිත්තර කහමද ටික දාලා කලවම් කරගන්න.
  • ඊලඟට සුදුමද ටික දාලා පැතලි හැන්දකින් පෙරලමින් කලවම් කරගන්න.
  • බටර් ගාගත් ට්‍රේ එකකට දාලා 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. 

 

4. එග් පුඩින් 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කැරමල් එකට

 

  1. සීනි මේස හැඳි 4
  2. වතුර මේස හැඳි 3

 

එග් මික්ස්චර් එකට

 

  1. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
  2. සීනි කෝප්ප 3/4
  3. බිත්තර 4

 

  • භාජනයකට සීනි හා වතුර දාලා ලිපේ තියලා සීනි උණු වෙනකොට හැඳිගාලා කැරමල් එක හදාගන්න.
  • දැන් මේක පුඩින් හදන ට්‍රේ එකට දාලා අඩියේ හොඳට තවරගන්න.
  • වෙනම භාජනයකට ෆ්‍රෙශ් මිල්ක් සහ සීනි ටික දාල ලිපේ තියන්න සීනි දියවෙනකල් හොඳට හැඳිගාන්න.
  • බ්ලෙන්ඩර් එකට බිත්තර ටික දාලා සීනි දියකරගත් උණු කිරි ටිකත් දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේක කැරමල් දාපු ට්‍රේ එකට දාල එකට දාලා විනාඩි 30-40 ක් ස්ටීම් කරගන්න.

 

5. බනානා පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 1
  2. බිත්තර 1
  3. ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි මේස හැඳි 2ක්

 

  • කෙසෙල්, කිරි හා බිත්තරය බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් මේ තික් මික්ස්චර් එක නන්ස්ටික් පෑන් එකට දාලා පෑන් කේක් හදාගන්න.

 

6. කුකීස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් කෝප්ප 3/4
  2. සීනි කෝප්ප 1/3 (ග්‍රයින්ඩ් කරල ගන්න)
  3. පාන්පිටි කෝප්ප 2 1/4

 

  • බටර් හා සීනී බීට් කරන්න. සීනි දියවෙනකල් බීට් කරලා පිටි එකතු කරලා නැවත බීට් කරන්න.
  • දැන් මේ ඩෝ එක හොඳට අනාගෙන දිග රෝලක් ආකාරයට හදාගන්න. 
  • දැන් සීනි ටිකක් ට්‍රේ එක්කට දාල මේ ඩෝ එක පෙරලලා සීනි තවරගන්න හැම තැනම.
  • මේක පරිස්සමට ක්ලින්ග් රැප් එකකින් හෝ ලන්ච් ශීට් එකකින් ඔතලා ෆ්‍රීසර් එකේ විනාඩි 30ක් තියලා ගන්න.
  • ක්ලින්ග් රැප් එක හිමීට ලෙහලා අරන් පෙති කපාගන්න. මේ පෙති බේකින් ට්‍රේ එකක තියලා 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.

 

7. ඊසි එග් රොටි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පිටි මෙශරින් කප් 1 යි
  2. පොල්තෙල් මේස හැඳි 1 1/2
  3. ලුණු පොඩ්ඩක්
  4. වතුර

 

එග් රොටි ෆිලින්ග් එකට

 

  1. බිත්තර දෙකක්
  2. චොප් කරපු ළූණු
  3. චොප් කරපු අමුමිරිස් 
  4. ලුණු, ගම්මිරිස් රස අනුව
  5. වතුර මේස හැන්දක්

 

 

  • බැටර් එකට ඕන ටික බ්ලෙන්ඩර් එකට දාලා පෑන් කේක් පදමට අවශ්‍ය තරම් වතුර දාල බ්ලෙන්ඩ් කරගන්න.
  • බිත්තර දෙකට වතුර දාල ගෑරප්පුවකින් බීට් කරගෙන ඒකට එළවළු, ලුණු, ගම්මිරිස් දාල කලවම් කරගන්න.
  • නන්ස්ටික් පෑන් එකක් ලාවට තෙල් තවරගෙන ලිපේ ගින්දර මීඩියම් ගාණට දාල රත්වෙන්න තියන්න.
  • දැන් පෑන් එක ලිපෙන් ඉවත් කරල තප්පර පහක්  විතර නිවාගන්න. හදපු බැටර් එකෙන් හතරෙන් එකක් පෑන් එකට දාලා පෑන් කේක් එක වගේ රවුමට කරකවගන්න.
  • පෑන් එක නැව​ත ලිපෙන් තියල ගින්දර අඩු කරන්න.
  • අමු පිටි ගතිය නැතිවෙලා රොටිය උඩින් තැම්බුන පාට එන කොට බිත්තර ෆිලින්ග් එක දාගන්න. හතර පැත්තෙන් නවන්න. මතක තියාගන්න මේ ටික කරන්නෙ අඩු ගින්දරේ.
  • දැන් ගින්දර මීඩියම් ගාණට වැඩි කරන් දෙපැත්තම හොඳට පුච්චගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *