මලයාලම් සිනමාව මෑතකාලීන ව මුළු ලෝකය පුරා ම මහා ලොකු පෙරළියක් ඇති කරපු සිනමා කර්මාන්තයක් වුණා. ඒක එහෙම වෙන්න ඒ චිත්‍රපටවල තියන සරල කතා තේමා, ගැමි පරිසරය වගේ ම ඒවයේ තියන අමුතු ජීවයත් හේතු වුණා. ඒ ජීවයට හේතු වුණේ මේ චිත්‍රපටවල ඉන්න නළුනිළි පිරිස. මේ සමහරුන්ගේ හැරුණත් රංගනය. හෙට අනිද්දට බොලිවුඩයේ හාදයොන්ට නම් මෙයාලා සුපිරිම ඇණයක් වෙනවා නොඅනුමානයි.
1. ෆාහඩ් ෆාසිල්
මේ මොහොත වෙනකොට මලයාලම් සිනමාව අස්සේ හොඳට ම රවුම් ගහන වැඩකාරයා ෆාහඩ් කිව්වොත් ඒකේ කිසි වැරැද්දක් නෑ. ෆාහඩ්ගේ පැරණි චිත්‍රපට එක්ක බැලුවම මනුස්සයා එන්න එන්න ම තරුණ වෙනවා සහ සිනමාව අතින් සුපිරියට ම දියුණු වෙනවා. ඒ නිසා ම ද මන්දා ලැබෙන්නේ එකකට එකල් වෙනස් චරිත. Njan Prakashan, Varathan, Annayum Rasoolum, Maheshinte Prathikaaram, Kumbalangi Nights සහ Trance කියන චිත්‍රපට ඔහුගේ හොඳ ම චිත්‍රපට කීපය අතර තියනවා. Trance එකේ නම් මිනිහා තනිකර ම යකෙක්!
2. පාර්වතී
පාර්වතී; ශිව දෙවියන්ගේ භාර්යාව. ආදරයේ කරුණාවේ දේවිය. මේ කියන්න යන පාර්වතීත් එහෙමයි. ඇගේ චරිතවල ආදරය කරුණාව පිරිලා. පාර්වතීව ලංකාවේ ප්‍රේක්ෂක පිරිසට නම් ඉතාම හොඳට ඇහැ ගැහෙන්නේ Bangalore Days චිත්‍රපටයේ චරිතය එක්කයි. ඒ වගේ ම Ennu Ninte Moideen, Charlie, Uyare, Koode, Virus කියන චිත්‍රපටත් හොයාගෙන බලන්න වටිනවා. Qarib Qarib Singlle චිත්‍රපටය හින්දි පිචෑර් එකක්. ඒකෙත් ප්‍රධාන චරිතය කරන්නේ ඇය තමයි.
3. නිවින් පෝලි
ප්‍රේක්ෂක හිත්වල තුවාලෙකුත් නොවන තුවාලයක් නෙවෙයි කියලත් කියන්න බැරි තරමේ හැඟීමක් ඉතුරු කරලා ගියපු චිත්‍රපටයක් තමයි Premam. සමහරුන්ගේ මලයාලම් උන්මාදය පටන් ගත්තේ මෙතනින්. ඒ හිතාගන්න බැරි කතාවේ කතා නායකයා විදියට රඟපෑවේ නිවින්. ඒ එක චිත්‍රපටය තුළ ම මනුස්ස ජීවිතයක පියවර තුනක් ඔහු පෙන්වන්නේ නළුවෝ තුන් දෙනෙක් විදියට. ඒ තරම් දක්ෂයි. ආදරවන්තයාගේ චරිතය වගේ ම නිවින් කොමඩි වැඩවලටත් දක්ෂයි. ප්‍රේමම් කතාව හැරුණම Neram, Ohm Shanthi Oshaana, Oru Vadakkan Selfie, Jacobinte Swargarajyam, Hey Jude කියන චිත්‍රපටවල නිවින්ව වෙනස් ම විධිවලට දකින්න පුළුවන්.
4. සායි පල්ලවි
නිවින්ගෙන් පස්සේ වෙන නිළියකගේ නමක් එහෙම ලීවා නම් ඒක ලොකු වැරැද්දක් වෙන්න ඉඩ තිබ්බා. මොකද ඇගේ රංගනය ඒ තරමට ම Premam චිත්‍රපටයේ කැපිලා පෙනුණ නිසා. පාසල් කාලය නැත්නම් සරසවියේ ගත කළ අවුරුදු හතරෙ දි පල්ලවි කෙනෙක් ළඟින් නැතත් දුරින් හෝ දකින්න හැමෝට ම වගේ ඉන්නවා. ඒ මතකයට පණ දුන්න දවසේ ඉඳන් ඇය සිනමාවේ පෙරගමන් කියන ලකුණක්. ප්‍රේමම් චිත්‍රපටයට අමතරව Athiran, Kali, Fidaa, Diya වගේ චිත්‍රපටවල ඇය චරිත රඟ දක්වනවා. Maari 2 එකේ රංගනය නිසා ම ඇයගේ නර්තන දක්ෂතාව මුළු ලෝකය ම දැනගත්තා.
5. ප්‍රිත්විරාජ් සුකුමාරන්
ප්‍රිත්විරාජ්ගේ සිනමා දිවියට දැන් ගොඩක් කල් වෙනවා. නමුත් ඔහුත් ෆාහඩ් වගේ ම සිනමාව එක්ක එන්න එන්න ම තරුණ වෙනවා. කිසි දාක වයසට නොයන තරම් ජවසම්පන්න පෙනුමක් ඔහු සතුයි. Classmates, Urumi, Ennu Ninte Moideen, 9, Koode ඔහුගේ සිනමා දිවියේ නොමැකෙන මතක සටහන්. Raavanan චිත්‍රපටයේ වික්‍රම් සහ අයිෂ්වර්යා සමඟ එක් ව කළ රඟපෑම ඔහුගේ රංගන ජීවිතයේ නොමැකෙන තැනක්.
6. නස්රියා නසිම්
මේ ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න ෆාහඩ්ගේ හිත දිනාගත් ඔහුගේ ආදරණීය බිරිඳ තමයි නස්රියා. ඒ සම්බන්ධතා පැත්තක දාලා නිළියක විදියට කතා කරොත් ඇයට යන්න ලොකු ගමනක් තියනවා. මොකද තවමත් ඇය වයසින් අනෙක් අයට සාපේක්ෂව බාලයි. නමුත් ඒ ටික කාලෙට හොඳට රඟපාලා නම් තියෙනවා. Ohm Shanthi Oshaana, Bangalore Days, Neram, Trance ඇගේ සිනමා ජීවිතයේ රහ තැන්.
7. දුල්කර් සල්මාන්
දුල්කර්ට මේ අවස්ථාව හිමි වුණේ මලයාලම් සිනමාවේ දැවැන්තයෙකු වන සිය පියා මම්මූට්ටි නිසා කියලා කියන්න පුළුවන්. හැබැයි දුල්කර් වැඩ බැරි පුයර බබෙක් නම් නෙවෙයි. මනුස්සයා ඇඟෙන් ම රඟපාන නම්පචම් නැති සිරා ම නළුවෙක්. Comrade in America, Usatad Hotel, Kali, Charlie, Theevram, Bangalore Days කියන ඔහුගේ බලන්න වටින මලයාලම් නිර්මාණ ගොඩ චුට්ටකින් පැත්තකට තිබ්බොත් බොලිවුඩයටත් කොලිවුඩයටත් දෙකටම යන්න පුළුවන්. බොලිවුඩයට The Zoya Factor චිත්‍රපටයෙන්. එතකොට කොලිවුඩයට ගියේ OK Kanmani චිත්‍රපටයෙන්. ඒක ලොවෙත් හිට් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
Leave a Reply