බේකින් සෝඩා එහෙමත් නැත්නම් ආප්ප සෝඩා කියන්නේ පිපුම්කාරකයකට එහා ගියපු දෙයක්. බේකින් පවුඩර් එහෙම නෙවෙයි. ඉතින් අර කලින් කීව එහාට ගියපු දෙයක් විදියට බේකින් සෝඩා හංවඩු ගැහෙන්නේ මෙන්න මේ වගේ වැඩකිඩ කරලා දෙන නිසා. කිලෝ දෙක තුනක් ගෙදර ගෙනත් තියා ගත්තට පාඩුවක් වෙන්නේ නම් නෑ.
1. මුඛය ආශ්රිත ආම්පන්න සේදීමට
දත්බුරුසුව, මවුත්පීස් එක වගේ කටේ ගහන ආම්පන්න තියෙනවනේ ගෙදරක. මේ දේවල් රසායනික ද්‍රව්‍ය දාලා පිරිසිදු කරගන්නවට වඩා හොඳයි මුකුත් නොකර ඉන්න එක. ඇයි ඉතින් ඕවා අන්තිමේ යන්නේ කටට නේ. පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වුණාම බේකින් සෝඩා තේ හැඳි දෙකක් වතුර කෝප්පයකට දාලා අවශ්‍ය ආම්පන්න ඒක ඇතුළට දාලා රැයක් එහෙම තියෙන්න අරින්න.
2. ඇඳුම් සේදීමකට
ඇඳුම් හෝදන්න ලොන්ඩරි ඩිටර්ජන්ට් පවුඩර් තමයි දැන් හැම ගෙදරකම භාවිත කෙරෙන්නේ. බේසමකට දාන ඩිටර්ජන්ට් පවුඩර් අහුරට ඒ එක්කම බේකින් සෝඩා ටිකකුත් දැම්මම පාට කැපිලා පේනවා නියම කළ එළියට. විශේෂයෙන් ම සුදු ඇඳුම් සුදෝ සුදු කරලා දෙනවා.
3. නානකාමරය සේදීමට
නානකාමර පිරිසිදුවට තියන දියර පොඩි දරුවො ඉන්න ගෙවල්වල තියාගන්න එක භයානකයි. ඇත්තටම ඉතින් බේකින් සෝඩා තියනකන් එහෙම ඕනි වෙන්නෙත් නෑ. ස්පොන්ජ් කෑල්ලකට සෝඩා ටිකක් දාලා බිත්ති, ටැප්, සින්ක්, කොමඩ් යනාදී ඔක්කොම මැදගන්න පුළුවන්. බිමටත් බේකින් සෝඩා ඉහළා ටික වෙලාවක් ඉඳලා තදින් මොප් කරා ම කුණු ඉවත් වෙනවා.
4. විසිත්ත කාමරයේ පිරිසිදුවට
ඔයාගේ ගෙදර විසිත්ත කාමරයේ තියන බුමුතුරුණු නැති නම් ෆැබ්රික් පුටු සෙට් එක ඕවා ඇතුළේ දූවිලි අනම්මනම් රැඳිලා තියනවනේ. ඒකට කරන්න තියෙන්නේ මේවා මතුපිටට බේකින් සෝඩා ටිකක් ඉහළා මිනිත්තු පහළොවක් විතර බලන් ඉඳලා වැකියුම් කරලා දාන එක. කුණු ඉවත් වෙන එක විතරක් නෙවෙයි නැවුම් සුවඳකුත් එනවා.
5. මුළුතැන්ගෙයි ආම්පන්න පිරිසිදුවට
මුළුතැන්ගෙයි තියන කහට බැඳුණ කෝප්ප, කහ ගැහුණු පිඟන් වගේ ම දුර්වර්ණ ස්ටේන්ලස් ස්ටීල් එකේ ආම්පන්න අලුතින් ගත්තා වගේ තියනවා බේකින් සෝඩා ටිකක් දාලා මැදලා ගත්තම. තෙල් බැඳෙන ගෑස් එක, අවන් එක පිරිසිදු කරන්නත් හොඳම විසඳුම ආප්ප සෝඩාවලින් මැදීම.
6. පාද සත්කාරය
මේකට නම් ගෑල්ලමයි හුඟක් කැමති වේවි. මොන තරම් මූණ ලස්සන වුණත් කකුල් පැලිලා ඒ ඇතුළේ කුණු රැඳිලා නම් මූණේ ලස්සනත් අපරාදේ. ඇල්මැරුණු රස්නය ඇති වතුර බේසමකට බේකින් සෝඩා තේ හැඳි තුනක් දාලා ඒකේ කකුල් ඔබාගෙන විනාඩි 10ක් ඉන්න. ඊට පස්සේ පියුමික් ස්ටෝන් එකකින් හෝදලා තෙතමාත්තු කරගන්න.
7. නිදන කාමරය පිරිසිදුවට
නිදන කාමරය නිදන කාමරයක් වෙන්නේ ඕකේ තියන ඇඳ නිසානේ. ඇඳේ මෙට්ටය මසකට වරක්වත් එළියට දාලා අව්වේ තියන්න ඕනෑ. නැත්නම් බැක්ටීරියා දිලීර එක්ක විසුමක් වෙන්නේ නෑ. විශේෂයෙන් ම පොඩි දරුවන්ගේ මුත්‍රා සහ සමහර කාන්තාවන්ගේ ඔසප් වීම සිදු වෙනකොට කාන්දු වෙලා පැල්ලම් රැඳිලා තියනවා. අමුතු ගන්ධයක් ඉන් හමනවා. ඉතින් මේකට බේකින් සෝඩා ටිකක් මතුපිටට ඉහළා අව්වේ තියන්න විනාඩි 15ක් විතර.
Leave a Reply