සෙක්ස් ටෝයිස් සහ සෙක්ස් සම්බන්ධ ආම්පන්න ගැන දැනගමු!

දැන් ඔය කසාද බැඳලා ඉන්න හරි, ලිවින් ටුගෙදර් ක්‍රමේට එකට ඉන්න හරි කපල් එකක් ගත්තොත්, ඒ අයට සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නොවැ. දැන් හිතලා බලන්න, සෙක්ස් කරන්න ඇත්තටම ඕන කරන්නේ මොනවද කියලා. ඔව්, තමන් ගාව තියෙන ගැජට් එකයි එයා ගාව තියෙන ගැජට් එකයි තමයි ඕන කියලා කෙනෙක් කියයි. ඒක වැරදි නෑ. හැබැයි ඉතින් එහෙම ලඟ තියෙන ගැජට් එක විතරක් පාවිච්චි කරලා සෙක්ස් කිරිල්ල ටික දවසක් යනකොට එපා වෙලා යනවා. නිතර දකින කුකුළගේ කරමලෙත් සුදුයිනේ. ආන්න ඒ නිසා තමයි ඔය කපල් එකක සෙක්ස් ලයිෆ් එක ෆුල් රොක් කරලා, නග්ගලා ගන්න පුළුවන් විදියේ අනං මනං අවශ්‍ය වෙන්නේ. ඔව්, ඒ කියන්නේ ඔය සෙක්ස් ටෝයිස් වගේ දේවල් වුනත් අවුලක් නෑ කියන එක තමයි! ඉතින් අපි මේ කියන්න යන්නේ, එහෙම ෆුල් ෆන් එකේ, සෙක්ස් ලයිෆ් එකේ නැවුම් බව හැමදාමත් රඳවගන්න ආස කරන කපල් එකක් නම් තමන් ගාව තියාගන්න ඕන සෙක්ස් ලයිෆ් එකට අවශ්‍ය වෙන දේවල් කීපයක් ගැන තමයි.

 

1. සෙක්සි නයිට් ඩ්‍රෙස්

මේ කියන්නේ ලොංෂරි, ඒ කිව්වේ සෙක්සි කාන්තා යට ඇඳුම් ගැන. ඒ කියන්නේ ඔය ඇඳලා ඉන්නවා දැක්කහම පණ තියෙන ඕනම මනුස්සයෙක්ගේ හැඟීම් ඇවිස්සෙන විදියේ සරාගී යට ඇඳුම් ගැන. මෙව්වා විශේෂයෙන්ම කාන්තා යට ඇඳුම් තමයි. තමන්ගේ වයිෆ්ට ගැලපෙන විදියේ, වයිෆුත් ආස වෙන විදියේ, තමනුත් ආස වෙන විදියේ විවිධාකාරයේ ඒවා ඔය ලොංෂරී සෙක්ෂන් එකේ තියෙනවා. ආස වයිෆ් බාබිඩෝල් නයිට් ඩ්‍රෙස් එකක් ඇඳලා ඇඳට එනවටද? එහෙම නැතිනම් නේස් නෝනෙක් වගේ ඇඳලා එනවටද? අන්න ඒ ආසාවල් වලට සෙට් වෙන ඇඳුම් සෙට් එකක් ලඟ තිබුණට කාරියක් නෑ. ඒක සෙක්ස් ලයිෆ් එකට නැවුම් වෙනසක්!

ඒ වගේම තමයි, වයිෆ් ආස ඇතිනේ හස්බන්ඩ් වුනත් විශේෂ ඇඳුමක් ඇඳට එන්න තියාගන්නවට. ඒක බොටමක් වෙන්න පුළුවන්, බොක්සර් එකක් වෙන්න පුළුවන්. අන්න ඒවාත් විශේෂයෙන්ම ලඟ තියෙනවා නම් හොඳයි.    

 

2. ලිහිසිකාරක

ලිහිසිකාරක නැතිනම් ලුබ්‍රිකාන්ට් කිව්වහම සමහරුන්ට ඒ තරම් අදහසක් ඔලුවට යන්නේ නැති වුනත්, බේබි ක්‍රීම් හරි වැස්ලීන් හරි කිව්වහම නම් දන්නවා මේ කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම ගොඩක් අය හිතන්නේ මේ ලිහිසිකාරක අවශ්‍ය වෙන්නේ ගුද සංසර්ගය වගේ දේකට විතරයි කියලා. හැබැයි එහෙම නෙවෙයි. යෝනි සංසර්ගයට පවා ලිහිසිකාරක යෙදීම මගින් වැඩි තෘප්තියක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ වෙනත් කොටස් සම්භාහනය සඳහා වුනත්, පිරිමැදීම සඳහා වුනත් ලිහිසිකාරක යොදාගන්න පුළුවන්. 

අන්න ඒකට හොඳ ලුබ්‍රිකන්ට් එකක් ලඟ තියෙන එක වටිනවා. බේබි ක්‍රීම් වලට වඩා සාර්ථක ලුබ්‍රිකන්ට් වෙළෙඳපොළේ තියෙනවා කියලත් කියන්න ඕන.

 

3. බට් ප්ලග්

මේකත් බොහොම මතභේදාත්මක කාරණයක්. ගුද සංසර්ගයට ගොඩක් අය හුරු නැහැ. හැබැයි ගුද උත්තේජනයෙන් හොඳ තෘප්තියක් සමස්ත සංසර්ගයට ලබාගන්න පුළුවන් කියන එකත් වලංගු කාරණාවක්. අන්න එතනදී පාවිච්චි කරන්න පුළුවන් සෙක්ස් ටෝයි එකක් තමයි බට් ප්ලග් කියන්නේ. අනික ඒක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. පාවිච්චියට ලිහිසිකාරයක් තියෙන එකත් හොඳයි.

 

4. ඩිල්ඩෝ

දැන් ගෑණිටයි මිනිහටයි ලිංගික කර්තව්‍යය කරන්න අවශ්‍ය ගැජට් තමන් ගාවම තියෙනවා නම්, මොකටද ඩිල්ඩෝ එකක් කියලා කෙනෙක් අහයි. හැබැයි ලඟ තියෙන ගැජට් එකට අමතරව ඩිල්ඩෝ එකක් පාවිච්චි කරන එකේ වෙනස් අත්දැකීමක් ලැබෙයි කියලා කියන්න පුළුවන්. සෙක්ස් ටෝයිස් පාවිච්චි කරනවා කියන්නේ කිසිසේත්ම වරදක් නෙවෙයි. අන්න ඒ නිසා නිකමට වගේ ඩිල්ඩෝ එකක් අරගෙන, තමන්ගේ ගැජට් එකත් එක්ක අමතරව ඒකත් පාවිච්චි කරලා බලන්න පුළුවන්.

 

5. මාංචු

මේ කියන්නේ පොලිසියෙන් දාන මාංචු ගැන නෙවෙයි. සෙක්ස් කිරීම සඳහා සෙක්ස් ටෝයි එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් හෑන්ඩ් කෆ්ස් ගැන තමයි මේ කියන්නේ. මේවා අත් වලට රළු නොවෙන විදියට, බොහොම සුමුදු විදියට හදපු මාංචු වල ඉඳලා, වානේ වලින් හදපු මාංචු දක්වා පරාසයක තෝරගන්න තියෙනවා. හැබැයි අර පොලිස් මාංචු නෙවෙයි මේවා. 

එතකොට සෙක්ස් කරනකොට මාංචු මොකටද? බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය බොන්ඩේජ් කියලා කියන්නේ. අන්න ඒ විදියේ කින්කි වැඩ වලට තමයි මාංචු අවශ්‍ය වෙන්නේ. නිකම් හිතන්න තමන්ට අත් වලින් කිසිම දෙයක් කරන්න බැරි විදියට මාංචු කුට්ටමක් අත් වලට දාලා, වයිෆ් එයාට ඕන දේවල් අපිට කරනවා කියන එක සෙක්සි නැද්ද?

 

6. සොෆ්ට් කොට්න් ලණු

ලණු අවශ්‍ය වෙන්නෙත් අර උඩ කියපු බොන්ඩේජ් වලට තමයි. හැබැයි ඔය කඩේ ගන්න තියෙන කොහු ලණු වලින් ඔව්වා කරන්න යන එක මාරම කේස්. අත පය කැපිලා, තුවාල වෙලා හරි ප්‍රශ්න වෙයි. අන්න ඒ නිසා බොන්ඩේජ් වර්ගයේ සෙක්ස් වැඩ වලටම හදපු සොෆ්ට් කොට්න් ලණු කැරළි තියෙනවා. ආන්න ඒවා හොඳයි බොන්ඩේජ් වලට. දෙන්නම කැමති නම්, ඒකත් වෙනස් විදියේ අත්දැකීමක් වෙයි.

 

7. පැඩ්ල්ස් සහ විප්ස්

මේ කියන්නේ අර රෙදි පටි වලින් හදපු සොෆ්ට් කස වගේ දේවල්. සෙක්ස් කරනකොට අත්ලෙන් තට්ටමකට එහෙම හෙමින් පාරක් ගහන එකේ පොඩි දෙයක් තියෙනවා නේද? අන්න එතකොට ඒ වගේම, ඊටත් වඩා තෘප්තියක් ලබාගන්න පුළුවන් සෙක්ස් ටෝයිස් විදියට එන විප් එකකින් හරි පැඩ්ල් එකකින්. පැඩ්ල් එකක් කියන්නේ මෘදු, පැතලි පෘෂ්ටයක් විදියට තියෙන රබර් හෝ ප්ලාස්ටික් ගැජට් එකක්. ඒකෙන් රිදෙන්නේ නැහැ. ඒත් වෙනස් විදියේ දැනීමක් ලැබෙනවා.

 

8. චොකලට් බොඩි පේන්ට්

දැන් සෙක්ස් කරනකොට අපි අනිවාර්යයෙන්ම අපේ මුඛය සහ දිව පාවිච්චි කරනවනේ. ඒ කියන්නේ සිප ගැනීමට විතරක් නෙවෙයි, ලෙව කෑමට සහ උරාබීමටත් මුඛය සහ දිව පාවිච්චි කරනවා. ආන්න එතකොට චොකලට් රහට ලෙවකන්න තියෙන එකේ අමුතු ප්‍රීතියක් නැද්ද? අනෙක් කෙනාටත් තමන්ගේ ශරීරයේ බොඩි පේන්ට් එකක් ආලේප කරලා, තමන්ගේ සහකරුවා හරි සහකාරිය හරි ඒක ලෙවකන එකේ සහ උරා බොන එකේ අමුතු තෘප්තියක් තියෙනවා.

 

9. ක්ලිප්ස්

මේකත් විකල්ප කාරණයක්. දෙන්නම කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ක්ලිප්ස් කියන්නේ ලොකු පීඩනයක් ශරීරය මත යෙදෙන්නේ නැති, සොෆ්ට් ක්ලිප්ස්. මේවා තන පුඩු මත සවි කරන්න පුළුවන්. ඒකටත් ගැහැණු හෝ පිරිමි භේදයක් නැහැ!

 

මේ හැමදෙයක්ම තියන්නත් විශේෂ තැනක් තියෙන එක හොඳයි. උදාහරණයක් විදියට ගත්තොත්, ඇඳුම් අල්මාරියේ එක රාක්කයක් වෙන් කරන්න පුළුවන් සෙක්ස් කරනකොට අඳින ඇඳුම් වලට විතරක්. ඒ වගේම නයිට් ස්ටෑන්ඩ් එකේ යතුරු දාන්න පුළුවන් ලාච්චුවක් වෙන් කරන්න පුළුවන් ඔය සෙක්ස් ටෝයිස් සහ අනෙක් අපි කියපු කලහමනා වලට. ඒවා සාමාන්‍ය බඩුමුට්ටුත් එක්ක නොතියා, විශේෂයෙන් තැන්පත් කරලා තියන එකේත් තියෙනවා වෙනම ආතල් එකක්!

ඊලඟ කාරණාව: මේ හැමදෙයක්ම සිද්ධ වෙන්න ඕන දෙන්නගේම කැමැත්ත උඩ. අන්න ඒ නිසා හොඳම දේ තමයි තමන්ගේ ලිංගික ජීවිතේට අමතර රහක් එකතුකරගන්නේ කොහොමද කියන එක ගැන දෙන්නත් එක්ක සාකච්ඡා කරලා, ඒකට තමන්ට අවශ්‍ය මොනවද කියන එක ගැනත් එකඟතාවයකට ඇවිල්ලා ඉන්න එක.