ඔබේ අවශ්‍යතාවට සරිලන මයිසූර් පරිප්පු ෆේස් පැක් ගෙදරදීම හදාගන්න

අපේ කුස්සිවල නිරන්තරයෙන් රැඳෙන ආහාර ද්‍රව්‍යයක් තමයි මයිසූර් පරිප්පු. කන එක හැරුණම මේ පරිප්පුව රූපලාවණ්‍ය සඳහාත් යොදාගන්න පුළුවන් බව සමහරවිට අමුතු දෙයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේ පරිප්පු එක්ක වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරලා ෆේස් පැක් හදාගන්න පුළුවන්. මේ සඳහා යොදාගන්න අනෙකුත් ද්‍රව්‍ය ඔබේ වෙනස් අවශ්‍යතාවන් පිරිමසාවි.



1. වියළි සමට පරිප්පු සහ මුදවපු කිරි පැක්


අවශ්‍ය ද්‍රව්‍ය:


මයිසූර් මේස හැඳි 2
මුදවපු කිරි හැඳි 1
මීපැණි හැඳි 1



සාදන ආකාරය:



පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු මුදවපු කිරි සහ මීපැණි එක් කර තලපයක් සේ සකසා ගන්න. බෙල්ලේ සහ මුහුණේ ගල්වා විනාඩි 20ක් පමණ තබන්න. මද රස්නය සහිත වතුරෙන් සෝදා හරින්න. වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා සතියකට වරක් හෝ මෙය නොකඩවා කරන්න.



2. පිග්මන්ටේෂන් සඳහා පරිප්පු සහ පොල්තෙල් පැක්


අවශ්‍ය ද්‍රව්‍ය:



මයිසූර් මේස හැඳි 3 (රැයක් පොඟවන ලද)
ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 1
පොල්තෙල් මේස හැඳි 1



සාදන ආකාරය:



පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එම පරිප්පු තලපයට ෆ්‍රෙෂ් මිල්ක් සහ පොල්තෙල් මිශ්‍ර කරගන්න. මේ පැක් එක විනාඩි 5ක් පමණ ඇඟිලි තුඩුවලින් මුහුණෙහි ආවරණය කරන්න. ඉන්පසු විනාඩි 20ක් පමණ වේලෙන්න හරින්න. මද රස්නය ඇති වතුරෙන් සෝදන්න. අවසානයේ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න. ප්‍රතිඵල සඳහා සතියට දෙවරක් මෙය සිදු කරන්න.



3. පැහැපත් සමට පරිප්පු සහ කහ පැක්


අවශ්‍ය ද්‍රව්‍ය:



මයිසූර් මේස හැඳි 2
කහකුඩු මේස හැඳි 1
රෝස වතුර බිංදු කිහිපයක්



සාදන ආකාරය:



පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට කහකුඩු සහ රෝස වතුර එක් කර සාදන පැක් එක මුහුණ සහ බෙල්ලෙහි තවරාගන්න. විනාඩි 20ක් තබන්න. සීතල වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් කිරීමෙන් නිසැක ප්‍රතිඵල ලැබිය හැකිය.



4. පිග්මන්ටේෂන් සහ ලප කැළැල් සඳහා පරිප්පු සහ කඩල පිටි


අවශ්‍ය ද්‍රව්‍ය:



මයිසූර් මේස හැඳි 2
කඩල පිටි මේස හැඳි 1
යෝගට් මේස හැඳි 1



සාදන ආකාරය:


පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට අනෙක් කළමනා දමා සාදාගත් තලපය විනාඩි 5ක් තිස්සේ මුහුණේ ආලේප කරගන්න. විනාඩි 20ක් වියළීමට තබා සාමාන්‍ය ජලයෙන් සෝදාගන්න. සතියකට වරක් සිදු කරන්න.



5. දීප්තිමත් සහ පිරිසිදු සමකට පරිප්පු සහ ලෙමන් ලෙලි පැක්


අවශ්‍ය ද්‍රව්‍ය:



මයිසූර් තේ හැඳි 2
ගාගත් ලෙමන් ලෙල්ලක්
ලෙමන් යුෂ බිංදු කිහිපයක්



සාදන ආකාරය:



පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට ගාගත් ලෙමන් ලෙල්ල සහ යුෂ එක්කොට තරමක ඝනකමක තලපයක් සාදා ගන්න. විනාඩි 5ක් පමණ මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් වියලෙන්න තබා සීතල වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් සිදු කරන්න.



6. පිග්මන්ටේෂන් සහ තෙතමනය රඳවා ගැනීමට මයිසූර් සහ දාස්පෙතියා පැක්


අවශ්‍ය ද්‍රව්‍ය:



මයිසූර් මේස හැඳි 2 (රැයක් පොඟවන ලද)
දාස්පෙතියා මල්පෙති 4
රෝස වතුර බිංදු කිහිපයක්



සාදන ආකාරය:



පරිප්පු සහ මල්පෙති එකට බ්ලෙන්ඩ් කරන්න. ඊට රෝස වතුර බිංදු කීපයක් එක් කොට සදාගත් පැක් එක මුදු ලෙස මුහුණේ ගල්වා විනාඩි 15ක් වියලෙන්න හරින්න. සෝදා හරින්න. සතියකට වරක් භාවිත කරන්න.

 


7. පිග්මන්ටේෂන් සහ මැරුණු සෛල සඳහා මයිසූර් සහ කිරි පැක්


අවශ්‍ය ද්‍රව්‍ය:



පරිප්පු මේස හැඳි 1
කිරි බිංදු කිහිපයක්



සාදන ආකාරය:


පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට කිරි බිංදු කිහිපයක් එකතු කරගන්න. එලෙස සාදාගත් රළු පැක් එක ඉතා සුමුදු ලෙස මුහුණේ ගල්වා විනාඩි 15ක් තබන්න. මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් සිදු කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *