සෙට් වෙනකොට බයිට් එක ගෙදරදිම හදාගන්න මෙන්න අපෙන් රෙසිපි 7ක්

අද අපේ ලිපියෙන් අපි කියන්නෙ මේ සාමාන්‍යයෙන් සෙට් වීමකදි කඩෙන් බයිට් නොගෙන ගෙදරම රසට හදාගන්න හැටි. උයන්න පිහන්න ආධුනික කොල්ලෙක්ට වුණත් මේ බයිට් වර්ග හදාගන්න එක අමාරු කාරියක් නෙමෙයි…

 

1. හොට් බටර් කට්ල්ෆිශ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් දැල්ලො ග්රෑම් 200
  2. ලුණු තේ හැඳි 1/2
  3. බිත්තර සුදුමද 1

 

බැටර් එක සඳහා

 

  1. කෝන්ෆ්ලා ග්‍රෑම් 200
  2. කහ මේස හැඳි 1/2
  3. ලුණු පින්ච් එකක්

 

සෝස් එකට

 

  1. සුදුළූණු පේස්ට් මේස හැඳි 2
  2. බටර් මේස හැඳි 2
  3. සීනි තේ හැඳි 1/2
  4. චිලී පේස්ට් මේස හැඳි 1ක් තෙල් තේ හැඳි එකකට කලවම් කරලා
  5. කපාගත් මාළු මිරිස් කරල් 2
  6. රවුම් කපාගත් ළූණු ගෙඩි 2
  7. කපාගත් ළූණු කොළ ටිකක්
  8. වියලි මිරිස් කරල් 2

 

  • දැල්ලො වලට ලුණු හා බිත්තර සුදු මදය දාලා කලවම් කරගන්න.
  • කෝන්ෆ්ලා වලට කහකුඩු හා ලුණු කුඩු දාලා වෙනම කලවම් කරගන්න.
  • දැන් තාච්චියක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට බිත්තර දවටපු දැල්ලො කෝන්ෆ්ලා වල තවරගෙන රත් උන තෙලට දාලා රන්වන් පාටට බැදගන්න.
  • වෙනම පෑන් එකකට බටර් දාලා දිය උනාම ඒකට වියලි මිරිස් කපල දාගන්න. ඒක පොඩ්ඩක් බැදුනම ගාලික් පේස්ට් එක දාගන්න. 
  • ඒකට චිලී පේස්ට් සහ සීනි ටිකත් එකතු කරන්න. හොඳට කලවම් කරලා බැදගත් දැල්ලො ටික මේකට එකතු කරන්න. 
  • දැන් කපාගත් මාළුමිරිස්, ළූණු කොළ හා ළූණු  එකතු කරන්න. හොඳට කලවම් කරන් ලිප නිවන්න.

 

2. හොට් බටර් මශෲම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හතු 100g
  2. කෝන් පිටි 100g
  3. ලුණු තේ හැඳි 1\4
  4. කහ ස්වල්පයක්
  5. චොප් කරගත් සුදු ළූණු
  6. බටර් මේස හැඳි 1
  7. සීනි තේ හැඳි 1\2
  8. චිලි පේස්ට් මේස හැඳි 1
  9. තෙල් තේ හැඳි 1
  10. කපාගත් මාළු මිරිස් කරලක්
  11. දිගට කපාගත් ළූණු කොළ ටිකක්
  12. කපාගත් වියලි මිරිස් කරල් කීපයක්
  13. දියාරුවට සාදාගත් කට්ලට් බැටර් එක

 

  • හතු ලුණු වතුරේ දමා සෝදා, හොඳින් දිය මිරිකා තීරු වලට ඉරාගන්න.
  • කෝන් පිටි වලට ලුණු සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.
  • හතු වලට කට්ලට් බැටර් එක එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. 
  • කෝන් පිටි වල හතු තීරු දවටා රත් වූ ගැඹුරු තෙලේ ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
  • වෙනම භාජනයක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ළූණු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.
  • එයට බැදගත් හතු, මාළු මිරිස්, වියලි මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ලිප නිවා ළූණු කොළ එක් කර මිශ්‍ර කරගන්න.
  • මස් මාළු නොකන බිත්තර විතරක් පාවිච්චි කරන අයට මේ රෙසිපි එකේ කට්ලට් බැටර් එක වෙනුවට බිත්තර සුදු මදයක් ගන්න පුළුවන්.

 

3. බීෆ් කංකුන් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

බීෆ් මැරිනේට් කිරීමට

 

  1. බීෆ් ග්‍රෑම් 200
  2. තලාගත් සුදුළූණු බික් 3-4
  3. තලාගත් ළූණු ගෙඩි 1
  4. ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
  5. ලුණු පින්ච් එකක්
  6. ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2

 

සෝස් එක සඳහා

 

  1. වෙජිටබල් ඔයිල් මේස හැඳි 2
  2. චොප්කරගත් සුදුළූණු ටිකක්
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  4. සෝයා සෝස් මේස හැඳි 1
  5. සෝදා වතුර බේරාගත් කංකුන්

 

  • බීෆ් කෑලි හීනි පෙති පෙති වගේ කපාගන්න. මේකට සුදුළූණු, ළූණු, ඔයිස්ටර් සෝස් හා ලුණු, ගම්මිරිස්කුඩු රස අනුව දාලා හොඳට කලවම් කරලා මැරිනේට් වෙන්න පැයක් දෙකක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පැය දෙකකින් බීෆ් ටික අරගෙන තෙල් පොඩ්ඩක් දාපු පෑන් එකක අඩු ගින්දරේ හොඳට බීෆ් තැම්බෙනකම් ස්ටර්ෆ්‍රයි කරගන්න.
  • පෑන් එකෙන් බීෆ් ටික අයින් කරල ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත්  හා ළූණු හා සුදුළූණු දාගන්න.
  • මේක තෙම්පරාදු උනාම ස්ටර්ෆ්‍රයි කරගත් බීෆ් ටිකයි සෝයා සෝස් ටිකයි දාගෙන හොඳට කලවම් කරලා කංකුන් ටික දාල කොළ ටික මැලවේගෙන එනකොටම ලිපෙන් ඉවත් කරන්න. 

 

 

4. චිලී චිකන් විත් කැශූ නට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

චිකන් එකට 

 

  1. කටු ඉවත්කරගත් චිකන් ග්‍රෑම් 500
  2. සෝයා සෝස් මේස හැඳි 1
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. කෝන්ෆ්ලා මේස හැඳි 1
  5. බිත්තර 1

 

සෝස් එක සෑදීම

 

  1. ඔයිස්ටර් සෝස් මේස හැඳි 2
  2. සෝයාසෝස් මේස හැඳි 2
  3. විනාකිරි තේ හැඳි 1
  4. සීනි මේස හැඳි 1
  5. චිලී සෝස් මේස හැඳි 1
  6. වතුර කෝප්ප 1/4

 

කරි එක සෑදීමට

 

  1. චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ටිකක්
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් බෙල්පෙපර් (කොළ හා රතු) ගෙඩි 1/2 බැගින්
  4. කෑලිමිරිස් ටිකක්
  5. බැදගත් කජු අහුරක්
  6. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • චිකන් එකට අවශ්‍ය ද්‍රව්‍ය සේරම එකට මිශ්‍ර කරල පැයක් ෆ්‍රිජ් එකේ තියල අරන් ගැඹුරු තෙලේ බැදගන්න.
  • සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය සේරම එකට මිශ්‍ර කරල සෝස් එක හ​දල පැත්තකින් තියාගන්න.
  • කරි එක හදාගන්න පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙන කොට ඉඟුරු, සුදුළූණු හා ළූණු ටිකත් දාලා තෙම්පරාදු කරගන්න. 
  • ඉන්පසු චොප්කරගත් බෙල්පෙපර් ටික දාගන්න. දැන් කජු හා බැදගත් චිකන් ටික දාගෙන කලවම් කරගන්න.
  • හදාගත් සෝස් එක උඩින් දාගන්න.
  • කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු  රස අනුව දාගෙන සෝස් එක හොඳට චිකන් එකේ දැවටිලා තෙත ගතිය හිඳුනම ලිප ඕෆ් කරගන්න.

 

5. බේක්ඩ් ෆිශ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගල්මාළු වර්ගයක මාළුවෙක්
  2. ඉඟුරු, සුදුළූණු පේස්ට් එක
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  5. ලුණු පින්ච් එකක්
  6. දෙහි ඉස්ම ටිකක්
  7. සෝයා සෝස් මේස හැන්දක්
  8. තුනපහ කුඩු තේ හැඳි 1
  9. තක්කාලි පේස්ට් ස්වල්පයක්
  10. ඔලිව් ඔයිල් ටිකක්

 

  • මාළුවා හොඳට සෝදල සුද්ද කරගෙන  දෙපැත්තෙම පිහියකින් වෙන් නොවෙන්න හම විතරක් ඉරි කපාගන්න.
  • අනිත් අමුද්‍රව්‍ය  ඔක්කොම කලවම් කරලා පේස්ට් එකක හදාගන්න.
  • හදාගත්තු පේස්ට් එක මාළුවගේ එළියෙ ඇතුලෙ හැමතැනම පින්සලකින් හෝ අතින් ගාගන්න. පැය දෙකක් ෆ්‍රිජ් එකේ දාල සීසන් කරන්න. 
  • 200°C ට විනාඩි 30ක් වගේ බේක් කරගන්න. මුල් විනාඩි 15න් පස්සෙ මාළුවා අනිත් පැත්ත හරවගන්න. බේක් කරන කාලය මාළුවා අනුව වෙනස් වෙන නිසා අවශ්‍ය ප්‍රමාණයට බේක් කරගන්න. 

 

6. පෙපර් පෝක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සූදුරු ඇට තේ හැඳි කාලක්
  2. ගම්මිරිස් ඇට තේ හැන්දක්
  3. කුරුඳු පොතු කෑල්ලක්
  4. කරාබුනැටි 2-3
  5. කරපිංචා කොළ ටිකක් (කරපිංචා ඇතුළු ඉහ​ත ද්‍රව්‍ය ඔක්කොම කබලෙ බැදලා කුඩු කරගන්න)
  6. පෝක් ග්‍රෑම් 500
  7. කහ කුඩු තේ හැඳි 1/2
  8. ලුණු
  9. දෙහි යුෂ තේ හැන්දක්
  10. සුදුළූණු බික් 4-5
  11. ඉඟුරු පොඩි කෑල්ලක්
  12. කපාගත් අමුමිරිස් කරල් 2
  13. කොටුවට කපාගත් ළූණු ගෙඩි 1
  14. සෝයා සෝස් මේස හැඳි 1

 

  • පෝක් ටික පොඩි කෑලිවලට කපාගෙන සාදාගත් පහේ කුඩු එක හා කහකුඩු එක් කරගන්න. ලුණු හා දෙහිත් එක්කර කලවම් කරගන්න. පැය භාගයක් මැරිනේට් කරගන්න.
  • සුදුළූණු, ඉඟුරු හා වතුර ස්වල්පයක් එක්කර ග්‍රයින්ඩ් කර ගාලික් පේස්ට් එක හදාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා මැරිනේට් කරගත් පෝක් ටික දාලා ෆ්‍රයි කරගන්න. මේකට වතුර කෝප්ප 1ක් එකතු කරගන්න. පෝක් ටික තැම්බෙනකල් වහලා තියන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අමුමිරිස් හා ළූණු ටික දාගන්න. මේ ටික පෑන් එකෙන් අයින් කරලා ඉඟුරු, සුදුළූණු පේස්ට් එක ඒ පෑන් එකටම දාගන්න. ටිකකින් සෝයා සෝස් ටිකත් දාගන්න. දැන් කුක් කරගත් පෝක් ටික දාලා මද ගින්නෙ පිසගන්න.
  • මේකට අයින් කරගත් ළූණු ටික එකතු කරන්න. හොඳට තෙම්පරාදු කරගෙන ලිපෙන් බාගන්න.

 

7. කඩල කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳින් තම්බාගත් කඩල ග්‍රෑම් 200
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. බිත්තර 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. අබ ඇට ටිකක්
  6. සිහින්ව කපාගත් කරපිංචා කොළ කිහිපයක්
  7. කෑලිමිරිස් තේ හැඳි 2
  8. එළවළු තෙල් ටිකක්

 

  • පෑන් එකට තෙල් ටිකක් දාගන්න. ටිකකින් අබ දමා පුපුරනකොට ළූණු හා කරපිංචා එක්කරන්න.
  • තෙම්පරාදු වේගෙන එනකොට කඩල ටික දාගන්න. දැන් ලුණු පින්ච් එකක් ස​හ ගම්මිරිස්කුඩු දාගන්න. විනාඩි 2ක් වගේ වහලා තියන්න.
  • බිත්තර කඩලා පොඩ්ඩක් බීට් කරලා කඩල වලට එකතු කරන්න. හොඳට බිත්තර කඩල වල දැවටිලා ස්ක්‍රැම්බල් උනාම අන්තිමට කෑලිමිරිස් දාලා ටිකකින් ලිප ඕෆ් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *