අපේ හංදියේ කඩේ කොත්තු තැටියේ සිට තරු හෝටලයේ කුස්සිය දක්වා පාවිච්චි වෙන රසකාරක අරුම පුදුම දෙයක් තමයි සුදුළූණු. සුදුළූණු අපේ ආහාර වට්ටෝරුවලට නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයි. මේ සුදුළූණු කියන්නේ ලංකාවේ වැවෙන දෙයක් නෙමෙයි. ඒත් යටත්විජිත ආහාර වට්ටෝරු එක්ක මිශ්‍ර වුණු ලංකාවේ කෑම වට්ටෝරුවලට දැන් සුදුළූණු යහමින් වැටෙනවා. පොඩි පොඩි අත්බේත් වලට හෙම සුදුළූණු ගන්නවා. ඒ වගේම ලොකු ලොකු බේත් වර්ග වලටත් ගැලපෙන ගතිගුණ සුදුළූණු වල තියෙනවා කියලා ඔයාල දන්නවාද? දන්නේ නැතිනම් එන්න අපිත් එක්ක සුදුළූණු වල විස්තර දැනගන්න.
1. සුදුළූණු වල ඉතිහාසය
ගීසා පිරමීඩ හදල දැන් අවුරුද 5,000ක් විතර වෙනවා. ඒ පිරමීඩ හදන කාලේ පවා සුදුළූණු මිනිස්සු පාවිච්චි කළා කියලා සාධක හමුවෙලා තියෙනවා. ආහාරය බෙහෙතක්, බෙහෙතද ආහාරයක් කියලා වදනින්ම කියපු හිපොක්‍රටීස් තමුන්ගේ බෙහෙත් වට්ටෝරු වලට සුදුළූණු එකතුකරගෙන තියෙනවා. හිපොක්‍රටීස් නූතන කාලේදිත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙනවා. රුධිර සංසරණය, ආහාර ජීර්ණය, ස්නායු දුබලතා ආදී දේ වලට සුදුළූණු මිශ්‍ර බෙහෙත් හිපොක්‍රටීස් පාවිච්චි කරලා තියෙනවා. දැන් ලෝකේ හතර දිග්බාගේ තිබුන ඔලිම්පික් ඒ කාලේ, ඒ කිව්වේ ග්‍රීක යුගේ දී තිබුනේ ග්‍රීසියේ. ඒ මුල්කාලීන ඔලිම්පික් වල ශක්තිජනක ආහාරයක් විදිහට මේ සුදුළූණු පාවිච්චි වෙලා තියෙනවා. බටහිර විතරක් නෙමෙයි, දැනට පාකිස්ථාන ඉන්දියා දේශසීමාසන්නව බිහිවුන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙත් සුදුළූණු පාවිච්චි කළා කියලා සාධක හමු වෙලා තියෙනවා.
2. සුදුළූණු භාවිතා කළ හැකි දේවල්
හදවත් රෝග අධි රුධි පීඩනය, කොලෙස්ටරෝල් තත්ත්වයන් වැනි අවස්ථාවලදී සුදුළූණු පාවිච්චි කරන්න පුළුවන් බෙහෙතක් විදිහට. ඒ වගේම පෙනහළු පිළිකා, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, පියයුරු පිළිකා, ආමාශයික පිළිකා වගේ පිළිකා රැසකටත් සුදුළූණු වලින් යම් සහනයක් ලැබෙන බව සොයාගෙන තියෙනවා. සුළු වශයෙන් උණ ඇතිවෙන අවස්ථාවලදී සුදුළූණු පාවිච්චි කරලා උණ බස්සාගන්න පුළුවන්. ඒ වගේම සෙම් රෝග අවස්ථාවල නාසයේ සහ කුහර වල ඇතිවෙන සෙම තත්ත්වයන් දුරු කරගන්නත් සුදුළූණු යොදාගන්නවා.
සුදුළූණු වල මුලිකව ඇලිසින් (allicin) කියන සංයෝගය තියෙනවා. ඒ මගින් සුදුළූණු වලට විශාල පරාසයක වෛද්‍යමය ගතිගුණ ලැබෙනවා. මේ ඇලිසින් සුදුළූණු සුවඳ මගිනුත් වහනය වෙනවා.
3. අස්ථි ශක්තිමත් කරන සුදුළූණු
අස්ථි ශක්තිමත් කිරීම ගැන මනුෂ්‍යයන් ආශ්රයෙන් පරීක්ෂණ කෙරිලා නැති වුනත් සතුන් ඇසුරෙන් කරපු පර්යේෂණවලදී අස්ථි වලට සුදුළූණු වලින් හොඳ බලපෑමක් කරන බව සොයාගෙන තියෙනවා. සුදුළූණු වලින් ගැහැණු අයගේ ඊස්ට්‍රජන් හෝමෝන ස්රාවය වැඩි කරනවා. දිනපතා සුදුළූණු පාවිච්චි කරන කාන්තාවන්ගේ අස්ථි ආබාධ අඩු බව සාමාන්‍ය නිරීක්ෂණ මගින් ද සොයාගෙන තියෙනවා. ඒත් මේ අස්ථි සම්බන්ධව වාසිය එන්නේ කාන්තාවන්ට පමණයි. මේ හරහා වයසට යෑමේදී කාන්තාවන්ට ඇතිවෙන අස්ථි ආබාධ නැතිකරගන්න යම් දායකත්වයක් සුදුළූණු වලින් ලැබෙනවා.
4. විස ඉවත් කරන සුදුළූණු
“අපි අද කන්නෙ වසනෙ” මෙය මේ කාලේ නිතර ඇහෙන වදනක්. අපිට අකමැත්තෙන් වුනත් කෘත්‍රිම ජීවන රටාව එක්ක විස ආහාර එකතු වෙනවා, විස වායු ආඝ්‍රාණය කරන්න වෙනවා. විස එකතු වුණු වතුර බොන්න වෙනවා. මේ සුදුළූණු හරහා මේ විස සිරුරෙන් ඉවත් කරගන්න හැකියි. විස වලදි සිරුරට ආසනික්, ඊයම් වගේ බැර ලෝහ එකතු වීම ලොකු ගැටළුවක්. සුදුළූණු ආහාරයට එකතු කර ගැනීමෙන් මේ ලෝහ වර්ග ඉක්මනින්ම සිරුරෙන් ඉවත් වෙන බව සොයාගෙන තියෙනවා. කාර් බැටරි එක්ක වැඩකරන අයගේ රුධිරයට එකතු වන ඊයම් වලින් 19%ක් ඉවත් කරන්න සුදුළූණු වලට හැකියි කියලා සොයාගෙන තියෙනවා.
5. කාර්යක්ෂමතාවය වැඩි කරන සුදුළූණු
පුරාණයේ මිනිසුන්ගේ ශක්තිය වැඩිකරගන්නට මේ සුදුළූණු ආහාරයක් විදිහට යොදාගෙන තියෙනවා. අතීතයේදී කම්කරුවන්ගේ කාර්ය වල වේගවත් කම වැඩිකරගන්නත් කම්කරුවන්ට සුදුළූණු දීලා තියෙනවා. ඇඟට වෙහෙස මහන්සි වෙලා කරන ක්‍රීඩා කටයුතු වලදී සුදුළූණු වලින් අමතර ශක්තියක් ලැබෙන බව විශ්වාස කළත්, ඒ සඳහා කෙරී ඇති පර්යේෂණ බොහොම අඩුයි.
6. ප්‍රති ඔක්සිකාරක මගින් ඇල්සයිමර් වලට
සුදුළූණු වල තිබෙන ප්‍රති ඔක්සිකාරක ගුණය මඟින් ඔක්සිඩේටිව් හානිය අඩු වෙනවා. මේ හරහා අධි රුධිර පීඩනය අඩු වෙනවා වගේම සුදුළූණු ආහාරයට ගැනීම හරහා වයසට යද්දි මේ ඔක්සිඩේටිව් හානිය මගින් ඇතිකරන බලපෑම් අවම කරනවා. ඒ වගේම සුදුළූණු වල කොහොමත් තියෙන කොලෙස්ටරෝල් අඩු කර රුධීර පීඩනය අවම කරන ගතිගුණ නිසා ඇල්සයිමර් තත්ත්වයට සුදුළූණු ගැලපෙනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලිය හේතුවෙන් නිතර සුදුළූණු ආහාරයට ගන්නා අයට වයසට යෑම එක්ක එන මොළයේ අකර්මණ්‍යතාවයන් ඇතිවෙන්න තියෙන අවදානම අඩු වෙනවා.
7. හදවත් රෝග අඩුකරන සුදුළූණු
සිරුරට අහිතකර ලෝ ඩෙන්සිටි කොලෙස්ටරෝල් තියෙන අයගේ එම තත්ත්වය සියයට 10-15 අතර ප්‍රමාණයකින් අඩු කරන්නට සුදුළූණු වලට පුළුවන්. ඒත් මේ සුදුළූණු වලින් අඩු වන්නේ කොලෙස්ටරෝල් වර්ග දෙකෙන් එකක් පමණයි. කෙසේ වෙතත් හාට් ඇටෑක් වලට මේ ලෝ ඩෙන්සිටි කොලෙස්ටරෝල් වලට අමතරව හයි ට්‍රයිග්ලිසරයිඩ් බලපානවා. ඒ සඳහා නම් සුදුළූණු වලින් ලොකු බලපෑමක් කරන්නෙ නැහැ.
8. රුධිර පීඩනය අවම කිරීම
ලෝකේ තියෙන මරණ වැඩියෙන්ම සිදුවන හේතුවක් තමයි අධි රුධිර පීඩනය. මේ අධි රුධිර පීඩනය අඩු කරන්නට සුදුළූණු බේතක් තරම්ම ප්රබලවම දායක වෙනවා. මිලි ග්‍රෑම් 600-1500 ක් පමණ සුදුළූණු සති 24ක් තිස්සේ ආහාරයට ගැනීමෙන් අධික රුධි පීඩනය අවම කරගන්න පුළුවන් කියලා පර්යේෂණ වලින් සනාථ කෙරිලා තියෙනවා. යම් අයෙක් අධි රුධි පීඩනයට කොහොමත් ඖෂධ ගන්නවා නම් වැඩි සුදුළූණු ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගන්න එක එච්චරම හොඳ නැහැ. මොකද බෙහෙත් වලින් සහ සුදුළූණු වලින් දෙආකාරයක බලපෑම් ඇවිත් නියමිත තිබිය යුතු ප්‍රමාණයටත් වඩා රුධිර පීඩනය අඩු කරන්නටත් හැකියි.
සුදුළූණු වල ගුණ දැන හෝ නොදැන අපි සුදුළූණු ආහාර වලට එකතු කරගන්නවා. ඒ වගේම සුදුළූණු කැඳ හදලා බොනවා, නැතිනම් සුදුළූණු ව්‍යාංජන හදලා කනවා. සුදුළූණු පැණි වල, ඔලිව් ඔයිල් වල ගිල්වා ආහාරයට ගන්නා සිරිතකුත් අරාබි රටවල ජනප්‍රිය වී තියෙනවා. ඒ කෙසේ වෙතත් කුළු බඩුවක් විදිහට ආහාර වලට එකතු කරන සුදුළූණු කියන්නේ පිඟානේ පැත්තකින් තියලා විසික් කරන්න ඕනි දෙයක් නෙමෙයි. හැකි සෑම විට සුදුළූණු කන එකෙන් සිරුරට යම් යම් හොඳ බලපෑම් ලැබෙනවා.
Leave a Reply