චූටි ගෑණු ළමයින්ට ඉතින් බෝනික්කො කිව්වොත් ඊට වඩා දෙයක් නෑනෙ. එක පාරක් දැක්කොත් දෙපාරක් නොහිතාම ඉල්ලන බාබි ඩෝල්ට දැන් වයස අවුරුදු 60කටත් වැඩියි. අපි එහෙම කිව්වට පෙනුමෙන් නම් බාබි එදා හිටපු තරම්ම තරුණයි. අද ලයිෆි අපි මේ කියන්නෙ ඔයාල වැඩි දෙනෙක් නොදන්න බාබි කතන්දර ටිකක්.
1. බාබිගෙ දෙමව්පියෝ
බාබිව බිහි කරන මුල්ම අදහස එන්නෙ මාටල් සෙල්ලම් බඩු කොම්පැණියෙ සම අයිතිකාරිය වෙන රූත් හැන්ඩ්ලර්ගෙන්. යුරෝපා සංචාරයකදී ඇගේ නෙත ගැටෙන ජර්මන් වැඩිහිටි බෝනික්කෙක් වෙන බිල්ඩ් ලිලී ඩෝල් ඇයට අලුත් සෙල්ලම් බඩුවක් ගැන අදහසක් ඇති කරනව. ඇගේ සැමියා වන එලියට් හැන්ඩ්ලර්ට මේ අදහස කියූ පසු ඔහු එකවරම මෙයට එකඟ නොවුණත් පස්සෙ මේ වැඩිහිටි බෝනිකි සංකල්පයට කැමති වෙනව. බිල්ඩ් ලිලී නිෂ්පාදකයන් මාටල් කොම්පැණියට පේටන්ට් එක ගැන නඩු පැවරුවත්, මාටල්ලා ඩොලර් 21,600කට නීතිමය වශයෙන් අයිතිය ලබාගෙන නඩුව සමථයකට පත් කරගන්නව.
2. කවුද මේ බිල්ඩ් ලිලී
බිල්ඩ් කියන ජර්මන් ටැබ්ලොයිඩ් පත්තරේට Reinhard Beuthien කියන ශිල්පියා කරපු නිර්මාණය කළ චරිතයක් තමා මේ ලිලී. කාටූන් කැරැක්ටර් එකක් වෙච්ච ලිලීව පත්තරේ කට්ටිය බෝනික්කෙක් කරල මාකට් එකට දාන්න අදහස් කරන්නෙ 1953දි. එහෙම හදපු ලිලීව 1955 ඉඳන් 1964 වෙනකම්ම මාකට් එකේ විකුණන්නෙ වැඩිහිටියන්ට වඩාත් සුදුසු බෝනික්කෙක් විදියට. මාටෙල්ලා අයිතිය ගත්තට පස්සෙ ලිලී බෝනික්කො නිෂ්පාදනය ඇන හිටිනව. අද වෙනකොට පරණ බඩු එකතු කරන්නන් ලිලීට හොඳ මිලක් නියම කරනව පවතින කන්ඩිශන් එක, පැකේජින් එක සහ ඇඳුම් අනුව.
3. බාබිගේ උපත
ජැක් රයන් කියන්නෙ පෙන්ටගනයට මිසයිල නිර්මාණය කරපු ඉංජිනේරුවෙක්. පහුකාලෙක මාටෙල් කම්පැණි එක ජැක්ව සේවයට බඳවගන්නෙ ඔහුගේ දැනුම තත්ත්වයෙන් උසස්, හොඳින් ක්‍රියාත්මක වෙන සෙල්ලම් බඩු නිෂ්පාදනයට යොදාගන්න. බාබිව අතපය ගලවන්න පුළුවන්, ඔළුව කරකවන්න පුළුවන්, ඕනම වෙලාවක කෑලි ගලවල ඇඳුම් අන්දන්න, ගලවන්න පුළුවන් නම්‍යශීලී නිර්මාණයක් බවට පත් කරන්නෙ ඔහු විසින්. රූත් හැන්ඩ්ලර්ගෙ අදහසට අනුව ජැක් විසින් මේ ලෝකෙට බාබිව නිර්මාණය කරනව. බාබිගෙ උපත වෙන්නෙ එහෙමයි.
4. බාබිගෙ සම්ප්‍රාප්තිය
බාබි උපත ඒ විදියට උනාට කල එළි දැක්ම වෙන්නෙ 1959 නිව්යෝර්ක් හි ජාත්‍යන්තර ඇමරිකානු සෙල්ලම් බඩු සල්පිළකින්. අඟල් 11ක් උස බාබි කළු සුදු ඉරි ගිය නාන ඇඳුමකින් සැරසිලා පූල් පාටි එකකට යන අයුරකින් තමයි වෙළඳපලට මුලින්ම නිකුත් වෙන්නෙ. බාබිට හැමෝගෙම ඇහැ යන්නෙ ඒ සල්පිළේ තිබ්බ සෙල්ලම් බඩු වලින් බබ්බු බෝනික්කෙක් නොවන, වැඩුණ ගැහැණියකගේ පෙනුම තියෙන නමුත් දරුවන්ට සුදුසු එකම සෙල්ලම් බෝනික්කා ඇය නිසයි. ඒ වෙනකොට බාබිට නොතිබ්බ නාභිය ඇයට එක් කරන්නෙ ඊටත් වසර 40කට පමණ පස්සෙ 2000 වර්ෂයේදියි.
5. බාබි සහ ඇගේ ලෝකය
බාබි හැදුවට පස්සෙ බාබිගේ ලෝකයට තව හුඟක් චරිත එකතු වෙනව. බාබිගෙ අම්ම සහ තාත්තා වෙන්නෙ ජෝර්ජ් සහ මාග්‍රට්. පෙම්වතා කෙන්. ස්කිපර්, කෙලී සහ චෙල්සිත් ටුටී සහ ටොඩ් කියල නිවුන්නු දෙන්නෙකුත් බාබිගෙ සහෝදර සහෝදරියො විදියට එකතු වෙනව. මෙයින් ටුටී 1971දි විතර පසු කාලෙකදි බාබි පවුලෙන් අතුරුදහන් වෙනව. ඒ වෙනුවට 1992දි ස්ටේසි මේ පවුලට එකතු වෙනව. බාබිගේ නම රූත් සහ එලියට් යුවලගේ දෝණිය වෙන බාබ්රාගේ නමිනුත්, කෙන් ගේ නම ඒ යුවලගේ පුතා වෙන කෙනත්ගේ නමිනුත් නම් තැබුවයි කියලයි කියන්නෙ. බාබිගේ අනිත් පවුලේ සාමාජිකයන්ගේ නම් වලටත් පවුලේම අයගෙ නම් භාවිතා වෙලා තියෙනව කියල බාබ්රා කියල තියෙනව.
6. මතභේදයට තුඩු දුන් ශරීර විලාසය
බාබිගෙ ශරීර හැඩය නොයෙක් නොයෙක් මතභේද වලට කාලයක් තිස්සෙම ලක් වෙලා තියෙනව. ඇක්ශන් ෆිගර්ස් හදන පරිමාණය වෙන 1/6 පරිමාණයට තමා බාබි නිර්මාණය වෙලා තියෙන්නෙ. හැබැයි පොතේ හැටියට මේ ප්‍රමාණ අනුව බාබිගෙ සාමාන්‍ය මිනිස් ප්‍රතිරූපය පපුව 38ත් ඉණ 18ත් උකුල 28 විදියට එන්න ඕන. මේ ගැන මාටෙල් කොම්පැණියට ආපු පැමිණිලි වලට ඔවුන් පිළිතුරු දීල තියෙන්නෙ විවිධ ශරීර හැඩ සහ සමේ පැහැයන්ගෙන් බාබි ඩෝල්ස්ල වෙළඳපලට නිකුත් කිරීමෙනුයි. 1965දි රාත්‍රී සාද තේමාවෙන් ආපු බාබි එක්ක බාබිගේ බර ඇඟේ බර අඩු කරගන්න එක ගැන උපදෙස් පොතකුත් ලබාදීලා තියෙනව. ඒකෙ එක ටිප් එකක් විදියට “කෑම කන්න එපා” කියන උපදෙසත් ඇවිත්. ඒකෙ හැටියට බාබිගේ උසේ හැටියට රාත්තල් 39ක්ම බර අඩුයි. ඒ කියන්නෙ තේරෙන බාසාවෙන් කිව්වොත් බාබි කියන්නෙ නිරෝගී නොවෙන විදියට බර අඩු ගෑණු ළමයෙක්.
7. ලෝක ප්‍රසිද්ධ බාබිගේ තව තොරතුරු
එක එක සුපර්ස්ටාර්ලගෙ රූප වලිනුත් බාබි ඩෝල්ස්ලා නිෂ්පාදනය වෙලා තියෙනව. මුලින්ම එහෙම නිෂ්පාදනය වෙලා තියෙන්නෙ ‘ට්විගී’ කියන සුරතල් නාමයෙන් ප්‍රසිද්ධ ලෙස්ලි ලෝසන් කියන බ්‍රිතාන්‍ය ගායිකාව සහ නිරූපිකාව. ග්‍රේස් කෙලී, මැල්රීන් මොන්රෝ, ජේ.කේ. රෝලින්, නිකී මිනාජ්, ගිගී හාඩිඩ් සහ එලිසබත් ටේලරුත් මේ විදියට බාබි ඩෝල් ෆිගර්ස් බවට පත් වෙලා තියෙන ප්‍රසිද්ධ චරිත අතර ඉන්නව.
මුල්ම බාබි විකිණිලා තියෙන්නෙ ඩොලර් තුනක මුදලකට. ඒ බාබිත් එක්කම එන තව තව ඇඳුම් පැළඳුම් සහ පළඳනා එක්කම. මේ මුල්ම බැච් එකේ බාබි අළුත්ම තත්ත්වයෙන් ඉන්නව නම් අද වෙන කොට ඩොලර් 25,000ක පමණ මුදලකට විකුණන්න පුළුවන්. වින්ටේජ් බඩු එකතු කරන අය මීටත් වඩා ගණන් දීලා පරණම බාබි ඩෝල්ස්ලව මිලට ගන්නව.
පොඩි කාලෙ අතේ තියන් සෙල්ලම් කළාට, නෑව්වට, කොණ්ඩෙ පීරුවට අපි නොදැන හිටපු බාබි ඩෝල්ගේ අතීත කතාව තමයි ඒ ඔයාල කියෙව්වෙ. බාබි ඩෝල් පිස්සියෙක්ව දන්නව නම් මෙන්ශන් කරන් යන්නත්, නොදන්න අයට මේ තොරතුරු දැනගන්න ශෙයා කරන්නත් අමතක් කරන්න එපා ඔන්න.
Leave a Reply