ඒ දවස්වල අපි බලපු කාටූන්, අතීතෙට අපිව බැඳලා තියන එක වැදගත් සාධකයක් කියලා කියන්න පුළුවන්. අපි දන්නෙත් නැතුව ඒ සමහර කාටූන් චරිතවලට අපි ඕනෑවට වඩා ඇබ්බැහි වෙලා. ආසා වෙලා. ඒක මේ ඇත්ත ලෝකේ මනුස්සයෙක්ට ඇති වෙනවා වගේ ම ආකර්ෂණයක්. මේ කියන උදවියට ඔබත් ආදරේ කරන්න ඇති. මතක ද බලන්න.
1. හයිලෑන්ඩර්
ක්වින්ටන් මැක්ලවුඩ් එහෙමත් නැත්නම් හයිලෑන්ඩර්. එයා යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න ජනහිතකාමියෙක් නේ. සමහරවිට ඒ වෙන්න ඕනි කොණ්ඩා වවාගත්ත හාදයෙක්ට අපි ඉස්සෙල්ලම මෙහෙම ආදරේ කරපු අවස්ථාව. තව එයා එයාගේ නංගිට ගොඩක් ආදරෙයි. හොඳ හයේ හතරේ ඉලන්දාරියා. එයා සටන් කරේ කෝටෑන් එක්ක. ඒ හත්වන සියවසේ. ඉතින් දැන් නම් කොල්ලට වයස ඇති සෑහෙන. ඒ රූපේ නම් ඉතින් හිත්වලින් වයසට යන්නෑ කවදාවත්. කාටුන් චරිතෙකට පෙම් කිරීමේ හොඳකම තමයි ඉතින්.
2. නසරාණි
දැන් කතා කරන්නේ ගෑල්ලමයෙක් ගැන. මෙයාට ආදරේ කරා වගේ නෙවේ. පොඩ්ඩ මිස් වුණොත් දතුත් නෑ බඩේ බතුත් නෑ. මොකද නසරාණි කියන්නේ ඒ දවස්වල හිටපු ගිනි ගින්දර සෙන්පතිනියක් නිසා. හැබැයි ඉතින් පාරක් කාලා මැරුණත් සැපයි එච්චරට කියුට්. කොණ්ඩෙත් පාට කරලයි හිටියේ. කට ගහගෙන ගිහින් වුණත් දිනනවා බොරු. අනික මොනවට හරි හිත රිද්දලා බේරෙන්නත් බෑ මෙයාට ඉන්න යාළුවොත් වලිකාරයොනේ.
3. සිල්වාන්
ස්වර්ණවාහිනියේ ස්වර්ණමය යුගයේ කාටුන් චරිතයක් වුණ සිල්වාන් නරියෙක්. හැබැයි කඩවසම්, නිර්භීත සහ විහිළුවට බර නරියෙක්. මේක හඬකැවීමේ දක්ෂතාවත් එක්කම ඇති වුණ ආකර්ෂණයක් වෙන්න ඕනි. ඔරිම ජිනල් සිල්වාන් බැලුවට මෙහෙම කික් එකක් එන්නේ නෑ. මේකේ හිටපු පණ්ඩිත රාජ කුමාරියට නම් සිල්වාන්ගේ අගේ පෙනුණේ නෑ.
4. නයිල් නදී කුමරී
ජාතික මෙහෙවරක් ඉටු කරමින් කාටූන් වුණත් පෙන්වපු ජාතික රූපවාහිනියෙන් අපිට නිකන් ම නිකන් සුකිරි බටිල්ලෝ වගේ චරිත හඳුන්වා දුන්නේ නෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි නයිල් නදී කුමරී. ඊජිප්තුවේ රජ කාලේ පසුබිම් කරගත්ත මේ කතාවේ ඉන්න මේ දැරිවි කොයි වෙලෙත් මොකක් ම හරි අටමගලයක් පස්සේ එල්ලිලා යන කොයි වෙලෙත් අභියෝග පස්සේ එලවගෙන යන කෙල්ලෙක්. ඒ වගේම ලස්සනයිත් එක්ක.
5. නට්සුමි
නපුරු දඩබ්බර කොල්ලොන්ට ආදරේ කරන ට්‍රෙන්ඩ් එක ඇති වුණේ මෙතනින් ද මන්දා. ඇලිස් ඇකඩමියේ නට්සුමි, ඒ යකා පුදුම නහරකාරයෙක් නේ. කොල්ලොන්ට නම් පේන්න බෑ. ඒකට හරියන්න කෙල්ලෝ පුදුමාකාර විදියට මේ චරිතයට වහ වැටිලනේ හිටියේ. කොටින් ම කියනවා නම් ඉස්කෝල පන්තිවල වටේ පිටේ ලයින් දාන කොල්ලෝ ගැන කියවද්දී හැබෑ ලෝකේ නැති නට්සුමිලා ගැනත් කියවපු කාලයක් තිබුණා.
6. ෆැන්ටොමිට්
ෆැන්ටොමිට්ට ආදරේ කරපු අය නම් හැබෑ ම වාසනාවන්තයෝ තමයි. මොකද රෑ දවල් දෙකේ ස්වරූප දෙකක් තිබුණ ඒ දැරිවිට ආදරේ කරපු එක හරියට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ වැඩක් වුණ නිසා. වෙලාවකට සුපිරි වීර චරිතයක්. අනික් වෙලාවේ හරි සෝයි ගෑල්ලමයෙක්. ෆැන්ටොමිට් එක්ක ම ආදරේ කරන්න ලැබෙන තවත් දෙයක් තමයි එයාගේ ගැජමැටික් බයික් එක.
7. ඩැෆ්නි
කල්ප කාලෙකට පවතින මේ ක්‍රෂ් එක මේ ලිස්ට් එකේ නැත්නම් ඕක ලෝක අඩුවක්. එක ම ඇඳුම පට්ට ගගහා ඇන්දට ඩැෆ්නි කියන්නේ එදත් අදත් හෙටත් හැමදාටම හිතේ ඉන්න ක්‍රෂ් එක. කොමල බොළඳ ගතිත් නැතුවම නෙවේ. හැබැයි ඒ වගේ ම අබිරහස් හොල්මන් එක්කත් ඔට්ටුයි. අන්න කෙල්ලෝ.
Leave a Reply