ජපන් යුවතියන්ගෙන් ලස්සන වීමේ රහස්

ලෝකයේ ඉන්න ලස්සන ම ලස්සන ගෑල්ලමයි ඉන්න රටක් තමයි ජපානේ. දැන් මේ අපේ රටේ වුණත් ලස්සන දැරිවියෙක් දැක්ක ගමන් කට්ටිය කියන්නේ ‘ජපන් බෝනික්කියක්’ වගේ කියලා. අලුත් අලුත් දේ තනන ජාතියක් වෙච්චි ජපානෙ බියුටි කචල් සම්බන්ධයෙනුත් එහෙමයි. එයාලා ලස්සන වෙන්න කරන කියන දෑ මහ ගොඩයි. ඒ ඔක්කොම අපිට කරන්න බෑ ඉතින්. පුළුවන් දේවල් කීපයක් ගෙනාවා කරලා බලන්න. එහෙනම් පටන් ගමු.



1. හාල් සෝදන වතුරෙන් මූණ සෝදමු


ශතවර්ෂ ගණනක් තිස්සේ ම ජපන් ළඳුන් රූප සුන්දරත්වෙට කියලා කරපු වැඩක් තමයි මේ. හරියටම කියනවා නම් පොඩ්ඩක් පැසවීමට ලක් කරවපු හාල් වතුර භාවිතය. මේක කරන්න හරිම ලේසියි. කෝප්ප භාගයක් විතර හාල් අරගෙන පිරිසිදු භාජනයක දාලා ඉස්සෙල්ලම හොඳට සෝදගන්නවා. ඊට පස්සේ වතුර ටික අයින් කරලා ගන්න හාල් ටිකට වතුර කෝප්ප දෙකක් විතර දාලා විනාඩි 15ක් නිකන් ම තියනවා. ඊට පස්සේ පෙරාගන්න වතුර ටික බෝතලේකට දාලා දවසක් දෙකක් තියනවා. ඉන් පස්සේ ඉතින් වතුර ස්වල්පයක් එක්ක මිශ්‍ර කරලා මූණ සෝදන්නයි තියෙන්නේ. 



2. ග්‍රීන් ටී මාස්ක් එක


ජපන්නු තේ බොන්න හපන්නු. ඉතින් එයාලා දවසට කීප විඩක් ම ග්‍රීන් ටී බොනවා. බීලා නවතින්නේ නෑ ඒක මූණෙත් උලනවා. ඒක වෙන්නේ ග්‍රීන් ටී කුඩුයි මී පැණියි මේස හැඳි භාගයක ප්‍රමාණය බැගින් අරගෙන ඒකට වතුර මේස හැන්දක් දාලා හදාගන්න තලපයෙන්. ඒක මූණේ ගාගෙන විනාඩි 20ක් විතර ඉඳලා හෝදලා අරින්නයි තියෙන්නේ. 



3. ඉර එළිය පොඩ්ඩක්වත් එපා


උදේ ඉර එළියෙන් විටමින් ඩී ලැබෙන කතන්දර ඔක්කොම ජපානෙදී වානා. එයාලා අව්වක් වැටෙන්නැති දවසක වුණත් කුඩයක් නැතිනම් වෙන විදියක ආලේපනයක් නැතුව ගෙයින් එළියට බහින්නේ නෑ. ලස්සන රැකගන්න ඒකත් උදව් වෙලා තියනවා. 



4. ආහාර වේලේ පුරුද්ද


ජපන් කාන්තාවන් ලස්සන වෙනුවෙන් ඒකටම කෑම සම්ප්‍රදායකට හැඩ ගැහිලා. ඒ සම්ප්‍රදාය අස්සේ සැකසූ ආහාර, පැණි කෑම, තෙල් කෑම මොනවත් ම නෑ. එළවළු, පළතුරු, අමු මාළු වගේ ඒවා තමයි ආහාරයට ගන්නේ. 



5. ෆේස්වොෂ් ගැල්වීමේ පුරුද්ද


මූණ හෝදනකොට අපි නම් අතට ෆේස්වොෂ් ටිකක් අරගෙන කෙලින්ම මූණේ ගාගෙන හෝදගන්නවා නේ. ජපන් ගැහැනු එහෙම නෙවේ. එයාලා ෆේස්වොෂ් දාගන්නේ මෙෂ් එකකට නැත්නම් ඒ වගේ වෙළඳපොළේ ගන්න තියන නෙට් එකකට. ඒ නෙට් එකක තියන සුවිශේෂත්වය තමයි ෆේස්වොෂ් බින්දු කීපයකින් පෙණ ගොඩක් ඇති කරගන්න පුළුවන් වෙන එක. මෙහෙම පෙණ ගොඩක් වෙන්න හදාගන්න මෙෂ් එක මුහුණේ ගල්වා හිමීට හෝදා අරිනවා.



6. උණුවතුරෙන් සිරුර දෝවනය


ඒ කිව්වේ හමේ සෛල මැරෙණ ගාණට පිච්චෙන්න එහෙම නෙවේ. ජපානයේ තියෙනවා ඔයාලා දැකලත් ඇති චිත්‍රපටවල එහෙම දුම්වලින් වැහුණු පොදු නාන කාමර. ඒවා හඳුන්වන්නේ ඔන්සෙන් කියලා. ඒවා අපේ රටවල නැති නිසා අපිට ගෙදර දී කරන සේදීමකින් සෑහීමට පත් වෙන්න වෙනවා. රාත්‍රී නින්දට කලින් ඇඟ සේදීම සහ වාෂ්ප ඇල්ලීම රටේ තත්ත්වය හැටියට අපිට කරන්න පුළුවන් දේවල්.



7. විටමින් සී භාවිතය


ස්වාභාවිකම දොඩම් වගෙ ආහරවලින් විටමින් සී ලබාගැනීමට අමතරව ෆාමසිවලිනුත් ජපන් කාන්තාවන් විටමින් සී අරගෙන භාවිත කරනවා. ඒ වගේම විටමින් සී අඩංගු කොස්මෙටික් නිෂ්පාදනවලටත් අධික ඉල්ලුමක් තියනවා. මේ වගේ නිෂ්පාදන දැන් අපේ රටෙත් ගන්න පුළුවන්.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *