ඉවර වෙච්ච, අමතක උන මේකප් බඩු වෙනුවට හදිස්සියේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් 12ක්

මේකප් බඩු ඉවර වෙච්ච වෙලාවට, එහෙම නැත්නම් අමතක වෙලා දාලා ආපු වෙලාවක තමන්ට අවශ්‍ය රූපලාවණ්‍ය කාර්ය​ය කරගන්න උදවුවකුයි මේ අපි ගෙනෙන්නේ. සාමාන්‍යයෙන් භාවිතා කරන මේකප් බඩු වෙනුවට වෙනත් දේවල් ටිකක් පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය මේකප් එක, ටචප් එ​ක කරගන්න හැටි අපි මේ ලිපියෙන් කියල දෙනවා. මේක හදිසි වෙලාවක බොහොම ප්‍රයෝජනවත් වෙයි අපේ කාන්තා පාර්ශ​වේ අයට.

 

1. නැතුවම බැරි ලිප්ස්ටික්

නිතර ඕන වෙන්නෙමයි, යන යන තැන අමතක වෙලා දාල එන්නෙයි ලිප්ස්ටික් එක තමා. ලිප්ස්ටික් එක දාලා ඇවිල්ල නම් හරි අවශ්‍ය කරන පාට ළඟ නැත්නම් හරි කරන්න තියෙන හොඳම වැඩේ තමයි අවශ්‍ය පාට අයි ශැඩෝ ටිකකට මොයිස්චරයිසර් ක්‍රීම් හරි ලිප් බාම් එක හරි මික්ස් කරල තොල් වල ගාන එක. ලිප් ග්ලොස් එකකුත් ඕන නම් වැස්ලීන් ටිකක් ගාන්න පුළුවන්.

 

2. අයි ලයිනර් එක නැති වෙලාද?

ලිප්ස්ටික් එක වගේම ගාන්න හුරු වුණු කෙනෙක්ට නැතුවම බැරි දෙයක් අයිලයිනර්.මේක අමතක උනොත් හරි, හදිස්සියේ ඕන වෙලාවක ඉවර වෙලා නම් හරි ලිප්ලයිනර් බ්‍රශ් එකකින් මස්කාරා එකේ වටේ මිදිල තියෙන මස්කාර වලින් අයිලයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රශ් එකේ අග චුට්ටක් තෙමලා අරන් තද පාට අයිශැඩෝ වලින් අයිලයින් කරගන්නත් පුළුවන්.

 

3. බ්ලශ් අමතක උනාද?

ලිප්ස්ටික් ටිකක් ඇඟිල්ලට අරන් ඒකට මොයිස්චරයිසර් ක්‍රීම් මික්ස් කරල බ්ලශ් කරගන්න පුළුවන්. පවුඩර් බ්ලශ් එකක් ඕන නම් අයි ශැඩෝ වලින් ගැලපෙන පාටකින් බ්ලශ් කරන්න පුළුවන්.

 

4. මස්කාරා වෙනුවට

ඊයෙ උදෙත් හොඳට පාවිච්චි කරපු මස්කාරා එක අද බලනකොට ගල් වෙලාද? තද කරල වැහුවෙ නැති වුනා​ම එහෙම වෙනව. වැඩට යන්න පරක්කු වෙලා ඉන්න වෙලේ මස්කාර එක දිය කර කර ඉන්න බෑනෙ. ඒ වෙනුවට මස්කාරා බ්‍රශ් එකෙන්ම වැස්ලීන් ටිකක් ගාන්න. කිසි වෙනසක් නෑ. 

 

5. කන්සීලර් ඉවරද?

ෆවුන්ඩේශන් පවුඩර් වලට මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් අවශ්‍ය තික්නස් එකට මික්ස් කරල ගාන්න. 

 

6. මේකප් එක ගොඩක් වෙලා තියාගන්න ඕනද?

මේකප් ප්‍රයිමර් එකක් විදියට මිල්ක් ඔෆ් මැග්නීශියා දියර හෝ පෙති දිය කරගත් වතුර පාවිච්චි කරන්න පුළුවන්. මූණට ස්ප්‍රේ කරගෙන හෝ පුළුන් කෑල්ලකින් තවරගෙන ඇඟිලි තුඩින් හොඳින් සම්බාහනය කර වේළු​න පසු ෆවුන්ඩේශන් ආලේප කරන්න. 

 

7. අයි මේකප් ඉවත් කරන්න

ගෑව වගේ නෙවෙයි ඉවත් කරන එක ඊට වඩා වැදගත්. විශේෂයෙන් අයි මේකප් ඉවත් කරන්නම ඕන. පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් ටිකක් පුළුන් කෑල්ලකට අරගෙන දෑස් පිසදමන්න.

 

8. ෆේස් මේකප් රිමූවර් එකක් නැත්නම්

කොච්චර ලස්සනට ඉන්න මේකප් කළත් රාත්‍රී නින්දට පෙර සම හොඳින් පිරිසිදු කරගන්න ඕන. සමේ නිරෝගීබවට ඒක ගොඩක් වැදගත්. මේකප් රිමූවර් එකක් පාවිච්චි කරන්නෙ නැත්නම් හෝ ඉවර වෙලා නම් බේබි ක්‍රීම්, ඇඟේ හෝ මූණෙ ගාන මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් යහමින් මූණෙ තවරල ටිශූ හෝ පුළුන් කෑල්ලකින් පිසදාන්න.

 

9. ෆවුන්ඩේශන් එක අමතක උනාද?

කන්සීලර් එකට මොයිස්චරයිසර් ටිකක් කලවම් කරල ගාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆේස් පවුඩර් එකට ෆේස් ක්‍රීම් ටිකක් මික්ස් කරලත් ෆවුන්ඩේශන් එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්.

 

10. ශේවින් ජෙල් එක, ශේවින් ෆෝම් එක ඉවර වෙලාද?

එහෙනම් පොල්තෙල්, ඔලිව් තෙල් නැත්නම් කන්ඩිශනර් ටිකක් ගාල ශේව් කරන්න. සමට හානියක් නොවී ශේව් කරගන්න පුළුවන්.

 

11. කන්ඩිශනර් ඉවර වෙලා නම්? 

මයෝ​නේස් තියෙනවද ගෙදර? එහෙනම් ගන්න මයෝ​නේස් ටිකක්. කොණ්ඩෙ ගාල විනාඩි 15ක් තියල සෝදන්න. කන්ඩිශනර් වලටත් වඩා හිසකෙස් වලට පෝ​ෂණය සපයනව මයෝ​නේස් වලින්.

 

12. බ්‍රොන්සර් වෙනුවට කොකෝ පවුඩර්

හයිලයිට් එකකට බ්‍රොන්සර් ඕනමනෙ. කොකෝවා පවුඩර් වලට කෝන්ෆ්ලා මික්ස් කරල අවශ්‍ය පාට හදන් බ්‍රොන්සර් වෙනුවට පාවිච්චි කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *