විදේශිකයන් විවාහ කරගත් අපේ රටේ ජනප්‍රිය කාන්තා​වන් – පළමු කොටස

මහාවංශය කියන විදිහට අපේ සිංහල ජාතිය ආරම්භයේ  ඉඳන්ම සිද්ධ වෙලා තියෙන්නේ විදේශීය විවාහ. ලාට රටින් ආපු විජයව විවාහ කර ගන්නේ අපේ රටේ කුවේණි. අපේ රට දූපතක් වීම නිසා අනෙක් රටවලට සාපේක්ෂව විදේශිකයන් සමග සම්බන්ධතා ඉතා වැඩි වුණා. මේ නිසා මේ වගේ විවාහ කියන කියන දේවලුත් අපේ සමාජයට අරුමයක් වුණේ නැහැ. අද අපි ඔබට ගෙනෙන ආටිකල් එකෙන් අපි කතා කරන්නේ විදේශිකයන් සමග විවාහ වුණ අපේ රටේ ජනප්‍රිය කාන්තාවන් ගැන.

 

1. සසන්ති ජයසේකර 

කාලයක් ලංකාවේ අතිශයින් ජනප්‍රිය නිළියක් වෙලා හිටපු සසන්ති ජයසේකර තමන්ගේ පළමු විවාහය බිඳ වැටීමත් එක්ක තම දරුවා සමග විදේශගත වුණා. එක්සත් රාජධානියේ කාලය ගත කරපු ඇය විටින් විට ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ කාලය තුළ ඇය ජූලියා චිත්‍රපටයට පමණක් සිය රංගන දායකත්වය ලබා දුන්නා. මේ අතරතුරේ දී ඇගේ ජීවිතයට ස්ටීව් නම් බ්‍රිතාන්‍ය ජාතිකයකු ළං වුණා. ඔහු පළමු විවාහයෙන් දරුවෙකු සමග තනිවුණු අයෙක්. ස්ටීව් සමග අලුත් ජීවිතයක් ආරම්භ කරපු සසන්ති, ඔහුගේ දරුවාටත් දෙවැනි මවක් බවට පත් වුණා. පසුගිය වසරේ දී සිය සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ ලංකාවටත් ඇය පැමිණියා.

 

2. ගීතා කුමාරසිංහ 

ගීතාම කියන විදිහට ඇ​ය රට වෙනුවෙන් තමන්ගේ විවාහය පවා කටු ගාපු කාන්තාවක්. ස්විස්ටර්ලන්ත ජාතිකයෙකු වූ ක්‍රිස් ෆෘහර් සමග විවාහ ව සිටි ඇයට එක දියණියක් සිටිනවා. මේ විවාහයත් සමග ඇයට ස්විස්ටර්ලන්ත පුරවැසිභාවයත් හිමි වුණා. නමුත් මේ හේතුවෙන් දහනවවැනි සංශෝධනය ප්‍රකාරව ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවා. ඉන් වසරකට පමණ පසුව මාධ්‍ය සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ තමන් ක්‍රිස්ගෙන් දික්කසාද වූ බවයි.

 

3. සුමනා ගෝමස් 

සිංහල සිනමාවේ ගිනිසිළුව විදිහට සුමනා ගෝමස් කාලයක් අපරාජිතව රැඳී සිටියා. ඇය රඟපෑ චිත්‍රපට නැරඹීමට ජනයා පෙළඹුණා මෙන්ම ඇගේ ඡායාරූප ඇතුළත් පත්තර සඟරා පවා උණු කැවුම් වගේ කාලයක් ලංකාවේ විකුණුනා. නමුත් විවිධ හිත රිදීම් සහ කලකිරීම් නිසා ඇය ලංකාව අතහැරල ඇමරිකා එක්සත් ජනපදයේ නව ජීවිතයක් ආරම්භ කළා. එහිදී ඇයට හිමි ඉරණම්කාරයා මුණ ගැහුණා. ඔහු නමින් ග්‍රෙගරි ටොරොටෝලියෝ. වෘත්තියෙන් සූපවේදියකු වූ සිය සැමියාගේ අවන්හල පවත්වා ගෙන යෑමට සහාය දෙමින් සුමනා ගෝමස් සාර්ථක විවාහ ජීවිතයක් දැන් ගත කරනවා.

 

4. මොරීන් හින්ගර්ට්

ලංකාවේ ඉපදිලා ජාත්‍යන්තරය ජය ගත්ත පළවෙනි නිළිය විදිහට මොරින් හින්ගර්ට් හඳුන්වන්න පුළුවන්. ​ඒ වගේම ඇය රූ රැජිණ තරගයකින් ජය ගැනීමෙන් ලංකාවේ නම ලෝකය පුරා ගෙන යාමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා. නැවත ලංකාවට ඇවිත් සිංහල සිනමාවට දායක වීමට ඇය උත්සාහ කළත් ඇගේ සිංහල උච්චාරණය දුර්වල වීම නිසා එම අවස්ථාව ඇයට මගහැරුණා. මින් කලකිරීමට පත්වූ ඇය නැවතත් ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තමන්ගේ වාසනාව උරගා බැලුවා. එහිදී ඇයට දැවැන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ කීපයකට තමන්ගේ දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබුණා. තමන්ගේ සහකරුවත් ඇමරිකාවෙන්ම හොයාගත් ඇය පළමුව විවාහ වුණේ  මාරියෝ ආමන්ඩ් සම්පරෙල්ලි සමගයි, එම විවාහය බිඳ වැටීමෙන් පසුව ඇය විලියම් ජේ. බැලාඩ් සමග විවාහ වුණා.

 

5. සොනාලි දැරණියගල 

සොනාලි දැරණියගල කියන නම අපේ රටේ කතාවෙන්න පටන් ගන්නේ ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදුවුණු ඛේදවාචකයක් නිසා. 

 සුනාමි ව්‍යසනයෙන් ඇයට ඇයගේ සැමියා (ස්ටීවන් ලයිසේන්බර්ග්) සහ දරුවනුත් අහිමිව ගියා. මේ නිසා ඇය රචනා කළ  Waves නම් කෘතිය ජාත්‍යන්තර වශයෙන් සුවිශාල අවධානයක් දිනා ගත්තා. සිය පවුල අහිමිවීමේ වේදනාව සමනය කරමින් ඇයට සහකාරියක් මුණගැසුණා. ෆියෝනා ෂෝ නම් ඇ​ය ජාත්‍යන්තර වශයෙනුත් ජනප්‍රිය නිළියක්. හැරී පොටර් චිත්‍රපට මාලාවේ හැරීගේ නැන්දණියගේ චරිත නිරූපණය කරන ලද්දේ ෆියෝනා විසින්

 

6. යශෝධරා කුමාරතුංග 

යශෝධරා කුමාරතුංගගේ විවාහය පිළිබඳව වරින් වර විවිධ කටකථා ලංකාව සමාජය තුළ පැතිර ගියා. නමුත් ඒ සියලු කට කතා පදනම් විරහිත බවට ඔප්පු කරමින් ඇය එක්සත් රාජධානියේ වෛද්‍යවරයෙකු වූ රොජර් වෝකර් සමග විවාහ වුණා. එය සුවිශාල ධනස්කන්ධයක් වැය කරන විවාහයක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළත් ඔවුන් දෙදෙනා බ්‍රිතාන්‍යයේදී සරල විවාහ මංගල උත්සවයක් පවත්වා ලංකාවේ ගල්කිස්ස මහ හෝටලයේ දී සමීපතමයන් වෙනුවෙන් සාදයක් පවත්වා තිබුණා.

 

7. බිමල්කා රාජපක්ෂ 

බැසිල් රාජපක්ෂ මහතාගේ සහ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ගේ මහත්මියගේ දියණිය වූ බිමල්කා රාජපක්ෂ විවාහ වූයේ ඇමරිකා ජාතිකයෙකු වූ ජෝන් සමඟයි. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය ගෝල්ෆේස් හෝටලයේ පැවැත්වුණු අතර විවාහයෙන් පසු නැවතත් ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියා. බැසිල් රාජපක්ෂ මහතාගේ අනෙකුත් දරුවන් සේම ඔවුනුත් නිහඬව ජීවිතයක් ගත කරනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත අපි මේ ආටිකල් එකේ දෙවෙනි කොටස ලියන්න කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *