කවුරුත් මුදවපු කිරි කන්න ආස පැණි එක්ක. නියම මී කිරි වලින් හදපු මුදවපු කිරි දැන් නම් ටිකක් හොයාගන්නත් අමාරුයි. එළකිරි වලින් හදපු මුදවපු කිරි නම් ඕනම සුපර්මාර්කට් එකකින් ගන්න පුළුවන්. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ මීකිරි නැත්නම් මුදවපු කිරි වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම ටිකක් ගැනයි.
1. කර්ඩ් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- මී කිරි ග්‍රෑම් 100
- ෆ්‍රෙශ් ක්‍රීම් ග්‍රෑම් 100
- පවුඩර් කරගත් සීනි ග්‍රෑම් 100
- ලුණු පින්ච් එකක්
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
- මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා හොඳට උකු වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් මේක පැය 6-7ක් ෆ්‍රීසර් එකේ තියලා අරන් කන්න.
2. කර්ඩ් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- මී කිරි කෝප්ප 1
- මිල්ක්මේඩ් කෝප්ප 3/4
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
- වැනිලා තේ හැඳි 1/2
- මී කිරි, මිල්ක්මේඩ් සහ කෝන්ෆ්ලා හොඳට මිශ්‍ර කරගන්න. කැට නැතිව හොඳට ක්‍රීම් වෙනකම් මිශ්‍ර කරන්න.
- ඒකට ෆ්‍රෙශ් මිල්ක් සහ වැනිලා ටික එකතු කරගන්න.
- බටර් ගාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා ෆොයිල් පේපර් එකකින් වහලා විනාඩි 45ක් ස්ටීම් කරන්න.
3. කර්ඩ් දෝසා
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 200
- මී කිරි ග්‍රෑම් 200
- ලුණු
- හාල්පිටි වලට ලුණු කලවම් කරලා ඒකට මී කිරි ටික දාගන්න.
- වතුර ස්වල්පයක් එකතුකරලා ක්‍රීම් වෙනකම් අනාගන්න.
- ඒකට තෝසෙ පදමට එනකම් තව වතුර එකතු කරගන්න.
- දැන් තෙල් ගාගත් තැටියක සාමාන්‍ය විදියටම තෝසෙ හදාගන්න.
4. කර්ඩ් ලැසී
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
- සීනි මේස හැඳි 3
- මී කිරි මේස හැඳි 2
- අයිස් කැට ටිකක්
- රෝස් එසන්ස් කැමති නම්
- දෙහි යුෂ ස්වල්පයක්
- මේ ඔක්කොම එකට බ්ලෙන්ඩ් කරගෙන පානය කරන්න.
5. කර්ඩ් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා ගෙඩි 1
- කැරට් අල 2
- තක්කාලි ගෙඩි 2
- දම් ගෝවා ගෙඩි 1/2
- මුද්දරස්පලම් ග්‍රෑම් 30
- ගම්මිරිස්කුඩු
- ලුණු
- දෙහි අවශ්‍ය නම්
- මීකිරි මේස හැඳි 2
- පිපිඤ්ඤා, තක්කාලි, කැරට් කොටු පොඩියට කපාගන්න. දම් ගෝවා සිහින්ව කපාගන්න.
- මේ ඔක්කොම කලවම් කරගෙන දෙහි, ලුණු, මුද්දරස්පලම්, ගම්මිරිස්කුඩු සහ මී කිරි දාලා හොඳින් කලවම් කරගන්න. පිළිගන්වන තුරු ෆ්‍රිජ් එකේ තියන්න.
6. ස්වීට් රායිතා
අවශ්‍ය ද්‍රව්‍ය
- මී කිරි කෝප්ප 2
- කොත්තමල්ලි කොළ ටිකක්
- චොප්කරගත් ළූණු ටිකක්
- සීනි මේස හැඳි 2
- මී කිරි වලට සීනි හා ලුණු දාලා හොඳට මිශ්‍ර කරගන්න.
- දැන් මේකට ළූණු හා කොත්තමල්ලි කොළ දාගෙන කලවම් කරලා ෆ්‍රිජ් එකට දාගන්න.
7. බේක්ඩ් ෆිශ් විත් කර්ඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- බේක් කරන්න සුදුසු මාළු වර්ගයක් (උදා: ගල් මාළු)
- මී කිරි මේස හැඳි 3
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1
- ඉඟුරු, සුදුළූණු පේස්ට් එක
- ලුණු
- මාළුවා හැර අනෙක් සියල්ලම එකට දාලා පේස්ට් එකක් හදාගන්න.
- මාළුවගෙ දෙපැත්තෙම පිහියකින් වෙන් නොවෙන්න ඉරි කපාගන්න.
- හදාගත් මිශ්‍රණය මාළුවගෙ හොඳින් තවරලා සීසන් වෙන්න තියන්න පැය 6ක් වගේ.
- ඊට පස්සෙ ෆොයිල් කොළේක ඔතලා අවන් එකේ දැල උඩ තියල සෙල්සියස් 180ට විනාඩි 15-20ක් බේක් කරගන්න.
Leave a Reply