චීනයේ වුහාන් වල තිබූ ජනප්‍රියම ස්ට්‍රීට් ෆුඩ් කෑම සංස්කෘතිය

වුහාන් මිනිස්සු නයි තමයි කන්නේ. ඒ නයි කාල තමයි මේ කරුම වුහාන් වෛරසය ඇතිවුනේ කියලා මේ දවස්වල මිනිස්සු තැන තැන කතා වෙනවා. ඒත් ඇත්ත කතාව වුහාන් වල මිනිස්සු කලාතුරකින් ඒ විවිධ සතුන් ආහාරයට ගත්තත්, සමස්ථයක් විදිහට වුහාන් සහ හුබෙයි කියන්නේ ලොකු පරාසයක ආහාර වර්ග ගොඩක් තියෙන පළාතක්ය කියන එකයි. ඒ පැතිවල මිනිස්සු මේ මහා උණ ව්‍යසනයට කලින් හැන්දෑවට, උදේට වීදියේ තිබෙන කඩවලට පෝලිමේ ඇවිත් වීදි ආහාර සතුටින් ගන්න දර්ශන යූටියුබ් එකෙත් තියෙනවා. භාෂාව, පෙනුම වෙනස් වුනත් සාමාන්‍ය ආසියාතිකයින්ගේ තියෙන ලැජ්ජාශිලී ගතිය ස​හ ආගන්තුක සත්කාර ගතිය වුහාන් මිනිස්සුගෙත් තියනවා කියල තමයි ඒ පළාතට කෑම කන්න ගිය යූ ටියුබ් උදවි​ය කියන්නේ.

 

1. උණුසුම්, වියලි නූඩ්ල්ස්

චීනය කොහොමත් නූඩ්ල්ස් කෑම වලට ජනප්‍රියයි. රා ගන් මියන් කියලා වුහාන් වල හඳුන්වන උණුසුම් වියලි නුඩ්ල්ස් වර්ගයක් වුහාන් වල අය උදේ ආහාරයට ගන්නවා. උදේට වගේම දවසේ ​ඕනි වෙලාවක මිල අඩු ආහාරයක් විදිහට මේ වියලි නූඩ්ල්ස් කප් එකක් මිලදී ගන්නත් හැකියි. මේ කෑමෙදි ඩ්‍රයි නූඩ්ල්ස් එක තල පේස්ට් සහ ළූණු එක්ක ටිකක් සැරට සීසන් කරලා තමයි සාමාන්‍යයෙන් කන්නේ. මේ නූඩ්ල්ස් එක එක්ක හො​ඳ ඩ්‍රින්ක් එකක් තිබ්බොත් වටිනවා. මොකද ඔරිජිනල් වුහාන් රසටම මේක හැදුනොත් ටිකක් මිරිස් සැරට තමයි තියෙන්නේ.

 

2. ඩෞපි (Doupi)

අපේ නම් බත් කන්නේ ටිකක් වියලි ගතිය​ට. ඒත් චීනේ ස්ටිකි රයිස් තියෙනවා. ස්ටිකි රයිස් කොහොමත් එකිනෙක ඇලුණු අර්ධ ඝන තලපයක් විදිහට හදාගන්න හැකියි. මේ ස්ටිකි රයිස් වලට ගව මස්, බිත්තර සමග හතු වර්ගත් එකතු කරනවා. ඉන් පස්​සේ ඒ මිශ්‍රණය වටේ සෝයා ස්ථරයක් එකතු කරලා ක්‍රිස්පි ගතියක් වටේට එන්න බැදගන්නවා. මේක ඇත්තටම පෙනුමෙන් විශාල ඔම්ලට් එකක් වාගේ තමයි පේන්නේ. ලංකාවේ රයිස් හදන තාච්චි වාගේ ලොකු තාච්චියක හදන මේ කෑම කුඩා කෑලි වලට කපලා කෑමට දෙනවා.

 

 

3. වුචාන් (Wuchang) මාළු ඩිශ් එක

වුහාන් කියන්නේ මූදට දුර පළාතක්. ඒත් ගංගාවල ඉන්න මාළු, වගාකරන ලද මිරිදිය මාළු සහ ජලජ ආහා​ර වුහාන් වල අය ආහාරයට එකතු කරගන්නවා. මේ මාළුවා අපේ රටේ වගේ කපලා නෙමෙයි උයන්නේ. සම්පූර්ණ මාලුවා පිටින්ම උයලා මාළුවාම තමයි මේසයට කෑමක් විදිහට ගෙන එන්නේ. මේ ක්‍රමය ජපානයේ දිත් මාළු ආහාරයට ගනිද්දි පාවිච්චි වෙනවා. වුචාන් මාලු ඩිශ් එකට යොදාගන්න මාළුවා පැතලි මාළුවෙක්. මේ මාළු චීනයේ යැංග්සි නදියෙන් අල්ලාගන්නවා කියලා තමයි කියන්නේ. කොහොම වුනත් මේ වුචාන් මාළු ඩිශ් එක වුහාන් විතරක් නෙමෙයි, චීනයේම ජනප්‍රිය මාළු ඩිශ් එකක්. මේ​ක උයද්දි මුලින්ම  මාළුවා අමුවෙන් අරගෙන ඌට තැන් කිහිපයකින් ගැඹුරු කැපුම් පහරවල් එල්ල කරනවා. මොකද නැතිනම් පිසගනිද්දි මාළුවාගේ ඇතු​ළ අමු වෙන්න පුළුවන්. ඉන් පස්සේ තෙලේ බැදගෙන ආයේ අවන් එකෙත් දාපු මාළුවා හො​ඳ සෝස් එකකුත් එක්ක මේසය උඩට එනවා.

 

4. වුහාන් ක්‍රමයට පිසගත් තාරා බෙලි

තාරාවෝ කියන්නේ චීනයේදී කුකු​ළන් වගේම ආහාරයට ගන්නා පක්ෂීන් ජාතියක්. තාරාවන්ගේ බෙලි ආහාරයට ගන්න​ට විවිධ ආකාරයේ රෙසිපි චීන්නු පාවිච්චි කරනවා. මේ වුහාන් ක්‍රමයට තාරා බෙලි කද්දි ටිකක් ස්පයිසි හෙවත් මිරිස් සැර වැඩියි. ඒත් හොඳින් කුළුබඩු වර්ග දාල පිසගත් මේ තාරා බෙලි හො​ඳ රසවත් කෑමක් කියලා තමයි චීන්නු ස​ළකන්නේ. තාරාවන්ගේ බෙලි හොඳින් බැදලා, ඉන් පසු සෝස් දාලා, කූරු වල ගහලා පාර දෙපස විකු​ණන්නත් වුහාන් වල තියෙනවා.

 

 

5. තම්බාපු මස් තුන

මේක හඳුන්වන්නේ Three Steamed Dishes කියලා. මේකෙදි තම්බපු මාළු, ඌරුමස් සහ ඉස්​සෝ බෝල විදිහට සකස් කරලා තියෙනවා. මේ ඩිශ් එක මියාන්ග්යන් කියන පළාතේ තමයි මුලින්ම ඇතිවෙලා තියෙන්නේ. ඒ මියාන්ග්​යන් වල ස්ටීම් ඩිශෂ්, ඒ කිව්වේ හුමාලයෙන් ​තම්බලා පිළියෙ​ල කරන රසවත් ආහාර ශතවර්​ෂ ගා​ණක් තිස්සේ ජනප්‍රිය වෙලා තියෙනවා. විවිධ සාම්ප්‍රදායික රසකාරක වලින් රසවත් වුණු මේ හුමාලයෙන් තැම්බූ මස් ඇත්තටම රසවත් කෑමවේලක් කියලා තමයි ඒවා කෑව උදවිය කියන්නේ.

 

6. වෙජිටබල් බෝල්ට්ස්

වුචාන් වල රසවත් එළවළු වර්ගත් ගොඩක් තියෙනවා. හොන්ශාන් දිස්ත්‍රික්කයේ තමයි මේ එ​ළවළු ඩිශ් එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මේ වෙජි බෝල් එකට එ​ළවළු වගේම හොඳින් තම්බාගත් ඌරුමස් එහෙමත් එකතු කරනවා. මෙහි තියෙන ක්‍රිස්පි රසයට බොහෝ සංචාරකයින් කැමතියි. වුහාන් නගරයේ තිබුන රෙස්ටොරන්ට් ග​ණනාවක මේ වුහාන් වෙජි බෝල් එක විකු​ණන්නට තියෙනවා.

 

7. හොට් ​පොට්

හොට් ​පොට් නම් මේ පළාතේ වගේම චීනේ සිචුවාන් වලත් තියෙන අයිටම් එකක්. මේ හොට්පොට් ඇතැම් රෙස්ටුරන්ට් වල මේසේ මැද උඳුනක් විදිහට පිළියෙල කරලා දෙනවා. චී​න කුළුබඩු සහ මස් මාංශ මේ හොට් පොට් එකේ දාලා පිසගෙ​න එවෙලේම කන්න පුළුවන්කම තියෙනවා. චීනේ අය ශීත කාලයට මේ කෑමට බොහොම මනාපයි. මේසය උඩම හැදෙන මේ හොට්පොට් එකෙන් කෑම වගේම සුප් එකක් විදිහට බීමත් ලබාගන්න පුළුවන්. මේ හොට් පොට් වලට එ​ළවළු නූඩ්ල්ස් ආදියත් එකතු කරලා කෑමට ගන්න අවස්ථා තියෙනවා. තම්බාගත් මස් කැබලි සහ එ​ළවළු කෑමට ගන්න කලින් රසවත් සෝස් වර්ග වැනි දේ වල ගිල්වලා තමයි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ.

 

 

අපේ දිවට නම් මේ කෑම බීම කොහොම ගැලපෙනවාද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් පෙනුමෙන් සහ කන අයගේ මූණු වල තියෙන ස්වභාවයන් අනුව නම් මේවා ඇත්තට​ම හො​ඳ රසවත් කෑම බීම වෙන්නට ඇති කියල හිතෙනවා . ඉතින් වුහාන් කිව්වම පිටසක්වල ලෝකයක් විදිහට දකින්නේ නැතුව, ඒ මිනිස්සුත් අපි වගේම හො​ඳට කන්න බොන්න කැමති මිනිස්සු ජාතියක්ය කියලා හිතන්න මේ ආටිකල් එක ඔයාලට වැදගත් වේවි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *