ආහාර පාන හා සංචාර

අයිටම් කෑමක් නිසා ම ප්‍රසිද්ධියට පත් වුණ කොළඹ අවන්හල්

කෑම එක්ක සංස්කෘතියක් ගොඩනගාගන්න එක තවදුරටත් ලංකාවට අරුමයක් නෙවෙයි. මේ නිසා ම සමහර අවන්හල් තමන්ට ම අනන්‍ය වෙච්ච, නමක් හදාගන්න පුළුවන්, හැමතැන ම නැති අයිටම් එළියට දාන්න පෙළඹුණා. එහෙම තනි කෑමක් නිසා ජනප්‍රිය වෙලා සෙනඟ එන්න පටන් ගත්තම අනික් කෑමවලටත් ඉබේ ම බබා හම්බවෙනවා. ඉතින් ඒ මූලාරම්භය ගත්තු කෑම ගැන හොයා බලමු.

 


1. Geek HQ

Source – facebook.com


හැව්ලොක් ටවුමේ සිග්මා එක ළඟ ම තියෙන Geek HQ එක එතැනට ගෙනාවේ මේ ළඟදි. ඒක කලින් තිබුණේ වෙන තැනක. මෙතන සෑහෙන ෆේමස් ඉතින් ඔය Geek යාළුවෝ අතරේ. කොමික් බුක් කියවන ඒ ස්කල්ප්චර්ස් එකතු කරන ඕනි කෙනෙක්ට මෙතන නිධානයක් වගේ. කෑම ගැන කිව්වොතින් මෙනූ එකේ කෑමවල නම් තියෙන්නෙත් කොමික් කල්චර් එකක් ඇතුළේ. ලොවෙත් නැති ස්ටාෆ් එක. මාර ම ෆ්‍රෙන්ඩ්ලි. මෙයාලාගේ ජනප්‍රිය කෑම එක තමයි තඩිම තඩි බර්ගර් එක. කලින් මෙනූ එකේ තිබ්බා පැටීස් හතරක් තිබුණ බර්ගර් එකක්. දැන් තියනවා පැටීස් හයක් එක්ක ම එකක්. නම ඇවිල්ලා Endgame Burger.

 


2. Hotel de Pilawoos

Source – tripadvisor.com


පැටව් ගහලා පිලවූස් තිබ්බට සුපිරි වැඩ්ඩෝ ඉන්න මහගෙදර තියෙන්නේ කොල්ලුපිටියේ ඩර්ඩන්ස් එක ගාව. මෙයාලා හරි ප්‍රසිද්ධයි චීස් කොත්තුවටයි අයිස් මයිලෝ එකටයි. කොත්තුව නිකන් කෑවටවත් මයිලෝ එක නිකන් ම බිව්වටවත් ඒ ආතල් එක දැනෙන්නේ නෑ. වෙන කොත්තු වර්ග තිබ්බත් බීම වර්ග තිබ්බත් ගොඩක් අය පිලා හොයන් එන්නේ මේ එකතුවේ රහ බලන්නයි.



3. Arthur’s Pizzeria

Source – facebook.com


ආතර් නම කරළියට එන්නේ හොඳ ම තත්ත්වයේ දර පෝරණු පීසා විදියට. නමුත් දැන් ඒ ට්‍රෙන්ඩ් එක පස්සෙ යන අය බොහොමයි. ඒ අය අතරෙදි ආතර් කොහොම ද උඩට ම ආවේ? ඒකට හේතුව වෙන්නේ විශේෂ රසයක් දැනෙන වෙනත් කෑම වර්ග නිසා. එහෙම දනවන අතිවිශේෂ ආතර් ස්පෙෂල් එක තමයි ආතර්ගේ නයි මිරිස් පීසා එක. කන කර ඔක්කොගෙන් ම කනකොට දුම් විසි වෙනවා. ගල්කිස්සේ වගේ ම හැව්ලොක්වල රෝයල් ඉන්ස්ටිටුයිට් එක ගාවත් අවුට්ලට් තියනවා.



4. Dinemore


සබ්මැරීන් කිව්ව ගමන් ඩයින්මෝර් මතක් වෙන තරමට ම ඒවා ඩයින්මෝර් එක්ක බැඳිලා තියනවා. ගාණත් හොඳයි. චිකන් සහ ටූනා විදියට ෆිලින් එකේ ප්‍රභේද නම් තියනවා. ඩයින්මෝර් තැන් හැම තැන ම. වෙනකක් තියා වන් වන් ගෝල් ෆේසියෙත් තියෙනවා.  මැරීන් ඩ්‍රයිව්, රෝයල් කොලීජිය, කොහුවල වගේ ම තවත් එකී මෙකී නොකී තැන් ගොඩක මේ සබ් ගන්න පුළුවන්. ඩයින්මෝර් අවුට්ලට්වල සර්විස් එක ගැන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.



5. Spinner Cafe


මේක අලුත් ම සංකල්පෙකට හදපු තැනක්. බයිසිකල් පිස්සෙක්ට හදාපු දිව්‍යලෝකයක්. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව තේමාව කරගත්තු මේ වගේ තැනක ඉතින් ශරීරෙට අයහපත් දේවල් නෑ. හරියට ම කිඹුලාවල හන්දියේ තමයි තියෙන්නේ. මෙතන ලක ගැහිලා ආවේ මඤ්ඤොක්කා කොත්තුව නිසා. පිටි කෑලි වෙනුවට මඤ්ඤොක්කා තියනවා. ඒ මදිවට තඩි චිකන් කෑල්ලකුත් එක්ක එන්නේ. පංකාදු පහයි.

 


6. KBQ Chicken 

Source – facebook.com



ආතල් එකට යාළුවොත් එක්ක ෆිට් එකේ දාන බාබකිව් වෙනයි, කොරියන් බාබකිව් වෙනයි. රාජගිරියේ ජනජය සිටි බිල්ඩිමේ ෆුඩ් කෝට් එකේ පැත්තකට වෙන්න තියන KBQ එක ඉස්සර තිබ්බේ එතැන නම් නෙවෙයි. තාමත් කට්ටිය පරණ තැන හොයන් යනවා පුරුද්දට. මෙතන බාබකිව් අයිටම්වලට වඩා සෑහෙන කොරියන් කෑම තියනවා. ඒත් මෙතන තියන අයිකනික් ඩිෂ් එක තමයි Fire Chicken කියන්නේ. කනකොට කට දනවා උණ ගැනෙන්න. හැබැයි මාරෙට වදිනවා ඒක.



7. Juicemo

Source – facebook.com



නිදහස් චතුරස්‍රය එක්ක ම තියන වෝකින් පාත් එකේ ඇවිදින උදවියට නම් මෙතන කිසිම විදියකින් ආගන්තුක තැනක් නෙවෙයි. කොළ කැඳවලින් පටන් ගෙන ෆෘට් ජූස් ළඟ නැවතිලා බර්ගර් එකක් දක්වා පරිමාවක කෑම මෙතන තියනවා. මෙතන විශේෂයෙන් ම කට්ටිය හොයන් එන්න හේතුවක් තමයි ෆෘට් කොත්තුව. ලේයර් කීපෙකට පළතුරු, නට්ස්, චොකලට් සිරප් සහ ක්‍රීම් එක්ක ලස්සන බෝල් එකකට දාලා ලැබෙන ෆෘට් කොත්තුවක රහ බලන්න පුළුවන් ලංකාවෙන් ම මෙතන විතරයි.

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

8 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

9 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

9 months ago