ඩයට් කරන අයට කියාපු ඩ්‍රින්ක් ටිකක් තමයි මේ… එළවළු වලින් රස ස්මූති සෙට් එකක් හදාගන්න මෙන්න රෙසිපි… තුන් වේලටම බත් කන වෙලේ එක වේලකට හරි මේක එකතු කරගන්න තියනවනම් අපේ ඇඟට සෑහෙන වටිනවා.
1. Carrot Creamsicle
ඔය ලස්සන වෙන්න ආස අයට කියාපු ස්මූති එක. හම පෝෂණය කරන්න කැරට් වලට තියෙන්නෙ විශේෂ හැකියාවක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කැරට් අල 3
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
- ඇඹුල් කෙසෙල් ගෙඩි 3
- ඔරේන්ජ් ජූස් මේ හැඳි 2
- මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරලා බොන්න තියෙන්නෙ.
2. Green Smoothie
ග්‍රීන් ඩ්‍රින්ක්ස් දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලානෙ. මේකට පාස්ලි වලට අමතරව නිවිති, කොත්තමල්ලි, ගොටුකොළ වගේ කැමති කොළ වර්ගයක් එකතු කරගන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කොළ ඇපල් ගෙඩියක්
- සැලඩ් පිපිඤ්ඤා ගෙඩි භාගයක්
- ලෙමන් ජූස් මේස හැඳි 2
- පාස්ලි කොළ ටිකක්
- මින්චි කොළ ටිකක්
- මේ සියල්ලම වතුර ටිකක් වෙන්න දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- බොන්න ගන්න කොටම හදාගන්න තරමටයි හොඳ. කොළ වර්ග නිසා කහට පිපෙන්න පුළුවන්.
3. Cucumber Smoothie
රස්නෙ කාලෙටම ගැලපෙන ස්මූති එකක්. නැවුම් බවක් දැනෙන්න බොන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් කෝප්ප 1/2
- පිපිඤ්ඤා ගෙඩි 1/2
- චොප්කරගත් කැරට් අලයක්
- ලෙමන් ජූස් මේස හැඳි 1
- චොප්කරගත් තක්කාලි ගෙඩි 2
- මේ සේරම වතුර ස්වල්පයක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.
4. Spicy Pumpkin Smoothie
මේකත් ඇඟ නිවෙන්න ශෝක් ස්මූති එකක්. පරිසරයේ වගේම ඇඟේ උෂ්ණත්වය ඉහළ වෙලාවට ගැලපෙනව. ඒ වගේම ටිකක් සැර රසට ආස අයට මරු.
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
- වට්ටක්කා පියුරි කෝප්ප 1
- ලුණු
- ගම්මිරිස් කුඩු
- කැරට් අල 1
- මේ සියල්ලම බ්ලෙන්ඩ් කරලා කූල් වෙන්න තියල බොන්න ගන්න.
5. Beetroot Smoothie
බර අඩු කරගන්න වගේම අධි රුධිර පීඩනය තියෙන අයටත් මේ ස්මූති එක ගුණයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් බීට් රූට් අල 2
- ලෙමන් ජූස් මේස හැඳි 2
- කොත්තමල්ලි කොළ ටිකක්
- ලුණු
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2
- මේ සියල්ලටම වතුර ස්වල්පයක් දාගෙන බ්ලෙන්ඩ් කරගන්න.
6. Spinach Kiwifruit Smoothie
තවත් ග්‍රීන් ඩ්‍රින්ක් එකක්. යකඩ ඌණතාවය තියෙන, රක්ත හීනතාවය තියෙන අයටත් බොන්න ගුණයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- ලපටි නිවිති කොළ 10-12
- කිවි ගෙඩි 1
- යෝගට් 1
- කපාගත් කෙසෙල් ගෙඩි 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
- මේ සියල්ලම ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
- විශේෂයෙන්ම නිවිති වල කෑලි හිටින්නෙ නැතිවෙන්න බ්ලෙන්ඩ් වෙන්න ඕනා.
7. Bellpepper and Strawberry Smoothie
රසට වගේම බඩ පිරෙන්න හදාගන්න පුළුවන් ස්මූති එකක් මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- රතු බෙල්පෙපර් ගෙඩි 1
- ස්ට්‍රෝබෙරි ගෙඩි 6
- ආමන්ඩ් බටර් මේස හැඳි 1
- පිපිඤ්ඤා ගෙඩි 1/2
- වතුර ස්වල්පයක්
- මේ සියල්ලම ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
- කූල් වෙන්න ෆ්‍රිජ් එකේ තියල බොන්න ගන්න.
Leave a Reply