ඇත්තටම දුරකථනයක් කියන දේ දැන් මූලික මිනිස් අවශ්‍යතාවයක් තරමට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තියෙන කාලෙක තමයි අපි මේ සම්බන්ධයෙන් කතා බහක් දාන්න හිතුවේ. හරි නම් මේවා ලිය ලිය ඉඳල හරියන්නේ නෑ ඔක්කොමල පාරට බැහැල ආණ්ඩුවට බල කරල කියා සිටින්න ඕනේ දුරකථනය මූලික මිනිස් අවශ්‍යතාවයක් විදිහට ගැසට් කරන්න කියල. 😀 එහෙම නැතුව කොහොමද, 1992 දී 2,644 ක් හිටපු ජංගම දුරකථන පරිශීලකයන් ගාණ 2019 වෙද්දී 33,463,471 ක් උනාම. හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ. අන්න ඒ විදිහට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන ජංගම දුරකථනය කියන උපකරණයත් ඔන්න ඔය කිව්වා වගේ කලානුරූපිව දියුණු වෙලා තියෙනවා සහ අපිට හිතාගන්න බැරි වෙලා තියෙනවා ඉස්සරහට ඕකට දත් මදින උපකරණයක් කුඩා ගෑස් උදුනක් වගේ දෙයක් එහෙමත් එකතු වෙයිද කියල. කොහොමහරි කමක් නෑ අද වෙද්දී ජංගම දුරකථනයක් ගනිද්දී බලන්න තියෙන අටෝරාසියක් දේවල් සලකල බලල රුපියල් හතලිස්දාහට අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆෝන් හතක් අපි ඔන්න හොයල දෙනවා. ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට ඔයාට තෝරාගන්න පුළුවන් ඒ හතෙන් එකක්.
1. Xiaomi Redmi Note 8 Pro
ගෙවන මුදලට ඉතාම වටිනා ෆෝන් එකක් කියල බය නැතුව කියන්න පුළුවන්. මේකේ විශේෂ දේවල් ගැන කිව්වොත් මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2019 සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ ගොඩක් ලඟදි තමයි මේක එලියට දාල තියෙන්නේ. අනිත් දේ තමයි මේකේ කැමරා සිස්ටම් එක. Quad කැමරා සෙටප් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ කැමරා හතරක් තියෙන සෙටප් එකක්. කැමරා කොලිටි එකත් ගොඩක් හොඳ තත්ත්වෙක තියෙන බව කියන්න පුළුවන්. ඇත්තම කතාව මේ ගාණට අපිට High End ෆෝන් එකක කොලිටි එක ගන්න අමාරුයි. නමුත් ගොඩක් හොඳ කොලිටි එකක් තියෙනවා. අනිත් එක මේකේ චිප් සෙට් එක ඉතාම හොඳ කොලිටි චිප්සෙට් එකක්. Gaming වලටම හදපු ෆෝන් එකක් නිසා ඕන ඇප් එකක් ස්මූත් රන් කරන්න පුළුවන්. බැටරි ලයිෆ් එකත් සුපිරි. Fast Charging පහසුකමත් ඇතුළත්. Infrared Port එකකුත් තියෙන නිසා රිමෝට් කොන්ට්‍රෝලර් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තව ගොඩක් හොඳ දේවල් ඇතුළත් කරලා තියෙනවා. පොඩ්ඩක් හොයල බැලුවොත් හොඳ අදහසක් ගන්න පුළුවන්.
නිගමනය: ගෙවන මුදලක ලැබෙන ඔප්ෂන් ඉතාම සතුටුදායකයි. ඉහළින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්.
2. Huawei Y9 Prime 2019 128GB
ෆෝන් එකේ පෙනුම ඉතාම ලස්සන ෆෝන් එකක් තමයි මේ. ඊට අමතරව ස්ක්‍රීන් එකේ කිසිම නොච් එකක් දකින්න නෑ. සම්පුර්ණ ස්ක්‍රීන් එකම ඩිස්ප්ලේ වෙනවා සහ මේකේ සෙල්ෆි කැමරා එක පොප් අප් කැමරා එකක් විදිහට තමයි හදල තියෙන්නේ. ඒක 16mp විදිහටත් පිටිපසේ මේන් කැමරා එක 16mp එකක් විදිහටත් තව 8mp Ultra Wide කැමරා එකකුත් විශේෂයෙන් දකින්න පුළුවන්. මේ ෆෝන් එකට එන්නේ 4gb RAM එකක්. ඒක නම් විශේෂ දෙයක් නෙමෙයි. නමුත් ඇප් ටික රන් කරගන්න ප්‍රමාණවත් කියන්න පුළුවන්.
නිගමනය: ගොඩක් වැඩකෑලි තියෙන ෆෝන් එකක්. අඩුම මිලට ගන්න තියෙන පොප් අප් කැමරා එකක් තියෙන ෆෝන් එක. සාමාන්‍ය පාවිච්චියට හොඳයි.
3. Samsung Galaxy A50 64GB
ගොඩක් ජනප්‍රිය ෆෝන් බ්‍රෑන්ඩ් එකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. Samsung කියන්නේ සාමාන්‍යයෙන් Flagship Device මාර්කට් එකට එවනවා වගේම Mid-Range එක ගැනත් ගොඩක් හිතන කොම්පැණි එකක්. එයාලගේ A Series එකේ හොඳ මොඩල් එකක් තමයි සැම්සන්ග් A50 කියන්නේ. මේකේ තියෙන විශේෂ දේවල් ගැන කිව්වොත් මේකේ Finger Print Scanner එක ඩිස්ප්ලේ එක මත තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් එක මේ ෆෝන් එකේ Built Quality එක ඉතාම හොඳ තත්ත්වෙක තියෙනවා. ඊටත් අමතරව සිම් දෙකක් එක්ක මෙමරි කාර්ඩ් එකකුත් ඇතුළත් කරන්න පුළුවන් හැකියාව ලැබිල තියෙනවා මේ ෆෝන් එකට. 6gb RAM එකක් වගේම 64gb ධාරිතාවක් එක තමයි මේ ෆෝන් එක එන්නේ. මේකේ කැමරා තුනක සෙටප් එකක් තමයි තියෙන්නේ. ප්‍රධාන කැමරාව 25mp විදිහටත් 8mp Ultra wide කැමරා එකකුත් 5mp තවත් කැමරාවකුත්, 25mp සෙල්ෆි කැමරා එකකුත් විදිහට තමයි සෙටප් කරලා තියෙන්නේ.
නිගමනය : ඉතා හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. In Display Fingerprint Scanner එක ගොඩක් වැදගත්. හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ ෆීචර්ස් එක්ක අඩු මුදලට ගන්න පුළුවන් ෆෝන් එකක්.
4. Vivo Y19 128GB
මේකේ තියෙන විශේෂත්වය තමයි ඉතාම ඉහළ ධාරිතාවක් තියෙන බැටරි එක. ඒ කියන්නේ 5000mAh තරම් ලොකු ධාරිතාවක් මේ ෆෝන් එක එක්ක එනවා. කැමරා තුනක සෙටප් එකක් තියෙන්නේ. සෙල්ෆි කැමරා එක සහ පිටිපස්සේ ප්‍රධාන කැමරාව 16mp සහ 8mp, 2mp කැමරා දෙකක් තව තියෙනවා. 4gb RAM එකක් එක්ක 128gb ධාරිතාවක් මේ ෆෝන් එකට තියෙනවා.
නිගමනය: ලොකු බැටරි ධාරිතාවක් තියෙනවා. එදිනෙදා සාමාන්‍ය පාවිච්චියට සුදුසුයි.
5. Nokia 6.2 64GB
ඉස්සර ෆෝන් කිව්වම නොකියා සහ නොකියා කිව්වම ෆෝන් තමයි. ඒත් ඇන්ඩ්‍රොයිඩ් තරගයට අවේ නැති නිසා ඒ තිබ්බ මාර්කට් එක එහෙම්ම නැති වෙලා ගියා. ඒත් ආයෙම ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින්ග් සිස්ටම් එක ඇතුළත් කරලා දුරකථන නිපදවන්න පටන් අරන් තියෙනවා. ඉතින් එහෙම නිපදවපු ෆෝන් වලින් Mid-Range එකට මෙන්න මේ නොකියා 6.2 ෆෝන් එක නිෂ්පාදනය කරලා තියෙනවා. මේකේ විශේෂම දේ තමයි මේකේ රන් වෙන්නෙ Stock Android Operating System එකක් වීම. ඒ නිසා ගූගල් අප්ඩේට්ස් එහෙම නිකුත් කරපු සැනින් මේ ෆෝන් එකට එනවා. අනෙක් දේවල් නම් එච්චර විශේෂයක් නැති උනත් අපිට ෆෝන් එකේ බිල්ට් කොලිටි එක නම් හොඳයි කියන්න පුළුවන්.
නිගමනය: Stock Android Operating System එකකට ආස කෙනෙක්ට ගොඩක් හොඳයි.
6. Huawei nova 3i 128GB.
Nova 3 කියන ෆෝන් එකේ බජට් ෆෝන් එක තමයි Nova 3i කියන්නේ. බාහිර පෙනුමෙන් නම් ෆෝන් දෙකේ කිසි වෙනසක් නෑ. විශේෂ දේවල් කිව්වොත් සෙල්ෆි කැමරා එක කැමරා දෙකකින් යුක්ත වෙනවා. ප්‍රධාන එක 24mp කැමරා එකක් විදිහටත් අනික 2mp Depth Sensor එක විදිහටත් තමයි වැඩ කරන්නේ. 4gb RAM එකක් එක්ක 128gb ධාරිතවකුත් තියෙනවා.
නිගමනය: ෆෝන් එකේ එක එක වැඩකෑලි නිසා ටිකක් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ගෙවන මුදලට හොඳ ෆෝන් එකක්.
7. Xiaomi Pocophone F1 64GB
මේ ෆෝන් එකේ තියෙන විශේෂ දෙයක් තමයි මේකේ තියෙනවා Liquid Cooling System එකක්. ඒකෙන් ෆෝන් එකේ Performance වැඩි කරන්න උදව් වෙනවා. විශේෂයෙන් 4000mAh වගේ ලොකු ධාරිතාවක් තියෙන බැටරි එකක් තියෙනවා. අනික මේකේ චිප්සෙට් එක ගොඩක් හොඳ Performance තියෙන Snapdragon 845 වර්ගයේ චිප් එකක්. ඒ වගේම 6gb RAM එකකුත් ලැබිල තියෙනවා.
නිගමනය: ගොඩක් හොඳ Performance තියෙන ෆෝන් එකක්. ගොඩක්ම ස්පීඩ් සහ ස්මූත්.
Leave a Reply