බුදුන්ගේ දේශනාවේ කිව්වෙත් කොහේ හිටියත් කර්මයෙන් ගැලවෙන්න බැරිය කියාලා. ඒක ප්‍රසිද්ධ චරිතවලටත් ඒ විදියට ම අදාළයි. සම්පූර්ණ ජීවිතයක් ගෙවා දාන්නේ නැතුව මගදි හැරිලා යන්න වුණ ප්‍රසිද්ධ චරිත කීපයක් ගැන දැන් කතා කරමු.
1. පෝල් වෝකර්
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆ්‍රැන්චයිස් එකේ ඊළඟ පිලුම ගැන සෑහෙන කතාවක් නිර්මාණය වෙලා තියන වෙලාවකයි මේ පෝල් ගැන අපි කතා කරන්නේ. චැරිටි වැඩසටහනක් ඉවර වෙලා මිතුරෙකු එක්ක කාර් එකෙන් යද්දී තමයි අනතුරක් වෙලා තියෙන්නේ. කැමරාවලට අනුව මේ වෙලාවේ වාහනය පදවලා තියෙන්නේ යාළුවා. අධික වේගයෙන් පදවාගෙන ගිය වාහනය කණුවක හැපෙනවා. මේ දෙන්නගෙම සිරුරු හඳුනාගන්න බැරි මට්ටමට පිළිස්සිලයි තිබිලා තියෙන්නේ. මේ අවාසනාවන්ත සිදුවීම වෙනකොට ඔහුට වයස 40යි.
2. දිව්‍යා භාර්ති
අනූව දශකයේ අතිශය ජනප්‍රිය නිළියක වුණ දිව්‍යා තමන්ගේ අපාර්ට්මන්ට් එකේ ජනේලෙන් වැටෙනවා. රෝහලේ දී ඇය මිය යනවා. මේක සියදිවි නසාගැනීමක් විදියට මත පළ කෙරුණත් අන්තිමේ ඒක හදිසි අනතුරක් විදියට තහවුරු කරලා පර්යේෂණ කටයුතු නවත්වනවා. යන්තන් අවුරුදු 20ක්වත් වෙන්න කලියෙන් 19 දී තමයි මේ අභාග්‍යසම්පන්න ඉරණමට ඇය මුහුණ දෙන්නේ.
3. ස්ටීව් අර්වින්
මේ නමින් නැතත් ක්‍රොකඩයිල් හන්ටර් කිව්වොත් සමහර විට මතක් වෙයි. එහෙමයි කියලා මේ දඩයක්කාරයෙක් නම් නෙවෙයි, පරිසරවේදියෙක්. සතුන්ට ඉමහත් ලෙස ආදරය කළ ස්ටීව් මරණයට පත් වෙන්නෙත් සතෙක් නිසාමයි. වැඩසටහනක් රූගත කර කර ඉන්නා අතර මඩුවෙකුගෙන් ලබන ප්‍රහාරයක් නිසා ස්ටීව්ගේ පෙනහළු හිල් වෙනවා. ස්ටීව්ට මේ ඉරණම අත් වෙන්නේ වයස අවුරුදු 44දී. ඔහු කරගෙන ආපු වැඩසටහන් පවුලේ අනෙක් සාමාජිකයන් විසින් ඉදිරියට කරගෙන යනවා.
4. පිලිප් හියුස්
බවුන්සර් පන්දුව තමයි මොහුට මරණය ගෙන ආවේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුර බවුන්සර් පන්දුවක් හිසේ වැදී රෝහල්ගත කරාට පස්සේ මේ 25වැනි තරුණයා මිය යනවා. ලොව පුරා ක්‍රිකට් රසික රසිකාවියන්ගේ ඉමහත් වේදනාවට මේ කාරණය හේතු වුණා.
5. ලින්ඩා ලව්ලේස්
කුප්‍රකට නිල් චිත්‍රපට නිළියක වූ ලින්ඩා මරණයට පත් වෙන්නේ රිය අනතුරකින්. ඒ වෙනකොට ඈ තමන් වෙළඳ භාණ්ඩයක් පමණක් වුණ බව වටහාගෙන නිල් චිත්‍රපට සිනමාවෙන් ඈත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා පමණයි. ඒ විතරක් නෙවේ ඒ අලුත් ජීවිතයේ ඇය නිල් චිත්‍රපටවලට එරෙහි සමාජ ක්‍රියාකාරිනියක ද වුණා. මිය යනකොට වයස අවුරුදු 53යි.
6. ජේම්ස් ඩීන්
ජේම්ස් කියන්නේ ඒ දවස්වල හිටපු අයිකනික් නළුවෙක්. ඒ වගේ ම හොඳ රථගායක් තිබුණ කෙනෙක්. ජේම්ස් තමන් පදවපු කාර් එකත් එක්ක අනතුරට ලක් වෙද්දී ඔහුට යන්තම් 24යි. මේ මෝටර් රථය මහා අබිරහසක් ඉතිරි කරා. ඒ තමයි එය අලුත්වැඩියා කරන්න ගියපු හැමෝට ම එක එක අනතුරු කිරීමෙන්.
7. කෝබේ බ්‍රයන්ට්
මෑත කාලීනව ලොවක් කම්පා කළ මේ සිදුවීමේ මතක තාම එහෙමමයි. 41 හැවිරිදි මේ සුප්‍රසිද්ධ පැසිපන්දු ක්‍රීඩකයා තමන්ගේ දියණියක් එක්ක ගමන් ගත්තු හෙලිකොප්ටරේ අනතුරට ලක් වීමත් එක්ක මරු වැළඳ ගන්නවා. අදාළ අනතුර සිද්ධ වුණ ප්‍රදේශයේ අධික මීදුම් තත්ත්වයක් පවතින ප්‍රදේශයක් බවයි කියවෙන්නේ බ්‍රයන්ට් ඇතුළුව 9 දෙනෙක් මේ අනතුරෙන් ජීවිතය අහිමි කරගන්නවා.
Leave a Reply