කොරෝනා වෛරස් එක කරළියට ඒමත් එක්ක අපිට අමතක වෙලා ගිය චරිතයක් ඉන්නවා. ඒ තමයි රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා. කාලයක් වන් ෂොට්,ගොන්ජා වගේ නම්වලින් හඳුන්වලා හිටපු එතුමාව දැන් මිස්ටර් බැක්සයිඩ් කියලා හඳුන්වන්න පටන් අරගෙන තියනවා. රන්ජන්ගේ වැඩ නිසා ලංකාවේ බොහෝ දෙනෙක්ගේ රෙදි නැත්තටම නැති වුණා. ලංකාවේ උත්තරීතර යැයි සැලකෙන අධිකරණය පිළිබඳවත් ලංකාව ඇතුළේ කතාබහක් ඇති වුණා. මේ කරුණු කාරණා එක්ක අපි හිතුවා රන්ජන් ගැන දන්න කතාවල නොදන්න පැත්තත්, නොදන්න කතා කීපයකුත් ඔබට ගේන්න.
1. රන්ජන් කියන්නේ රාජපක්ෂ කෙනෙක් කියලා ඔබ දන්නවද?
රාජපක්ෂවරුන්ට හැම තිස්සෙම අනං මනං කිව්වත් රන්ජන් රාමනායක කියන්නේ උපතින් රාජපක්ෂ කෙනෙක්. දැන් ඔයාල කල්පනා කරනව ඇති ඒ කොහොමද කියලා. රන්ජන් රාමනායකගෙ ඇත්ත නම තමයි “සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු”
මේ වගේ දිග නමක් තිබ්බ කෙනා රන්ජන් රාමනායක වීම ගැනත් අපූරු කතාවක් තියෙනවා. රන්ජන් කියන විදිහට තමන්ගේ නමට රාමනායක කෑල්ල දාගන්නේ “ජය කොතැනද” චිත්‍රපටයෙන් තමන්ව සිනමාවට අඳුන්නල දීපු සෝමරත්න රාමනායකට කළගුණ සැලකීමක් විදිහටලු.
හැබැයි රන්ජන්ට සමීප ආරංචි මාර්ග තවත් කතාවක් මේ ගැන කියනවා. ඒ තමයි RR ලෙස කියවෙන නම් වාසනාවන්තයි කියලා රන්ජන් විශ්වාස කරන ඒ නිසා මේ වෙනස් කිරීම සිදු කළා කියලා. රවින්ද්‍ර රන්දෙණිය, රෝසි රාමනායක (විවාහයෙන් පස්සේ සේනානායක), රෝල්ස් රොයිස් වගේ නම් සහිත පුද්ගලයන් සහ සන්නාම ලබාගත් අසීමිත ජනප්‍රියත්වය ගැනත් රන්ජන් හිතුවා කියලා කියනවා.
2. රන්ජන්ගෙයි විජයගෙයි නෑකම
රන්ජන් රාමනායක විජය කුමාරතුංග ගැන සඳහන් කරන සෑම අවස්ථාවකම පාවිච්චි කරන්නේ විජය මාමා කියලා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ රන්ජන් රාමනායක කියන්නේ විජය කුමාරතුංගගේ සහෝදරියකගේ පුතෙක් කියලා. නමුත් ඔවුන් දෙදෙනා අතර තියෙන්නෙ ටිකක් විතර දුර නෑකමක්. විජය කුමාරතුංගගෙ පියා වුණු කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග සහ රන්ජන් රාමනායකගේ මවගේ මව වුණු ලිලියන් කුමාරතුංග සහෝදර සහෝදරියන්. මේ නෑ කම හින්දා රන්ජන් මුල් කාලෙදි විජය කුමාරතුංගගේ නාරහෙන්පිට නිවසේ නැවතිලාත් ඉඳලා තියනවා. නමුත් විජය කුමාරතුංග කිසිම අවස්ථාවක තමන්ගේ ඥාතීත්වය හින්දා රන්ජන්ටවත් ජීවන් කුමාරතුංගටවත් චිත්‍රපටි චරිත හොයල දෙන්න මැදිහත් වෙලා නැහැ. ඔහු සැම විටම කියලා තියෙන්නේ තමන්ගේ උත්සාහයෙන් ගමනක් යන්න ඕන කියලා.
3. සර් මම රඟපාලා පෙන්නන්නද?
අද වෙනකොට සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවෙක් බවට පත් වෙලා හිටියට රන්ජන් ආවෙ දුෂ්කර ගමනක්. මුල් කාලයේදී ඔහුට චිත්‍රපටවල චරිත ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂකවරුන් පිටිපස්සේ යෑමට සිදු වුණා. වතාවක් ඔහුට දැනගන්න ලැබෙනවා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා “අවරගිර” චිත්‍රපටිය වෙනුවෙන් අලුත් මුහුණක් හොයනවා කියලා. මේ ආරංචිය ලද වහාම ලෙස්ටර්ව මුණ ගැහෙන්න ඔහුගේ නිවසට යන රන්ජන් තමන් ආ කාරණය කියලා “සර් මම රඟපාලා පෙන්නන්න ද?” කියලා අහනවා. නෑ රන්ජන් මම ඔයාගෙ රඟපෑම් දැකලා තියෙනවා, ඒ නිසා මම අවරගිර චරිතයට ඔයාව තෝරගෙන ඉවරයි කියලා ලෙස්ටර් කියනවා. කතාබහ නිම වෙලා ගේට්ටුව ගාවට යන රන්ජන් ආපහු ලෙස්ටර් දිහාට හැරිලා “හෙට වෙද්දි සර්ගේ හිත වෙනස් වෙයිද දන්නෙ නෑ” කියලත් අහනවා. ඒත් ලෙස්ටර් ගේ හිත වෙනස් වෙන්නේ නම් නෑ. මේ නිසා රන්ජන්ට අවරගිර චිත්‍රපටියේ ප්‍රියංකර නම් චරිතය රඟපෑමට අවස්ථාව ලැබෙනවා.
4. රමණී බර්තොලමියුස්ගේ පෙම්වතා ඩී. ආර් නානායක්කාරද?
රන්ජන් රාමනායක සහ දිල්හානි අශෝකමාලා අතර තිබ්බ පෙම් සබඳතාවය ගැන රසිකයන් බොහෝ දෙනෙක් දන්නවා. නමුත් රන්ජන් රාමනායක රමණි බර්තොලමියුස්ටත් ඒකපාර්ශ්විකවපෙම් කරල තියෙනවා. භාග්‍යා ටෙලි නාට්‍ය රඟපාද්දී රමණිව මුණගැසුණු මුල්ම අවස්ථාවේදී විහිලු විහිළු කතා කියමින් ඇගේ සිත් දිනා ගැනීමට රන්ජන් උත්සහ කරලා තියෙනවා. ඒ වෙලාවෙදි වටේ පිටේ හිටපු කට්ටිය “වැඩක් නෑ රමණිට කොල්ලෙක් ඉන්නව” කියල රන්ජන්ට විහිළු කරන්න පටන් අරගෙන තියනවා. ඒ වෙලාවෙදි රමණි අහලා තියෙනවා “රන්ජන් මගේ බෝයිෆ්‍රෙන්ඩ් කවුද කියලා දන්නවාද?” කියලා. “ඔව් ඩී. ආර් නානායක්කාර නේද?” කියලා රන්ජන් අහපුවාම රමණිට හිනාව නවත්තගන්න බැරි වෙලා. ටෙලි නාට්‍යයේ එක් අවස්ථාවක ආජු තපර ලාහිලා ගීතයට පිටපතේ හැටියට රන්ජන් පෙනී සිටීමට නොතිබුණත් රන්ජන් කඳුළු එනතුරු අඬලා ඒ දර්ශනයේ පෙනී ඉන්න අවස්ථාවක් අරගෙන තියෙනවා. මේ කාලය තුළ රමණි බොහෝ අවස්ථාවල රන්ජන්ට උදව් කරලා තියෙනවා. අද පවා දේවස්ථානයකට ගියාම රමණී ව සිහිපත් කරන බව රන්ජන් කියනවා.
5. අතින් අල්ලාගෙන ආ අනර්කලීව තල්ලු කළ රන්ජන්
අනර්කලී ආකර්ෂා කුඩා කාලයේදී ඉටි පහන් ටෙලි නාට්‍යයේ රඟපෑවත් තරුණ නිළියක් විදිහට සිනමාවට එකතු වෙන්නේ රන්ජන් රාමනායකගේ චිත්‍රපටි තුළින්. ඒ කාලයේදී ඇතැම් අය කිව්වෙ රන්ජන් රාමනායක සහ අනර්කලී අතර පෙම් සබඳතාවක් ඇති බවක්. නමුත් පසු කාලයකදී දෙදෙනා දේශපාලන වශයෙන් පාරවල් දෙකක ගියා. මීට වසරකට පෙර තිරගත වුණු අල්ලපු ගෙදර චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑමට නියමිතව සිටියේ රන්ජන් සහ අනර්කලී. නමුත් මුහුරත් උළෙල පැවැත්වෙන අවස්ථාවේදී රන්ජන් රාමනායක අනර්කලීව මෙම චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධත්වය පළ කරමින් එම උත්සව සභාවෙන් පිටව ගිය බවට තොරතුරු වාර්තා වුණා. ඒ අවස්ථාවේ දී තමන්ව තල්ලු කර දමමින් රන්ජන් ඉන් පිටව ගිය බව අනර්කලී ප්‍රකාශ කළත් රන්ජන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
6. පාසල් වියේදී මිනීමරුවෙකු වන්නට ගිය රන්ජන්
පාසල් කාලයේ දී රන්ජන් රාමනායක එක්තරා තරුණියකට දැඩිව පෙම් කරලා තියෙනවා. නමුත් ඇය කිසිම අවස්ථාවක රන්ජන් දිහා ප්‍රේමාන්විත හැගීමකින් බලලා නෑ. මේ නිසා රන්ජන් ඇගේ පවුලේ හිතවතෙක් වුණු තමන්ගෙ යාලුවෙක්ට මේ පෙම් සම්බන්ධතාවයට උදව් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. යාලුවත් මේකට එකඟ වුණු නිසා ලියුම්, චොක්ලට් වගේ දේවල් මේ යාළුවා අතේ තරුණියට යවලා තියනවා. ඇතැම් අවස්ථාවල තමන්ගේ අක්කගෙ මාල මුදු පවා හොරකම් කරලා අර තරුණියට මේ යාළුවා හරහා රන්ජන් යවනවා. මේ ඒ සෑම අවස්ථාවකදීම ඒ තරුණිය රන්ජන්ට පෙම් හසුනක් එවල තියනවා. පස්සේ දවසක රන්ජන්ගේ තවත් යාළුවෙක් මේ පෙම් හසුන්වල අත් අකුරු සහ අර අතරමැදි යාළුවගෙ අත් අකුරු සසඳලා බලන්න කියලා රන්ජන්ට අවවාදයක් කරලා තියෙනවා. මෙච්චර කල් යාළුවා තමන්ව රැවැට්ටුවා කියලා දැනගන්න රන්ජන් දැඩි ලෙස කෝපයට පත්වෙලා පිහියක් අරගෙන අර යාළුවව මරන්න හදලා තියෙනවා. අවසානයේදී ඒ යාළුවා තමන්ව මරන්න එපා කියලා රන්ජන්ගෙන් වැඳලා සමාව අරගෙන.
7. ඉතිහාසය නැවත නැවතත් සිදු වේ
මේ දැන් ලියන්න යන දේ ඍජුවම රන්ජන්ට අදාළ නම් නෑ. රන්ජන් රාමනායක කොළේ ඉරා ගන්නේ තමන්ගේ හඬ පට ලීක් වීම හින්දා. හැබැයි හඬ පට නිසා එක්සත් ජාතික පක්ෂය අපහසුතාවයට ලක් වුණු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. රණසිංහ ප්‍රේමදාසගේ සමීපතම හිතවතෙක් විදිහට සලකුණු ඒ. ජේ රණසිංහ, ඩී .බී විජේතුංග මහතා ජනාධිපති වීමෙන් පසු ප්‍රේමදාස පවුල දැඩි ලෙස විවේචනය කිරීමට පටන් ගත්තා. ඒ අතරතුර දී ගාමිණී දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගැනීමත් සමඟ ඔහුට හිමි ආසන සංවිධායක ධුරය අහිමි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර තමන් සතුව බොහෝ දෙනෙක්ගේ දුරකතන සංවාද ඇති බව ප්‍රකාශ කළා. ඔහු මේ හඬ පට එකතුව හැඳින්වූයේ ඒ.ජේගේ පෙට්ටගම විදිහට. පසු කාලයක දී ඔහු විසින් එම හඬ පටවල අඩංගු දෑ ලංකාදීප පුවත්පත හරහා ප්‍රකාශයට පත් කළා. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් මැති ඇමැතිවරුන් පමණක් නොව තමන්ගේ පවුලේ සාමාජිකයන් පවා විවේචනය කළ ආකාරය ගැන කියවන්න ලංකාදීප පාඨකයන්ට ඉන් අවස්ථාවක් හිමි වුණා. මේ ඉතිහාසය රන්ජන් දැනගෙන හිටියනම් මේ වැඩ කවදාවත් කරන එකක් නෑ.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එකක් ෂෙයාර් කරලා ඔබේ අදහස් පළ කරන්න අමතක කරන්න එපා.
Leave a Reply