ලෝකේ විශාලතම වනාන්තරය තමයි ඇමසන්. ජීවින් අතින් ගත්තත්, විශාලත්වය අතින් ගත්තත්, ඇමසන් වලට ගහන්න වෙනත් වනාන්තරයක් ලෝකේ නැති තරම්. දකුණු ඇමරිකාවේ තියෙන නිසා අපිට නම් ඇමසන් දැකබලාගන්න අමාරුයි. ඒත් ඇමසන් වනාන්තරය ගැන විවිධ වැඩසටහන් නම් අපිට ඩිස්කවරි නැශනල් ජියෝ නාලිකා හරහා නිතරම දැකගන්නට ලැබෙනවා. එහෙනම් අපි ඇමසන් ගැන සරල කාරණා ටිකක් දැනගනිමු.
1. ඇමසන් වල විශාලත්වය සහ නම හැදුණු හැටි
ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර මිලියන 5.5ක් තරම් විශාලයි. ලංකාව එක්ක බැලුවොත් ඇමසන් වනාන්තරය ලංකාව වගේ 83 ගුණයකට වඩා විශාලයි. ග්‍රීක මිත්‍යා කතා වල ඉන්න සැමියෙකු නැති කාන්තා වීරවරියක් වන ඇමසන් කියන වීරවරියගේ නම තමයි ඇමසන් වනයට ඇවිල්ලා තියෙන්නේ. ස්පාඤ්ඤ ගවේෂකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ ඔරෙල්ලනා විසින් තමයි ඒ සුපිරි නම තියලා තියෙන්නේ.
2. ඇමසන් අයිති රටවල්
මේ මහා ඇමසන් වනාන්තරය අයිති වෙන්නේ දකුණු ඇමරිකා මහද්වීපයට. මේ වනාන්තරය මූලික වශයෙන් බ්‍රසීලයට අයිතියි. පහුගිය කාලේ ලැව්ගිනි ඇතිවුණු වෙලාවේ ඒ ලැව්ගිනි වළක්වන්න බ්‍රසීලය නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැය කියලා බ්‍රසීලයට චෝදනාවකුත් ආවා. ඊට අමතරව බොලීවියාව, පේරු, ඉක්වදෝර්, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයානාව සුරිනාම් සහ ප්‍රංශ ගිනියාව කියන රටවලටත් ඇමසන් වනාන්තරය අයිති වෙලා තියෙනවා.
3. ඇමසන් නදිය
ඇමසන් නදිය ඇමසන් වනාන්තරයේ උතුරු දිගින් පිහිටලා තියෙනවා. ඇමසන් නදිය එහි අතු ගංගාත් එක්කම කිලෝමීටර 6,840ක් පමණ දිගයි. ගොඩක් විද්‍යාඥයෝ නයිල් ඇරුනාම ලෝකේ දිගම ගඟ විදිහට ඇමසන් නදිය දක්වනවා. ඇමසන් නදියෙන් තත්පරයකට ගැලුම් මිලියන 55ක් අත්ලාන්තික් සාගරයට ජලය එකතු කරනවා.
4. ගෝත්‍රිකයෝ
දැනට දියුණු ලෝකේ එක්ක නොගැටුණු ගෝත්‍රිකයෝ ඉන්න තැනක් තමයි ඇමසන් වනාන්තරය. එහි ඉන්න අමෙරින්ඩියන් කියන ගෝත්‍රිකයන්ගෙන් කොටසක් කිසිදාක අවට ලෝකේ මිනිස්සු එක්ක ගැටිලා නැහැය කියලා තමයි විශ්වාස කරන්නේ. ඔවුන් මුලු ලෝකෙටම ඉන්නේ 400ක් විතර ජනගහණයක්. ඒකත් ලේසියෙන් දැකගන්න අමාරු ඇමසන් වනාන්තරය ඇතුළේ.
5. ජීවීන්
ඇමසන් කියන්නේ ලෝකේ ජීවින් වැඩිම ප්‍රමාණයක් ජීවත් වෙන තැනක්. මේ ඇමසන් වනය තුළ 40,000කට එහා ගහකොළ වැල් වර්ග තියෙනවා. 1,300ක් කුරුල්ලෝ, වර්ග 3,000ක මාළු සහ ක්ෂීරපායින් විශේෂ 430ක් පමණ ජීවත් වෙනවා. මේ ඇමසන් වනයේ එක එක වර්ගයේ කෘමි සතුන් විතරක් මිලියන 2.5ක් තරම් අතිවිශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඇමසන් වනය තුළ පළතුරු වර්ග විතරක් 3,000කට වඩා තියෙනවා. එයින් 200ක් විතර අද බටහිර ලෝකයේ සුපිරි වෙළඳසැල් වලටත් ඇවිල්ලා තියෙනවා.
6. විසකුරු ජීවීන්
මේ ඇමසන් ජීවීන් අතර අනතුරුදායක ජීවීනුත් ඉන්නවා. ඒ අනතුරුදායක සතුන්ට ඉලෙක්ට්‍රික් ඊල්ස් මත්ස්‍යයින්, මස් ආහාරයට ගන්නා පිරාන්හා මසුන්, විස විදින ගෙම්බන්, ජගුවර් ආදී සතුන් වගේම වර්ග ගණනාවක විෂඝෝර සර්පයින්ද අයිති වෙනවා.
7. ඇමසන් වල ඉන්න සුපිරි මාළුවෙක්
මීටර් තුනක් දිග මාළු මූදේ නම් ඉන්නවා. ඒත් ඇමසන් වනාන්තරයේ මීටර තුනක් දිග වෙන පිරරුකු කියන මාළු වර්ගයක් ඉන්නවා. ඔවුන් මස් මාංශ ආහාරයට ගන්නා මසුන් විශේෂයක්. පණ තියෙන ජීවියෙක්ට මේ මාළුන් අහු වුනොත් නම් ගැලවීම ලේසි නැහැ. මේ මාළුන්ගේ දත් මිනී මෝරුන්ගේ වගේ උල් ආකාරයට හැදිලා තියෙනවා.
8. ඇතුළ අඳුරු වනය
මේ ඇමසන් වනයේ අතු පතුර විහිදුණු මහා ගස් තිබෙන නිසා එහි පොළව මට්ටම බොහෝ තැන්වල අඳුරු ස්වභාවයක් ගන්නවා. ඇමසන් වනයේ එක් හෙක්ටයාරක් තුළ ගස් වර්ග විතරක් 750කට වැඩි ගාණක් තියෙනවා. ඒ වගේම කාලාන්තරයක් තිබෙන වනාන්තර තට්ටු නිසා අහසින් වැටෙන වැහි බිඳුවක් උස ගස් වල තුරු මුදුන් වල වැදිලා කෙලින්ම පොළවට වැටෙන්න විනාඩි දහයකට වැඩි කාලයක් යනවා.
9. ලෝක දේශගුණයට බලපාන ඇමසන්
වැසි වනාන්තරයක් විදිහට ඇමසන් වනය අයිති දකුණු ඇමරිකාවට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම වැදගත් වන සම්පතක්. මේ ඇමසන් වනය මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් ලොවට මුදාහැරීමේ කාර්යය සුපිරියටම කරනවා. 2019 දී මේ ඇමසන් වනය ලැව් ගිනි වලට හසුවුණු වෙලාවේ ලෝකේ දියුණු රටවල් කීපයක්ම මේ ලැව් ගිනි නිවීමට බලපෑම් කරන්නට වෙහෙසුනා. මන්ද ඇමසන් කියන්නේ ලෝකයටම අයිති සම්පතක් නිසා.
ඇමසන් වනයත් ලෝකේ අනෙක් වනාන්තර වගේම දැඩි අනතුරු වලට මුහුණ පාල තියෙනවා. බ්‍රසීලයේ වගාකරුවන් නොනවත්වාම තමුන්ගේ වගා භූමි සීමාවන් ඇමසන් වනය තුළට රැගෙන යමින් ඉන්නවා. ඔවුන් වනාන්තරය ගිනි තබමින්, ගස් කපමින් ඒ කාර්යය කරගෙන යනවා. ඒත් ඇමසන් වනය රැකගන්න එක මුළු ලෝකෙම වගකීමක්. මොකද මේ වර්ග කිලෝමීටර මිලියන ගාණක වන වැස්ම මගින් අපේ වායුගෝලයට හිතකර බලපෑමක් කරන නිසා.
Leave a Reply