හෝ හෝ යාළුවනේ දැන් දැන් ම වැලන්ටයින් රස්නේ ගහලා තියෙන එකේ නමෝ විත්තියෙන් ඒ ගැන කතා කරන්න ය කියලා හිතුණා. ඔය වැලන්ටයින් දවසට තනිකඩ කෙල්ලෙක්ට තියෙන එකම විකල්පය කපල් දිහා බලන් හූල්ලන එකයි, දෙස් දෙවොල් තියෙන එකයි, කුපාඩි කතා කියන එකයි විතරක්ම නෙවෙයි නේ. ඇත්තටම ඔය කපල් එදාට කරනවට වඩා දාහෙන් සම්පත් දේවල් ඔයාට ඒ දවසට කරන්න පුළුවන්. විහිළු නෙවේ.
1. තනිකඩ පාටියක්
තනිකඩ කෙල්ලක් වශයෙන් ජීවත් වෙනකොට තවත් ඒ වගේ ම උදවිය ගැන හොඳාකාරවම දන්නවනේ. ඉතින් එහෙම අය ඔක්කොටම එකතු වෙලා පොඩි ජොලියක් දාන්න මීට වඩා පංකාදු පහේ දවසක් තියේ ද? කපල් එදාට බීච් එකක මහ අව්වේ චූටි කුඩයක් යට හරි බිත්ති හතරකට හරි හිර වෙලා ඉන්නකොට ඔයාට පුළුවන් යාළුවොත් එක්ක ෆුල් හැපනින් වෙන්න. ඔහොම පාටියකට අනිවා යාළුවොන්ගේ යාළුවෝ එනවා. බුකියේ ඉවෙන්ට් එකක් විදියට ගත්තොතින් තව දන්න අඳුනන ගොඩක් අය එනවා. කවුද දන්නේ ඉතින් ජීවන සහකාරයා වුණත් සෙට් වෙන්න පුළුවන් එතනින්.
2. සීක්‍රට් සින්ගල් සැන්ටා
ඒ කිව්වේ මෙහෙමයි. දැන් ඔය නත්තල් කාලෙට සීක්‍රට් සැන්ටා කියලා වැඩක් වෙනවනේ. නමක් ගමක් දාන්නේ නැතුව කාට හරි තෑග්ගක් දෙනවා. දුන්න කෙනා දන්නේ නෑ. මේ ක්‍රමය වැලන්ටයින් දවසට ඇප්ලයි කරගන්නේ මෙහෙමයි. ඔයාගේ තනිකඩ අනෙක් යාළුවෝ ඉන්නවනේ. එයාලට මේ විදියට පොඩි පොඩි තෑගි දෙන්න පුළුවන්. ඒකෙන් එයාලා මොන තරම් සතුටු වෙයිද කියන එක බලන්න තරම් වටිනවා.
3. තමන්ට පොඩි ට්‍රීට් එකක් දෙන්න
කවුරුත් තමන්ට දෙයක් කිරීමේ බලාපොරොත්තුව එක වෙලාවකට හරිම මෝඩ දෙයක් නේද? සියයට සීයක් ඒක තමන්ගේ අවශ්‍යතාව එක්ක නොගැලපෙන්න වුණත් පුළුවන් නේ. අන්න ඒ නිසා තමන්ට රුචි ලැබීම් ගැන දන්නේ තමන් තමයි. වෙන කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් වෙන්නෙත් තමන්ට ආදරේ කරන්න දන්නවා නම් විතරයි. ඉතින් එදාට ටිකක් හොඳ තැනකින් කෑම වේලක් ගන්න, සැලෝන් එකකට යන්න, හොඳ ඇඳුමක් පොතක් ගන්න.
4. හොඳම යාළුවො එක්ක නයිටක්
වැලන්ටයින් නෙවේ අනික් හෑම දවසකම වුණත් අපි කරන්න ඕනි ආදරය කරන එක. ගස්වැල්වලට පවා කරන ආදරය ඒකට අයිතියි. ඉතින් ආදරණීයයන් එක්ක ඉන්න මීට වඩා හොඳ දවසක් තියේ ද? ඔයාගේ ජීවිතේ හොඳම ගෑල්ළමයි දෙන්නා තුන්දෙනාට රැයක් නැවතිලා ඉන්න ගෙදරට එන්න ආරාධනා කරන්න. රහ කෑම හදාගෙන, ආසම ෆිල්ම් බලන ගමන්, ගොසිප් කියන ගමන් රෑ එළි වෙනකන් ඉන්න බැරියැ.
5. ෆුඩ් ඔෆර්වලින් වැඩක් ගැනීම
වැලන්ටයින් දවසට සෑහෙන ෆුඩ් ඔෆර්ස් තියනවා. ඩයින් ඉන් සෙට් වුණාම පේනවනේ කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා. ඒත් එදාට තියෙන ඔෆර් ඩිලිවර් කරගන්න තියෙනවා නම් ඒක නොකර ඉන්න එපා. මොකද එක පීසා එකක් ගත්තොත් ඔයාගේ වැලන්ටයිමාට තවත් එකක් නොමිලේ වගේ ඔෆර්ස් අපතේ යවන්න හොඳ නැති නිසා. ඔබේ ජීවිතයේ මුල් තැන කෑමට දෙන්න.
6. ලියන්න
ඔයාගේ ඇතුළේ ඉන්න කවියා, රචකයා, බ්ලොග් ලියන්නා, ඩයරි ලියන්නා ඔක්කොම අවදි කරවන්න පුළුවන් මෙදාට. කොල්ලෙක් නෑ කියලා ගොඩක් අය බංකොලොත් විදියට හූල්ලනකොට ඔයාට පුළුවන් හැඟීම්වලින් වැඩක් ගන්න. ලියපු දේවල් ආදරණීයයන් එක්ක බෙදාගන්න.
7. ආදරේ ප්‍රකාශ කරන්න
ඔව් ඇත්තෙන් ම. මේ දවස ඒ නැකතට හොඳ දවස. පිරිමි ළමයෙක් ම කැමැත්ත අහනකන් ඉන්න ඕනි ය? මල විකාර. අනික කැමැත්තක් අනික් පැත්තෙන් බලාපොරොත්තුවත් නොවී වෙනදට එහෙට මෙහෙට ලාවට දාන කතන්දර නැතුව එයාට කෙලින් ම ආදරෙයි කියන්න.
Leave a Reply