දැන් කාලේ තියෙන ජනප්‍රියම මාතෘකාව තමයි කොරෝනා. ඕකට කොරෝනා කොරෝනා කිව්වට, ඇත්තටම කොරෝනා කියන්නේ වෛරස පවුලක්. ඒකෙන් අපි මේ කතා කරන වෛරසයට කියන්නේ නව කොරෝනා වෛරසය කියලා, නැතිනම් NOVEL CORONAVIRUS කියලා නැතිනම් 2019-NCOV කියලා. හරි, දැන් හැමෝම දන්නවනේ මේක චීනෙන් පටන් ගත්තු බව. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් මේ වෛරසය ගැන දන්නේ ඔය පැතිරිලා තියෙන මිත්‍යා විශ්වාස තමයි. ඉතින් ඇත්ත නොදන්න තරමටම භයානකයි මිත්‍යා විශ්වාස දැනගෙන ඉන්න එකත්. ආන්න ඒ නිසා අපි හිතුවා මේ නව කොරෝනා ගැන තියෙන මිත්‍යා විශ්වාස බිඳලා දාන්න. මේ සමහර මිත්‍යාවන් මරි මෝඩ කතා වුනත්, තවත් සමහර මිත්‍යාවන් එක පාරටම කෙනෙක් විශ්වාස කරන්න පෙළඹෙන සුළු ඒවා!
1. කම්පියුටරෙන් කම්පියුටරේටත් බෝවෙන්න පුළුවන්ද?
නැහැ. කොරෝනා වෛරස් කියන්නේ කම්පියුටර් වලට එන ඩිජිටල් වෛරස් එකක් නෙවෙයි. ඒක ආසාදනය වෙන්නේ මිනිස්සුන්ට. ඒ නිසා ඔය කොරෝනා වෛරස් එකට එරෙහිව මේ ඇන්ටිවයිරස් එක දාගන්න කියලා ඇඩ්ස් විදියට එන ඊමේල්ස් ක්ලික් කරන්න යන්න එපා. හැබැයි මෙහෙම දෙයක්. ඇත්තටම මේ කොරෝනා වෛරස් එකෙන් ඇතිවුණු ලෝක කලබලයට මුවා වෙලා සමහර හැකර්ස්ලා ඉන්නවා මිනිස්සුන්ව හානි කරන්න කම්පියුටර් වෛරස් පතුරුවන. ඒකට එක ක්‍රමයක් තමයි “කොරෝනා ගැන විස්තර මෙන්න” කියලා අපිට කෙලෝනා ඊමේල්ස්! අන්න ඒ නිසා කිසිමාකාරකින් නොදන්නා ඊමේල්ස් වලින් විස්තර දැනගන්න යන්න එපා. කොරෝනා අප්ඩේට්ස් දැනගන්න නම්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාලා ෆලෝ කරන්න.
2. චීනෙන් බඩු ගෙන්නගත්තොත් බෝවෙනවද?
නෑ. චීනෙන් බඩු ගෙන්නුවා කියල කොරෝනා හැදෙන්නෙ නෑ. ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන විදියට, නව කොරෝනා වෛරසයට ඔය ලී, කඩදාසි, පොලිතීන්, ප්ලාස්ටික් වගේ මතුපිටක දිගු කාලයක් ජීවත් වෙන්න බෑ. අන්න ඒ නිසා තමයි ඔය ඊබේ එකෙන් එහෙම බඩු ගෙන්නුවා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා විද්‍යාඥ ගොල්ලෝ කියන්නේ. ඒ නිසා ඒ ගැන ගැටළු ඇතිකරගන්න කාරි නෑ.
3. ගෙදර බල්ලාගෙනුත් කොරෝනා බෝවෙනවද?
මේ මොහොත ගැන සැලකුවොත් උත්තරේ නැහැ. ඇත්තටම මේ වෙනකොට නව කොරෝනා වෛරසයට මනුස්සයෙක්ගෙන් සතෙකුට ආසාදනය වෙන්න හරි ආයෙමත් සතෙකුගෙන් මනුස්සයෙක්ට ආසාදනය වෙන්න හරි හැකියාවක් නෑ. මේ මොහොතේ කොරෝනා බෝ වෙන්නේ මනුසතාගෙන් මනුසතාට තමයි. හැබැයි දේවල් දෙකක්. එකක් තමයි වෛරස් එකකට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් අනාගතේදී දවසක නව කොරෝනා වෛරස් එකත් එහෙම වෙයිද කියන්න කාටවත් බෑ. දෙක, කොරෝනා නැතත් සත්තුන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙන තව ඕන තරම් ලෙඩ රෝග තියෙනවා. ආන්න ඒ නිසා බල්ලෙක්ව පූසෙක්ව හුරතල් කළොත්, අතගෑවොත් කරුණාකරලා හොඳට සබන් දාලා මුහුණ අත පය හෝදාගන්න.
4. සමහන්, පස්පංගුව, සිද්ධාලේප?
සමහරු මේ දවස් වල සෑහෙන්න ලොකු කමට කියනවා අපේ දේ රැකගෙන, අපේ දේ පාවිච්චි කරලා කොරෝනා ජයගන්න කියලා. තවත් සමහර පරණ වෙද මහත්තුරු එහෙම පත්තර වලට කියනවා, අපේ තියෙන විස්වකරුම වෛද්‍ය සාස්තරෙන් කොරෝනා විතරක් නෙවෙයි, ඔරෝනා වුනත් සුව කළ හැකියි කියලා. ඇත්ත වෙන්නත් පුළුවන්. අපි දන්නෙ නෑ. ආන්න ඒක තමයි කතන්දරේ. නව කොරෝනා වෛරසය කියන්නේ ඉතාමත් අලුත් වෛරසයක්. අතීත වෛද්‍ය සාස්තරෙන් හොඳ කරන්න අතීතේ නව කොරෝනා තිබුණා කියලා සාධක නෑ. දැන් ඔය ක්‍රම වලින් හොඳ කරන්න පුළුවන් කියලත් සාධක නෑ. අන්න ඒ නිසා බොරු අවදානමක් ගන්න එකත් තේරුමක් නෑ.
5. ආසාදිතයෙක් කියලා සැක නම් මාස්ක් එකේ සුදු පාට පැත්ත එළියට?
මෙන්න මේක පහුගිය දවස් වල ජනමාධ්‍ය වලිනුත් ප්‍රචාරය වුණු ගල් පචයක්. ඇත්ත, යූටියුබ් එකේ වීඩියෝ වල එහෙමත් සමහරු මේ බොරුව ප්‍රචාරය කරනවා. කොටින්ම කියනවා නම් මේකෙන් කියන්නේ, ආසාදිතයෙක් නෙවෙයි නම් අර සර්ජිකල් මාස්ක් එකක නිල් පැත්ත එලියටත්, ආසාදිතයෙක් කියලා සැකයක් හරි තියේ නම් මාස්ක් එකේ සුදු පැත්ත එලියටත් හිටින්න පළඳින්න කියලා. එහෙම කරලා හරියන්නෙ නෑ. සර්ජිකල් මාස්ක් එකකින් ප්‍රයෝජන ලැබෙන්න නම් හැමවිටම නිල් පැත්ත එළියට හිටින්න, කම්බිය වගේ එක නහය උඩට හිටින්න තමයි පළඳින්න ඕන. ඒක තමයි හරි විදිය.
6. පොඩි කාලේ බෙහෙත් විදලා තිබ්බොත් ගොඩද?
නෑ. අපි ආයෙත් කියනවා. නව කොරෝනා වෛරසය කියන්නේ අලුත් ඩයල් එකක්. ඒකට ඔය ඉස්සර කාලේ විදපුවා, නියුමෝනියා වැක්සීන් විදපුවා හරියන්නෙ නෑ. ඇත්තටම කිවුවොත් නව කොරෝනා වෛරසය කොයි තරම් අලුත්ද කියනවා නම්, ඒකට වැක්සීන් එකක් හොයාගෙනත් නැහැ. ඒ නිසා පුංචි කාලේ බෙහෙත් විදලා තියෙනවා කියලා හිතාගෙන නව කොරෝනා උග්‍රව තියෙන පළාත් වලට යන්න හදන්න එපා. ආසාදනය වුනොත්, පුංචි කාලේ දීපු වැක්සිනේෂන් වලින් වැඩක් වෙන්නෙ නෑ.
7. හැදුනොත් බලාගෙන ඉන්නකොට මැරිලා වැටෙනවද?
මේකත් ඇත්තටම සමහර මාධ්‍ය වලින් මවා පාන ගෝනි බිල්ලෙක්. ඒ කියන්නේ නව කොරෝනා වෛරසය කොයි තරම් අන්තරායදායකද කියලා කියන්න තාමත් හරි හැටි දත්ත ප්‍රමාණවත් නැහැ. හැබැයි නිරෝගී මනුස්සයෙක්ට නව කොරෝනා වෛරසය වැළඳිලා, රෝග ලක්ෂණ මතුවෙනකොට වෛද්‍ය ප්‍රතිකාර ගත්තා නම් පාරේ යනකොට මැරිලා වැටෙන්නෙ නෑ. වෙන විදියකට කිවුවොත්, නව කොරෝනා වෛරසය නිසා තත්ත්වය මාරාන්තික නියුමෝනියාවට එන කල් ඔහේ හිටියොත්, ඒ කෙනාට පාරේ යන්න තරම් ශක්තියක් තියෙන්න විදියකුත් නැහැ. ඇත්තටම මේ වෙනකොටත් නව කොරෝනා වෛරසයේ මරණීය ප්‍රතිශතය 1%-2% අතර ප්‍රමාණයක තියෙන්නේ. ඇත්තටම ලෝකේ පුරා ඊට වඩා සෑහෙන්න අධික ප්‍රමාණයක් ඔය කාලෙන් කාලෙට එන උණ වසංගත නිසා මැරිලා යනවා. ඒ නිසා නව කොරෝනා හැදුනොත් මළා කියලා එකක් නෑ. එකම දේ තමයි, විදෙස් සංචාරයක නිරත වෙලා නම් ඉන්නේ, කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගයක් හැදිලා වගේ නම් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. එච්චරයි.
ඇත්තටම ශ්‍රී ලංකාවේ තාමත් නව කොරෝනා වෛරස රෝගීන් එක්කෙනයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කෙනාත් චීන කාන්තාවක්. ඒ නිසා තාමත් ලංකාවේ මුහුණු ආවරණ දාන්න තරම් තත්ත්වයක් වත් උදාවෙලා නැහැ. එකම දේ තමයි, පුරුද්දක් විදියට කොහේ ගියත් හොඳට සබන් ගාලා අත් හෝදන්න. ඕවා පුංචි කාලේ ඉඳලා හුරු වෙලා තියෙන්න ඕන දේවල්නේ.
Leave a Reply