විවාහයෙන් පස්සේ තමන්ගේ සෙක්ස් ලයිෆ් එක තව රසගන්වා ගන්න උපදෙස් කීපයක්!

කසාද බැඳපු ජෝඩු දන්නවා, කසාද බැඳපු අලුත කුරුල්ලයි කිරිල්ලියි වගේ ලව් ඇන්ඩ් සෙක්ස් නැගලා ගියාට, කාලයක් ගතවෙනකොට පොඩ්ඩක් විවාහ ජීවිතේ පුරුද්දට සිද්ධ වෙන දෙයක් බවට පත්වෙනවාය, පොඩ්ඩක් කම්මැලි ගතියක් එහෙම එනවාය කියන එක. හැමෝටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි, අපි කියන්නේ පොදුවේ ගොඩක් තැන්වල දකින්න ලැබෙන දෙයක්. හැබැයි එහෙම වුනාට, කසාද ජීවිතේ ෆුල් රොක් කරලා, ලුණු ඇඹුල් රහ පදම ඇතුව ආයෙමත් නග්ගලා ගන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. ඒකෙන් ප්‍රධානතම කාරණය තමයි තමන්ගේ සෙක්ස් ලයිෆ් එක රසගන්වා ගන්න එක. ඔය කසාද ජීවිතේ පුරුද්දට යනකොට ඈලි මෑලි වෙන සෙක්ස් ලයිෆ් එක ලුණු ඇඹුල් වැඩිකරලා ගත්තොත්, ගේමක් නැතුවම සම්පූර්ණ කසාද ජීවිතේත් වෙනසක් දකින්න ලැබෙයි. එතකොට හිතෙයි අහන්න “අපි ආයෙ බඳිමුද?” කියලා!

 

1. සෙක්ස් කරන්න වෙලාවක්!

ගොඩක් වෙලාවට විවාහ ජීවිතේ කාලයක් ගතවෙනකොට, දරු මල්ලෝ ලැබෙනකොට සිද්ධ වෙන්නේ සෙක්ස් කරන්න වෙලාවක් නැති වෙන එක. ඒ කියන්නේ ගෙදර දොරේ වැඩ, දරුමල්ලන්ගේ වැඩ, ඔෆිස් වැඩ ඉවර කරලා ඇඳට එනකොට හොඳ පණ ඉවරයි. ඊට පස්සේ මොන සෙක්ස් ෆීලින්ග්ස්ද. ඇඳ බදාගෙන ගොරව ගොරව නිදිනේ. 

හැබැයි ඇත්තටම හිතුවොත්, ඔය දහසකුත් එකක් වැඩ අස්සේ වුනත් සෙක්ස් කරන්න වෙලාවක් සෙට් කරගන්න පුළුවන්. හිතලා කාලසටහනක් විදියට ඒක හදාගත්තොත් මොකද? දවසකට වරක් වෙන්න ඕන නෑ. ඒත් අපි කියමු සතියකට විශේෂ දවසක්, දෙකක් හෝ තුනක් කියලා. අන්න එදාට දෙන්නම වැඩ ඉක්මනට ඉවර කරලා, සෙක්ස් කරන්නම සෙට් වෙලා, වේලාසන, නිදහසේ වැඩ අල්ලන්න ඕන. එහෙම යනකොට කාලසටහනේ සෙක්ස් කරන දවසේ සෙක්ස් කරන වෙලාව එනකොට හැඟීම් ඇවිස්සිලාම තියෙයි!

 

2. වෙනදා වගේ ඩේට් අවුට්ස්!

මතකද යාලු වෙලා ඉන්න කාලේ දෙන්නත් එක්ක ඩේට් අවුට්ස් වලට ගියපු හැටි? දෙන්නත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියපු එව්වා, දෙන්නත් එක්ක ඩිනර් එකට එලියට ගියපු එව්වා එහෙම මතකද? කසාද බැඳලා අවුරුදු ගාණක් ගියත් එව්වා අමතක කරන්න නරකයි. ඒවා අමතක වෙලා නම්, ආයෙමත් කරන්න පටන් ගන්න වුවමනායි. විශේෂයෙන්ම සෙක්ස් ලයිෆ් එකට ඒ වගේ දෙන්නත් එක්ක කරන්න පුළුවන් දේවලින් ලැබෙන අනුබලයත් කියලා ඉවර කරන්න බැරි තරම් ඉහළයි. විශේෂයෙන්ම ෆිල්ම් එකක් බලන්න ගිහින්, ඩිනර් ගන්න ගිහින් ඇතිවෙන ආදර පෑම්, ආදරණීය කතාබහ කියන්නේ සෙක්ස් ලයිෆ් එකට හොඳ උත්තේජනයක්!

 

3. යනකොට එනකොට එහෙන් මෙහෙන්!

දැකලා තියෙනවද ඔය කසාද බැඳලා අවුරුදු ගණන් ගිහිල්ලත් ෆුල් ලව් එකේ ඉන්න කපල්? එහෙම කපල් එකක් දිහා බලාගෙන හිටියොත් තේරෙයි, දෙන්නා ගේ ඇතුළේ එහාට මෙහාට යනකොට වුනත් පොඩි ඉඟි, තට්ටු දැමිලි, ඇල්ලිලි, මිරිකිලි එහෙම හොරාට හොරාට සිද්ධ වෙන බව. ඇත්තටම ඒක හරි ලස්සන දෙයක්. තමන්ගේ වයිෆ් ගේ අතුගාගෙන තමන් ලඟින් යනකොට හීනියට වයිෆ්ගේ පශ්චාත් භාගය චුට්ටක් මිරිකන එක වල් වැඩක් නෙවෙයි, ඊට වඩා ආදරණීය, ආදරේ එක්ක එන සරාගී වැඩක්. කුස්සියේ වැඩක් කරනකොට ගිහින් පිටිපස්සෙන් වැළඳ ගන්න එක වුනත් එහෙමයි. හස්බන්ඩ් වැඩක් කරනකොට ඇවිත් හෙමීට, සරාගී විදියට කම්මුලක් අතගාගෙන යන එක වගේ දෙයක් වුනත් ඒ විදියටම ආදරණීය, සරාගී වැඩක්. මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් වලින් සෙක්ස් ලයිෆ් එකට ලැබෙන බූස්ට් එක මාරයි!

 

4. පිස්සු හැදෙන ෆැන්ටසීස්

ඔය ෆැන්ටසීස් කියන එව්වා ගැන සාමාන්‍යයෙන් ලංකාවේ නම් එච්චර කතාබහ කෙරෙනවා අඩුයි. හැබැයි අපි කියන්නේ කසාද බඳින්න කලින් වුනත්, කසාදෙන් පස්සේ වුනත්, කසාද බැඳලා කාලයක් ගිහිල්ලා වුනත් දෙන්නත් එක්ක තමන්ගේ ෆැන්ටසීස් ගැන කතාබහ කළ යුතුයි කියන එකයි. මේ ෆැන්ටසීස් විවිධාකාරයි. එක්කෝ හස්බන්ඩ් ආස වෙන්න පුළුවන් වයිෆ් මොකක් හරි විශේෂ ඇඳුමකින් ඇඳට එනවට. වයිෆ් ආස වෙන්න පුළුවන් හස්බන්ඩ් එක්ක බීච් එකක සෙක්ස් කරන්න. මෙන්න මේ විදියේ විවිධාකාර ෆැන්ටසීස් දෙන්නටම තියෙන්න පුළුවන්. ඉතින් කරන්න ඕන දේ තමයි දෙන්නත් එක්ක ෆැන්ටසීස් ගැන සාකච්ඡා කරන එක සහ ඒවායින් කරන්න පුළුවන් දේවල් කරන එක.

ඒ වගේම වැදගත්ම කාරණාවක් තියෙනවා ෆැන්ටසීස් සම්බන්ධව. එක්කෙනෙක්ගේ ෆැන්ටසි එකකට තමන්ට එකඟ වෙන්න බැරි වුනත්, ඒක විනිශ්චය නොකරන්න, විවේචනය නොකරන්න වගබලා ගන්න ඕන. ඒක ඒ කෙනාගේ ෆැන්ටසි එක. කරන එක නොකරන එක කොහොම වුනත් ඒක පිළිගන්න හැකියාව තියෙන්න ඕන.

 

5. සෙක්ස් ක්ලෝසෙට් එකක්

සමහර වෙලාවට ඔය ෆිල්ම් වල පෙන්නන්නේ සෙක්ස් කරන්නම වෙනම කාමරයක් පවා තියෙන මන්දිර එහෙම. හරි, අපිට එහෙම එව්වා කරන්න බෑ. ඒත් අපි විශේෂ ස්ථානයක් තියාගන්න ඕන දෙන්නගේ ජීවිතේ සෙක්ස් වලට සම්බන්ධ වෙන අංගෝපාංගයන් තැන්පත් කරන්න. ඒක දෙන්නගේ ඇඳුම් අල්මාරියක විශේෂ තට්ටුවක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන්නේ සෙක්ස් කරනකොට විතරක් අඳින ඇඳුම්, සරාගී රාත්‍රී ඇඳුම්, සෙක්ස් ටෝයිස්, ලුබ්‍රිකන්ට්, කොන්ඩෝම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඇඳට පැත්තකින් තියෙන නයිට් ස්ටෑන්ඩ් එකක ලාච්චුවේ නිතර ඕන වෙන ලුබ්‍රිකන්ට් එකක් එහෙම දාලා තිබ්බත් කමක් නෑ.

ඇත්තටම මෙහෙම සෙක්ස් කරනකොට වුවමනා දේවලට විශේෂ තැනක් තියෙන එකෙන්, දෙන්නට දෙන්නා නොදැනුවත්වම හොඳ ලිංගික උත්තේජනයක් ලැබෙනවා.

 

6. සෙක්ස් ටෝයිස්!

එහෙම කියපු ගමන් ලැජ්ජාවෙන් ඇඹරෙන්න එපා. අපි හැමෝම වැඩිහිටියොනේ. තමන්ගේ සෙක්ස් ලයිෆ් එකට හොඳ වෙනසක් එකතු කරගන්න පුළුවන් වෙන, සෙක්ස් වෙනුවෙන්ම හදලා තියෙන විවිධ දේවල් පාවිච්චි කළාට කිසිම වැරැද්දක් නෑ. ඇත්තටම ඒකෙන් සෙක්ස් ලයිෆ් එකේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් පිට රටවල වගේ ලංකාවේ සෙක්ස් ටෝයිස් වෙනුවෙන්ම හදපු කඩසාප්පු නෑ. සෙක්ස් ටෝයිස් එහෙම ගෙන්නන්නත් අමාරුයි. ඒත් Midnight Divas වගේ සරාගී ඇඳුම් විතරක් විකුණන ෂොප් වලින් වුනත්, daraz.lk වගේ සයිට් එකකින් වුනත් ගන්න පුළුවන් සෙක්ස් ටෝයිස් තියෙනවා.

නිකමට වගේ සෙක්ස් ටෝයිස් මොනවද, ඒවලින් ගන්න පුළුවන් වැඩ මොනවද කියලා හොයලා බලන්න. ඊට පස්සේ ප්‍රායෝගිකවත් අත්හදා බලන්න. ආන්න එතකොට තේරෙයි ඒකෙන් සෙක්ස් ලයිෆ් එකට ඇතිවෙන බලපෑම කොහොමද කියලා.

 

7. අලුතෙන් හිතන්න, අලුතෙන් කරන්න

මේකෙන් කියන්නේ බොහොම සරල දෙයක්. දැන් ඔය සාමාන්‍යයෙන් කෙනෙක්ට සෙක්ස් කරනවා කිවුවහම ඔලුවට එන රූටින් එකක් තියෙනවනේ. අන්න ඒකෙන් අත්මිදෙන්න, එතනින් එහාට ගියපු අලුත් දෙයක් කරන්න කියන එක තමයි මේ කියන්නේ. මෙතනදී රොකට් සයන්ස් ගැන නෙවෙයි අපි කියන්නේ. සරලවම අලුත් ඉරියව්වක් අත්හදා බලන එක, හැමදාම ඇඳේ කරන සෙක්ස් කිරිල්ල ඇඳෙන් පිටට ගෙනැල්ලා සාලේ සෝපාවේ කරන එක, කුස්සියේ කරන එක, ගෙවත්තේ කරන එක වගේ අලුත් දෙයක් කරන්න කියන එක තමයි මේ කියන්නේ. ඒ වගේම තමයි, සෙක්ස් කරනකොට තමන්ගේ ශරීර අවයව වගේම පාවිච්චි කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න විතරයි තියෙන්නේ. උදාහරණයක් විදියට කිවුවොත්, මුඛ සංසර්ගයට යන්න කලින් තමන්ගේ කටේ අයිස් කැටයක් දාගෙන මිනිත්තුවක් දෙකක් හිටියොත්, තමන්ගේ සහකරුට හරි සහකාරියට හරි ඒකෙන් කොයි වගේ ආශ්වාදයක් ලැබෙයිද? ඒක කරලම බලන්න!

 

8. ආදරේ දැනෙන්න ජීවත් වෙන්න

අවසානයටම සඳහන් කරන්න තියෙන්නේ බැඳපු කපල් එකක සෙක්ස් ලයිෆ් එකේ ලුණු ඇඹුල් වැඩි කරන්න අත්‍යාවශ්‍යම කාරණාව. ඒ තමයි ආදරේ. නිකම්ම ගෑණු ශරීරයක් එක්ක හරි පිරිමි ශරීරයක් එක්ක හරි සෙක්ස් කරනවට වඩා, තමන් ආදරේ කරන මනුස්සයත් එක්ක සෙක්ස් කරනවා කියන්නේ පුදුමාකාර දිව්‍යමය අත්දැකීමක්. ආන්න ඒ නිසා සෙක්ස් ලයිෆ් එකේ දියුණුව සඳහා තමන් දෙන්නා අතරේ තියෙන ආදරේ උපරිමයෙන් තිබීමත් අති වැදගත්. ඉස්සර වගේ ආදරේ දැනෙන්නේ නැතිනම්, ආදරේ ඇතිවෙන විදියේ දේවල් කරන්නයි තියෙන්නේ. තෑගි බෝග ගෙනැල්ලා දීම, සප්‍රයිස් කිරීම, ආදර පෑම් වගේ හැම දෙයක්ම ඒකට ඇතුළත්. ඒ වගේම තමයි, හැම මොහොතකම තමන් ආදරේ බව වචනයෙන් හරි හැසිරීමෙන් හරි, ඉඟියෙන් හරි, ඇස් වලින් හරි ප්‍රකාශ කිරීමත් වැදගත්.

 

මෙන්න මේ දේවල් කරලා බලන්න, කසාද බැඳලා අවුරුදු ගණන් ගතවුණු කපල් එකක වුනත් සෙක්ස් ලයිෆ් එක අලුත බැඳපු ජෝඩුවකගේ සෙක්ස් ලයිෆ් එකටත් වඩා දියුණු වෙලා, රොක් වෙලා එන්නෙ නැද්ද කියලා!