ටක් ටික් ටුක් න්‍යායට බ්‍රෙක්ෆස්ට් එකක් රෙඩි කර ගන්න ඔන්න අඩියාස් ලොට් එකක්ම අරගෙන ආවා. මේ බිත්තර වලින් බ්‍රෙක්ෆස්ට් හදාගන්න විදි ගැනයි.
1. ක්ලැසික් ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- ගම්මිරිස් කුඩු
- ලුණු
- නිවිති කොළ කිහිපයක්
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක්
- පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1
- බිත්තර ටික ගෑරප්පුවකින් ගහගෙන ඒකට ලුණු, ගම්මිරිස්කුඩු එකතු කරන්න.
- පෑන් එකකට බටර් ටිකක් දාලා රත්වෙනකොට එග් මික්ස්චර් එක දාන්න. ඒක තැම්බීගෙන එනකොට ඔම්ලට් එක අයිනෙන් තක්කාලි , නිවිති, චීස් ටික දික් අතට අතුරගන්න.
- දැන් හිමීට ඒ කොනේ ඉඳලා ඔම්ලට් එක රෝල් කරගන්න.
2. ක්ලවුඩ් එග්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3ක්
- ලුණු
- ගම්මිරිස්ඩු කුඩු
- බිත්තර සුදු මද හා කහමද වෙන් කරගන්න. සුදු මද ටික හිම වගේ වෙනකල් බීට් කරගන්න.
- දැන් ඔයිල් බ්‍රශ් කරගත් ට්‍රේ එකකට තැනින් තැනට මේ මිශ්‍රණයෙන් ටික ටික දාගෙන උඩින් ගම්මිරිස්කුඩු හා ලුණු ඉසගන්න.
- දැන් 175°C ට විනාඩි 5 බේක් කරලා එළියට අරන් බිත්තර කහමද එකින් එක මේ සුදුමද මිශ්‍රණය උඩින් තියාගන්න.
- දැන් ආයෙම විනාඩි 3ක් වගේ බේක් කරලා කෑමට ගන්න.
3. එග් නූඩ්ල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- ලුණු
- ගම්මිරිස් කුඩු
- කපාගත් නිවිති කොළ කිහිපයක්
- ග්‍රේට් කරගත් චීස් ටිකක්
- ග්‍රේට් කරගත් කැරට් ටිකක්
- කපාගත් ළූණු
- තලාගත් සුදුළූණු
- බටර් ස්වල්පයක්
- බිත්තර ටික ලුණු හා ගම්මිරිස් කුඩු දාලා බීට් කරගන්න.
- දැන් බටර් ටිකක් පෑන් එකට දාලා බීට් කරගත්ත බිත්තර වලින් තුනී ඔම්ලට් හදාගෙන හීනි තීරු කපාගන්න.
- දැන් පෑන් එකට බටර් ටිකක් දාලා සුදුළූණු, ළූණු, කැරට්, නිවිති ටික ලුණු පොඩ්ඩක් ඉහලා, සැරට කැමති නම් කෑලිමිරිස් චුට්ටක් එකතු කරන් ලාවට තෙම්පරාදු කරගන්න.
- චීස් ටිකත් එකතු කරගන්න. දැන් මේකට තීරු කපාගත් බිත්තර එක්ක එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන කෑමට ගන්න.
4. එග් වොෆල්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- ග්‍රේට් කරගත් චෙඩර් චීස් ටිකක්
- කොටුවට කපාගත් බෙල්පෙපර් පාට දෙකකින්
- කපාගත් සොසෙජස් ග්‍රෑම් 100 හෝ තම්බාගත් පොඩි කරගත් චිකන් ග්‍රෑම් 200
- ලුණු හා ගම්මිරිස් කුඩු
- බිත්තර ටික බීට් කරගෙන ඒකට ඉහත සියල්ලම දාගෙන කලවම් කරගන්න.
- දැන් වොෆල් මේකර් එකට ඔයිල් බ්‍රශ් කරලා මේ මිශ්‍රණය වක්කරලා විනාඩි 2ක් පිසගන්න.
5. එග් මෆින්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- පොඩියට කපාගත් බෙල්පෙපර්
- පොඩියට කපාගත් හැම් ටිකක්
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස්
- පොඩියට කපාගත් තක්කාලි ටිකක්
- ලුණු
- ගම්මිරිස් කුඩු
- මේ සියල්ලම එකට කලවම් කරලා මෆින් ට්‍රේ එකක් අරන් ඔයිල් බ්‍රශ් කරලා ඒ එකින් එකට මේ මිශ්‍රණය දාලා 180°C ට විනාඩි 15ක් බේක් කරන්න.
6. චීසි ෆ්‍රෙන්ච් ටෝස්ට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- කිරි කෝප්ප 1/2
- ලුණු
- ගම්මිරිස් කුඩු
- පාන් පෙති කිහිපයක්
- චීස් ස්ලයිසස්
- බැදගත් බේකන් තීරු
- බිත්තර, කිරි, ගම්මිරිස්කුඩු හා ලුණු එකතු කරලා හොඳට විස්ක් කර ගන්න.
- දැන් පාන් පෙති එකින් එක අරගෙන මේ මිශ්‍රණයේ පොඟවලා පෑන් එකට බටර් දාලා රත් වෙනකොට දෙපැත්ත ලාවට ෆ්‍රයි කරගන්න.
- ෆ්‍රයි කරගත්ත ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් උඩට චීස් ස්ලයිස් එකක් සහ බේකන් දාල තව ෆ්‍රෙන්ච් ටෝස්ට් එකකින් වහල ටෝස්ටර් එකක විනාඩි 2ක් ටෝස්ට් කරගන්න. නැත්නම් පෑන් එකේ තියල අඩු ගින්දරේ චීස් මෙල්ට් වෙනකම් රත් කරගන්නත් පුළුවන්.
7. සුපර් ෆ්ලෆී ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර කහමද 3
- බිත්තර සුදුමද 5
- ලුණු
- ගම්මිරිස් කුඩු
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් අවශ්‍ය නම්
- බිත්තර සුදුමද හා කහමද වෙන වෙනම හොඳින් බීට් කරගන්න
- දැන් මේ දෙක එකට කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
- දැන් පෑන් එකට බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණය දාලා ෆ්‍රයි කරගන්න.
Leave a Reply