තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය නොකළා නම් අපේ රටත් දෙකඩ වී යන්නට තිබුනා. බොහෝ දේශපාලන විචාරකයන් ලෝක සාමය පවත්වා ගැනීම වෙනුවෙන් රටවල් බෙදී යෑම සිදු විය යුතු දෙයක් ලෙස හැඳින්වුවත් එසේ බෙදී යාම නිසා රටවල්වල නැති ප්‍රශ්න ඇති වී තිබෙන බව රහසක් නම් නෙමෙයි. අපි අද බලමු මෑත ඉතිහාසයේදී බෙදී වෙන්වුණු රටවල් කීපයක් ගැන.
1. සුඩානය
බෙදී වෙන්වීමට පෙර අප්‍රිකාවේ තිබූ විශාලතම රාජ්‍යය වන්නේ සුඩානයයි. වෙනත් අප්‍රිකානු රටවල් සේම සුඩානය බහු වාර්ගික සහ බහු ආගමික රටක් බවට පත්ව තිබුණා. රටේ උතුරු ප්‍රදේශය අරාබි සම්භවයක් සහිත මුස්ලිම්වරු වාසය කළ අතර රටේ දකුණු ප්‍රදේශයේ කිතුණු ජනතාව සහ විවිධ ගෝත්‍රික ප්‍රජාව වාසය කළා. 1956 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ සුඩානය තුළ 1983 දී එවකට ජනාධිපතිවරයා විසින් ෂරීයා නීතිය පැනවීමත් සමගම අර්බුද උග්‍ර අතට හැරුණා. මේ සමගම රට අස්ථාවර වීමත් සිදු වුණා. 2011 දී ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම මත සුඩානය දෙකට බෙදුනා. ඒ උතුරු සුඩානය සහ දකුණු සුඩානය වශයෙන්.
2. චෙකොස්ලෝවැකියාව
බොහෝ රටවල් බෙදී යාමේදී ලේ වැගිරීම් දක්නට ලැබුණා. 1993 දී චෙකොස්ලොවැකියාව, චෙක් ජනරජය හා ස්ලෝවැකියාව ලෙස ඉතාම සාමකාමීව රටවල් දෙකක් බවට පත් වුණා. මෙම බෙදී යාමට මුලික හේතුව වූයේ රට තුළ සංස්කෘතීන් දෙකකට අයත් ජනවර්ග දෙකක් වාසය කිරීමයි. ඒ චෙක්වරුන් සහ ස්ලොවැක්වරුන්. මධ්‍යතන යුගයේ සිට ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට අයත් මෙම රාජ්‍යය පළමු ලෝක යුද්ධයෙන් පසුව නිදහස ලබා ගත්තා. දෙවැනි ලෝක යුද්ධය ආරම්භයේ දී ජර්මනිය විසින් යටත් කර ගත් චෙකොස්ලෝවැකියාව යුද්ධයේ අවසානයෙන් පසුව සෝවියට් සංගමය විසින් තම කොටසක් බවට පත් කර ගත්තා.1989 දී සෝවියට් බලපෑමෙන් පූර්ණ නිදහස ලබා ගත්තත්, පරම්පරා දහස් ගණනක් තිස්සේ ජනවර්ග දෙකේම බලාපොරොත්තුව වුණු තමන්ගේම මව්බිමක් යන බලාපොරොත්තුව මත බෙදී වෙන් වුණා.
3. චීනය
මේ රටේ නම මේ ලයිස්තුවට ආවෙ කොහොමද කියලා දැන් ඔයා කල්පනා කරනවා ඇති නේද? මේ කතාව චීන ජාතිකයෝ නම් කොහෙත්ම පිළිගන්නේ නෑ. මාඕ සේතුං චීනයේ බලය ලබා ගැනීමත් සමගම එවකට චීනය පාලනය කළ ජෙනරල් චෙන් අයි ඇතුළු පිරිසක් තායිවාන දූපතට පලා ගොස් චීනයේ නීත්‍යානුකූල පාලකයා තමන් බවට ප්‍රකාශයට පත් කළා. මේ සඳහා ජාත්‍යන්තර සහායක් හිමිවුණා. කොමියුනිස්ට් පාලනයට නතුවූ ප්‍රධාන භූමිය මහජන චීන ජනරජය ලෙස හැඳින්වෙද්දි තායිවානය තමන්ව හඳුන්වාගත්තේ චීන ජනරජය ලෙසටයි. නමුත් මහජන චීනය නම් කිසිදු අවස්ථාවක තායිවානය නිදහස් රාජ්‍යයක් ලෙසට හෝ තම රාජ්‍යයෙන් වෙන් වුණු නිදහස් රාජ්‍යයක් ලෙස සිතන්නේ නැහැ.
4. කොරියාව
දෙවැනි ලෝක යුද්දේ අතුරුඵලයක් ලෙස බෙදා වෙන් වීමට ලක්වුණු තම මව්බිම නිසා කොරියානු ජනතාව තවමත් පසුතැවීමට පත් වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ මෙම රටවල් දෙක එකම රටක් බවට පත් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. දෙවන ලෝක යුධ සමයේ ආරම්භයේදී ජපානය විසින් කොරියාව යටත් කරගෙන අමානුෂික පාලනයක් ගෙනගියා. පසුව ඇමරිකානු සහ සෝවියට් හමුදා එක්ව කොරියාව මුදා ගනු ලැබූ අතර ඔවුන් විසින් පාලනයේ පහසුව සඳහා කොරියාව 38 සමාන්තරව රේඛාව හරහා බෙදා වෙන්කර ගනු ලැබුවා. උතුර තුළ කොමිනිස්ට්වාදී ඒකාධිපති පාලනයක් ස්ථාපිත වුණු අතර දකුණ තුළ මුල් කාලයේදී ඒකාධිපති පාලනයකුත් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකුත් ස්ථාපිත වුණා. උතුරු කොරියාව කාලයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් තමන්ගේ අංක එකේ හතුරා ලෙස සැලකුවත් මේ වන විට ඔවුන්ගේ එම ආකල්ප වෙනසකට ලක් වෙමින් පවතිනවා.
5. ටිමෝරය
ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යය ලෙස සැලකෙන්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියාව දූපත් රාශියකින් සමන්විත වන අතර ඇතැම් දූපත්වල ක්‍රිස්තියානි ජනතාව වාසය කරනවා. ටිමෝර දූපත තුළත් තත්ත්වය මෙසේ වන අතර යටත් විජිත සමයේ දී එම දූපතේ නැගෙනහිර කොටස පෘතුගීසින් විසිනුත් බටහිර කොටස නෙදර්ලන්ත ජාතිකයන් විසිනුත් පාලනය කරනු ලැබුවා. පෘතුගීසීන් විසින් 1974 දී නැගෙනහිර ටිමෝරය අත් හැර දමන ලද අතර එ වකට බටහිර ටිමෝර්යේ ස්ථාපිතව පැවැති ඉන්දුනීසියානු රජය විසින් නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කරනු ලැබුවා. මීට එරෙහිව නැගෙනහිර ටිමෝර ජනතාව සටන් වැදුණු අතර අවසානයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව 1999 දී ජනමත විචාරණයක් පවත්වා නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් බවට පත් කරනු ලැබුවා.
6. යුගෝස්ලෝවියාව
යුගෝස්ලෝවියාව ගැන නම් කියන්න තියෙන්නේ මේ රට බෙදී වෙන් වෙන්නම නියමිත වෙලා තිබ්බ රටක් කියලා. පළවෙනි ලෝක යුද්ධය අවසානයත් සමඟ යුගොස්ලෝවියාව නිර්මාණය වෙන්නේ බොහෝ අසමාන කම් තිබ්බ ජනවර්ග ගොඩක් ඉන්න භූමි ප්‍රදේශ එකතු කරලා. පළවෙනි ලෝක යුද්ධයේදී ජර්මනිය සහ ඉතාලියේ ආක්‍රමණවලට ලක් වෙන්න සිද්ධ වෙන යුගොස්ලෝවියාව ජෙනරල් ටිටෝගේ නායකත්වයෙන් නැවතත් නිදහස ලබා ගෙන මැද මාවතේ රටක් විදිහට ඉදිරියට යනවා. ඉන් පසුව ඇති වන දේශපාලන සහ ආර්ථික ප්‍රශ්නත් එක්ක බොස්නියා සහ හර්සිගොව්නාව, ක්‍රෝඒෂියාව, මැසිඩෝනියාව, මොන්ට්‍රිනීග්‍රෝ, ස්ලෝවේනියාව වශයෙන් කොටස් ගණනාවකට කැඩී යනවා. ඇති වන ජනවාර්ගික ගැටුමක් නිසා සර්බියාවට තමන්ගේ රටේ කොටසක් වුණු කොසෝවෝ ප්‍රදේශයටත් නිදහස ලබාදෙන්න සිදු වෙනවා.
7. ඉන්දියාව
බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ බෙදා වෙන් කිරීමේ ප්‍රතිපත්තිය නිසා සිදුවුන විශාලතම බලපෑම සිද්ධ වුණේ දකුණු ආසියාවටයි. 1947 දී ඉන්දියාවට නිදහස ලබා දීමේදී මුස්ලිම්වරුන් සඳහා පාකිස්ථානය යනුවෙන් කොටසක් වෙන්කර දෙනු ලැබුවා. මෙම වෙන් කිරීම නිසා සුවිශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් ඇති වුණු අතර එහි ප්‍රතිඵල සමස්ත දකුණු ආසියාවටම අද දක්වාම විඳීමට සිදු වනවා. නැවත 1971දී බංග්ලාදේශයත් පාකිස්ථානයෙන් නිදහස ලබා ගෙන ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා.
Leave a Reply