සීතල වෙලාවක කන්න කියාපු කෑමක්නෙ අග්ගලා කියන්නෙ. ඒ වගේම සිරීපාදෙ යනකොට නොවරදින කෑමක්. ඉතින් මේ අග්ගලේ එක එක රසට හදන් කන්න කවුරුත් කැමති ඇතිනේ. අපි අද ගෙනාවෙ වෙනස්ම රසයෙන් අග්ගලා කන්න පුළුවන් විදි ටිකක්. හදලා බලලා රස අපිටත් කියන්න ඕනෙ හොඳේ.
1. කඩල අග්ගලා

Source – asapuwa.info
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- පොල් කෝප්ප කාලක්
- ලුණු ස්වල්පයක්
- සීනි මේස හැඳි 2
- කඩල ටික පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරලා හෝ වංගෙඩියෙ දාලා කොටලා ඒකට පොල්, සීනි හා ලුණු දාලා කලවම් කරගන්න.
- බෝල හදාගන්න අවශ්‍ය තෙතමනය මදි නම් වතුර යාන්තමින් දාලා බෝල හදන්න.
2. හාල් අග්ගලා

Source – rasatarasak.wordpress.com
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් ග්‍රෑම් 200
- හකුරු ග්‍රෑම් 100
- පැණි කෝප්ප 1/2
- පොල් කෝප්ප 1/2
- ලුණු ස්වල්පයක්
- හාල් ටික සෝදල ගරලා පෙඟෙන්න පැය දෙක තුනක් තියල වතුර බේරගන්න.
- වතුර බේරුන හාල් රන්වන් පාට වෙනකල් කබලෙ බැදගන්න.
- ඊට පස්සෙ ඒ ටික ග්‍රයින්ඩ් කරගන්න. පැණි ටික උණු වෙන්න තියලා ඒකට හකුරු ටික ග්‍රේට්කරගන්න.
- දැන් පොල්ටික දාලා රස අනුව ලුණු එකතු කරගන්න. හැඳි ගාන ගමන් කුඩුකරගත් හාල් ටික දාලා හැඳි ගාලා ලිප නිවන්න.
- ලා රස්නෙන් අග්ගලා බෝල හදාගන්න. සැරට කැමති නම් ගම්මිරිස්කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්.
3. බඩ ඉරිඟු අග්ගලා

Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බඩ ඉරිඟු ග්‍රෑම් 200
- පොල් කෝප්ප 1
- හකුරු බෑයක්
- ලුණු
- මුලින්ම බඩ ඉරිඟු ටික කබලෙ බැදගන්න.
- ඊට පස්සෙ ග්‍රයින්ඩ් කරගන්න. ඒකට පොල් සීනි, ලුණු හා හකුරු දාලා වංගෙඩියෙ කොටාගන්න.
- බෝල හදන්න තරම් මිශ්‍රණය තෙතට ඇවිත් නැත්තන් විතරක් පැණි ටිකක් එකතු කරලා බෝල හදාගන්න.
4. හබලපෙති අග්ගලා

Source – facebook.com
අවශ්‍ය ද්‍රව්‍ය
- හබල පෙති පැකට් 1
- ගාගත් පොල් කෝප්ප 3/4
- සීනි හෝ හකුරු
- ලුණු ස්වල්පයක්
- මුලින්ම හබල පෙති වලට වතුර දාලා හොඳට පෙඟෙන්න තියන්න.
- ඊට පස්සෙ වතුර මිරිකලා අරන් ඒකට සීනි, පොල් හා ලුණු දාලා කලවම් කරලා බෝල හදාගන්න.
- හකුරු දානවනම් ග්‍රේට් කරලා පොල් එක්ක කොටලා එකතු කරන්න.
6. සුදු අග්ගලා

Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු හාල්පිටි ග්‍රෑම් 100
- ගම්මිරිස් ඇට ටිකක්
- සූදුරු තේ හැඳි 1
- එනසාල් තේ හැඳි 1
- කරාබු නැටි 1
- කුරුඳු පොතු පොඩි කෑල්ලක්
- සීනි කෝප්ප 3/4
- වතුර ටිකක්
- පෑන් එකක් ලිපේ තියලා එනසාල්, කරාබුනැටි, කුරුඳු පොතු ටික දාලා බැදගන්න. සූදුරු ටිකත් දාගන්න.
- දැන් බැදගත් කුළුබඩු හා ගම්මිරිස් ඇට ටික කුඩු කරගන්න.
- ඊලඟට පිටි ටික කබලෙ යන්තම් බැදගන්න. මේකෙන් පොඩ්ඩක් අයින් කරලා ඉතුරු ටික හොඳට බැදගන්න.
- පෑන් එකකට සීනි හා වතුර දාලා හැඳිගාන්න. සීනි ටික දියවෙලා උතුරනකොට ලිප නිවාගන්න. නිවෙනකල් හැඳි ගාන්න.
- කුළුබඩු හා හාල්පිටි එකට මිශ්‍ර කරගන්න.
- සීනි උණු කරපු මිශ්‍රණය හා හාල්පිටි මිශ්‍රණය ටික ටික කලවම් කරගන්න.
- මිශ්‍රණය ඕනවට වඩා තද ගතියක් වෙනවනම් තද රස්නෙ උණුවතුර ටිකක් දාගන්න. පදමට හදාගෙන බෝල කරගන්න.
- ඉතුරු කරගත් හාල්පිටි තවරගෙන කෑමට ගන්න.
6. කොස් ඇට අග්ගලා

Source – ctkumara.blogspot.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කොස් ඇට 25-30
- පොල් කෝප්ප 1
- සීනි කෝප්ප 1/4
- ලුණු
- ගම්මිරිස්කුඩු
- මුලින්ම කොස් ඇට කබලෙ බැදගන්න. එහෙම බැදගත් කොස් ඇට අතින් තද කළාම පොතු ගැලවෙනවා.
- ඊටපස්සෙ ඒ ටික අඹරගන්න. දැන් මේකට පොල් දාලා කලවම් කරගන්න. වංගෙඩියක නම් කොස් ඇට ටික කොටලා ඒකට පොල් හා සීනි (හකුරු දානවනම් හකුරු) දාලා කොටාගන්න.
- ඒකට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා බෝල හදාගන්න.
7. කොල්ලු අග්ගලා

Source – youtube.com/ApeAmma
අවශ්‍ය ද්‍රව්‍ය
- කොල්ලු කෝප්ප 1/2
- කරදමුංගු ඇට කිහිපයක්
- සීනි මේස හැඳි 1
- පොල් කෝප්ප 1/2
- ලුණු
- හකුරු බෑයක්
- කොල්ලු ටික සෝදාලා ගරලා ගන්න. දැන් වතුර කෝප්ප 1ක් දාලා පෙඟෙන්න තියන්න.
- පැය 12ක් වගේ පෙඟුණු කොල්ලු ටික හොඳින් තම්බගන්න.
- කරදමුංගු ඇට ටික වංගෙඩියට දාලා කොටාගන්න. පොතු අයින් කරගන්න. දැන් මේකට සීනි දාලා කොටාගන්න.
- ඒකට පොල්, හකුරු හා ලුණු දාලා කොටාගන්න. දැන් මේකට තම්බාගත් කොල්ලු ටික ටික දාලා කොටාගන්න.
- කොල්ලු වල රස්නෙ පිටින්ම කොටාගන්න එකයි හොඳ. දැන් අග්ගලා බෝල හදාගන්න.
Leave a Reply