ඉස්සර නම් අපේ ගාව ඕනම වෙලාවක මොනවා හරි ඩේටා එහා මෙහා අරගෙන යන්න කියලා තිබුණේ ෆ්ලොපි ඩිස්ක් තමයි. හැබැයි මෙගාබයිට් 1.5 කටත් අඩුවෙන් උපරිම ඩේටා තැන්පත් කරන්න පුළුවන් ෆ්ලොපි ඩිස්ක් වල කාලේ ඉක්මනටම ඉවර වුනා. සීඩී, ඩීවීඩී ක්‍රමයෙන් ජනප්‍රිය වුණත්, නැවත ලියන්න පුළුවන් ඩිස්ක් එකක ඇරෙන්න නැවත නැවත ඩේටා තැන්පත් කරන්න බැරි වීම නිසා පෝටබල් මතකයක් විදියට ඒක සාර්ථක වුනේ නෑ. එහෙම වෙලාවට අපිට තිබුණු එකම විකල්පේ හාඩ් එක ගලවගෙන එහා මෙහා ගෙනියන එක තමයි. ඉන් පස්සේ ඔන්න එනවා පෙන් ඩ්‍රයිව්. මුලදී ඒ තරම් ලොකු මතක ධාරිතාවයක් නොතිබුණත්, USB එකට ගහන්න පුළුවන් පොඩි උපාංගයක් වුණු මේක ඇත්තටම මුල් කාලේ අපිට මාරම මැජික් එකක්. දැන් වෙනකොට පෙන් ඩ්‍රයිව් එකක් කියන්නේ මැජික් නෙවෙයි. දැන් වෙනකොට පෙන් ඩ්‍රයිව් වල ධාරිතාවයත් අතිවිශාල විදියට වැඩි වෙලා තියෙනවා. තාමත් කම්පියුටර් එකක් පාවිච්චි කරන අපිට පෙන් ඩ්‍රයිව් එකක් කියන්නේ කියන්න බැරි තරම් උපකාරයක්.
ගොඩක් දෙනෙක් පෙන් ඩ්‍රයිව් එකක් පාවිච්චි කරන්නේ මොනවා හරි ෆයිල්ස් ඒකේ දාලා එහා මෙහා ගෙනියන්න, සුරක්ෂිත කරලා තියන්න විතරයි. හැබැයි පෙන් ඩ්‍රයිව් එකකින් ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන තියෙනවා. ආන්න ඒ ප්‍රයෝජන ගැන තමයි අපි මේ කියන්න හදන්නේ.
1. කම්පියුටර් එකට තවත් රැම් එකක්
රැම් කියන්නේ රැන්ඩම් ඇක්සෙස් මෙමරි කියන එකට. රැම් එකක වැදගත් කම තමයි, කම්පියුටර් එකක් වැඩ කරනකොට ඒ මොහොතේ යම් යම් දේවල් තාවකාලිකව සුරක්ෂිත කරගන්න ඉඩ හදලා දෙන එක. ඒ කියන්නේ රැම් එක වැඩියි නම් කම්පියුටරේ ස්පීඩ් එකේ, කාර්යක්ෂමතාවයේ එහෙමත් වැඩිවීමක් අත්දකින්න පුළුවන්. ඉතින් කම්පියුටර් එකේ ගහලා තියෙන රැම් එක මදි නම්, අපේ පෙන්ඩ්‍රයිව් එක USB පෝට් එකට ගහලා බොහොම පහසුවෙන් ඒක රැම් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේකට කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙන්නෙත් නෑ. පෙන් එක කම්පියුටර් එකට ගහලා, ඒක රයිට් ක්ලික් කරලා Properties වලට ගිහිල්ලා, ඒකේ තියෙන Readyboost කියන ටැබ් එකෙන් අදාළ පරාමිතීන් සකසලා Apply කරන්න තමයි තියෙන්නේ. රැම් වැඩියෙන් ඉල්ලන ගේම් එහෙම ගේමක් නැතුව ගහන්න පුළුවන් මේ ක්‍රමේට.
2. පෝටබල් ඇප්ස්
සාමාන්‍යයෙන් අපිට ගේම් එකක් වුනත්, සොෆ්ට්වෙයාර් එකක් වුනත් පාවිච්චි කරන්න නම් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන්න වෙනවා. හැබැයි එහෙම අවශ්‍ය නැති ඒවත් තියෙනවා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක පෙන්ඩ්‍රයිව් එකේ තියෙනකොට, පෙන් එක කම්පියුටර් එකට ගහලා අදාළ සොෆ්ට්වෙයාර් එක හරි ගේම් එක හරි පාවිච්වි කරන්න පුළුවන්. මේ ක්‍රමේ හරිම ලේසි නැද්ද? මේ විදියේ සොෆ්ට්වෙයාර් එකකට හොඳ උදාහරණයක් තමයි Google Chrome Portable. පෙන් එකේ තියාගෙනම පාවිච්ච් කරන්න පුළුවන්. එතකොට තවදුරටත් තමන් වැඩ කරන හැම කම්පියුටර් එකටම තමන්ට ඕන සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කර කර ඉන්න වුවමනා වෙන්නෙ නෑ.
3. පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ්
මේක ඇත්තටම පෙන්ඩ්‍රයිව් එකකින් ගන්න පුළුවන් වැඩක්ම නෙවෙයි. දැන් පෙන්ඩ්‍රයිව් එකක අපි සමහර වෙලාවට සංවේදී දත්ත එහෙමත් දාලා තියාගන්නවනේ. හැබැයි මේකේ එක ගැටළුවක් තියෙනවා. පෙන්ඩ්‍රයිව් එක වෙන කෙනෙක්ගේ අතකට පත් වුනොත් ඉවරයි. අනික ඔය පෑන් පැන්සල් නිතර නැතිකරගන්න විදියේ කෙනෙක්ට පෙන්ඩ්‍රයිව් එකක් වගේ පොඩි දෙයකුත් බොහොම ලේසියෙන්ම නැති කරගන්න පුළුවන්. ඉතින් මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි පාස්වර්ඩ් එකක් දාලා පෙන්ඩ්‍රයිව් එක සුරක්ෂිත කරන එක. මේකට Windows 10 වල නම් ඇප් එකක් තියෙනවා BitLocker කියලා. අපිට කරන්න තියෙන්නේ පෙන් එක ගහලා, රයිට් ක්ලික් කරාම එන මෙනු එකෙන් Turn on BitLocker වරණය තෝරලා, ඒකේ පෙන්නන විදියට ඉදිරියට යන එක තමයි.
4. ඉන්ස්ටෝල් නොකර ලිනක්ස් පාවිච්චි කරන්න
දැන් ඔය ලෝකේ වැඩෙ දෙනෙක් පරිගණක මෙහෙයුම් පද්ධතියක් කිව්වහම දන්නේ වින්ඩෝස් විතරයි. අපි හැමෝම වින්ඩෝස් වලට කොයි තරම් හුරුවෙලාද කියනවා නම්, ලෝකේ දැන් හැදිලා තියෙන දියුණු ලිනක්ස් මෙහෙයුම් පද්ධති ගැන අපි අහලා වත් නෑ. හැබැයි වෙනස මේකයි. ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන නිදහස් මෘදුකාංග. එතකොට තව දුරටත් වින්ඩෝස් වලට ගෙවන්න හෝ, හොර කොපි දාගන්න වුවමනා වෙන්නෙ නෑ. ඒත් වින්ඩෝස් වල වැඩ කරන ගමන් ලිනක්ස් පොඩ්ඩක් රස බලන්න හිතන කෙනෙක්ට මොනවද තියෙන විකල්ප? සාර්ථකම එක විකල්පයක් තමයි පෙන්ඩ්‍රයිව් එකේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දාලා, ඒකෙන් වැඩ කරන එක. එතකොට කිසිම දෙයක් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ. පෙන්ඩ්‍රයිව් එක ලිනක්ස් බූටබල් ඩිස්ක් එකක් කරලා එතනින් එහාට ඕන වෙලාවට ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන්න තියෙන්නේ.
5. කම්පියුටර් එක පෙන් එකෙන් ලොක්/අන්ලොක් කරන්න
දැකලා තියෙනවද ඔය ටොප් සීක්‍රට් ඒජන්ට්ලාගේ කම්පියුටර්. ලෝකෙම රහස් හංගලා තියෙන මේ කම්පියුටර් එකක් මළාට කාටවත් ඇවිත් හොරෙන් බලන්න බෑ. මොකද කම්පියුටර් එක ලොක් කරන ගැජට් එක තියෙන්නේ සීක්‍රට් ඒජන්ට් ගාව. ඔන්න අපිටත් පුළුවන් පෙන්ඩ්‍රයිව් එකක් පාවිච්චි කරලා මේ විදියට කම්පියුටර් එක ලොක් කරන්න සහ අන්ලොක් කරන්න ක්‍රමයක් හදාගන්න. මේකට අපිට තුන්වෙනි පාර්ශවයක සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට හොඳම සොෆ්ට්වෙයාර් එකක් තමයි Predator කියන්නේ. ඒ නැතිනම් YubiKey වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලත් තමන්ගේ කම්පියුටර් එක ලොක්/අන්ලොක් කරන්න USB Security Key එකක් හදාගන්න පුළුවන්. දැන් ඔන්න ඔබත් සීක්‍රට් ඒජන්ට් කෙනෙක්ට සමානයි!
6. ආසාදිත කම්පියුටර් එකට බෙහෙත් දෙන්න
දැන් ඔය වෛරස් සීන් තියෙනවනේ. කම්පියුටර් එකකට ඇතුළු වුනොත් එහෙම පුදුමාකාර කරදරයක් තියෙන්නේ. විශේෂයෙන්ම ඔය හැමෝම වැඩ කරන, හැමෝම පෙන්ඩ්‍රයිව්, මෙමරි අනං මනං ගෙනැල්ලා ගහන කම්පියුටර් එකක් මොකක් හරි වෛරස් හෝ වෙනත් මැල්වෙයාර් ආසාදනයකට ලක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඊට පස්සේ ඉතින් වෛරස් එකෙන් කම්පියුටර් එකට සම්පූර්ණයෙන්ම කෙලෙව්වේ නැතිනම් මුල ඉඳලා ස්කෑන් කරලා කම්පියුටර් එක පිරිසිදු කරගන්න වෙනවා. ඕන නම් අපිට USB පෙන්ඩ්‍රයිව් එක rescue disk එකක් විදියට පාවිච්ච් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කම්පියුටර් එකට සීරියස් විදියට වෛරස් ප්‍රහාරයක් එහෙම ආවොත් මේ rescue disk එකක් කරපු පෙන්ඩ්‍රයිව් එක ගහලා අපිට වෛරස් විනාශ කරලා කම්පියුටර් එක ගොඩදාගන්න පුළුවන්. ඔය Kaspersky සහ AVG වගේ ඇන්ටිවයිරස් මෘදුකාංග වලින් rescue disk එකක් හදාගන්න පුළුවන්.
7. වෙන රටකට යනකොට වැදගත් ලියකියවිලි අරගෙන යන්න
මේක ඇත්තටම කෙනෙක් නොදන්න පෙන්ඩ්‍රයිව් ට්‍රික් එකක් විදියට ගන්න බෑ. මේක ඊට වඩා ලයිෆ් හැක් එකක් කියන්න පුළුවන්. දැන් කාලේ වෙන රටකට යන්න ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය වුනත් ඔන්ලයින් ගන්න පුළුවන්. අනික් අවශ්‍ය ලියකියවිලිත් එහෙමයි. ගුවන් ගමනකදී විතරක් නෙවෙයි, වෙනත් බොහෝ තැන්වලදීත් ඔය ඊ-ටිකට්, ඊ-අවසර පත්‍ර වගේ දේවල් පාවිච්චි වෙනවා. ගොඩක් දෙනෙක් කරන්නේ මේවා ෆෝන් එකේ තියාගන්න එක. හැබැයි අපි කියන්නේ ඔය දේවල් වෙනුවෙන් පොඩි ධාරිතාවයක් තියෙන පෙන්ඩ්‍රයිව් එකක් තියාගන්න කියලයි. විශේෂයෙන්ම රට යනකොට ප්‍රවේශ පත්‍ර, අවසර පත්‍ර වගේ දේවල සොෆ්ට් කොපීස්, හැඳුනුම් පත්, පාස්පෝට් වල ස්කෑන් කරපු පිටපත්, වෙනත් වැදගත් ලිපිලේඛන එහෙම මේ විදියේ පෙන්ඩ්‍රයිව් එකක දාලා, අපි උඩින් කියපු විදියට BitLocker වලින් සුරක්ෂිත කරලා තියාගන්න එක වටිනවා. මොනවා හරි අතේ තියෙන හැඳුනුම්පතක් හරි ඩොකියුමන්ට් එකක් නැති වුනත්, තාවකාලිකව අනන්‍යතාවය ඔප්පු කරන්නත් මේ පෙන්ඩ්‍රයිව් එකේ තියෙන ස්කෑන් කරපු පිටපත් පාවිච්චි කරන්න පුළුවන්.
Leave a Reply